බෝඩින් වාසී කොල්ලන්ටයි මේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බෝඩින් වාසී කොල්ලන්ටයි මේ

    ගොඩ දවසකින් වැදගත් කියල හිතෙන දෙයක් දාන්න බැරි උන නිසා අද දානව බෝඩිමක ඉන්නකොට කොහොමද ඉන්න ඕන කියල. මේව අත්දැකීමෙන් කියන්නෙ .:P:P:P

    මුලින්ම උබල බෝඩ් වෙලා ඉන්නවනම් උබල අතපසු කරන දෙයක් තමා උබලගෙ කෑම . ඒ කියන්නෙ බෝඩිමක ඉන්න කිසිම එකෙක් තමන්ගෙ ඇගට අවශ්‍ය පෝශනය ගන්නෙම නෑ .
    ඉතින් සරලව මේ දේවල් කරපම් .

    තමන්ට වතුර එකක් උනු කරගන්න හීටරයක් ගනින් . දවසට එක ගානෙ බිත්තර සුදු මදයක් කාපන් තම්බල .ඒ වගේම දවස් දෙකකට සැරයක් මාමයිට් එකක් හදල බීපන් . ඒ වගේම සතියකට සැරයක් වත් නැවුම් පලතුරු බීම වීදුරුවක් බීපන් .මේ ටික හොදටම ඇති .

    මේව නැති උනහම තමා කොන්ඩෙ යන්නෙ ,ඉස්හොරි හැදෙන්නෙ ,දත් කහපාට වෙන්නෙ . මේ සරල දේවල් ටික අනිවාර්යෙන් කරාන් .

    ඊලග කේස් එක රෙදි සෝදල වේලන එක . පුලුවන් හැම වෙලේම අව්වෙන් යට ඇදුම් වේලපන් .එහෙම කරන්න අමාරුනම් අදින්න කලින් යට ඇදුම් අනිවාර්යෙන් අයන් කරපන් හොදට .අනික බෙඩ් ශීට් කොට්ට උර අනිවාර්යෙන් සතියකට සැරයක් හෝදාන් .නැත්තම් කුරුලෑ ඉස්හොරි එනව .

    තව දේවල් තියනව මේ නූලෙම දාන්නම් .ලස්සනට ඉන්න කැමතිනම් මේව අනුගමනය කරපන් .රතු මිරිස් අඩුවෙන් කාපන් :P
    :P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බෝඩින් වල ඉන්න උන් කරන වැරදි වැඩක් තමා රෑට නාන එක .ඒක අඩු කරනව නෙමෙයි නවත්තලම දාපන් . උදේ නැගිටල නාන්න පුරුදු වෙයන් . රෑට ඇග සෝදපන් .ඒ වගේම දවසට දෙපාරක් දත් මදින එකත් කරපන් .කොලබ පැත්තෙ නම් ඉතින් වතුර දන්නවනෙ .ටක් ගාල දත් වල මැලියම් බැදිල කහපාට වෙනව .:yes::yes::yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තවත් අමතක කරන දෙයක් තමයි තමන්ගෙ තුවාය හෝදන එක . සමහර උන් ඉන්නව අවුරුද්දටම එක පාරයි හෝදන්නෙ .තුවාය පිරිසිදු නැති උනොත් නම් පුතේ කුරුලෑ එන එක නවත්තන්නම බෑ . අනික තුවාය නම් අනිවාර්යෙන් හොදට වේලෙන තැනක නිතරම වනල තියන්න ඕන .
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තව දෙයක් .උබලගෙ කොන්ඩෙ කොහොම හැදුවත් කමක් නෑ දවසකට එක පාරක් හරි ඔලුව පනාවකින් පීරපන් .ඒකෙන් හිස් කබලට හොද මසාජ් එකක් ලැබෙනව . පනාව දෙකයි පනහට නම් ගන්න එපා ටිකක් හොද පනාවක් වියදම් කරල ගනින් .ජීවිත කාලෙටම එකයි :):). ඒ වගේම අනිවාර්යෙන් දවසට 20 පාරක් වත් ස්කොට් ගහන්න ඕන .මොකද කොමඩ් වල ඉදගෙන බොක දැම්මට බඩවැල් වලට ඕන පීඩනය ලැබෙන්නෙ නෑ .ඉතින් කාලයක් යනකොට පෝශක කොටස් අන්ගුලිකා වලින් උරාගන්න එක අඩුවෙනවලු .දියවැඩියාව වගේ දේවල් හැදෙන්නත් මේක හේතුවක් වෙනව
     
    • Like
    Reactions: craabeysinghe

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තව කරන වැරැද්දක් තමා නිතරම කකුලෙ සෙරෙප්පු දාගෙනම ඉන්න එක .මේකෙන් වෙන්නෙ ඇගේ උශ්නය පිටවෙන එක අඩු වෙනව .මොකද සපත්තු දාගෙන යනව .ආපු ගමන් සෙරෙප්පු දාගන්නව . පුලුවන් තරම් සෙරෙප්පු නොදා ඉන්න වෙලාව වැඩි කරගන්න බලපන් . නිතරම සෙරෙප්පු දාන එකෙන් කොන්ඩෙ යන එක ,ගෑස්ට්‍රයිටීස් ,ඇස් පෙනීම දුර්වල වීම දක්වා දේවල් වෙන්න පුලුවන්ලු.ඒ වගේම මේස් දෙකත් නිතරම හොදට සෝදල අවුවෙන් වේලල පාවිච්චි කරන්න ඕන
     
    Last edited:

    hasaral.1

    Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    දන් නැති නිසා අහන්නේ
    රතු මිරිස් ඇයි අඩුවෙන් කන්න කියන්නේ බ්‍රෝ