මේ දවස් වල ගොඩ දෙනෙක් කතා කරන පලතුරක් විදියට මකර පලතුර හෙවත් ...dragon fruit (ඩ්‍රැගන් ෆෲට්)හදුන්වලා දෙන්න පුලුවන්.හැබැයි වර්තමානයේ මේ පලතුර කරලියට ආවට මේක ලංකාවට හදුන්වලා දීලා නම් වසර කීපයක්ම වෙනවා.මේක අපේ රටේ පලතුරක් නම් නොවෙයි.සම්බවය උනු රට විදියට සලකන්නේ දකුනු ඈමරිකාව.අපේ රටේ ආර්ථික බෝගයක් විදියට වගා නොකලාට තායිලන්තය,මැලේශියාව, ඊශ්‍රායලය වගේ රටවල මේ පලතුර ආර්ථික බෝගයක් විදියට වගා කරනවා.දැන් ලංකාවෙත් මේ පලතුර ක්‍රමයෙන් ව්‍යාප්ත වේ ගෙන යනවා.පහත රට තෙත් කලාපය, අතරමැදි කලාපය වගේම ජල සම්පාදනය යටතේ වියලි කලාපයේත් මේ පලතුර වගා කරන්න පුලුවන්.කොටින්ම ගත්තොත් මේක පතොක් කුලයේ ශාකයක්.පෙනුමත් පතොක් වගේම තමයි.
මේකෙත් ප්‍රබේද කීපයක් තියෙනවා.ගෙඩියේ පොත්ත රතු පාට හා මදය සුදු පාට වර්ගය,
පොත්ත කහ පාට හා මදය සුදු පාට වර්ගය,
ඒ වගේම පොත්ත හා මදය රතු පාට වර්ගය විදියට
මේවයිනුත් වැඩි ඉල්ලුමක් තියෙන්නේ රතු පොත්ත හා සුදු පාට මදය තියෙන වර්ගයට.ලංකාවේ නම් මේ පලතුර 1kg රු300-350 වගේ මිලකට අලෙවි කිරිමේ හැකියාව තියෙනවා.මේ පලතුර ගොඩාක්ම වැදගත් වෙන්නේ හොද ඔසුවක් විදියට.විශේෂයෙන්ම දියවැඩියාවට,අධි රුධිර පීඩනයට,කොලස්ට්‍රෝල් වලට ගොඩක්ම ගුණ දායක බව සදහන් වෙනවා.
මෙය තුල අන්තර්ගත වෙන්නෙ මේ පෝෂ්‍ය පදාර්ථයි,
Sugar: 13-18
briks Water: 90%
Carbohydrates: 11.5 g
Acid: 0.139 g
Protein: 0.53 g
Fibre: 0.71 g
Calcium: 134.5 mg
Phosphorus: 8 , 7 mg
Magnesium: 60.4 mg
Vitamin C: 9.4 mg
මේවා සිටුවිය යුත්තේ 2m*2m පරතරයට අඩි 2*2*2* ප්‍රමානයේ වලක් සකස් කරලා.
වලට කාබනික පොහොර එකතු කරන්න පුලුවන්නම් ගොඩාක්ම හොදයි.පතොක් කුලයෙ ගහක් නිසා අනිවාර්යෙන්ම මේකට ස්ථිර අධාරකයක් ඕන වෙනවා.මේ සදහා වඩාත්ම ගෑලපෙන්නේ 2 m කොන්ක්‍රිට් කනුවක්.
පලු වගේ ශක්තිමත් අරටුවක් තියෙන කදක් උනත් යොදා ගන්න පුලුවන් ආධාරකය විදියට.
සාර්ථකව වගාව පවත්වා ගත්තොත් මැයි- නොවැ කාලවල මල් පිපීම සිදු වෙලා අස්වනු ලබා ගන්න පුලුවන්.
මල් පිපිලා දින 30-35 වත් යනවා ගෙඩි මෝරන්න.
ඈත්තටම මේ වගාවට රෝග හා පලිබෝද වලින් නම් සිදුවන්නේ අවම හානියක්.ඒක නිසා කෘශි රසායනික වලින් තොරවම වගේ සාර්ථක වගාවක් පවත්වගෙන යන්න පුලුවන්
තව දෙයක් මේවයේ පැල ලබාගන්න පුලුවන් වීරවිල දිස්ත්‍රික් පුහුනු මධ්‍යස්ථානයෙන්.මේව ගොඞක් ලොකු ගනන් දීල ගන්න යන්න එපා මේ පැළ ලේසියෙන් හදාගන්න පුලුවන්.
මේ තියෙන්නෙ අපේ ලංකාවෙ වගාවන් කිහිපයක්
ගෙවත්තේ උනත් අපිට මේ පැලයක් සාර්ථකව වගා කරගන්න පුලුවන්.
මේ පලතුර රසවත් බීමක් ලෙසත් ආහාරයට ගන්න පුලුවන්.ඒක කන එකට වඩා නම් රසවත්.







