මම දැන් කියල දෙන්න යන්නේ සාර්ථකලෙස කුහුබුවෙක් මරණ ආකාරය
►කුහුඹුවාව පැය කීපයක් නිරීක්ෂනය කර ඌ ජීවත් වෙන ගුල නිවැරදිව හදුනා ගන්න
►මිරිස් කුඩු ග්රෑම් 10 ක් සහ සීනි ග්රෑම් 40ක් ගෙන හොදින් මිශ්ර කරන්න(අනුපාතය 1:4)
►මිශ්රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන ගුල අසලින් තබන්න
►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින් තබන්න.
►හොඳින් ඇවිලෙන ගිනි ගොඩක්ද ඒ අසලින් සුදානම් කරන්න
►සීනි මිරිස් මිශ්රණය අනුභව කිරීමෙන් පසු කුහුඹුවා ජලය සොයා යනු ඇත.
►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව බේසම තුලට තල්ලු කරන්න.
►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි ගොඩ අසලට යනු ඇත
►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම් වඩා හොදයි)
►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත.
►ප්රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න.
►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක් ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම සදහා කොන්ත්රාත්තුව ඔහුට ලබා දෙන්න.
►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට ප්රත්යක්ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල ගෙවන්න.
මෙය ඉතා සාර්ථක ක්රමයකි, බොහෝ පිරිසක් මෙම ක්රමය බාවිතා කරනවා