බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
බුද්ධිමත් මිනිස්සුන්ට සමාජයේ ජීවත් වෙන්න කියලා දෙන්න ආගමක් අවශ්‍ය නෑ.
බුද්ධිහීන ගොන් හැත්ත පාලනය කරන්න නම් ආගම අවශ්‍යයි.

[මම මෙහෙම කිව්වාම බුද්ධිහීනයන් කලබල වෙන්නත් පුළුවන්.]
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔය එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන එක පලක් නෑ
    මොකද
    අපි විභාගෙදී ඒ ඒ ප්‍රශ්න වල ආකාරයට උත්තර ‍දෙනවා මිසක්
    ඒ එක ප්‍රශ්නයකටවත් අපිට ගණිතය උගන්වපු පුද්ගලයා ගැන
    විස්තර ලියන්නේ නෑනි
    ඒ වගේ තමා
    බුදුන් වහන්සේ වදාල ධර්මය කියන්නේ උන්වහන්සේගේ
    ජීවිත කථාව නෙවෙයි
    පන්සිය පනස් ජාතක පොතේ තියෙන්නේ සාරාසංඛ කල්ප ලක්ෂ ගණනක්
    වූ භවයන් අතරින්
    දහම් කරුණු වඩාත් විස්තර කිරීමට නිදසුන් ව‍ශයෙන් ගත්
    භවයන් කිහිපයක් පමණි
    සැබෑ බුදු දහම ගැන දැනගැනීමට අවශ්‍යය නම්
    තිපිටක ධර්මය ගැන හදාරන්න
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    1. බුදුහාමුදුරුවෝ කිසිම ආත්මයක උත්පත්තිය ලබා නැත
    නමුත් බෝධිසත්ව කාලය තුල නම් විවිධ දේශයන් තුල උපත
    ලබා ඇත
    නමුත් බොහෝ උත්පත්තියන් ඉන්දියාව හා ඒ ආසන්න ප්‍රදේශ
    වල සිදුව පවතී.

    2. පිලිම නෙලීමේ කලාව හා සම්බන්ද වේ

    3. කර්මය

    4. නැත
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මම මෙතනට ආවේ පරක්කු වෙලාද මන්දා ඒත් කමක් නැහැ මට පේනවා මෙතන අපේ ඉස්ලාම් යාලුවාට ගොඩක් ප්‍රශ්ණ තියෙනවා කියලා!!!
    ඇත්තමට සහෝදරයා ඔයාගේ ප්‍රශ්ණ වලට දෙනටමත් ‍බෝහෝ දුරට පිළිතුරු ලැබිලා ඇති ඒත් මේකත් කියවලා බලන්න,

    බුදු හාමුදුරැවෝ ගොඩක් ආත්ම වල ඉපදුනේ ඉන්දි‍යාවේ කියලා දැන් ඔයා කිව්වානේ ඇත්තටම එතන ඉතිහාසය පිළිබද ගැටලුවක් තියෙන්නේ, උදාහරණයක් විදියට ඔයාට මම කියන්නම් දඹදිව ගැන මගේ මතකය හරිනම් ඉස්සර දඹදිව කිව්වේ ඉන්දියාවේ කොටසකට ඒත් දැන් දඹදිව කියන්නේ වෙන රටක කොටසකට,

    අනික ඉන්දියාවෙම ඉපදුනේ ඇයි කියලත් අහනවානේ, මෙහෙමයි සහෝදරයා හැම දේකටම ස්ථානයක් කියලා දෙයක් තියෙනවා නේ, ඔයාලා මුස්ලිම් පල්ලියට කියලා කතෝලික පල්ලියට ගිහින් ආගමික වතාවත් කරන්නේ නැහැ නේ!! ඒ වගේ තමයි ධර්මය පටන් ගැනීමටත් ව්‍යාප්ත වීමටත් නිසි කාලයක් නිසි දේශයක් තියෙනවා!!!

    මටනම් ඒ කාලේ ඇති උන ප්‍රශ්ණයක් තමයි ඇයි සිදුහත් කුමරැ පෝසත් ගෙදරක ඉපදුනේ කියලා, මම හිතන්නේ ඒ ප්‍රශ්ණව ඔයාට ඇතිවෙලා නැහැ!! ඒත් ඒකටත් මම උත්තරයක් හොයා ගත්තා ඒකත් ඔයා අහන්න කලින්ම කියන්නම්,
    එහෙම ඉපදෙන්න හේතුව උනේ දුප්පත් අයෙක් ගිහිගෙය අත ඇර යනවාට වඩා සියලු සැප සම්පත් තියෙන කුමරැකු ගිහිගෙය අතඇර යද්දී ජනයාගේ අවධානය බොහෝ සෙයින් ලැ‍බෙන හෙයින් අනිත් එක ඒ කාලේ ගොඩක් කුළ පිලිබදව විවිධ මත වාද තිබ්බ නිසා උසස් කුළයක ඉපදුනා...
     
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පච කියන්න එපා බොලව්...
    ඔය ඔක්කොම සුරංගනා කතා විතරයි.
    පන්සිය පනස් ජාතකය කියන්නේ අමු ප්‍රබන්ධයක්. එකෙ වැඩිපුරම තියෙන්නේ හාවෝ, මුවෝ කතා කරපුවා තමයි.
    පුනරුප්පත්තිය, පුනර්භවය, ස්වර්ගය, දෙවියන් වහන්සේ, අල්ලාහ්, කර්මය මේ ඔක්කොම මිනිසුන් විසින් ම නිර්මාණය කළ මනස්ගාත. අන්ධ භක්තිය අත හැරලා බුද්ධියෙන් හිතපල්ලා.

    උබ ඔච්චර තාර්කිකනම් මම උබේ thread එකේ දාපු ප්‍රශ්නවලට උත්තර දිපන්
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගොබ්බ ඇඩ් දාන්න එපා බං උබ. උබ හදන්නෙ මෙතන බෞද්ධ උන් ව නිකං ගොනාට අන්දන්න. වැඩක් නැත්තන් බෙල්ලෙ ගලක් එල්ලං මුහුදට පැනපං කාලකන්නියා.
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    මචෝ උඹ මුස්ලිම් වෙලත් බෞද්ධ ධර්මය ගැන උනන්දු වෙන එක ගැන මට සංතෝෂයි. උඹගෙ ප්‍රශ්ණ වලට උත්තර පැහැදිලිව උත්තර දෙන්න පුළුවන්.
    1. සාරාසංඛ කල්ප ලක්ෂ කාලයක් පෙරුම් පුරල තමයි බෝසතානන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තෙ, ඒකෙන් ශ්‍රාවකයන්ට වටිනා කියලා හිතපු ජාතක (ආත්ම) 447ක් ගැන තමා බුදු හාමුදුරුවො දේශනා කලේ, උඹ 550 ජාතක කථා පොත කියවනවානම් ඉස්සෙලාම දැන ගනින් ජාතක 447යි තියෙන්නෙ. ඒක උච්ඡාරන පහසුවට 550 කියලා කිව්වා කියලා අපේ පන්සලේ ලොකු හාමුදුරු මට පැහැදිලි කරලා දුන්න. සාරාසංඛ කල්ප ලක්ෂයක් කියන්නෙ අවුරුදු මිලියන ගණනක්. විශේෂයෙන් ඉන්දියාවේ විතරක් නෙමේ තව බොහෝ තැන් වල බෝසතානන් වහන්සේ ඉපදිලා තියෙන්න පුළුවන්. ඒ ගැන ජාතක කථා පොත් වල නැති වෙන්න පුළුවන්. ජාතක කථා පොත් කියන්නෙ සම්පූර්ණ බෝසත් චරිතයට නෙමේ. බුද්ධත්වය ලබා ගන්න ආත්මයෙ පමණයි විශේෂයෙන් පස් මහ බැළුම් බලල ඉන්දියාවේම ඉපදිලා තියෙන්න.
    2. සිදුහත් කුමරු ගිහි ගෙය අතහැර නේරංජනා ගඟින් එතෙවෙලා තමන්ගෙ අසිපත අරගෙන පළවෙනියෙන්ම කරපු දේ තමා, තමන්ගෙ හිස කෙස් අසිපතින් ‍වෙන කරලා මම මතු බුදු වේ නම් මෙක තවුතිසා දිවිය ලොකෙ රැදෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරපු එක. එමනිසා සිදුහත් කුමරුගෙ කේෂ දාතු දිව්‍ය පුත්‍රයින් තව්තිසා දිවිය ලෝකෙට රැගෙන ගොස් සිළුමිණ සෑය හැදුවා, ඒක සිහිපත් කරන්න තමා බුදු ගෙයි වහලය මත වලාකුළු වලින් පිරිච්ච සිතුවම් සහිත සෑයක් චිත්‍රයට නගලා තියෙන්නෙ. හිසකෙස් වලට තමාගෙ මනස යොමු වීමත් සමග එයට අශාවක් ඇතිවීමෙන් තෘෂ්ණාව නැති කරගන්න බැරි නිසා බුදු හාමුදුරුවො දේශනා කරලා තියනවා හිස බූ ගාන්න කියලා. පසු කාලීනව පිළිම නිර්මාණය කරද්දී, නිර්මාණකරැවන් ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා හිසකෙස් ස්වල්පයක් හිස මත සිටින සේ නිර්මාණය කරලා තියනවා. http://www.youtube.com/watch?v=1ZRkMtWmWiY මෙම බෞද්ධ ගීතයෙන් උඹට මේක තවත් පසක් වෙයි.
    3. ජාතක කථා කියවන්න කලින් බෞද්ධ ධර්මය පිළිබඳ අවබෝධයක් ගනින්, එක දිගට බණම කියන්න ගියොත් එපා වෙන නිසා තමා ජාතක කථා ආශ්‍රයෙන් ධර්ම දේශනා පවත්වලා තියෙන්නෙ. චේතනා හං බිඛ්ඛ වේ ඛම්මං වදාමී... චේතනාව කර්මයට මුල වෙයි කියන එකයි මේකෙ තේරුම, තමුන් කරන පිං පවු අනුව නැවත උප්පත්තිය තීරණය වෙනවා. පැහැදිලි නැත්නම් මේල් එකක් එවපං.
    4. අනෙකුත් ආගම් විවේඡනය, සමච්ඡලයට ලක් කීරීම බුදු හාමුදුරුවො සපුරා තහනම් කරලා තියෙන්නෙ. බනින්න තියා විවේඡනය කරන්නවත් එපා කියලා. ඒත් බුද්ධ ධර්මය සභ්‍ය විදිහට විවේඡනය කරන්න ඕනම කෙනෙකුට අයිතියක් තියනවා. මුස්ලිම් ආ‍ගමේ වගේ දරුණු නීති රෙගුලාසි නෑ. නොපෙනෙන දේවල් විෂ්වාස කරන දේවල් නෑ.

    ඒ කොහොම උනත් ගොඩාක් හෙට වැඩ තියෙද්දීත් මේකට පිළිතුරු දෙන්න තීරණයක කලේ ‍බෞද්ධයෙකුගෙ යුතුකම විදහට සලකලා. බෞද්ධ ධර්මය හුදෙක්ම බුද්ධිමතුන් උදෙසා කියන එක තේරුම් ගන්න ඕනා. මිහිඳු රහතන් වහන්සේ පවා දේවානම් පියතිස්ස රජතුමාට ධර්මය දේශනා කරන්න කලින් බුද්ධිය පරීක්ෂා කලා. උඹට බෞද්ධ දර්ශණය ගැන ඉගන ගන්න පුද්ගලයෙක් නම් උඹට මේ වගේ සරල ප්‍රශ්න නෙමේ පැන නගින්නෙ. කරුවලේ අතගාන්නෙ නැතිව හරියට කරන දෙයක් කරපං. නැත්නම් උඹේ ආගම අදහගෙන හිටපං. බුද්ධ ධර්මය මීට වඩා ගැඹුරින් ඉගෙන ගන්න ඕන දෙයක්. මොනවා හරි දැන ගන්න ඕනෙනම් මේල් එකක් දාපං [email protected] මම ඉන්නෙ රෝමයෙ, ඉතාලිය දැනි වේලාව 12.57 a.m. good night (Spelling mistake thibunoth sorry wenna one)
     
    • Like
    Reactions: chami_84

    MADUSH1

    Banned
    Nov 29, 2011
    31
    1
    0
    මේ මොන සුළු දෙයක්ද

    මේ මොන සුළු දෙයක්ද ??? සොදී අරාබියෙන් ගුවන් යානයක එනකොට සොදී දේශසීමාව පැන්න ගමන් මුළු ගුවන් යානයේම තියන මොට්ටක්කිලි අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ඉන්නේ ඩෙනිම්,ටි ෂර්ට්
    ඇදපු කාන්තාවොනේ.ලංකාවේ කෙල්ලන්ට රවුමෙන් පිට හිතන්න ඉඩ අරින්න.ආගම් කියන්නේ නීති නෙමෙ.ආගමික හැගීම් තියෙන්න ඕන හදවතේ සහ ක්‍රියාවේ.සිවුර පොරෝගෙන හාමුදුරුවෝ මොන තරම් පහත වැඩ කරනවද ? සමහර පල්ලි කියන්නේ හොර ගුහාවල්.මේ වගේ දේවල් පෙන්නලා ආගමික 'අබින්" කවන්නේ නෙතුව තරුණ තරුණියන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ අරින්න.එතකොට ලංකාව ලස්සන වෙනවා.අපි කරන්න ඕන හොද නරක බේරලා දීල ,සදාචාර සම්පන්න ශ්‍රී ලංකික ජාතියක් බිහි කිරීම විනා,එක එක මතවාද වලින් ඔලු පුරවල මිනිස්සු රුකඩ කරන එක නෙමෙ.අමතක කරන්න එපා ..ආගම කියන්නේ ධනපති පාලකයන් තමන්ගේ බලය තිය ගන්න පිඩිත ජනතාවට කවන අබින් කියන එක.නොපෙනෙන දෙවියන් වෙනුවට පෙනෙන සමාජයට, පරිසරයට,ආදරය කරන මිනිසුන් බිහි කරන්න.කෙනෙකු සැප විදිමත් ,අනික දුක් විදිමත් සිදුවන්නේ සමාජ ක්‍රමයේ තියන විෂමතා නිසා විනා ,දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව නෙමේ කියන සත්‍ය දරුවන්ට කියල දෙන්න.එතකොට උන්
    අපි වගේ මරා ගන්නේ නැතුව මේ විෂම සමාජ ක්‍රමයෙවනස් ෙවන්න ඔන
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මට නම් හිතෙන විදිහට මේ මිත්‍රයා බොරුවට නෙමෙයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. අනික පන්සිය පනස් ජාතකය කියවන බෞද්ධ කෙනෙක්ට උනත් ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. එකම තැනකවත් මෙයා කුණුහර්පයක්වත් කියලා නැහැ, අනික නිකම්ම බුද්දා වෙනුවට බුදුරජාණන් වහන්සේ කියලාම යොදලා තියෙනවා!
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    මම නම් දන්නෙ නෑ අඩුම ගානෙ හැම ආත්මෙම ඉන්දියාවෙ ඉපදුනාද කියල. ඒක වෙන්නත් බෑ. 550 ජාතක පොතේ තියෙන්නෙ ජාතක කතා 447යි ඒත් උන් වහන්සේ සංසාරයේ ඕන තරම් උපදින්න මියයන්න ඇති.
    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    ඒක මටත් තියෙන ගැටලුවක්, පසු කාලීනව සංඝ සමාජයට එකතු උන දෙයක් වෙන්න ඕන. ඒත් දැන් සම්මතය ඒකයි. නමුත් හිස බූ ගාන්නෙ නැති හාමුදුරුවරුත් ඉන්නවා.
    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
    කලින් ආත්ම වලද? කවුරුවත් නෑ. කර්මය තමයි. ඒ කියන්නෙ කල කී දෑ.

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    කොහේවත් නෑ. ඒවගේම කලින් නිඝන්ඨයන් අදහපු තමන්ගේ දායකයන්ට පවා කලින් කල පරිදිම නිඝන්ඨයන්ට දාන මාන කරන්න කියලත් වදාලා.
    හැබැයි හොර ආගම් වලට, හොර දේශනාවලට, හොර ආගමික නායකයන්ට රැවටෙන්න එපා කියලත් වදාලා.
    වැඩි විස්තර කාලාම සූත්‍රයෙන් ගන්න පුලුවන්.
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    සක්‍රයා;11673282 said:
    මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ..

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?


    දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ

    ඔබතුමා බුදු දහම ගැන උනන්දු වීම ගොඩාක් වටිනවා. එත් එක ප්‍රශ්නයකටවත්
    පිළිතුරු දෙන්න හිතෙන්නේ නැහැ. හේතුව ඔබ අසන ප්‍රශ්න වලින් පෙනෙන්නේ ඔබ යම්කිසි අයුරකින් මන් මුලා වී ඇති බවය. උදාහරණයක් වශයෙන් පහත කථාව ලියන්නම්,

    එක්තරා පුද්ගලයෙක් කාන්තාරයක කාලාන්තරයක් තිස්සේ දුක් විද දිය උල්පතක් සොයා ගෙන යා හැකි මග අන් යට පෙන්වා දෙනවා. පසුව ඒ මග ගැන දැන ගන්නට ලැබුන වෙනත් කෙනෙකු ඒ මාර්ගයේ යා දිය පානය කර පිපාසය නිවා ගන්නේ නැතිව මාර්ගය පෙන්වූ කෙනාගේ කොණ්ඩය , වේශය හා ජන්මය ගැන සොයමින් කාලය තමාගේද අන් අයගේද නාස්ති කරනවා.

    ඔබතුමා කර ඇත්තේ එවැනි දෙයකි. එහෙත් ඉහත කථාවෙන් ඔබ යතාර්ථය තේරුම් ගෙන කාලය නාස්ති නොකර දුකින් මිදීමට බුදු පියානන්වහෙන්සේ දේශනා කල මාර්ගය ගැන සොයා බලා ඉන් ප්‍රයෝජනයක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි
    :).
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    බුද්ධ යන වචනයේ තේරුම වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කල යන්නයි.

    සම්මා සම්බුද්ධ
    පච්චේක බුද්ධ
    ශ්‍රාවක බුද්ධ (අරහත් )

    යන තුන් ආකාරයෙන් මෙම ආර්ය සත්‍ය අවබෝධ කල හැක.

    බුදු දහමේ හරය වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි.


    http://si.wikipedia.org/wiki/චතුරාර්ය_සත්‍යය

    01.දු:ඛාර්‍ය්‍ය සත්‍යය - මෙයින් ජීවිතයේ ස්වභාවයත් එහි දුක් දොම්නස්, සොම්නස් ද එහි අඩුපාඩු ද එය වෙනස් වන සුළු බවද දක්වනු ලැබේ.මෙම සත්‍යය පිරිසිඳ දැනගත යුතුය. (පරිඤ්ඤෙය්‍ය)
    02.දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය- මෙයින් තෘෂ්ණාව මුල් කොට පවත්නා ක්ලේශයන් නිසා දුක හට ගත් බව දැක්වේ. එහෙයින් එය ප්‍රහාණය කළ යුතුය.(පහාතබ්බං)
    03.දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය- එනම් නිර්‍වාණයයි. එය අවබෝධ කළ යුතුය.(සච්ඡිකාතබ්බ)
    04.දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය- එනම් නිර්‍වාණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මාර්‍ගයයි. එය පිළිපැදිය යුතුය.(භාවෙතබ්බං) මේ අනුව පුද්ගලයාගේ හා ලෝකයේ යථා තත්වය ගැන අවබෝධය ලැබෙන්නේ ආර්‍ය්‍ය සත්‍යයන්ගේ වැටහීම අනුවය.

    අපි හැමෝම සංසාරේ පහත අයුරින් දුක් විදියි. මෙතෙක් නොමැති වුවද
    අනාගතයේ විය නොහැක යන්න කිව හැකිද ? බුදු දහමේ අරමුණ වන්නේ
    මේ දුකින් මිදීමට යා යුතු මාර්ගයේ ගමන් කිරීමයි.




    සෝක දුක- තමන් සතු සම්පත් නැති වීම අඹුදරුවන් මිය යාම ආදිය නිසා ඇති වන දුක
    පරිදේව දුක- හඬාවැලපීම් නිසා ඇති වන දුක
    දුක්ඛ දුක්ඛ -ශාරීරික හා මානසික වේදනා තුන් දොස් කිපීම වැනි හේතු නිසා ඇති වන දුක
    දෝමනස්ස දුක්ඛ- සිතෙහි හට ගන්නා දුක, දරුවන් අකීකරු වීම්, බිරිඳ දුසිරිතෙහි යෙදීම ආදිය නිසා ඇති වන දුක
    උපායාස දුක- හිතවත් ඥාතීන්ගේ මියැදීම නිසා ඇති වන දුක
    අප්‍රිය සම්ප්‍රයෝග දුක- අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් මූණ ගැසීම නිසා ඇති වන දුක
    ප්‍රිය විප්‍රයෝග දුක - ආශා කළ පුද්ගලයන් හා වස්තූන්ගෙන් වෙන් වීම නිසා ඇති වන දුක
    කැමති දේ නොලැබී‍මේ දුක - සිතන පතන අයුරින් ඒවා ඉටු නොවීම
    පඤ්ච උපාදානස්කන්ධ දුක - රූප වේදනාදී පඤ්ච උපාදානස්කන්ධ නිසාම ජාති ජරා මරණාදී දුක් හට ගනී. ස්කන්ධ පහම එහෙයින් දුක් වේ.

    ජාති දුක
    එනම් ඉපදීමයි. ජාති දුක විවිධ දුක් වලට මූල හේතුව වේ. එසේ ඇති වන දුක් නම්,

    දුක්ඛ දුක්ඛය
    අමිහිරි අත්දැකීම් නිසා සාමාන්‍යයෙන් ඇතිවන කායික මානසික වේදනා

    විපරිණාම දුක්ඛය
    කායික මානසික සුවය නැති වී යාමෙන් ඇතිවන වේදන

    සංඛාර දුක්ඛය
    සංස්ඛාර ධර්මයන්ගේ ඇති වීම නැති වීම නිසා ඇතිවන වේදනා

    පටිච්ඡින්න දුක්ඛය
    අත පය කැඩීම්, බිඳීම්, තුවාල වීම් ආදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන දුක

    පරියාය දුක්ඛය
    ජාති,ජරා ,ව්‍යාධි ආදී විවිධ ලෙසසින් ඇති වන දුක

    :)
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බුද්ධ යන වචනයේ තේරුම වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කල යන්නයි.

    සම්මා සම්බුද්ධ
    පච්චේක බුද්ධ
    ශ්‍රාවක බුද්ධ (අරහත් )

    යන තුන් ආකාරයෙන් මෙම ආර්ය සත්‍ය අවබෝධ කල හැක.

    කොහොමද ඔබ මෙ ගැන දන්නෙ? අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? බුද්ධ ද්ර්මයෙ සදහන් වන නිසා නෙද?


    බුදු දහමේ හරය වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි.


    http://si.wikipedia.org/wiki/චතුරාර්ය_සත්‍යය



    අපි හැමෝම සංසාරේ පහත අයුරින් දුක් විදියි. මෙතෙක් නොමැති වුවද
    අනාගතයේ විය නොහැක යන්න කිව හැකිද ? බුදු දහමේ අරමුණ වන්නේ
    මේ දුකින් මිදීමට යා යුතු මාර්ගයේ ගමන් කිරීමයි.


    ඔබ කොහොමද දන්නෙ සන්සාරයෙ අප නිතරම දුක් විදින්න එන බව? ඔබ ඔය කියන මාර්ගයෙ කොච්චර දුරක් ගමන් කරලා ද?

    :)



    ඔබතුමා මදක් හොදට හිතලා බැලුවොත් ඔබටම වැටහෙවි ඔබ බුදුන් කෙරෙහි විශ්වාස කරන නිසා මෙ දෙවල් පිලිගන්න බව


    වෙන ප්‍රශ්න නැ ඔබට තෙරුවන් සරණයි!
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    මම නම් දන්නෙ නෑ අඩුම ගානෙ හැම ආත්මෙම ඉන්දියාවෙ ඉපදුනාද කියල. ඒක වෙන්නත් බෑ. 550 ජාතක පොතේ තියෙන්නෙ ජාතක කතා 447යි ඒත් උන් වහන්සේ සංසාරයේ ඕන තරම් උපදින්න මියයන්න ඇති.
    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    ඒක මටත් තියෙන ගැටලුවක්, පසු කාලීනව සංඝ සමාජයට එකතු උන දෙයක් වෙන්න ඕන. ඒත් දැන් සම්මතය ඒකයි. නමුත් හිස බූ ගාන්නෙ නැති හාමුදුරුවරුත් ඉන්නවා.
    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
    කලින් ආත්ම වලද? කවුරුවත් නෑ. කර්මය තමයි. ඒ කියන්නෙ කල කී දෑ.

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    කොහේවත් නෑ. ඒවගේම කලින් නිඝන්ඨයන් අදහපු තමන්ගේ දායකයන්ට පවා කලින් කල පරිදිම නිඝන්ඨයන්ට දාන මාන කරන්න කියලත් වදාලා.
    හැබැයි හොර ආගම් වලට, හොර දේශනාවලට, හොර ආගමික නායකයන්ට රැවටෙන්න එපා කියලත් වදාලා.
    වැඩි විස්තර කාලාම සූත්‍රයෙන් ගන්න පුලුවන්.

    ඔබ දන්න තරමින් හොදට පිලිතුරු දිලා තියෙන්වා බොහොම ස්තුති ස
     
    Oct 17, 2011
    136
    2
    0
    බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
    buduwenna paramitha puraddi saha karana pin anuuuwa thamai eka thirnaya wenne....

    බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    kohethma nee .. benalath nee bainna kiyalath neee.. hema agamakinma wenne minisagee athen werade weema welakweemath ha ounwa hoda magata yomu kirimath ....
     
    Nov 6, 2010
    36
    3
    0
    සක්‍රයා;11673371 said:
    වරු කිව්වෙ ඇයි බන්? තව ඉන්නවාද? අනික හැම එකටම හේතුවක් තියෙනවා කියලා පැහැදිලි කරපු බුදුන් වහන්සේ හේතුවක් නැතුව වේශයන් ලැබුවා කියන එක හිතන්න අමාරුයි නෙ බන්
    eka thirane wenne karma shakthiya matha... bududahame paraspara wirodi dewal na....pitarataka biridagen atha inna hoda kithunu bathimathekta thamange birida call karala deiyo thamanwa gabiniyak kala kiyala kiwwoth eka eya piliganna one neda? ai eka piligannathnam baibale piliganne? anna ewage buddagama paraspara wirodi na
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    කාලෙකට පස්සෙ එළකිරියට ආවෙ...අහන කෙනාගෙ බලාපොරොත්තුව මොකක් උනත් ,කොච්චර වැඩ තිබ්බත් අපේ බෞද්ධයන්ටත් ප්‍රයෝජනයක් වේවි කියල මේ ප්‍රශ්න ටිකට උත්තරේ දෙන්නම් මගේ දැනුමේ හැටියට...


    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?


    බුදු හාමුදුරුවො හැම ආත්මෙම ඉන්දියාවෙ ඉපදුනේ නෑ..උන්වහන්සේ වෙනත් රටවලත්, දිව්‍ය ලෝක,බ්‍රහ්ම ලෝක මේ හැම එකේම ඉපදුනා..550 ජාතක පොත කියන්නේ බුදු රජාණන් වහන්සේගේ බුදු උන ආත්ම භාවයේදි යම් යම් භික්ෂුන්ට,උපාසකයන්ට ඇතිවූ ප්‍රශ්න නිරාකරණය කිරීමේදි උදාහරණ ලෙස ගෙන හැර දැක්වූ අතීත ජාති වල තමන් මේ මේ ආකාරයෙන් මේ මේ අයට මෙලෙසම උපදෙස් දුන්නා..මේ මේ අය මේ විදියට ඉපදිලා හිටියා කියල දේශනා කරපුවට.ඉතින් ඒ කාලෙ මිනිස්සුන්ට පහසුවෙන් තේරුම් යන විදියට සමාන ජීවන රටා,සමාජ තියෙන ජාති වල ඉපදිලා ඉන්න කොට වෙච්ච සිද්ධීන් විස්තර කළා.ජාතක කතාවක් බුදුන් වහන්සේ දේශනා කරේ කුමක් හෝ දහම් කරුණක් පැහැදිලි කිරීම සඳහාමයි.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

    බුදු හාමුදුරුවෝ ගිහි ගෙන් නික්මිලා නේරංජනා ගඟ අසබඩදි තම දිගු කෙස් වැටිය කපා දැමුවා.ඉතිරි කෙස් "අක් බඹරු"(ඒ කියන්නේ දකුණතට කැරකැවි අග උඩු අතට සිටින සේ )ආකාරයෙන් හිසටම ඇලී පැවතුණා...මෙය මහබෝසතුන්ට පමණක් උරුම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක්.(උද්ධග්ග ලෝමො ).ඒක උන්වහන්සේ අතීත සංසාර වල පුරණ ලද පාරමිතා බලෙන් බුදුවන ආත්මයේ ලද ලක්ෂණයක්.එය වෙනස් කළ නොහැකියි..

    කෙස් පිළිකුල් සහගත ද්‍රව්‍යයි.ස්වාමින් වහන්සේලාට හිස කෙස් ඉවත් කිරීමෙන් විශේෂ පහසුකම් කීපයක් සැලසේ.

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    බුදුහාමුදුරුවො ඉපදෙන වේෂයන් තීරණය කරන්නේ බුදු හාමුදුරුවන්මයි.මේක කළ හැක්කේ පාරමිතා පුරාගෙන එන මහා බෝධිසත්වයෙකුට පමණයි. "සර්වඥ" යනු සියල්ල දත් තැනැත්තායි..ඒ ඒ සත්ව ජාතිවල පිළිසිඳීමෙන් තොරව ඒ පිලිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් නොලැබේ..ඒ නිසා බුදු වීමට නියත විවරණ දීමෙන් පසුව එක් භවයකින් චුති වී අනෙක් භවය ඉපදීමට සුදුසු තැනක් නුවණින් තීරණය කරයි. බුදු වීමට පෙරුම් පුරන බෝසතුන් වටුවාට කුඩා වත් ඇතාට ලොකුව වත් ජාතියක නූපදි.

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

    බුදු හාමුදුරුවො කාටවත් බනින්න තියා,බනින්න හිතන්නවත් එපා කියල කියල තියෙන්නෙ..:)
    ඒත් බෞද්ධ උනත් තාම රහත් වෙලාවත්,නිවන් දැකල වත්නැති අපි වගේ පෘතග්ජන අයගෙන් නිතර තරහයන ගති,බනින ගති තියෙනවා. මාර්ගපල වඩලා රහත් වෙනකම්ම ඔය ගති පෘතග්ජන පුද්ගලයො අතර තියෙනවා..බෞද්ධ අබෞද්ධ කියලා නෑ.. :lol:


    :D