බෞද්ධකම සහ නිරාගමිකත්වය
නිරාගමිකත්වය කියල බොහෝවිට සිංහලට පරිවර්තනය වෙන්නෙ atheism යන්න.... හරිනම් මෙහි නියම පරිවර්තනය "අදේවවාදය" විය යුතුයි.... අදේවවාදය යනු සරලවම "විශ්වය බුද්ධිමත් නිර්මාපකයකුගේ නිර්මාණයක් නොවේ, එවැනි මැවුම්කාර සත්ත්වයෙක් නැත" යන දැකීම..... නිරාගමිකත්වය යන වචනය හරිනම් පාවිච්චි විය යුත්තේ irreligion යන්න හඳුන්වන්නයි.... මේ කියන irreligion යන්නෙන් අදහස් වෙන්නෙ ආගමික විශ්වාසයන් කෙරෙහි බැඳීමක් හෝ ගැටීමක් යන දෙකෙන්ම නිදහස් බවයි... කොටින්ම ලෝකේ ආගම් කියා දෙයක් ඇති බවවත් නොසළකා ජීවත් වීමයි... (මිසක් ආගම්වලට / ආගමික විශ්වාසයන්ට උඩ පැනගෙන පහරදීම නොවෙයි...)
මෙතන පටලවාගැනීම් දෙකක් තියෙනවා.... පළමු පටලැවිල්ල ඇතිකරගෙන ඉන්නේ තමන් නිරාගමිකයි කියා හිතාගෙන ඉන්න උදවිය.... ඔවුන් හිතාගෙන ඉන්නවා නිරාගමිකත්වය යනු ආගම් විරෝධය කියල... නිරාගමිකයන් සාමාන්‍යයෙන් ආගමිකයන්ට වඩා සක්‍රීයව ආගමේ නාමයෙන් කෙරෙන විකාරවලට එරෙහිවීම සාමාන්‍ය දෙයක් වුණත්, මේ අපි ලංකාවේ බුකියේ දකින වර්ෂන් එක නම් නිරාගමිකත්වය නෙමෙයි.... ඒක ගොඩක් වෙලාවට ආගම් විරෝධය....
දෙවන පටලැවිල්ල ඇතිකරන්නේ නිරාගමිකයන්ව පේන්න බැරි ආගම් පිස්සන් විසින්... ඔවුන් උත්සාහ කරමින් ඉන්නවා මතයක් පතුරුවන්න, නිරාගමිකත්වය යනුත් ආගමක්ම තමා යනුවෙන්.... නිරාගමිකත්වය ආගමක් නම් නිර්වස්ත්‍රභාවය වස්ත්‍රයක් විය යුතුයි.... එහෙනම් TV එක ඕෆ් කිරීමත් "චැනල්" එකක් විය යුතුයි..... එහෙම වෙන්නෙ නෑ.... [යම් කාලයක ආගම විසින් අල්ලාගෙන හිටපු ස්ථානය දැන් නිරාගමිකත්වය විසින් ටික ටික දිනාගැනීම වෙනම කතාවක්: ලෝකයේ ඕනෑම කාලයක ධනය සහ බලය සඳහා නිවරදි ආගමක්, භාෂාවක්, ජාතියක් තිබුණා.. උදාහරණයක් ලෙස ලංකාවේ අදටත් ධනයේ සහ බලයේ භාෂාව ඉංග්‍රීසි.... පෘතුගීසි යුගය ගත්තොත් ලංකාවේ ධනයේ සහ බලයේ ආගම කතෝලික... අද කාලේ ධනයේ සහ බලයේ ලක්ෂණය තමයි ආගමක් නැතිවීම.... ඒ අර්ථයෙන් එදා ආගම්වලට හිමිව තිබු තැන අද නිරාගමිකත්වය විසින් අල්ලාගනිමින් ඉන්නවා... නමුත් එහෙමයි කියල ඒක ආගමක් වෙන්නෙ නෑ... ]
හරිම වශයෙන් බෞද්ධයා යනු අර්ථදැක්වීමෙන්ම නිරාගමිකයෙක්... මොකද ඔහු "ආගමික" වශයෙන් හඳුන්වන විශ්වාසයන් වලින් නිදහස් වූවෙක් නිසා.... "ආගම" කියන වචනේ අර්ථය "පැමිණ වාසය කරනවා" යන්න... බෞද්ධයාට "පැමිණ වාසය කරන්න" බැඳීමක් නෑ.... බෞද්ධයා කිසිම විටෙකත් සිය විමුක්තිය "බාහිර" සාධකයකට පවරන්නේ නෑ.... බෞද්ධයා තමන්ගේ පාරිශුද්ධිය තමන් විසින්ම සලසාගත යුතුයි.... පන්සිල් පද පහවත් බලෙන් රක්කවන්න කෙනෙක් නෑ.... බුදුන් වහන්සේ පවා ගුරුවරයෙක් මිස පාලකයෙක් හෝ නීති පනවන්නෙක් නෙමෙයි.... බෞද්ධයා බුදුන් වඳින්නේ පවා ශිෂ්‍යයෙක් ගුරුවරයාට දක්වන ගෞරවයක් වශයෙන් මිස පාලකයෙක් හමුවේ දණින් වැටෙන සේවකයෙකුගේ මානසිකත්වයෙන් නෙමෙයි.... බෞද්ධයා සාංකල්පික වශයෙන්ම "ආගම" කියන දෘෂ්ටියෙන් නිදහස්.... කලින් උඩ පැහැදිලි කළා වගේ ඔහු ආගම් සමග බැඳෙන්නේ හෝ ගැටෙන්නේ නෑ... කොටින්ම බෞද්ධයාට ආගම් එක්ක ගනුදෙනුවක් නෑ.... ඒ අර්ථයෙන් බෞද්ධයා නිසගයෙන්ම නිරාගමිකයෙක්...

Code:
[/SIZE][SIZE=3][URL="https://www.facebook.com/cjdrox"]Chameera Jeewantha Dedduwage[/URL]