භාවනා හෙල්ප්😤😤

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    භාවනා හෙල්ප්😤😤

    අඩෝ මම භාවනා ගැන ඇහුවෙ නිවන් දකින්න නෙමෙයි

    නිකන් එදිනෙදා ජිවිතේදි අපිට කරන්න පුලුවන් භාවනා හා එවගෙන් ලැබෙන රිසාල්ට් මොනවද කියලා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යම් පලයක් ඇතිවෙන හෙතුව දුරු කරොත්

    හෙතුව නැත්තන් පලය නැ

    යන්කින්චි සමුදය දම්මන් සබ්බත්ත්න් නිරොද දම්මන්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එදිනෙදා ජීවිතයේදී කරන්න පුලුවන් භාවනා කියල අදහස් කරන්නෙ මොනවද?

    එහෙම අහන්න හේතුව මොකද, සතිපට්ඨාන (නිවන් දකින ) භාවනාවත් එදිනෙදා ජීවිතයේදී කරන්න පුලුවන්. ඒ නිසා හැකිනම් ප්‍රශ්නය තව ටිකක් විස්තර සහිතව අහන්න? මොකද නිවන් දකින්න ඕනෙ නෑ කියන එකෙන් ලොකු දෙයක් කියවෙන්නෑ. හරියට බස් එකකට නැගලා ටිකට් කොහෙටද ඇහුවාම "මට කොලඹටනං යන්න ඕන නෑ" කිව්වා වගේ. යන්න ඕන දිහාවත් කියන්න.:)

    විවිධ දර්ශන, ගුරුකුලවල විවිධ භාවනා ක්‍රම තියනව. ඒ ඒ ඒවගෙ විවිද අරමුණු තියෙනව. උදාහරණයක් විදිහට අද්වයිත වේදාන්තයෙ තියනව "මෙයද නොවේ අනෙකක්ද නොවේ" කියල භාවනා ක්‍රමයක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ දර්ශනය තුල සලකන පරම ආත්මය වන බ්‍රහ්හාත්මය අවබෝධ කරන එක.

    බුදුදහම තුල තියනව අසුභය. ඒකෙන් රාගය/කාමය අඩුකරගැනීම කියන අරමුණ තමා තියෙන්නෙ.

    ලෝකෙ භාවනා ඕනතරම් තියනව ඒනිසා ඔබතුමාගෙ භාවනාවෙන් බලාපොරොත්තුවෙන අරමුණ මොකක්ද කියල පැහැදිලිව කිව්වොත් පුලුවන්වෙයි මේකෙ ඉන්න දැනුම තියන අයට පැහැදිලි පිලිතුරක් දෙන්න.

    එහෙම බලාපොරොත්තුවක් නැතිනම් පෝරිසාදගෙ සමසතලිස් කමටහන් ලිංක් එකත් හොඳයි අදහසක් ගන්න.
     
    Focus wage dewal walata ban
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    යම් පලයක් ඇතිවෙන හෙතුව දුරු කරොත්

    හෙතුව නැත්තන් පලය නැ

    යන්කින්චි සමුදය දම්මන් සබ්බත්ත්න් නිරොද දම්මන්
    Therenne na bn uba oka methana Damme mokada kiyala:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar559153_9.gif
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Focus wage dewal walata ban

    එහෙමනම් සමථ ආනාපානසතිය ගැලපෙනවා. හරියට කොන්ද කෙලින් තියාගෙන, පිරිසිදු වාතාශ්‍රය එන තැනක තෝරගෙන කොට්ටයක් හෙම අවශ්‍යනම් තියල වාඩිවෙන තැන සකස් කරගන්න. ඇඟේ නම්‍යශීලී ගතිය අනුව බුරුම පර්යංකය, පද්මාසන, අර්ධ පද්මාසන වගේ ඉරියව්වකින් එකක් තෝරගෙන වාඩිවෙන්න. කොහොම වාඩි උනත් කොන්ද කෙලින් තියාගන්න. ඒ කියන්නෙ බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිල්ල වගේ තනි කෙලින් නෙමෙයි. පහසුවෙන් නමුත් නැමිලා නැතිව ඉන්න උත්සහ කරන්න.:)

    ආනාපානසතිය සමථය මුල්කරං කරන එක ලේසියි. හුස්ම නාසයේ වැඩියෙන්ම දැනෙන එක තැනක් තෝරගෙන එතන දැනෙන හුස්ම ඉහලගැනීමයි පහත හෙලීමයි නිරීක්ෂණ කරන්න. හිත වෙන අරමුණු වලට යන්න දෙන්න එපා හුස්මෙම හිත රඳවන්න. හුස්මේ ස්වාභාවය අන්ං මනං ගැන වද වීම අවශ්‍ය නැහැ. පුලුවන්තරම් හුස්ම ගැනම අවධානයෙන් ඉන්න. ඕක තමා සරලව සමථ ආනාපානය.
    නිවැරදිව සීලයක පිහිටලා, දැඩි වීර්යකින් කලහොත් කන්ස්න්ට්‍රේෂන්/ෆෝකස් විතරක් නෙමෙයි තව බොහෝ හොඳ ප්‍රතිථල තියනව.

    ආනාපානය අමාරුයි වගේ නම් (ඔබතුමා බෞද්ධ නම්) බුද්දානුස්සතියත් හොඳයි. ඒකෙ නමයක් මෙනෙහි කරන්න තියන නිසා හිත පිට යනව අඩුයි. එකඟබව/ශ්‍රද්ධාව අඩු උනාම සතිපට්ඨාන කරන අය උනත් ටික කාලයක් සතිපට්ඨානය නවත්වලා බුද්දානුස්සතිය වඩනවා. පෝරිසාදගෙ සමසතලිස් කමටහන් වල ඒක ගැන ඇති. නමයෙන්ම පටන් අරන් කාලයක් යනකොට හිතේ එකඟබව දියුනුයි කියල තේරෙනකොට හයකට තුනකට එකකට වශයෙන් මෙනෙහිකරන ගුණ අඩුකරලා බලන්න.

    කොයික කලත්, මෙතනින් අදහසක් ගත්තට කවුරුහරි ලඟපාත ඉන්න මේ ගැන දැනඋගත් කෙනෙකුගෙනුත් අහල බලන්න. මොකද භාවනාව ගුරුවරයෙකුගේ ඇසුරේ සිදුවෙනවා නම් තමා වඩාත්ම සුදුසු. කලක් ගියාට පස්සෙ තමන්ටම තනිවම කරගෙන යන්න පුලුවන්. සමහර අයනම් ඉන්නව පලවෙනි වචන ටිකෙන්ම ගානට කරන්න ඕන දේ අල්ලගන්න, ඒ වගෙම සමහර අය ඉන්නව ජීවිත කාලයක් ගියත් භාවනාව කියන්නෙ මොකකද් කියල නිවැරදිව තේරුම් නොගන්න. ඒ ගැනත් සැලකිලිමත් වන්න. ආෆ්ටර් ඕල් යු ආර් ටේකිං ඉන්ස්ට්‍රක්ශන්ස් ෆ්‍රොම් ඇන් ඔන්ලයින් ස්ට්‍රේන්ජර්.