-මගෙ ආදරනිය සහොදරිය-

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    -මගෙ ආදරනිය සහොදරිය-

    මගෙ ආදරනිය සහොදරිය


    මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ දැන් රෙඩ්යොවේ ගිය ගීතයක් අහලා සිංදුව ඉරොෂා ඔටම්ගෙ මෙතරම් හස‍රැල් පිරි දවසක් තව නැ කියන ගීතය



    ඔන්න දැන් ඉතින් කතාව කියන්නන් අපෙ ජිවිත කාලයෙ එක්විම් වෙන්විම් සැහෙන්ට තියනවා නෙ,මගෙ ජිවිතය මගෙ අම්මාට පසුව ලඟින්ම හිටියෙ මගෙ මාමාගෙ දුව,ඇය මට වඩා වැඩිමල්,අක්කලාගෙ ගෙවල් තියෙන්නෙ අපෙ ගෙවල වලට ටිකක් විතර එහායින් කොළඔ නුවර පාරට මුහුනලා ඉතින් මම පංති ඇරිලත් ඉස්කොලෙ ඇරිලත් කෙලින්ම ගියෙ අක්කලාගෙ දිහා,හෙතුව පරෙ අයිනේ නෙ තියෙන්නෙ,අනික පංති යනකොට අම්මා කුඩයක් එහෙම අරන් යන්න කිව්වාට ගානටවත් ගත්තෙ නැ,එ මොකො පාර ලඟදි වැස්සොත් අක්කාගෙන් ඉල්ලගන්න පුලුවන් නෙ,අයෙ ඉතින් එනකොට වැස්සත් ඉල්ලගෙන එන්න පුලුවන්නෙ,එ දවස් වල පංති යනකොට එහෙන් අක්කගෙන් තෙකක් හදාගෙන් බොනවා,අයෙ පංති ඇරිලා එනකොටත් මොනවහරි කාල තෙකක් බිලා එනවා,අක්කා මට ඔයවෙලාවට හරියට දැනමුතු කම් දුන්නා,අක්කා හරිම විහිලුවෙන් තමා ඔවා කියන්නෙ,අක්කා තමා මගෙ හොඳම යාලුවා වෙලා හිටියෙ,නමුත් ඇය ගිය අවුරුද්දෙ ඇගෙ විවාහයෙන් පසුව විදෙශගත වුනා,රට යන්න පෙර දවසෙ රාත්‍රියෙ අපෙ ගෙදර පොඩි කැමක් එ අයට ලැස්ති කර තිබුනා,එදා කැම ගනිමින් සිටින විට ගුවන් විදුලියෙ මේ ගීතය ගියා

    මෙතරම් හස‍රැල් පිරි දවසක් තව නැ,යලි නැ ලොවට උදා වෙන්නෙ
    මෙතරම් සතුටක් ඇති මොහොතක් වෙන නැ යලි නැ අපට ලඟ වෙන්නෙ.........................


    ඉතින් මම අක්කාට එ වෙලාවෙ කිව්වා අක්කා
    මෙතරම් සතුටක් ඇති මොහොතක් වෙන නැ යලි නැ අපට ලඟ වෙන්නෙ කියලා,අක්කාට එ වෙලාවෙ ගොඩක් දුක හිතුනා,ඉතින් එ නිසා මට මේ ගීතය කවමදාවත් අමතක වෙන්නෙ නැ

    දැන් එ දවස් මතක් වෙනකොට දුකක් වගෙ දෙයක් හිතට එනවා