බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    එක ආගමක් මත ඉදල තවත් අගමක් විවේචනය කරන්න බැ..ක්‍රිස්ටියන්ලා බෞදගමට අනුව නිවන් යන්නේ නැ තමා..ඒවගේම බෞදයන් ක්‍රිස්ටියන් ආගමට අනුව ස්වර්ගස්ථ වෙන්නෙත් නැ..ලෝකයේ ආගම් 4000 කට වැඩි සංක්‍යාවක් පවතිනවා.මේ හැම ආගමකම තමුන්ගේ ආගම පවසන්නේ පරම සත්‍ය යැයි පවසනවා..නමුත් පරම සත්‍ය නම් තිබිය හැක්කේ එකයි එමනිසා ඔබ අදහන ආගම සතයක් වීමට ඇති සම්භාවීතාව 1/4000 කි.ඒනිසා ඔබගේ ආගම පෞද්ගලිකව අදහන්න එය අනුන්ට ප්‍රදර්ශනය නොකරන්න මන්දයත් ඔබ බොරු කාරයෙකු වීමට ඇති සම්භාවියතාව 3999/4000 කි.අනික ලොව වෙසෙන ජනගහනයෙන් 5% වගේ පිරිසක් තමා බෞද්ද ඉතින් ඉතිරි 95% මෝඩයෝද...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මගේ පැහැදිලි කිරීම කියන්නද , මේ සමාජෙන් මාව කොන් කරයිද දන්නේ නෑ මේක කියල .. මේකයි ..

    ඉස්සෙල්ලම මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලහන්කෝ ,ඒ කිව්වේ ඔය ප්‍රශ්නේ අන්‍යාගමික කියන කැල්ල ඉවත් කරහන් ,

    අපේ මේ පෘථිවියේ මිනිස්සු කියල සත්තු කොට්ඨාශයක් ජීවත් වෙනවා , උන් හොඳ දේවල් කරොත් ඒවායේ විපාක උන්ට , උන් නරක දේවල් කරොත් ඒවායේ විපාකත් උන්ට , කොටින්ම මේ ලෝකේ බෞද්ධ කියලවත් දෙයක් නෑ බන් , තියෙන්නේ හොඳ සහ නරක එක්කෝ පින් සහ පව් විතරයි .. ඒ දෙකත් එක එක සමාජ ක්‍රමේට සංස්කෘතියට අනුව වෙනස් වෙනවා , සරලවම කියනවා නං අපිට පොඩි කාලේ උගන්නන දේ අනුව සහ අපේ විශ්වාස අනුව ඔය දෙක වෙනස් වෙනවා .. ඔය ආගම් වලට දාගෙන තියෙන නම් සේරම නිකන් ලේබල් විතරයි ..

    11.gif
    11.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒක හරි බන් ඒත් මෙතන කතව ගොඩනැගුවෙ Buddhism සත්‍යයි කියන උපකල්පනේ ඉදල...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සෝ, කොටින්ම කිව්වොත් ක්‍රිස්තියානි කෙනෙක්ට නිර්වානය අවබෝද කරගන්න බෑ මිත්‍යාඩෘශ්ටිය නිසා, නමුත් පින් කරල තාවකාලික සැපක් විඳින්න පුලුවන්. :cool:

    ආගමක ඉදන් නම් නිවන් දකින්න බෑ. . බුදුදහම ආගමක් නෙවෙයි. . මේ ලෝකේ මැව්ව සර්වබලදාරී කෙනෙක් බුදුදහමේ නෑ. . චතුරාර්ය සත්ය අවබෝද කරන ඕනම කෙනෙක්ට නිවන් දකින්න පුලුවන්. . නිවන්දැක්ක අය අතර නිවන්දකින්න පෙර තමන් ආගම් පිහිටවගෙන ගෝලයෝ හදන් හිටිය අයත් හිටියා. . නිවනට අවශ්ය පින සහ කුසලයයි. .

    ත්‍රිපිටකය කියන්නේ විශාල කරුනු තියෙන තැනක්. . තමන්ට හැබැවට බුදුදහම දැනගන්න අවශ්යනම් ත්‍රිපිටකය ටික ටික කියවන්න. .

    අනිත්දේ මෙතන ඉන්නවා බුද්දහගමේ යයි කියාගන්නා වෙනත් ආගම් වල එවුන්. .
    අන්න එවුන් කියන බන ඇහුවොත් අනිවා උබ චේතවනාරාමෙටත් ගල් ගහනවා. .
    ඒ නිසා බුදුදහම ඉගෙනගන්නවනම් ඒ ගැන දන්න විශ්වාස කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. . බුදුදහම සර්පයෙක් අල්ලනවා වගේ හරි තැනින් අල්ලන්න ඕනා. . සමන්ත්‍රබඩ්‍රල වගේ අයගේ පස්සේ නම් යන්න එපා. .
    තමන්ම ත්‍රිපිටකය කියවලා තමන්ට ඇත්ත යයි වැටහෙනවනම් පිලිගන්න. . නැත්තන් බැහැරකරන්න. . සම්පූර්න නිදහස ඔබ සතුයි. .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ

    මේ තියෙන්නේ සිරා ටෝක.
    බුදුදහම ආගමක් නෙවෙයි . දර්ශනයක්.
    එකෙන් පෙන්වන්නේ විශ්වයේ පරම සත්‍ය. ඒක පෙන්වපු කෙනා තමයි බුදුන්.
    .
    කලාම සූත්‍රය කියෙව්වනම් හරි. එකේ තියෙනව පැහැදිලිව.
    .
    ආගමක් තුලින් නිදහස් චින්තනයක් සහිත මිනිසුන් බිහි වෙන්නෙත් නැ. අන්තවාදීන් නම් බිහි වෙනවා.
    .
    තව ඉතිං ගොඩක් දේවල් තියෙනව කියන්න.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මගේ පැහැදිලි කිරීම කියන්නද , මේ සමාජෙන් මාව කොන් කරයිද දන්නේ නෑ මේක කියල .. මේකයි ..

    ඉස්සෙල්ලම මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලහන්කෝ ,ඒ කිව්වේ ඔය ප්‍රශ්නේ අන්‍යාගමික කියන කැල්ල ඉවත් කරහන් ,

    අපේ මේ පෘථිවියේ මිනිස්සු කියල සත්තු කොට්ඨාශයක් ජීවත් වෙනවා , උන් හොඳ දේවල් කරොත් ඒවායේ විපාක උන්ට , උන් නරක දේවල් කරොත් ඒවායේ විපාකත් උන්ට , කොටින්ම මේ ලෝකේ බෞද්ධ කියලවත් දෙයක් නෑ බන් , තියෙන්නේ හොඳ සහ නරක එක්කෝ පින් සහ පව් විතරයි .. ඒ දෙකත් එක එක සමාජ ක්‍රමේට සංස්කෘතියට අනුව වෙනස් වෙනවා , සරලවම කියනවා නං අපිට පොඩි කාලේ උගන්නන දේ අනුව සහ අපේ විශ්වාස අනුව ඔය දෙක වෙනස් වෙනවා .. ඔය ආගම් වලට දාගෙන තියෙන නම් සේරම නිකන් ලේබල් විතරයි ..

    ඔබ හරි. බෞද්ධ තියල දෙයක් නැ තමයි.
    නමුත් පින් පව් කියල දේකුත් නැහැ.
    තියෙනවනම්
    විස්තරයක් මෙතන දාන්න.
    පව් මෙවා පින් මෙවා කියල දෙකොටසකට වෙන්කරල පෙන්වන්න..
    .
    සත්තවයන් කර්මය හේතු කොට ගෙන ඇත්තාහ.
    .
    ඔයා කියන විදියට සංස්කෘතිය අනුව පවි පින් වෙනස් වෙනවා.
    බුදුන් නම් පව් පින් කිව්වේ නැ.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    නිර්වාණ අවබෝධයට බෞද්ධ කි‍්‍රස්තියානි කියල ලේබල් ගහන්න බෑ බං.... බුද්ධාගම ඇදහීමක් නෙවෙයි... ඒක දර්ශනයක්.... බෝධියක් වටා ගාථා කියලා ඇවිදලාවත්, අල්තාරයක දෑත් දිගු කරන්වත් ඔය කියන නිර්වාණය ළගා කරගන්න බෑ...

    අනිත් එක පින් කළහම සැප ලැබෙනවා කියන එක මොකක්ද? ‘සැප’ අර්ථ දක්වන්නේ කොහොමද? කෙනෙකුට වාහනයක ගමන් කරන එක සැපයක් වෙන කොට තවත් කෙනෙක්ට පයින් යන එක සැපයක් වෙනවා... පින් කරන්නේ සැප ලබන්න කියල හිතාගෙන නම් එතන ආයෙත් තියෙන්නේ අල්ලා ගැනීමක්.... ඒකේ සීමාවක් නෑ.... පින අර්ථ ගැන්විය යුත්තේ කුසල් වැඞීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමක් විදියටයි.... එතකොට අපිට සංස්කාරයන් අත්හැරීමට අවැසි වට පිටාව ක‍්‍රමාණුකූලව සකස් වෙනවා... ගැඹුරින් ජීවිතාවබෝධය ලැබෙන කොට තේරෙනව සැප යනු දුක වටා එතිල තියෙන සියුම් පටලයක් කියල.... අපි සැප හොයන්න හොයන්න අන්තිමට අපිට ගොඩ ගැහෙන්නේ දුක කියන සාධකය විතරයි.... බුද්ධ ඉගැන්වීමේ ඉපදීම දුකක් කියල කියන්නේ ඒ නිසයි... ඉපදීම දුකක් වුණහම ජීවත් වීම සැපයක් වෙන්නේ කොහොමද...? මේ යථාවබෝධය තේරුම් ගන්නට උඹට පුලූවන්නම් උඹ උපතින් බෞද්ධයෙක් ද, කි‍්‍රස්තියානියෙක් ද කියන එක වැදගත් නෑ.... බුදුන්ගේ දෙසූ මාර්ගයේ ගමන් ගැනීමට ජාතිය, ජන්මය, ආගම ආදිය බාධකයක් වෙන්නේ නෑ... උඹ සත්‍ය තේරුම් ගන්නවා යැයි කියන්නේ ඔය ආගම්වල සියලූම ඉගැන්වීම්වලින් උඹ ඈත් වෙනවා කියන එකයි.... උඹ කි‍්‍රස්තු දහම අදහමින් බුදු දහම ඒ හා සසඳමින් තර්ක කිරීම මෝඩකමක්.... :yes:

    පින් කරහම සැප ලැබෙනවා කියනවනේ. නමුත් ලැබෙන්න කෙනෙක් න නෙව.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    scorpion MW:21132631 said:
    ඔබ හරි. බෞද්ධ තියල දෙයක් නැ තමයි.
    නමුත් පින් පව් කියල දේකුත් නැහැ.
    තියෙනවනම්
    විස්තරයක් මෙතන දාන්න.
    පව් මෙවා පින් මෙවා කියල දෙකොටසකට වෙන්කරල පෙන්වන්න..
    .
    සත්තවයන් කර්මය හේතු කොට ගෙන ඇත්තාහ.
    .
    ඔයා කියන විදියට සංස්කෘතිය අනුව පවි පින් වෙනස් වෙනවා.
    බුදුන් නම් පව් පින් කිව්වේ නැ.

    සුදු කලු
    හොද නරක
    පව් පින්
    කුසල කර්ම අකුසල කර්ම

    ඔබතුමා ඔබතුමාට ගෝචර වෙන කැමති වචනයක් ආදේශ කරගන්න .. :) මට නන් සන්කල්පය තමයි වැදගත් ..
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,062
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිත් ආගම් වල කොහොම තිබ්බත් බුද්ධාගම අනුව සතෙක් මැරුවොත් පවක් වෙනව,පූසෙක් උනත් ලේනෙක් දැකල මරන් කෑවොත් පූසට පවක් වෙනව ලේනගෙ පවක් ගෙවෙනව අනිත් ආගම් වල එහෙම හොඳයි දෙවියො හෝ ඒ පොත්වල එහෙම තියෙනව කිව්වට ඒකෙන් පවක් වෙන එක නවතින්නෙ නෑ..කල්ප ගානක් පාරමිතා පුරල බුදුහාමුදුරුවො හොයාගත්තෙ මේ ලෝකෙ තන්හාව අවිද්‍යව පව් පින් අනුව සත්වයාගෙ භවය දික්ගැස්සෙන සදාකාලික සිස්ටම් එක ඒක කාටත් පොදු නිසා මොන ආගමේ අයට උනත් එකයි.
     
    • Like
    Reactions: KasunKDP

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට මොකද වෙන්නෙ... උදාහරණයකට ගමුකො ක්‍රිස්තියානි උන්ව... බෞද්ද දර්ශනයේ කුසල් රැස් වෙන්දේවල්ම තමයි ක්‍රිස්තියානි ආගමේත් හොඳ දේවක් කියල කරන්න කියන්නෙ. ඒ වගේම බෞද්ද දර්ශනයේ අකුසල් කිය්ල කියන දේවල් ක්‍රිස්තියානි ආගමේ නරක දේවල්/පාප කියල හඳුන්වනව... එකම මම දන්න වෙනසකට තියෙන්නෙ මස් කන එක තමයි. මස් කන එක ගැන බෞද්ද දර්ශනය අදහන/පිලිපදින අය අතරෙත් වෙනස් මත තියනවනෙ... හැබැයි ඉතින් මට තේරෙන මට්ටම අනුව බෞද්ද දර්ශනයේ දෙයක් අකුසල කර්මයක් වෙන්නෙ චේතනාව අනුවනෙ.. ඒ කියන්නෙ අපි මස් කන එක ප්‍රාන ගාතනයක් මගින් වෙච්ච දෙයක් කියල දැන දැන කන නිසා පවක් සිද්ද වෙනව. හැබයි ක්‍රිස්තියානි මනුස්සයෙක් මස් කන එක අර විඩියට හිතුවොත් අකුසල කර්මයක් වෙන්නෙ නෑනෙ. මොකද කතෝලික මනුස්සය මස් කන්නෙ දෙවියන් වහන්සේගේ කමැත්ත අනුවනෙ.. මොකද ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් වහන්සේ සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න නෙ. ඉතින් චේතනාවෙ වැරැද්දක් නෑනෙ..
    Read about Vipassana, you will understand buddhist philosophy, not based on any religion, it teaches about you mind... It really good meditation, cheers
     
    • Like
    Reactions: KasunKDP

    DJoint

    Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    අන්‍යාගමිකයන් ලෝකාන්තරික නිරයට යනවා කියල කියන්නෙ. ඒ කිඅය්න්නෙ Black-hole එකක් වගේ තැනකට; ඉර එලිය වැටෙන්නෙ නැති සීතල ජලය සහිත ප්‍රදේශකයකට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්‍යාගමිකයන් ලෝකාන්තරික නිරයට යනවා කියල කියන්නෙ. ඒ කිඅය්න්නෙ Black-hole එකක් වගේ තැනකට; ඉර එලිය වැටෙන්නෙ නැති සීතල ජලය සහිත ප්‍රදේශකයකට.

    :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හැමෝම හොඳ උත්තර දීල තියනවනේ.දැන් තේරෙන්න ඇති නේද හේතුව :)
    එකක් කියන්න ඕන,ඔය සමහරක් තමන්ගේ වාසියට බුදු හාමුදුරුවෝ මස් කන්න එපා කිවුවේ නෑ , බුදු හාමුදුරුවොත් මස් කෑවා කියනවනේ.ඇත්තම කතාව මන් අහල තියන විදිහට බුදු හාමුදුරුවෝ එක පාරක් මස් කාලා තියනවා.මොකද හාමුදුරු කෙනෙක්ට තමන්ට දානේ ලෙස දෙන දෙයක් බාරගන්න ඕන.ප්‍රතික්ෂේප කරන්න බෑ.අපි උනත් පන්සලකට දානයක් දෙද්දී මොනවද හාමුදුරුවොන්ට කන්න කැමති , මොනවද ඕන කියල අහනව.ඒවාට හාමුදුරුවොත් උත්තර දෙනවා .ඒ උනාට බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ එහෙම ඉල්ලන්න එපා කියල.දානෙට දෙන දෙයින් යැපෙන්න ඕන.අර මස් කාපු කතාවත් එහෙමයි.බුදුහාමුදුරුවොන්ට කෙනෙක් මස් පිලිගන්වල තියනවා දානයක් විදිහට.එක බුදු හාමුදුරුවෝ වළඳලා තියනවා.ඔන්න ඕක තමා සමහරක් කියවන්නේ බුදුහාමුදුරුවෝ මස් කෑවා කියලා.තව මම අහපු දෙයක් තියනවා.මරපු සතෙක් නැතුව මැරුණු සතෙක්ගේ මස් කෑවට කමක් නෑ කියල බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියනවා.චේතනාව තමා ඉතින් ඔක්කොම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්‍යාගමිකයන් ලෝකාන්තරික නිරයට යනවා කියල කියන්නෙ. ඒ කිඅය්න්නෙ Black-hole එකක් වගේ තැනකට; ඉර එලිය වැටෙන්නෙ නැති සීතල ජලය සහිත ප්‍රදේශකයකට.
    මෙහෙම එකක්නං මම අහල නෑ නෙ :eek: පව් නෙ මිනිස්සු :sorry:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මෙහෙම එකක්නං මම අහල නෑ නෙ :eek: පව් නෙ මිනිස්සු :sorry:

    නියත මිථ්‍යාදෘශ්ටිකයෝ තමයි ලෝකාන්තරික නිරයට යනවා කියල තියෙන්නේ. ඒ කිව්වේ කර්ම, ඵල, තෙරුවන් ගුණ වගේ බෞද්ධ ඉගැන්වීම් වල සත්‍යතාවයට උදාහරණ භව ගානක් තිස්සේ ඇස් පනාපිටම දැක්කත් ඒවා පිළිගන්නේ නැතුව තමන්ගේ මතයේම එල්ලිලා ඉන්න අය. ඒ ගොල්ලෝ භවයෙන් භවය පිරිහිලා තමයි ලෝකාන්තරික නිරයට යන්නේ, වෙන ආගමක කෙනෙක් උනත් යමක් කමක් තේරෙන මනුස්ස භවයක් ලබල තියෙනවා කියන්නේ එයා තවම පිරිහිලා නැහැ කියන එකයි, බෞද්ධ නමින් ඉන්න කෙනෙක් උනත් ලෝකාන්තරික නිරයේ උපදින්න පුළුවන්. සමහර බෞද්ධයන් ඇහැට පෙන දේවල් ගැන විතරක් විශ්වාස කරලා දෙවියන්, පුනර්භවය වගේ කරුණු බැහැර කිරීම ඒ පිරිහීමේ මූලික ලකුණක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නියත මිථ්‍යාදෘශ්ටිකයෝ තමයි ලෝකාන්තරික නිරයට යනවා කියල තියෙන්නේ. ඒ කිව්වේ කර්ම, ඵල, තෙරුවන් ගුණ වගේ බෞද්ධ ඉගැන්වීම් වල සත්‍යතාවයට උදාහරණ භව ගානක් තිස්සේ ඇස් පනාපිටම දැක්කත් ඒවා පිළිගන්නේ නැතුව තමන්ගේ මතයේම එල්ලිලා ඉන්න අය. ඒ ගොල්ලෝ භවයෙන් භවය පිරිහිලා තමයි ලෝකාන්තරික නිරයට යන්නේ, වෙන ආගමක කෙනෙක් උනත් යමක් කමක් තේරෙන මනුස්ස භවයක් ලබල තියෙනවා කියන්නේ එයා තවම පිරිහිලා නැහැ කියන එකයි, බෞද්ධ නමින් ඉන්න කෙනෙක් උනත් ලෝකාන්තරික නිරයේ උපදින්න පුළුවන්. සමහර බෞද්ධයන් ඇහැට පෙන දේවල් ගැන විතරක් විශ්වාස කරලා දෙවියන්, පුනර්භවය වගේ කරුණු බැහැර කිරීම ඒ පිරිහීමේ මූලික ලකුණක්.
    සම්‍යක්දෘෂ්ටියේ හරි මිත්‍යාදෘෂ්ටියේ හරි මොකේ හිටියත් තමන් කරන කියන දේ අනුව මිසක් තමන් විස්වාස කරන දේ අනුව තමන්ට වෙන දේ තීරණය වෙනව කියල නං මම හිතන්නෙ නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සම්‍යක්දෘෂ්ටියේ හරි මිත්‍යාදෘෂ්ටියේ හරි මොකේ හිටියත් තමන් කරන කියන දේ අනුව මිසක් තමන් විස්වාස කරන දේ අනුව තමන්ට වෙන දේ තීරණය වෙනව කියල නං මම හිතන්නෙ නෑ :no:

    එහෙම නෑලු බන්.. බෞද්දාගම ගැන ගොඩක් දන්න උන් ඔය කියල තියෙන්නෙ.... :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නෑලු බන්.. බෞද්දාගම ගැන ගොඩක් දන්න උන් ඔය කියල තියෙන්නෙ.... :(
    එහෙම බැලුවොත් බුද්ධාගමේ තියෙන දේවල් විස්වාස නොකරන, ඒ හින්දම මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙන, ඒත් තමන්ට පුළුවන් උපරිම විදිහට හොඳට සාධාරණව ජීවත් වෙච්ච මිනිස්සුත් අපායට යනවනෙ. :no: