තවත් ආන්දෝලනාත්මක වැඩක් ...මගේ අදහස නම් මේ තීරණේ හොද නරක දෙකම තියෙනවා කියන එක ..මම මුලින්ම හොද පැත්ත කියන්නම් ..
මගේ පුද්ගලික අදහස නම් භික්ෂුන් වහන්සේලා දේශපාලනය කරන්න ඕනි නෑ.එයාලා කරන්න ඕනි ආගමික දියුණුව ඇති කරවන දේවල්.දැන් නොවෙන එකම දේත් එක ..සමාජය හදන්න නම් ධර්මය ප්‍රචාරය වෙන්න ඕනි ..ආකල්ප හදන්න ඕනි ..පන්සලේ දානේ කකා , බණට ,පිරිතට වැඩලා විතරක් වැඩක් නෑ...අනිත් එක සම " හරක් " භික්ෂුන් වහන්සේලා ජාතිවාදය පැහැදිලිවම අවුස්සනවා .( රාවණා බලය )..සීමාව ඉක්මවල චීවරයට තියෙන ගරුත්වය අනිසි විධිහට භාවිතා කරලා වැඩ කරනවා...ඒවා පාලනය වෙන්න ඕනි...මේ වගේ භික්ෂුවකගේ මුලික අරමුණෙන් පිට පැනලා ජාතිවාදය අවුස්සන එක නැති වෙන්න ඕනි ..එකෙන් වෙන්නේ අපිට අවාසියක් ...
නරක පැත්ත බැලුවොත් ..
සිංහල බෞද්ධයාගේ බලයට ගහන හොද පාරක් මේක ..කිසිම වෙලාවක අපහු භික්ෂුන්ලට උද්ගෝෂණ කරන්න , බෞද්ධයා වෙනුවෙන් නැගිසිටින්න දෙන්නේ නෑ ...බුද්ධාගමේ අවසානය ලගා වේගෙන එන්නේ ..භික්ෂුව පන්සලටම හිර කරලා දාන්න හදන්නේ..එදා ඉදන් බෞද්ධයාට උන කරදර හිරිහැර වලට මිනිස්සු එකතු උනේ පන්සලට ..නායකත්වය ගත්තේ පන්සලේ නායක හාමුදුරුවෝ ...ආයේ ඒවා බෑ ...මේවා හොදයි නිකන් කක බිබී ඉන්න අයට ..මා දන්නා පරිදි මහනුවර නිකායන් තුනේම නායක හාමුදුරුවරු රටට කිසිම වැඩක් කරන්නේ නෑ ..දළදා මාලිගාව කියාගෙන ඉන්නවා විතරයි ..ඒ නායක හාමුදුරුවරු විනය හදන්න ,බෞද්ධයා ආරක්ෂා කරන්න පියවර ගන්නවා නම් මේ වගේ ප්‍රශ්න එන්නේ නෑ
හාමුදුරුවරුන්ට රැකියා කරන එකේ සීමාවක් තියෙනවද කියලා දන්නේ නෑ ..එත් එහෙම තියෙනවා නම් ලොකු ප්‍රශ්න එනවා ..මොකද ගොඩක් හාමුදුරුවරු ගුරුවරු ,විදුහල්පතිවරු විධිහට ඉන්නවා ..ඒ වගේම සමහර පන්සල් වලට ආධාර මදිකම නිසාම රැකියා කරන අයත් ඉන්නවා ...
කෙසේ හෝ ..මම නම් කියන්නේ මේ තීරණ ගන්න අය ලංකාවේ අවුරුදු ගානක අතීතය අමතක කරලා තමයි වැඩ කරන්නේ.මේක සිංහල බෞද්ධ රටක් කියන එක අමතකයි ..වෙන ජාතින් වලට යටත් මේ රට අයිති ..එකේ වැරද්දක් නෑ ..එත් බහුතරය බෞද්ධ..රටේ අතීතය බෞද්ධ ...එක දැනගෙන ඉන්නත් ඕනි හැමෝම ...