පච කියන්න එපා බොලව්...
ඔය ඔක්කොම සුරංගනා කතා විතරයි.
පන්සිය පනස් ජාතකය කියන්නේ අමු ප්‍රබන්ධයක්. එකෙ වැඩිපුරම තියෙන්නේ හාවෝ, මුවෝ කතා කරපුවා තමයි.
පුනරුප්පත්තිය, පුනර්භවය, ස්වර්ගය, දෙවියන් වහන්සේ, අල්ලාහ්, කර්මය මේ ඔක්කොම මිනිසුන් විසින් ම නිර්මාණය කළ මනස්ගාත. අන්ධ භක්තිය අත හැරලා බුද්ධියෙන් හිතපල්ලා.
සක්‍රයා;11673282 said:මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ..
1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ
.01.දු:ඛාර්‍ය්‍ය සත්‍යය - මෙයින් ජීවිතයේ ස්වභාවයත් එහි දුක් දොම්නස්, සොම්නස් ද එහි අඩුපාඩු ද එය වෙනස් වන සුළු බවද දක්වනු ලැබේ.මෙම සත්‍යය පිරිසිඳ දැනගත යුතුය. (පරිඤ්ඤෙය්‍ය)
02.දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය- මෙයින් තෘෂ්ණාව මුල් කොට පවත්නා ක්ලේශයන් නිසා දුක හට ගත් බව දැක්වේ. එහෙයින් එය ප්රහාණය කළ යුතුය.(පහාතබ්බං)
03.දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය- එනම් නිර්වාණයයි. එය අවබෝධ කළ යුතුය.(සච්ඡිකාතබ්බ)
04.දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය- එනම් නිර්වාණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මාර්ගයයි. එය පිළිපැදිය යුතුය.(භාවෙතබ්බං) මේ අනුව පුද්ගලයාගේ හා ලෝකයේ යථා තත්වය ගැන අවබෝධය ලැබෙන්නේ ආර්‍ය්‍ය සත්‍යයන්ගේ වැටහීම අනුවය.
සෝක දුක- තමන් සතු සම්පත් නැති වීම අඹුදරුවන් මිය යාම ආදිය නිසා ඇති වන දුක
පරිදේව දුක- හඬාවැලපීම් නිසා ඇති වන දුක
දුක්ඛ දුක්ඛ -ශාරීරික හා මානසික වේදනා තුන් දොස් කිපීම වැනි හේතු නිසා ඇති වන දුක
දෝමනස්ස දුක්ඛ- සිතෙහි හට ගන්නා දුක, දරුවන් අකීකරු වීම්, බිරිඳ දුසිරිතෙහි යෙදීම ආදිය නිසා ඇති වන දුක
උපායාස දුක- හිතවත් ඥාතීන්ගේ මියැදීම නිසා ඇති වන දුක
අප්‍රිය සම්ප්‍රයෝග දුක- අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් මූණ ගැසීම නිසා ඇති වන දුක
ප්‍රිය විප්‍රයෝග දුක - ආශා කළ පුද්ගලයන් හා වස්තූන්ගෙන් වෙන් වීම නිසා ඇති වන දුක
කැමති දේ නොලැබීමේ දුක - සිතන පතන අයුරින් ඒවා ඉටු නොවීම
පඤ්ච උපාදානස්කන්ධ දුක - රූප වේදනාදී පඤ්ච උපාදානස්කන්ධ නිසාම ජාති ජරා මරණාදී දුක් හට ගනී. ස්කන්ධ පහම එහෙයින් දුක් වේ.
ජාති දුක
එනම් ඉපදීමයි. ජාති දුක විවිධ දුක් වලට මූල හේතුව වේ. එසේ ඇති වන දුක් නම්,
දුක්ඛ දුක්ඛය
අමිහිරි අත්දැකීම් නිසා සාමාන්‍යයෙන් ඇතිවන කායික මානසික වේදනා
විපරිණාම දුක්ඛය
කායික මානසික සුවය නැති වී යාමෙන් ඇතිවන වේදන
සංඛාර දුක්ඛය
සංස්ඛාර ධර්මයන්ගේ ඇති වීම නැති වීම නිසා ඇතිවන වේදනා
පටිච්ඡින්න දුක්ඛය
අත පය කැඩීම්, බිඳීම්, තුවාල වීම් ආදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන දුක
පරියාය දුක්ඛය
ජාති,ජරා ,ව්‍යාධි ආදී විවිධ ලෙසසින් ඇති වන දුක

බුද්ධ යන වචනයේ තේරුම වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කල යන්නයි.
සම්මා සම්බුද්ධ
පච්චේක බුද්ධ
ශ්‍රාවක බුද්ධ (අරහත් )
යන තුන් ආකාරයෙන් මෙම ආර්ය සත්‍ය අවබෝධ කල හැක.
කොහොමද ඔබ මෙ ගැන දන්නෙ? අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? බුද්ධ ද්ර්මයෙ සදහන් වන නිසා නෙද?
බුදු දහමේ හරය වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි.
http://si.wikipedia.org/wiki/චතුරාර්ය_සත්‍යය
අපි හැමෝම සංසාරේ පහත අයුරින් දුක් විදියි. මෙතෙක් නොමැති වුවද
අනාගතයේ විය නොහැක යන්න කිව හැකිද ? බුදු දහමේ අරමුණ වන්නේ
මේ දුකින් මිදීමට යා යුතු මාර්ගයේ ගමන් කිරීමයි.
ඔබ කොහොමද දන්නෙ සන්සාරයෙ අප නිතරම දුක් විදින්න එන බව? ඔබ ඔය කියන මාර්ගයෙ කොච්චර දුරක් ගමන් කරලා ද?
![]()
1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?මම නම් දන්නෙ නෑ අඩුම ගානෙ හැම ආත්මෙම ඉන්දියාවෙ ඉපදුනාද කියල. ඒක වෙන්නත් බෑ. 550 ජාතක පොතේ තියෙන්නෙ ජාතක කතා 447යි ඒත් උන් වහන්සේ සංසාරයේ ඕන තරම් උපදින්න මියයන්න ඇති.2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
ඒක මටත් තියෙන ගැටලුවක්, පසු කාලීනව සංඝ සමාජයට එකතු උන දෙයක් වෙන්න ඕන. ඒත් දැන් සම්මතය ඒකයි. නමුත් හිස බූ ගාන්නෙ නැති හාමුදුරුවරුත් ඉන්නවා.3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
කලින් ආත්ම වලද? කවුරුවත් නෑ. කර්මය තමයි. ඒ කියන්නෙ කල කී දෑ.
4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
කොහේවත් නෑ. ඒවගේම කලින් නිඝන්ඨයන් අදහපු තමන්ගේ දායකයන්ට පවා කලින් කල පරිදිම නිඝන්ඨයන්ට දාන මාන කරන්න කියලත් වදාලා.
හැබැයි හොර ආගම් වලට, හොර දේශනාවලට, හොර ආගමික නායකයන්ට රැවටෙන්න එපා කියලත් වදාලා.
වැඩි විස්තර කාලාම සූත්‍රයෙන් ගන්න පුලුවන්.
eka thirane wenne karma shakthiya matha... bududahame paraspara wirodi dewal na....pitarataka biridagen atha inna hoda kithunu bathimathekta thamange birida call karala deiyo thamanwa gabiniyak kala kiyala kiwwoth eka eya piliganna one neda? ai eka piligannathnam baibale piliganne? anna ewage buddagama paraspara wirodi naසක්‍රයා;11673371 said:වරු කිව්වෙ ඇයි බන්? තව ඉන්නවාද? අනික හැම එකටම හේතුවක් තියෙනවා කියලා පැහැදිලි කරපු බුදුන් වහන්සේ හේතුවක් නැතුව වේශයන් ලැබුවා කියන එක හිතන්න අමාරුයි නෙ බන්
කාලෙකට පස්සෙ එළකිරියට ආවෙ...අහන කෙනාගෙ බලාපොරොත්තුව මොකක් උනත් ,කොච්චර වැඩ තිබ්බත් අපේ බෞද්ධයන්ටත් ප්‍රයෝජනයක් වේවි කියල මේ ප්‍රශ්න ටිකට උත්තරේ දෙන්නම් මගේ දැනුමේ හැටියට...
1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
බුදු හාමුදුරුවො හැම ආත්මෙම ඉන්දියාවෙ ඉපදුනේ නෑ..උන්වහන්සේ වෙනත් රටවලත්, දිව්‍ය ලෝක,බ්‍රහ්ම ලෝක මේ හැම එකේම ඉපදුනා..550 ජාතක පොත කියන්නේ බුදු රජාණන් වහන්සේගේ බුදු උන ආත්ම භාවයේදි යම් යම් භික්ෂුන්ට,උපාසකයන්ට ඇතිවූ ප්‍රශ්න නිරාකරණය කිරීමේදි උදාහරණ ලෙස ගෙන හැර දැක්වූ අතීත ජාති වල තමන් මේ මේ ආකාරයෙන් මේ මේ අයට මෙලෙසම උපදෙස් දුන්නා..මේ මේ අය මේ විදියට ඉපදිලා හිටියා කියල දේශනා කරපුවට.ඉතින් ඒ කාලෙ මිනිස්සුන්ට පහසුවෙන් තේරුම් යන විදියට සමාන ජීවන රටා,සමාජ තියෙන ජාති වල ඉපදිලා ඉන්න කොට වෙච්ච සිද්ධීන් විස්තර කළා.ජාතක කතාවක් බුදුන් වහන්සේ දේශනා කරේ කුමක් හෝ දහම් කරුණක් පැහැදිලි කිරීම සඳහාමයි.
2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
බුදු හාමුදුරුවෝ ගිහි ගෙන් නික්මිලා නේරංජනා ගඟ අසබඩදි තම දිගු කෙස් වැටිය කපා දැමුවා.ඉතිරි කෙස් "අක් බඹරු"(ඒ කියන්නේ දකුණතට කැරකැවි අග උඩු අතට සිටින සේ )ආකාරයෙන් හිසටම ඇලී පැවතුණා...මෙය මහබෝසතුන්ට පමණක් උරුම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක්.(උද්ධග්ග ලෝමො ).ඒක උන්වහන්සේ අතීත සංසාර වල පුරණ ලද පාරමිතා බලෙන් බුදුවන ආත්මයේ ලද ලක්ෂණයක්.එය වෙනස් කළ නොහැකියි..
කෙස් පිළිකුල් සහගත ද්‍රව්‍යයි.ස්වාමින් වහන්සේලාට හිස කෙස් ඉවත් කිරීමෙන් විශේෂ පහසුකම් කීපයක් සැලසේ.
3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
බුදුහාමුදුරුවො ඉපදෙන වේෂයන් තීරණය කරන්නේ බුදු හාමුදුරුවන්මයි.මේක කළ හැක්කේ පාරමිතා පුරාගෙන එන මහා බෝධිසත්වයෙකුට පමණයි. "සර්වඥ" යනු සියල්ල දත් තැනැත්තායි..ඒ ඒ සත්ව ජාතිවල පිළිසිඳීමෙන් තොරව ඒ පිලිබඳ ප්රත්යක්ෂ ඥානයක් නොලැබේ..ඒ නිසා බුදු වීමට නියත විවරණ දීමෙන් පසුව එක් භවයකින් චුති වී අනෙක් භවය ඉපදීමට සුදුසු තැනක් නුවණින් තීරණය කරයි. බුදු වීමට පෙරුම් පුරන බෝසතුන් වටුවාට කුඩා වත් ඇතාට ලොකුව වත් ජාතියක නූපදි.
4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
බුදු හාමුදුරුවො කාටවත් බනින්න තියා,බනින්න හිතන්නවත් එපා කියල කියල තියෙන්නෙ..
ඒත් බෞද්ධ උනත් තාම රහත් වෙලාවත්,නිවන් දැකල වත්නැති අපි වගේ පෘතග්ජන අයගෙන් නිතර තරහයන ගති,බනින ගති තියෙනවා. මාර්ගපල වඩලා රහත් වෙනකම්ම ඔය ගති පෘතග්ජන පුද්ගලයො අතර තියෙනවා..බෞද්ධ අබෞද්ධ කියලා නෑ..
