බෞද්ධකම සහ නිරාගමිකත්වය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බෞද්ධකම සහ නිරාගමිකත්වය

    atheism_earth.png

    නිරාගමිකත්වය කියල බොහෝවිට සිංහලට පරිවර්තනය වෙන්නෙ atheism යන්න.... හරිනම් මෙහි නියම පරිවර්තනය "අදේවවාදය" විය යුතුයි.... අදේවවාදය යනු සරලවම "විශ්වය බුද්ධිමත් නිර්මාපකයකුගේ නිර්මාණයක් නොවේ, එවැනි මැවුම්කාර සත්ත්වයෙක් නැත" යන දැකීම..... නිරාගමිකත්වය යන වචනය හරිනම් පාවිච්චි විය යුත්තේ irreligion යන්න හඳුන්වන්නයි.... මේ කියන irreligion යන්නෙන් අදහස් වෙන්නෙ ආගමික විශ්වාසයන් කෙරෙහි බැඳීමක් හෝ ගැටීමක් යන දෙකෙන්ම නිදහස් බවයි... කොටින්ම ලෝකේ ආගම් කියා දෙයක් ඇති බවවත් නොසළකා ජීවත් වීමයි... (මිසක් ආගම්වලට / ආගමික විශ්වාසයන්ට උඩ පැනගෙන පහරදීම නොවෙයි...)
    මෙතන පටලවාගැනීම් දෙකක් තියෙනවා.... පළමු පටලැවිල්ල ඇතිකරගෙන ඉන්නේ තමන් නිරාගමිකයි කියා හිතාගෙන ඉන්න උදවිය.... ඔවුන් හිතාගෙන ඉන්නවා නිරාගමිකත්වය යනු ආගම් විරෝධය කියල... නිරාගමිකයන් සාමාන්‍යයෙන් ආගමිකයන්ට වඩා සක්‍රීයව ආගමේ නාමයෙන් කෙරෙන විකාරවලට එරෙහිවීම සාමාන්‍ය දෙයක් වුණත්, මේ අපි ලංකාවේ බුකියේ දකින වර්ෂන් එක නම් නිරාගමිකත්වය නෙමෙයි.... ඒක ගොඩක් වෙලාවට ආගම් විරෝධය....
    දෙවන පටලැවිල්ල ඇතිකරන්නේ නිරාගමිකයන්ව පේන්න බැරි ආගම් පිස්සන් විසින්... ඔවුන් උත්සාහ කරමින් ඉන්නවා මතයක් පතුරුවන්න, නිරාගමිකත්වය යනුත් ආගමක්ම තමා යනුවෙන්.... නිරාගමිකත්වය ආගමක් නම් නිර්වස්ත්‍රභාවය වස්ත්‍රයක් විය යුතුයි.... එහෙනම් TV එක ඕෆ් කිරීමත් "චැනල්" එකක් විය යුතුයි..... එහෙම වෙන්නෙ නෑ.... [යම් කාලයක ආගම විසින් අල්ලාගෙන හිටපු ස්ථානය දැන් නිරාගමිකත්වය විසින් ටික ටික දිනාගැනීම වෙනම කතාවක්: ලෝකයේ ඕනෑම කාලයක ධනය සහ බලය සඳහා නිවරදි ආගමක්, භාෂාවක්, ජාතියක් තිබුණා.. උදාහරණයක් ලෙස ලංකාවේ අදටත් ධනයේ සහ බලයේ භාෂාව ඉංග්‍රීසි.... පෘතුගීසි යුගය ගත්තොත් ලංකාවේ ධනයේ සහ බලයේ ආගම කතෝලික... අද කාලේ ධනයේ සහ බලයේ ලක්ෂණය තමයි ආගමක් නැතිවීම.... ඒ අර්ථයෙන් එදා ආගම්වලට හිමිව තිබු තැන අද නිරාගමිකත්වය විසින් අල්ලාගනිමින් ඉන්නවා... නමුත් එහෙමයි කියල ඒක ආගමක් වෙන්නෙ නෑ... ]
    හරිම වශයෙන් බෞද්ධයා යනු අර්ථදැක්වීමෙන්ම නිරාගමිකයෙක්... මොකද ඔහු "ආගමික" වශයෙන් හඳුන්වන විශ්වාසයන් වලින් නිදහස් වූවෙක් නිසා.... "ආගම" කියන වචනේ අර්ථය "පැමිණ වාසය කරනවා" යන්න... බෞද්ධයාට "පැමිණ වාසය කරන්න" බැඳීමක් නෑ.... බෞද්ධයා කිසිම විටෙකත් සිය විමුක්තිය "බාහිර" සාධකයකට පවරන්නේ නෑ.... බෞද්ධයා තමන්ගේ පාරිශුද්ධිය තමන් විසින්ම සලසාගත යුතුයි.... පන්සිල් පද පහවත් බලෙන් රක්කවන්න කෙනෙක් නෑ.... බුදුන් වහන්සේ පවා ගුරුවරයෙක් මිස පාලකයෙක් හෝ නීති පනවන්නෙක් නෙමෙයි.... බෞද්ධයා බුදුන් වඳින්නේ පවා ශිෂ්‍යයෙක් ගුරුවරයාට දක්වන ගෞරවයක් වශයෙන් මිස පාලකයෙක් හමුවේ දණින් වැටෙන සේවකයෙකුගේ මානසිකත්වයෙන් නෙමෙයි.... බෞද්ධයා සාංකල්පික වශයෙන්ම "ආගම" කියන දෘෂ්ටියෙන් නිදහස්.... කලින් උඩ පැහැදිලි කළා වගේ ඔහු ආගම් සමග බැඳෙන්නේ හෝ ගැටෙන්නේ නෑ... කොටින්ම බෞද්ධයාට ආගම් එක්ක ගනුදෙනුවක් නෑ.... ඒ අර්ථයෙන් බෞද්ධයා නිසගයෙන්ම නිරාගමිකයෙක්...

    Code:
    [/SIZE][SIZE=3][URL="https://www.facebook.com/cjdrox"]Chameera Jeewantha Dedduwage[/URL]
     
    • Like
    Reactions: ruchira55

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ ලිපිය සමග එකගයි.. හැබැයි, තේරවාදී බෞද්දයන් චීනේ හිටියානම් මේ ලිප්ය හරියටම හරි.. විග්‍රහා කිරීම 100%ක් හරි. බෞද්ද දර්ශනයක් මිසක ආගම් නොවෙන නිසා. නමුත් ඒ බෞද්දයන් යනු උදේට ගිලන්පස තියලා රැට දේවාලේට යන බෞද්දයානම්, ඔහුත් තවත් චැනල් එකක්. ඔෆ්ෆ් බටන් එකක් නෙමෙයි.. ඔහුත් බොඩි පේන්ටින්ග් එකක්, නිර්වස්ත්‍ර නොවෙයි..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ ලිපිය සමග එකගයි.. හැබැයි, තේරවාදී බෞද්දයන් චීනේ හිටියානම් මේ ලිප්ය හරියටම හරි.. විග්‍රහා කිරීම 100%ක් හරි. බෞද්ද දර්ශනයක් මිසක ආගම් නොවෙන නිසා. නමුත් ඒ බෞද්දයන් යනු උදේට ගිලන්පස තියලා රැට දේවාලේට යන බෞද්දයානම්, ඔහුත් තවත් චැනල් එකක්. ඔෆ්ෆ් බටන් එකක් නෙමෙයි.. ඔහුත් බොඩි පේන්ටින්ග් එකක්, නිර්වස්ත්‍ර නොවෙයි..

    ඒ ලංකාවේ විමසිල්ලෙන් තොර මිනිස්සුන්ගේ වැරැද්ද මිසක් , බුදුදහමේ වැරද්දක් නෙමේ. ඒ පුද්ගලයා හවසට දේවාලේ යනවනම් ඒක ඒ මිනිහගේ වැරැද්ද. එතකොට ඔහු බෞද්ධකමයි , ආගමිකත්වයයි දෙකම එකම ගොඩේ දාගෙන ඉන්න පුද්ගලයෙක් , මේ කල්පෙට නිවන් දකින්න බෑ එහෙම උනොත්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ ලංකාවේ විමසිල්ලෙන් තොර මිනිස්සුන්ගේ වැරැද්ද මිසක් , බුදුදහමේ වැරද්දක් නෙමේ. ඒ පුද්ගලයා හවසට දේවාලේ යනවනම් ඒක ඒ මිනිහගේ වැරැද්ද. එතකොට ඔහු බෞද්ධකමයි , ආගමිකත්වයයි දෙකම එකම ගොඩේ දාගෙන ඉන්න පුද්ගලයෙක් , මේ කල්පෙට නිවන් දකින්න බෑ එහෙම උනොත්
    දර්ශනයේ වැරැද්දක් නැ.. ගොඩක් බටහිර මිනිස්සු දැන් ඉන්න විදිය ගැන තමා 2500කට කලින් බුදුන් වහන්සේ කිව්වේ.. ඒක තමා හරි. තමන්ගේ ක්‍රියාව තමන්ව පාලනය කරනවා.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    මේ ලිපිය සමග එකගයි.. හැබැයි, තේරවාදී බෞද්දයන් චීනේ හිටියානම් මේ ලිප්ය හරියටම හරි.. විග්‍රහා කිරීම 100%ක් හරි. බෞද්ද දර්ශනයක් මිසක ආගම් නොවෙන නිසා. නමුත් ඒ බෞද්දයන් යනු උදේට ගිලන්පස තියලා රැට දේවාලේට යන බෞද්දයානම්, ඔහුත් තවත් චැනල් එකක්. ඔෆ්ෆ් බටන් එකක් නෙමෙයි.. ඔහුත් බොඩි පේන්ටින්ග් එකක්, නිර්වස්ත්‍ර නොවෙයි..

    cheene inne therawadi bouddhayan nowunath cheene bouddhayo kochchara wenas wenas adahili karanawada? lankawe aya dewala wala yanawa wage, malawun ekka sambanda kam, yaaga homa etc.:rolleyes::rolleyes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිරාගමිකයා කවුද ලංකාවේ ඒ කට්ටිය කරන්නේ ආගම් විරෝදය කියල මෙතන නිර්වචනය කරනවාවගේම බෞද්ධයා කියන ඇත්ත එක්කෙනා මෙසේ විය යුතුයි නමුත් ලංකාවේ බෞද්ධ කියන මනුස්සයා කරන්නේ මෙහෙමයි කියලත් විස්තර කරානම් හොදයි

    ආගම් තර්ක කරන ගොඩක් මිනිස්සුන් මෙන්න මේක බැලුවනම් වටිනවා .මොකද ගොඩක් වෙලාවට කුණුහරපෙන් බැනල අපහාස කරලා හෝ ඔප්පු කරන්න යන්නේ තමුන් ඇත්තටම දන්නා දෙයක් නොවෙන බව ඔයා ආගමික කියන මිනිස්සුන්ට තේරෙන්න ඕනි

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    athiest = a + thiest

    ; දෙවියන් නැහැයි කියල 'විශ්වාස' කරන පුද්ගලයා....

    දෙවවාදියෝ තරම්ම irrational ඔය අදේවවාදියෝ..... :dull:

    සමහරු
    තමන් posh කියල පෙන්නනත් කියනව තමන් athiest කියල.... :dull:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේ ලිපිය සමග එකගයි.. හැබැයි, තේරවාදී බෞද්දයන් චීනේ හිටියානම් මේ ලිප්ය හරියටම හරි.. විග්‍රහා කිරීම 100%ක් හරි. බෞද්ද දර්ශනයක් මිසක ආගම් නොවෙන නිසා. නමුත් ඒ බෞද්දයන් යනු උදේට ගිලන්පස තියලා රැට දේවාලේට යන බෞද්දයානම්, ඔහුත් තවත් චැනල් එකක්. ඔෆ්ෆ් බටන් එකක් නෙමෙයි.. ඔහුත් බොඩි පේන්ටින්ග් එකක්, නිර්වස්ත්‍ර නොවෙයි..

    එකඟයි...!
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    දර්ශනයේ වැරැද්දක් නැ.. ගොඩක් බටහිර මිනිස්සු දැන් ඉන්න විදිය ගැන තමා 2500කට කලින් බුදුන් වහන්සේ කිව්වේ.. ඒක තමා හරි. තමන්ගේ ක්‍රියාව තමන්ව පාලනය කරනවා.
    බුදු දහමෙ ප්‍රධානම දේ රාග ද්වේශ මෝහ නැති කරන එක. අද බටහිර රටවල මිනිස්සු කරන්නෙ එහෙම එකක්ද? අද ඔය Atheist කියන හුගක් එවුන් බුද්ධාගම දන්නෙ නෑ. මහ ලොකුවට දර්ශනේ තමා වැදගත් කියල කිව්වට බෞද්ධ දර්ශනේ මොකද්ද කියන එක ඒ මිනිස්සු දන්නෙ නෑ. කොටින්ම දෙවියන් සිටිනවා කියන එක බුදු දහම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බුදු දහමෙ ප්‍රධානම දේ රාග ද්වේශ මෝහ නැති කරන එක. අද බටහිර රටවල මිනිස්සු කරන්නෙ එහෙම එකක්ද? අද ඔය Atheist කියන හුගක් එවුන් බුද්ධාගම දන්නෙ නෑ. මහ ලොකුවට දර්ශනේ තමා වැදගත් කියල කිව්වට බෞද්ධ දර්ශනේ මොකද්ද කියන එක ඒ මිනිස්සු දන්නෙ නෑ. කොටින්ම දෙවියන් සිටිනවා කියන එක බුදු දහම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.
    බටහිර මිනිස්සු කියන තරම් නරක නැ බන්.. ඔනා සමාජයක යක්කුත් ඉන්නවා දෙවිවරුත් ඉන්නවා.. ලන්කාවේ කියලා උදේම බාර් එකේ බොන බෞද්ද උන් නැද්ද? බඩු ගහන බාල අපරාද කරන බෞද්ද උන් නැද්ද? හොරකන් කරන බොරු කියන බෞද්ද ශ්‍රී ලාන්කිකයො ඉන්නවනේ.. ඒක ඉතින් බුදු හාමුදුරුවන්ගේ වැරැද්ද නෙමෙයිනේ.. උන් වහන්සේගේ නිවන් මාර්ගය අවබොද කරගන්න පුලුවන්න්නම් හොදයි. හැබැයි නිවන් යන්න බැරි එකාලා රහත් වෙන්න බැරි එකාලා අඩු තරමේ මෙන්න මේකයි අපාය, මේකයි ස්වර්ගය කියලවත් තෙරුම් ගන්නවනම් ඒකත් සමාජෙට ඇතිනේ බන්.. බොන නිසාවත්, බඩු ගහන නිසාවත් ඩ්වේශ සිතක් පහල වෙන නිසාවත් මිනිස්සු බෞද්ද දර්ශනේ දන්නේ නැ කියන්න බැ.. මම නම් දකින දෙයක් තමා, ලන්කාවේ බෞද්ද දර්ශනේ ගැබුරට හදාරලා පව් කරන එකාලට වඩා බෞද්ද දර්ශනේ කියලා වෙස්ටර්න් ලාෆින් බුද්දා කියලා මෙඩිටේට් කරන උන් පව් කරනව අඩුයි.. යුරොපේ මිනිස්සු බුදුන් වහන්සේගේ දර්ශන නොදැන ඔහොම ඒක පිලිපදිනවානම් බුදුන් වහන්සේ ඒ රටවල පහල උනානම් කොහොමට හිටීවිද? හතර පොයට සිල් ගන්න ලන්කාවේ උන් ඩ්වේශ කරන්නේ නැද්ද? පොල් ගහලා මකබැවිලා පලයන් කියලා හින්දු දෙවියන්ගේ පස්සේ යන්නේ නැද්ද? රාගය ගැන කියලා වැඩක් නැ ඉතින්.. අම්මෙක් දරුවෙක් ඉබ ගත්තත් මෙහේ කලිසම පාත් කරන උන් ඉන්නේ.. මොහය නම් කියන්න ඔනම නැ.. උඩම තැනේ ඉදලා පැල්පත දක්වා තියෙන්නෙම ඒක.
     
    ඔන්න උඹ හොදටම වරද්දගෙන. බටහිර මිනිස්සු නරකයි කියන එක නෙමේ කියන්නෙ. අද ලෝක සම්මතේ හැටියට හොද මිනිහෙක් උනා කියල එයා බෞද්ධයෙක් නෙමේ කියන එක. මිනිහට කිසිම වැරැද්දක් නොකර හිටියට වැඩක් නෑ අපේ හිතේ තණ්හාව තියනව. ඒක නැතිවෙන්නෙ නිවන් දැකපු දාට විතරයි. බටහිර රටවල් රාගය වැඩි කරන දේට මිනිස්සු පෙළඹවීම හොදටම වැඩියි. උඹල කියන විදිහට වැරදි කරන මිනිස්සු ලංකාවෙ වැඩි ඇති බටහිර රටවලට වඩා. ඒත් රාග ද්වේශ මෝහ නැති කරන්න උත්සහ කරන පිරිසක් ඉන්නවනම් ඉන්නෙ ඒත් ආසියාතික රටවලම තමා.
     
    • Like
    Reactions: ruchira55

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔන්න උඹ හොදටම වරද්දගෙන. බටහිර මිනිස්සු නරකයි කියන එක නෙමේ කියන්නෙ. අද ලෝක සම්මතේ හැටියට හොද මිනිහෙක් උනා කියල එයා බෞද්ධයෙක් නෙමේ කියන එක. මිනිහට කිසිම වැරැද්දක් නොකර හිටියට වැඩක් නෑ අපේ හිතේ තණ්හාව තියනව. ඒක නැතිවෙන්නෙ නිවන් දැකපු දාට විතරයි. බටහිර රටවල් රාගය වැඩි කරන දේට මිනිස්සු පෙළඹවීම හොදටම වැඩියි. උඹල කියන විදිහට වැරදි කරන මිනිස්සු ලංකාවෙ වැඩි ඇති බටහිර රටවලට වඩා. ඒත් රාග ද්වේශ මෝහ නැති කරන්න උත්සහ කරන පිරිසක් ඉන්නවනම් ඉන්නෙ ඒත් ආසියාතික රටවලම තමා.

    රාග දේවේශ මොහ වැඩි කොයි රටවලද? රාගය ද්වේශය මොහය වැඩි අඩු කියලා රටවල් නැ බන්.. ඔක්කොගෙම ඉන්නේ මිනිස්සු.. රාගය ද්වේශය මොහය නිසා ක්‍රියාත්මක වෙන ක්‍රියාවයි අඩු වැඩි වෙන්නේ.. ක්‍රියාව වැඩිඋබ ඔය කියන නැති කරන්න උත්සහා කරන රටවල නෙමෙයිද?
    ඉන්දියාව කියන්නේ ලොකයේ රාගය කියන දෙයින් උපරිමයට ගිහින් ගැනු බස්වල දූශනය කරන රටක්.. ඒක ආසියාතික නෙමෙයිද? රාගය කියන්නේ හැගීමක්.. ඒක ක්‍රියාවට නන්වන්නේ වැඩියෙන් බටහිර ජාතිකයන්ද? උබ කිව්ව ආසියාතික උන්ද? අන්න ඒ සන්වරයයි ප්‍රගුන කරවන්න. ඔනා..
     
    ගෑනු බස්වල දූෂණය කරන්නෙත් මානසික අසහනේට. ඒ රාගය පිනවන්න ක්‍රියාවලි නීත්‍යානිකූලව දීල තියනව බටහිර රටවල. බුද්ධාගමේ හැටියට දෙකම වැඩි වෙනසක් නෑ. දැන් කියන්න එපා බුදුන්ගෙ කාලෙ ගණිකාවො හිටිය කියල. හිටිය තමා ඒත් බුදු හාමුදුරුවො ඒව අනුමත් කළේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,776

    Saruman සහෝදරයා කියපු එක උබ හරියට තෙරුම් ගත්තේ නෑ වගේ බන්.
    ඌ කිව්වේ, රාගය අඩු වැඩි වශයෙන් හැම රටකම තියෙනවා. ඒත් රාගය යලි නූපදින විදිහකට නැසීමට වැඩි වශයෙන් පිලිවෙත් පුරන්නේ ආසියාතික රටවල් වල. ඒකෙන් අදහස් කෙරෙන්නේ නෑ ඒ රටවල් ප්‍රජාතන්ත්‍රවාදීයි සාමකාමියි කියලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගෑනු බස්වල දූෂණය කරන්නෙත් මානසික අසහනේට. ඒ රාගය පිනවන්න ක්‍රියාවලි නීත්‍යානිකූලව දීල තියනව බටහිර රටවල. බුද්ධාගමේ හැටියට දෙකම වැඩි වෙනසක් නෑ. දැන් කියන්න එපා බුදුන්ගෙ කාලෙ ගණිකාවො හිටිය කියල. හිටිය තමා ඒත් බුදු හාමුදුරුවො ඒව අනුමත් කළේ නෑ.
    බටහිර කොයි රටේද කියහන්කො අවසර දීලා තියෙන්නේ බස්වල ගැනු දූශනය කරන්න.. උබට පිස්සුද?

    රාගය කියන්නෙ මනුශ්ය අවශ්යතාවක්. ඒ රාගය නැත්තම් උබත් ඔතන නැ මමත් මෙතන නැ.. හැබැයි ඒක පාලනය කරගැනීමයි මනුස්සයගේ දියුනුව.. බටහිර රටවලත් ස්ත්‍රී දූශකයො ඇති. හැබැයි සාපේක්ශව අඩු වැඩි වෙන්නේ ක්‍රියාව තුලයි..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    විශ්වය තුල පවතින පරම සත්යය බවුද්ද දර්ශනය ලෙස හදුන්වන්නේ නම්. .
    එම සත්ය වටහා ගත යුත්තේ ත්‍රිපිටකය තුලින්මයි. .
    නමට බවුද්ද කිව්වට වැඩක් නෑ ත්‍රිපිටකය තුල අන්තර්ගතය නොදැන. .
    බවුද්දයෙක් නම් හැකි සෑම විටම ත්‍රිපිටකය කියවීමට පෙලබිය යුතුයි. .
    ඔබ කියවන විට ඔබටම වැටහේවි මෙහි ඇති කරුනු මොන තරම් සත්යද කියා. .
    ඔබ ඔබගෙන් නුවනින් විමසා එකගවූ විට ඔබ තුල නොවෙනස් වල ශ්‍රද්දාවක් ගොඩ නැගේ. .

    මෙම විශ්වයෙන්,ආත්මයෙන්,බවයෙන්, නැවත ඉපදීමෙන් මිදී රහත්වීමට උත්සහා ගන්න. .
    රහත්වීම සදහාම කුසල් වඩන්න. .