මේකයි මචන් කෙනෙක් මේ ජිවිතයේ යථා ස්වභාවය තේරුම් ගත්තා නම් ඔවුන් කවදාවත් බැදීම් හොයන්නේ නැ. නමුත් අද වෙලා තියෙන්නේ කනවා බොනවා ළමයි හදනවා රස්සා කරනා බල්ලෙක් වගේ නිකන් මැරිලා යනවා. මේ පංච උපාධානස්කන්දය කියන්නේ මොකද්ද එයින් සිදුවන්නේ මොකද්ද කියලා තේරෙන කන් ඉපදෙනවා, සැප විදිනවා කියලා දුක් විදිනවා,මැරෙනවා. හේතුව තමයි මිනිස්සු සෑම විටම සැප වින්දනය සෙවීම. සැප වින්දනය නිත්‍ය දෙයක් නෙමෙයි අනිත්‍ය දෙයක්. යමක් අනිත්යාද, ඒ දෙය දුක් සහිතයි ඒ දෙය තුල මම කියලා කෙනෙක් නැත. ඔබට දුකක් ඇති උනොත් ඇති වෙන්නේ අනිත්‍යතාව මත .ඔය ටික තේරුම් ගත්ත කෙනෙක් ඒ කිව්වේ දුක ඇති වෙන ආකාරය , එයා හොයන්න උත්සහ කරනවා නිත්‍ය සැපයක්. සියල්ලගෙන් ම මිදෙන්න උත්සහ කරනවා. නමුත් ඒ අවබෝධයට බොහෝ මහන්සි වෙන්න ඕනේ. ශිල, සමාධි, ප්රක්ඤා වඩමින්.