බෞද්ධ යාලුවෝ එන්න

sanhen143

Active member
  • Oct 14, 2011
    123
    37
    28
    ne maitri budun pahala wenne may loke ,aka gauthamaa budu muwenma kiyala tiyenne....may prutuwiyata denma budu kenek pahala wenna sudusu kalayak newie.....
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    රඹා;15875453 said:
    මචං උඹ දන්නෙ නැත්තන් කොහොමද කියන්නෙ දීපයට ග්‍රහය අයිති නෑ කියල?

    පාලි වලට උගන්ව‍න්නේ නැද්ද ? හාමුදුරැ වරැ දහම් දෙසන කොට පස්මහ බැලුම් විස්තර කරල දෙන්නේ නැද්ද?
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ne maitri budun pahala wenne may loke ,aka gauthamaa budu muwenma kiyala tiyenne....may prutuwiyata denma budu kenek pahala wenna sudusu kalayak newie.....

    එත‍කොට අනිත් ග්‍රහ ලෝක වල මිනිස්සුන්ට අසාධාරණ නැද්ද? පෘතුවියට බුදු වරැ5 දෙනෙක් පහල වෙනවා .එ ලෝක වලට එක බුදුකෙනෙක් වත් නෑ විශ්ව වාසි ඡනතාවගේ හිතසුව බලන්නේ නැතවද එහෙම කරන්නේ .
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පාලි වලට උගන්ව‍න්නේ නැද්ද ? හාමුදුරැ වරැ දහම් දෙසන කොට පස්මහ බැලුම් විස්තර කරල දෙන්නේ නැද්ද?
    ඇයි මචන් ඒව පාලි වලට උගන්නන්නෙ? හැම දේම පාලි වල තියනවද? පස් මහ බැලුම් වලට ඇයි බන් ග්‍රහ ලෝක ගැන උගන්නන්නෙ?
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    රඹා;15875492 said:
    ඇයි මචන් ඒව පාලි වලට උගන්නන්නෙ? හැම දේම පාලි වල තියනවද? පස් මහ බැලුම් වලට ඇයි බන් ග්‍රහ ලෝක ගැන උගන්නන්නෙ?

    බුද්ධ වචනය දේශනා කරලා තියෙන්නේ පාලියෙන් හින්ද? බුද්ධ දේශනාවේ හැම දෙයක්ම පාලියෙන් තියෙන හින්දා ඔය කියල තියෙන කරැණු සෑම දේයක්ම පාලියෙන් ඇති එහෙම බැලුවමම සිංහලට වැඩිය පාලි බාෂාව දියුණු ඇති එත් එක දන්න අය අඩුයි .

    තුසිත දෙව් ලොව ඉදන් මනුලොව උපදිනකොට මිනිස්සු හෝ මිනිසුන්ට සමාන දියුණු ඡිවින් හිටියනම් පෘතුවිය තොරා ගන්න පෙර අනිත් ග්‍රහයන් ගැන බලන්න ඔනේ නේද එහෙම සදහනක් වත් නැත්තේ එහෙම නැති නිසාද ?
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,323
    1,279
    113
    සෙල්ලම් බබා ඇරෙන්න අනික් ඔක්කොමල මේක කියවල බලන්න.



    කවුද මෙ පිටසක්වල ජිවින් කියන්නේ? 01 කොටස


    පිට සක්වල ජිවින් යනු කවරහුද? කවුරු හරි කෙනෙක් පිටසක්වල ජීවින් කියන්නේ කවුද කියල ඔබෙන් ඇසුවහොත් ඔබ එයට දෙන පිළිතුර මොකක් වෙන්න පුලුවන්ද? "අපිට වඩා වෙනස් රූපයක් තියෙන. අපිට වඩා බලගතු, එහෙමත් නැත්නමි අපිට වඩා බලයෙන් අඩු ජිවින් කොටිඨාශයක්" කියල කෙනෙක් කියයි. මෙක ඒක එක අය එක එක විදියට විස්තර කරයි. කොහොම වුනත් මෙ දිනවල බොහෝ දෙනෙක් මෙ පිටසක්වල ජිවින් සිටින, එහෙමත් නැත්නමි මිනිස්සුන්ට වඩා වෙනස් ස්වරූපයේ සත්වයින් යොදලා හදපු චිත්‍රපටි එහෙ‍මත් බොහොම ආසාවෙන් බලනවා කියල පැහැදිලියි. ඒක නිසා මෙ කියන්න යන්නේ පිටසක්වල ජීවින් ගැන කථාවක් කිවිවොත් හරි, පිටසක්වල ජීවින්, එහෙමත් නැත්නමි අපේ මෙ ලෝකයේ අපිට පෙන්න නැති ජීවින්, එහෙමත් නැත්නමි වෙනත් ලෝකයකට අයත් ජිවින් ගැන මුලින්ම හොදම විදියේ විස්තරයක් ඉදිරිපත් වෙන්නේ කොහොද කියල හිතාගන්න පුලුවන්ද?

    ඒ බුදු දහමෙ කියල කිවිවොත් ඔබ සමහරක් විට පුදුම වෙන්නත් පුලුවන්. ඒ සත්ත්වයින් ගැන කියන්න කලින් තව පොඩි දෙයක්, දැනට අවුරුදු 50 කට කලින් අතිතයේ අපේ මෙ ලංකාවෙ හිටිය කෙනෙක්ට කවුරු හරි ඇවිල්ල කියනවා, මොබයිල් පොන් කියල මෙන්න මෙහෙම කථා කරන යන්ත්‍ර වර්ගයක් තියෙනවා, එහෙමත් නැත්නමි කොමිපියුටර් කියල දෙයක් තියෙනවා, එහෙමත් නැත්නමි ඉන්ටර්නෙටි කියල එකක් තියෙනවා කියල, මොනවගේ ප්‍රතිචාරයක් ඒ මනුස්සයාට ලැබෙයිද? එක්කො මුන්දැට පිස්සු කියල කියයි. එහෙමත් නැත්නමි සමහරවිට ගුටිකන්නත් වෙයි. කවුරුහරි මෙ කථාව විශ්වාස කලාමයි කියමුකෝ. මෙ මනුස්සයාට මෙක තෙරුමිකරල දෙන්න ගියාම කියන මනුස්සයාට සියදිවිනසාගන්න හිතෙයි. නමුත් අද මෙ හැම දෙයක්ම සැබැවක් වෙලා.
    තවදුරටත් අපි ඒ දේවල් ගැන ප්‍රශ්ණ කරන්න යන්නේ නැ. බුදු දහමෙ මෙ ලෝක විස්තරයත් අන්න ඒ වගේ. මෙයින් දැනටමත් සැබැ වු තොරතුරු බොහොමයක් තියෙනවා. ඉදිරියට මෙ කරුණු තවත් තහවුරු වෙයි. මෙ කථාව කිවිවෙ ප්‍රවෙශයක් විදියට, දැන් සත්ත්වයින් ජිවත් වෙන පෘතුවියට වඩා වෙනස් ලෝක ගැන බුදු දහමෙ කියල තියෙන්නේ මොනවද කියල බලමු.

    බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.

    ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)

    මනුෂ්‍ය භූමිය, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් කාම සුගති භුමි හතයි.(07)

    බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.

    පරිත්තාභය, අප්පමාණභය, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.

    පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.

    වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.

    අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.

    ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි

    කලින් ලිපියේ පුනරුප්පත්තිය සිදුවෙන විදය ගැන කිවිව මතක ඇති. එහෙම පුනරුප්පත්තිය සිද්ධවිමෙදි අවසන් මොහොතේ ඉදිරිපත්වන, කර්මය , කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත නිසා කුසලමුල හෝ අකුසල මුල සිතක් උපදින බව කිවිවා මතක ඇති මෙ උපදින කුසල මුල හෝ අකුසල මුල සිතේ ප්‍රභලත්වය හා තෘශ්ණාවෙ ස්වරුපය අනුව තමයි සත්ත්වයින් මෙ භුමි 31 කේ උපත ලබන්නේ. ඒ අනුව අවසන් මොහොතේ ඉදිරිපත්වන සිත අකුසල මුල සිතක් විම මත අපාය භුමි 04 හිද, කාමාවචර කුසල සිතක් විම මත කාම සුගති භුමි සතින් එකකද, මරණ මොහොත වන විට ධ්‍යානයක් ලබා සිටියේ නමි හා එයින් නොපිරිහි සිටියේ නමි ඒ රුපාවචර හෝ අරුපාවචර ධ්‍යානයන්ට අනුරුප වන පරිදි ධ්‍යාන භුමි 16 යින් 01 කද උපත ලබයි. අනාගාමී මාර්ගඵලයන් ලබා සිටියේ නමි, සුද්ධාවාස භුමි 05 න් එකක උපත ලබයි. සොවාන්, සකදාගාමී මාර්ග ඵල ලාභි වී සිටියා නමි, කාම සුගති භූමි 07 න් 01 ක හෝ මාර්ග-ඵල ලාභිව හා ධ්‍යානයන්ගෙන් නොපිරිහී සිටියා නමි භ්‍සුදාවාස භ්‍රහ්ම ලෝක හැර සෙසු භ්‍රරහ්ම ලෝකයන්හි ධ්‍යානයට හා එහි වශිතාවයට අනුරූපවඋපත ලබන්නට පුළුවන්. මෙ කර්මානුරූපවසත්ත්වයින් උපත ලබන ආකාරයයි. මෙතනදි කර්මය පිළිබදව විස්තරයක් කල යුතු වුවත් එය පසු සලකා බලමු.



    ලෝකයේ විශාලත්වය කොපමණද?
    ලෝකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්‍රයේ දක්වලා තියෙනවා. එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලෝකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලෝක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලෝක හා දිව්‍ය ලෝක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි. එබදු ලෝක ධාතු 1000 ක් සහශ්‍රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි. චුලනි ලෝක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලෝක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්‍රි ලෝක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්‍යම ලෝක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්‍යම ලෝක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලෝක ධාතු (කොටි ලක්ෂය) ත්‍රිසහශ්‍රී ලෝකධාතුව නමි වෙ. මහා සහශ්‍රී ලෝකධාතුව යනුද මෙයයි.

    අපගේ මෙම සක්වල (ලෝකධාතුව) හා ඒ වටා පිහිටි 999 ක් වු සක්වලයන් එනමි සහශ්‍රී ලෝක ධාතුව නැත්නමි චුලනි ලෝකධාතුව, යන්න සෘධිමත් ස්‍රාවකයන්වහන්සේලාටද විශයවන බව දක්වා ඇත. උන්වහන්සේලාට, ඒ සක්වල 1000 ට ඇසෙන සේ කථාකිරිමට ඒ සක්වල 1000ට ආලොකය අන්ධකාරය පැතිරවිමට හැක.

    මධ්‍යම ලෝකධාතුව හෙවත් ද්වි සහශ්‍රි ලෝකධාතුව
    මෙය බුදුවරුන්ගේ ජාතික්ෂේත්‍රය වශයෙන් දක්වා ඇත. මහාබෝධිසත්ත්වයින් මවිකුස පිළිසිදගැනිමෙදි, බිහිවිමෙදී, මහාභිනිෂ්ක්‍රමණයකිරිමෙදී, බුදුවිමෙදී, දමිසක්පැවැත්විමෙදී, ආයු සංස්කාරයහැරිමෙදි හා, මහාපරිණිර්වාණයේ දී මෙ මධ්‍යම ලෝක ධාතුව කමිපාවන බව දක්වා තිබෙ.


    ත්‍රිසහස්ශ්‍රි හෙවත් මහා සහශ්‍රී ලෝක ධාතුව මෙය තථාගතවන් වහන්සේගේ ආඥාක්ෂේත්‍රය වශයෙන් දක්වලා තියෙනවා. ඒ ලෝකධාතුවට අයත් සියලු ලෝකයන්හි ආටානාටි පිරිත, ඉසිගිලිය පිරිත, ධජග්ග පිරිත, බොජ්ජංගපිරිත, ඛන්ධපිරිත, මොරපරිත්තය, රතනපරිත්තය, මෙත්තපරිත්තය යන පිරිත්හි බලය පිහිටන බව දක්වා තියෙනවා. මෙ පිරිත් තේරුමි සමග ඔබ දන්නවා නමි, එයින් බොහෝ පිරිත්හි සදහන් වන්නේ තුරුනුවන්ගේ ගුණ බව ඔබ දන්නවා ඇති. එසේ නමි එයින් අපිට තේරුමි යන්නේ අපේ තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුමිපුරා මෙලොව පහල වුයේ අපට පමණක් ධර්මය දේශණාකිරිමට නොවන බව නෙවෙයිද? උන්වහන්සේ අපේ මෙන්ම ඒ මහා සහශ්‍රි ලෝක ධාතුවෙ වසනා සත්ත්වයින්ගේද සාස්තෘන්වහන්සේ බව අපට මෙයින් පැහැදිලියි. බුදුපියානන් වහන්සේ පරිනිර්වාණය ගැන දැක්වෙන මහාපරිනිර්වාන සුත්‍රයේ දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ශේෂ වු රෝම ධාතු 10,000 ක් සක්වල බ්‍රහ්මයන් විසින් දසදහසක් චක්‍රාවාට වෙත පිලිවලින් ගෙනගිය බව දක්වා තිබෙනවා. එසේනමි ඒ ඇයි? උන්වහන්සේ පහලවුයේ මෙ සියලු සක්වලයන්ටමය. සැබවින්ම උන්වහන්සේ කෙතරමි ආස්චර්‍යජනකද යන්න අප වැන්නකුට සිතාගැනිම පවා කල නොහැක්කක් යැයි මම සිතමි.

    මෙ මහා සහශ්‍රි ලෝකධාතුවෙන් පිටත් තවත් අනන්ත අප්‍රමාණ ලෝකයන් ඇත. මෙහි ප්‍රමාණය උපමාවකින් දක්වා ඇත. කෝටි ලක්ෂයක් සක්වල බ්‍රහ්මලොව තෙක් පිරවිමට තරමි අඹ ඇට ගෙන යමිකිසි අයෙක් හමුවෙන හමුවෙන සක්වලට එක් අඹ ඇටය බැගින් දමමින් එක් දිශාවකට ගමන් ගතහොත් අඹ ඇට ඉවරවනවා මිස, ඒ දිශාවෙ සක්වල ඉවරවිමක් සිදුනොවෙ. ලෙස එය දක්වා ඇත. මෙ සියලුම සක්වලයන්ද, තථාගතයන්වහන්සේගේ විශයක්ෂේත්‍රයයි. එහි ප්‍රමාණයක් නැත. ඒ සියලු සක්වලයන්ට අප බුදුපියානන්ට ආලෝකය අන්ධකාරය පැතිරවිය හැක. සැමතැන වෙසෙන සත්ත්වයිනට ඇසෙන පරිදි කථාකල හැක. බදුවරයෙකු ආශ්චර්‍යමත් වන්නේ ඇයිද යන්න යමෙක්ට දැන් තේරුමිගත හැකි වනු ඇත. සමහරුන් නොදැනුවත්කම නිසා සිතා සිටිනුයේ බුදුපියානන්වහන්සේ යනු තවත් එක් මනුෂ්‍යයෙක් වශයෙනි. උන්වහන්සේ මනුෂ්‍යයෙක් වශයෙන් උපත ලද බව සත්‍යයකි. නමුත් මඩෙ පිපි නෙලුමක් මඩනොතැවරි ජලයේ නොගැටි පිපි සිටින්නාක් මෙන් උන්වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවු උත්තමයකි. උන්වහන්සේ විසින්ම ඒ බව දක්වා ඇත. වරක් බමුණෙකු උන්වහන්සේ වෙත පැමින " ස්වාමිනි ඔබවහන්සේ දෙවියෙක්ද?, ගාන්ධර්වයෙක්ද?, මනුෂ්‍යයෙක්ද?, යක්ෂයෙක්ද? යනාදි වශයෙන් අසන ලද ප්‍රශ්ණ වලදි උන්වහන්සේ ඒ සියල්ලටම දෙන ලද පිළිතුර වුයේ නැත යන්නය. ඒසේ නමි උන්වහන්සේ කවරෙක්ද? උන්වහන්සේ දුන් පිළිතුර වුයේ "බ්‍රාහ්මණය මම බුද්ධ වෙමි" යන්නයි. මෙ සියලු සක්වලයන්ට එක් වරකට පහල වනුයේ එක් බුදුවරයෙක් පමණි. නමුත් මහාසහශ්‍රි ලෝකධාතුවෙන් මත්තෙහි වෙනත් බුදුවරුන් පහලව සිටිනවා විය හැක.

    මෙ ලෝකයේ හා විශ්වයේ ප්‍රමාණය ගැන බුදු දහමෙ සදහන් කරුණුය.

    මිලඟ ලිපියෙන් මෙ එක් එක් භුමියක් පිළිබදව හා එහි සැපදුක් පිළිබදව සලකා බලමු.


    from
    http://www.budurashmiya.net/2010/05/01_24.html



     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බුද්ධ වචනය දේශනා කරලා තියෙන්නේ පාලියෙන් හින්ද? බුද්ධ දේශනාවේ හැම දෙයක්ම පාලියෙන් තියෙන හින්දා ඔය කියල තියෙන කරැණු සෑම දේයක්ම පාලියෙන් ඇති එහෙම බැලුවමම සිංහලට වැඩිය පාලි බාෂාව දියුණු ඇති එත් එක දන්න අය අඩුයි .

    ඉතින් මචන් බුද්ධදේශනාවේ හැම දෙයක්ම තියනවද? උඹල ඉස්සරහට අහයි කියල හිතන ගොං ප්‍රස්න වලට උත්තර එහෙම?

    තුසිත දෙව් ලොව ඉදන් මනුලොව උපදිනකොට මිනිස්සු හෝ මිනිසුන්ට සමාන දියුණු ඡිවින් හිටියනම් පෘතුවිය තොරා ගන්න පෙර අනිත් ග්‍රහයන් ගැන බලන්න ඔනේ නේද එහෙම සදහනක් වත් නැත්තේ එහෙම නැති නිසාද ?
    බුදු හාමුදුරුවො හිතපු හැම දේම සඳහන් වෙලා තියෙන්න ඕනද බන්?
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,323
    1,279
    113
    බුද්ධ වචනය දේශනා කරලා තියෙන්නේ පාලියෙන් හින්ද? බුද්ධ දේශනාවේ හැම දෙයක්ම පාලියෙන් තියෙන හින්දා ඔය කියල තියෙන කරැණු සෑම දේයක්ම පාලියෙන් ඇති එහෙම බැලුවමම සිංහලට වැඩිය පාලි බාෂාව දියුණු ඇති එත් එක දන්න අය අඩුයි .

    තුසිත දෙව් ලොව ඉදන් මනුලොව උපදිනකොට මිනිස්සු හෝ මිනිසුන්ට සමාන දියුණු ඡිවින් හිටියනම් පෘතුවිය තොරා ගන්න පෙර අනිත් ග්‍රහයන් ගැන බලන්න ඔනේ නේද එහෙම සදහනක් වත් නැත්තේ එහෙම නැති නිසාද ?


    ලියන දෙයක්වත් හරියට සිහියකින් ලියපන්කො කියවන්න බැරි නන්.පාලි කියන්නෙ භාෂාවක්.උබ ඔය කියන විදිහට අපිට ඉංග්‍රීසි උගන්නනකොට ක්‍රිස්තියානිත් උගන්නන එපායනෙ.

    දැන ගන්න ඕනි කෙනා කොහොම හරි දැන ගන්නව.වටිනාකම දන්න කෙනා ඉගෙන ගත්තම හොදටම ප්‍රමාණවත් අන්ධයට වෙනසක් නෑ නෙ කකුලෙ ගලක් හැපුණත් මැණිකක් හැපුනත් .
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    රඹා;15875567 said:

    ඉතින් මචන් බුද්ධදේශනාවේ හැම දෙයක්ම තියනවද? උඹල ඉස්සරහට අහයි කියල හිතන ගොං ප්‍රස්න වලට උත්තර එහෙම?

    :yes:උත්තර නැත්තම් අහල වැඩක් නෑ



    බුදු හාමුදුරුවො හිතපු හැම දේම සඳහන් වෙලා තියෙන්න ඕනද බන්?

    එතකොට කවුද පස් මහ බැලුම් බැලුවේ බුදුහාමුදුවෝ නෙමෙයිද? ඔයා කියන්නේ සය මහ බැලුම් බලන්න ඇති හැබැයි කියන්න නැතුව ඇති කියලද?
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0


    ලියන දෙයක්වත් හරියට සිහියකින් ලියපන්කො කියවන්න බැරි නන්.පාලි කියන්නෙ භාෂාවක්.උබ ඔය කියන විදිහට අපිට ඉංග්‍රීසි උගන්නනකොට ක්‍රිස්තියානිත් උගන්නන එපායනෙ.

    දැන ගන්න ඕනි කෙනා කොහොම හරි දැන ගන්නව.වටිනාකම දන්න කෙනා ඉගෙන ගත්තම හොදටම ප්‍රමාණවත් අන්ධයට වෙනසක් නෑ නෙ කකුලෙ ගලක් හැපුණත් මැණිකක් හැපුනත් .

    ගාථා තියෙන්නේ සිංහලෙන්ද බන් පාලි භාෂාව නැති වෙලා ගියොත් ගතාවක තේරැම වත් දැනගන්නේ කොහොමද එකනේ හාමුදුරැවරැන්ට පාලි අනිවාර් යෙන් උගන්වන්නේ අනිත් ආගම් වල එව ආදල නෑ නේ.

    ඔයා දාපුවට මම උත්තර දුන්න මීටකලිනුත් එව හින්ද ඇති වු ප්‍රශ්නත් දැම්ම එවට කවුරැවත් උත්තර දුන්නේ නෑ :no:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එතකොට කවුද පස් මහ බැලුම් බැලුවේ බුදුහාමුදුවෝ නෙමෙයිද? ඔයා කියන්නේ සය මහ බැලුම් බලන්න ඇති හැබැයි කියන්න නැතුව ඇති කියලද?
    ඔයාට ඕන නමක් දාගන්න පුලුවන් සය මහ බැලුම් හත් මහ බැලුම් අට මහ බැලුම් ග්‍රහ ලෝකෙ, ගෙදර හිටපු බල්ල කවුද පූස කවුද ඔය ඕන එකක් දාල බැලුමක් දාගනිං :):):)
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    රඹා;15875282 said:
    මෙහෙමයි බොල කොලුවො. ජීවීන් සිටින ලෝක 31ක් ගැන සඳහන් වෙනව. රූප, අරූප, කාම කියල ලෝක කියල. මනුස්ස තලය අයත් වෙන්නෙ කාම ලෝකයට.
    ඒ වගේම මනුස්ස තලයට අයත් වන මනුස්ස ලෝක 4ක් පිළිබඳවත් ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා. ඒවා නම් වශයෙන් ගතහොත් මෙසේයි.
    ජම්බුද්වීපය, අපරගොයාන, උතුරුකුරු දිවයින, පූර්වවිදේහ
    ඒ අතරින් ජම්බුද්වීපය කියලා කියන්නේ බුදුවරුන් පහළ වන මනුස්ස ලෝකය කියලා තමයි සඳහන් වෙන්නේ.
    ඒවගේම තමයි මොන විදියට විනාස කලත් නැවත නැවත ඒ ලෝක චක්‍රාකාරව ඇති වෙනව.

    සමහර විට බුද්ද කාලෙ උඹ වගේ පට්ට මීටරයක් ඉන්න නැතුව ඇති බුදු හාමුදුරුවන්ගෙන් අහන්න පරමාණු බෝම්බයක් ගහල මනුස්ස ලෝකය විනාස කලොත් ඊලඟට කොහෙද ඉපදෙන්නෙ කියල. බුදුහාමුදුරුවො දේසනා කලේ මිනිස්සුන්ට ප්‍රෙයෝජනයක් තියන ධර්ම කාරනා විතරයි. කවුරු හරි ඇහුවොත් විතරයි පිටස්තර දේවල් දේසනා කලේ. විශ්වයේ කොන කොහෙද කියල අහපු මුගලන් හාමුදුරුවන්ටත් කිවුවෙ ඔයාම ගිහින් ඕක හොයා ගන්න කියල. මොකද ඕක හොයන එකෙන් කාටත් වැඩක් නැති නිසා සහ හොයන්නත් බැරි නිසා.

    දැන් තොට ඇත්තටම ඕක දැන ගන්න ඕන නම් බුදු හාමුදුරුවො දේශනා කරපු මගේ ගිහින් තොටම ප්‍රත්‍යක්ශයෙන් අවබෝධ කරගන්න පුලුවන් ඕකට උත්තරේ.
    මේක බලු
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    රඹා;15875649 said:
    ඔයාට ඕන නමක් දාගන්න පුලුවන් සය මහ බැලුම් හත් මහ බැලුම් අට මහ බැලුම් ග්‍රහ ලෝකෙ, ගෙදර හිටපු බල්ල කවුද පූස කවුද ඔය ඕන එකක් දාල බැලුමක් දාගනිං :):):)

    මම දාපු නම් නෙවෙයි බන්. බුදු හාමුදුරැවන්ම විවිධ අවස්තා වලදි වදාල එව තමයි මම වෙනස් කරේ නෑ දන්නේ නැත්තම් දන්න කෙනෙක් ගෙන් අහලා බලන්න
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    මම දාපු නම් නෙවෙයි බන්. බුදු හාමුදුරැවන්ම විවිධ අවස්තා වලදි වදාල එව තමයි මම වෙනස් කරේ නෑ දන්නේ නැත්තම් දන්න කෙනෙක් ගෙන් අහලා බලන්න
    ඇත්තද? බුදු හාමුදුරුවො සය මහ බැලුම් බැලුව කියල ඔයාට අවබෝද උනාද? ඔයා පොර නේ.
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ජම්බුද්වීපය, අපරගොයාන, උතුරුකුරු දිවයින, පූර්වවිදේහ
    ඒ අතරින් ජම්බුද්වීපය කියලා කියන්නේ බුදුවරුන් පහළ වන මනුස්ස ලෝකය

    පුර්ව විබේදන කියන්නේ පෘතුවිය මහද්දිප වශයෙන් බෙදිලා තියෙන ප්‍රදේශ ඔය එ කාලේ බුදුහාමුදුරැවෝ එව හදුන්වපු නම් ඡම්බුද්විපය කියන්නේ ඉන්දියාව අයත්ව තිබු ආසියා මහද්දිපය


    ඔන්න ඔකයි මම ඔකට උත්තර නොදුන්නේ ඔයා හිතුවේ වෙනම මනුෂ ලෝක කියලා පටලව ගන්න එපා
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,323
    1,279
    113
    ගාථා තියෙන්නේ සිංහලෙන්ද බන් පාලි භාෂාව නැති වෙලා ගියොත් ගතාවක තේරැම වත් දැනගන්නේ කොහොමද එකනේ හාමුදුරැවරැන්ට පාලි අනිවාර් යෙන් උගන්වන්නේ අනිත් ආගම් වල එව ආදල නෑ නේ.

    කවුද ඉතින් නෑ කිව්වෙ.පාලි අනිවාර්යෙන් උගන්නන්න එකයි ඒත් එක්ක බුද්ධාගමේ දේවල් උගන්නන එකයි අතරෙ තියෙන සම්බන්ධය මොකද්ද?උදාහරණ බුද්ධාගමෙන් ගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.

    උබ දෙන උත්තරවල හරිම කලබල ගතියක් තියෙනව.ගොඩක් හදිස්සියි වගේ බුද්ධාගම ඉගෙන ගන්න,ඒක නිසානෙ හරියට කියවල තේරුම් ගන්නෙ නැතුව ඕහේ ටයිප් කරන් යන්නෙ.හදිසි වෙන්න එපා, හෙමීට ඉගෙන ගනින්.




    ඔයා දාපුවට මම උත්තර දුන්න මීටකලිනුත් එව හින්ද ඇති වු ප්‍රශ්නත් දැම්ම එවට කවුරැවත් උත්තර දුන්නේ නෑ :no:


    පස්සේ කියවලා බලන්නම් දැන් කම්මැලියි කියවන්න :)

    හොදටම ශුවර්ද, උත්තර දෙන්න කලින් කියපන්කො කම්මැලි කම ගිහින්ද තියෙන්නෙ කියල