මචංලා මම මේ ෆේක් එකක් හදන් ආවෙ මං ගැන කියන්න.ගොඩක් කෙටියෙන් කියන්නම්.මං ඉපදුනේ ගමක.මං පොඩිකාලෙ ඉදන් ගෙදරමයි හැදුනේ.මගෙ වයසෙ අනික් ලමයි එක්ක සෙල්ලම් කරන්න අපෙ ගෙවල්වලින් යැව්වෙ නෑ.ඉතින් මං ගෙදරටම වෙලා ගොඩක් වෙලාවට තනියෙන් සෙල්ලම් කරා.එක යාලුවෙක් විතරක් ආවා සෙල්ලම් කරන්න.මං වැඩිය සමාජගත වෙලා නැති නිසා ඉස්කෝලෙත් ගොඩක් වෙලාවට තනිවෙලා හිටියේ.ගොඩක් ලමයි මාව කොන් කරා.ඕලෙවල් වෙනකම් මං කොන් වෙලා හිටියේ.ඒලෙවල් පන්තියෙත් එහෙමමයි.යාලුවො නෑ.ගොඩක් උන් මට පොන්නයා,ගෑනි කියල විහිලු කරා.ඒත් උන්ට මුකුත් කියන්නවත් මට කොන්ද පන තිබ්බෙ නෑ.පොඩි උන් පවා මට විහිලු කලා.දැන් මට 23යි.කොහොමහරි අමාරුවෙන් ජොබ් ට්‍රේනින් එකක් කරනවා.දැන්නම් ඉන්නේ ගමේ නෙවෙයි.ඒත් නිවාඩු දවසට ගමට ගියාම මගෙ වයසෙ උන් මට නෝන්ඩි දානවා.ඒත් උන්ට මුකුත් කියන්න තවම මගෙ කට ඇරෙන්නෙ නෑ.ඒ නිසා ගමට යන්නෙත් නෑ වැඩිය දැන්.යනවනම් ඉතින් ගොඩක් රෑ වෙලා තමයි යන්නේ.අනේ මන්ද ඉතින් බන්.මෙහෙම තමයි මගෙ ජීවිතේ ගෙවෙන්නේ.මට තේරෙන්නෑ මොනව කරන්නද කියල.මං තේරුම්ගත්ත දෙයක් තමයි ගොඩක් ලමයි ගෙවල් අස්සෙ දාගෙන හදපුවම තමයි මෙහෙම වෙන්නේ.ඉතින් මේක කියවන ලමයි ඉන්න අය ලමයි ගෙදෙට්ට දාල කොටුකරල හදන්න එපා.එහෙම කරාම විදින දුක ගැන කවුරුත් දන්නෑ.කවදාවත් ලමයි කොටුකරල හදන්න එපා.එහෙම හැදුවම තමයි අපි වාගෙ උන් බිහි වෙන්නේ.






මත්ද්‍රව්‍ය භාවිතා නොකරන්නෙකි.