මම නම් ගමේ ගොඩේ නෙමෙයි හැදුනේ...

උපන්දා ඉදන්ම නාගරික පරිසරේක හැදුනේ...90 දශකයේ කරපුව තමා ඉතින් තියෙන්නේ...වෙලාවට අයියල තුන් දෙනෙක් ම හිටියා පොඩි කාලේ මේ වගේ වැඩ කරන්න...


ගොඩක් වෙලාවට මම කරේ එයාල කරන ඒවාට හවුල් වෙන එක තමා...තනියෙන් කරන්න තරම් කාලයක් මට ලැබුනේ හරි අඩුවෙන් මගේ වයසත් එක්කලා...කියන්න නම් දාහක් දේවල් තියෙනවා...

- ගස්ලබු බට නලා සැදීම...

- ටින් කැඩීම

- ගස් මාරු පෙති තෝරු අපිට ගසක් නැතිදෝ කිරීම..

- ගැහැණු පිරිමි මල් පලතුරු සත්තු ගම් කිරීම...

- ගම වටේම යාලුවෝ එක්ක අල්ලන සෙල්ලම් කරන්න දිවීම, තාප්ප වලින් වතු වලට පැනීම..

- ගහක් කැපුව ගමන් දෙබලක් තියෙන අත්තක් අරන් ටයර් එකක් කපල කැටපොල්ලක් සැදීම..

- පෙරහැර බලන්න යෑම...සුකුරුත්තන් මිලදී ගැනීම...

- එඩ්නා චොකලට් එක්කලා එන ක්රිකට් ක්රීඩකයන් ගේ ස්ටිකර් පිලිවෙලවට එකතු කිරීම..මේකේ ලොකු සෙට් එකක් තිබ්බ...

- ටින් ටින් බැලීම..

- කඩියෝ අල්ලාගෙන වද දෙන එක...


- කූඹි ගුලවල් ආක්රමණය කරන එක...

- එස්ලෝන් බටයක් අරන් ටීක් බෝල දාල, එක ඇතුලට රතිඥ්ඥා දාල ඈත විදින තුවක්කු බට හදන එක..

- පල්ලෙහා කලපුවේ බිලිපිත්තෙන් මාළු අල්ලන එක..

- වැහි ලිහිනියෝන්ට ගල් ගහන එක...මුන් කාලෙකට ගග පුරාම ඉන්නවා ලොකු රංචු පිටින් පියාඹා පියාඹා..හරි හෙමින් යන්නේ..ගලක් ගැහුවම ලඟින් යනවා..එත් වදින්න ගහන්නේ නැහැ...වැදිලත් නැහැ...

- පරවියෝ ඇතිකිරීම, උන්ව උඩ ගැසීම...

- ලව් බර්ඩ්ස් ඇති කිරීම..

- සිමෙන්ති වලින් මාළු ටැංකි මිදුලේ හැදීම, මේවා හදල පොල් ලෙලි දාල සති ගණන් පල කරනවා..

- ඒ ටැංකි වල ඔස්කා, ප්ලේටි, කාෆ්, ෆයිට් කරන උන්, ටැංකි සුද්දෝ ඇති කරපු එක...ඔස්කා මාළුන්ට කඩියෝ දාල උන්ව පන පිටින් ගිලින එක බලන එක...

- පල්ලෙහා ගඟෙන් අල්ලන සාලයෝ වගේ ලොකු මාළු බැරල් එකක දාල ඇති කරන එක...

- කඩදාසි ඔරු හදන එක...වැස්ස දවසට ගලාගෙන යන වතුර පාරේ බෝට්ටු හදල රේස් තියෙන එක...

- සිප්පි කටු එකතු කරලා වැලි ගොඩේ පීල්ලක් හදල බෝට්ටු යවන එක...
මේක කරන්නේ මුලින්ම මුහුදට ගිහින් සිප්පි කටු එකතු කරගන්න එක...සිප්පි කටුවලත් තියෙනවා බෝට්ටු හැඩේට හැදිච්ච සිප්පි...ඒවායේ පිටිපස්සේ වයිරන් වයිරන් වගේ විවිද හැඩ තියෙනවා....
මේවා හොයාගන්න එක අමාරු වැඩක්...එහෙම අමාරුවෙන් ලස්සන එකක හොයාගත්තොත් එක තමන්ගේ වටිනා වස්තුවක් සහ ලොකු කම ප්රදර්ශනය කරන භාණ්ඩයක් වෙනවා...
එකේ පිටිපස්සේ පොලිෂ් කරලා, අර වැලි පීල්ලේ උඩ තියල පහල ලිස්සල යන්න අතාරින්න ඕනේ...වැඩිම දුර යවන කෙනා දිනනවා..
- මුහුදේ ගිහින් පැනෑටි අල්ලන එක...

- වත්ත පිටිපස්සේ නෙල්ලි ගහට නැගල වමනේ යනකන් නෙල්ලි අච්චාරු හදන කන එක...

- පොල්කටු කුරුස හදල මාල දාගන්න එක...

- අයියලයි, එයාලගේ යාළුවොයි සේරම එකතු වෙලා ගෙදර තඩි වෙසක් කූඩු, සරුංගල් හදන එක...

- ප්ලාස්ටික් අයිස්ක්රීම් කප් එකකින් තීරුවක් කපල, එකේ පාට පාට නූල් ඔතල අපේ නම එන විදිහට ගොතල අතේ දාගන්න එක...

- යාළුවො එක්ක එකතු වෙලා ටින් බෙලෙක්ක සංගීත කණ්ඩායම් හදාගෙන සින්දු කිව්ව එක...

- ගස් අතු කපාගෙන දුනු හදල රාමායනය කරන එක..

මේව කියන්න ගියොත් ඉවරයක් කරනන් වෙන්නේ නැහැ...පුදුම ආතල් එකක අරන් තියෙනවා ඒ කාලේ...කියල වැඩක් නැහැ..
