මගෙ පලවෙනි නූල..
ලෝකයම වෙනස් කල නිර්මාණ
රෝදය / WHEEL
රෝදය සොයාගැනුනේ වසර 6000කට පමණ පෙරයි. මේ නිර්මාණය එළිදැකීමත් සමඟ මිනිස් ජිවිත වල විශාල වෙනසක් ඇති වුණා. වර්තමානය වන විටත් රෝදයෙන් අපිට ඇති වාසි සහ ප්‍රයෝජන කියා නිම කරන්නට බැරිතරම්. වසර දහස් ගණනකට පෙර සොයාගැනුණු රෝදය වර්තමානයේ විද්‍යාඥයන් විසින් තව තවත් පර්යේෂණ වලට හාවිතා කරමින් වැඩිදියුණු කිරීමට උත්සාහ ගන්නේ රෝදය අපට ඉතාමත් අත්‍යාවශ්‍ය නිර්මාණයක් වන බැවිණි. ගොඩබිම ගමනාගමනයේ දී වගේම ප්රවාහනයේදීත් රෝදය මගින් ලබාදෙන සහයෝගය කියා නිමකිරීමට බැරිතරම්.
මාලිමාව / COMPASS
මාලිමාව නිර්මාණය කිරීමට කලින් මිනිසුන් දිශානතිය සොයාගැනීමට භාවිතා කලේ අහසේ තරු රටා බව ඔබ අසා ඇති. නමුත් මෙවැනි ස්වභාවික සලකුණු මතම යැපෙමින් දිශාව සොයාගැනීම එතරම් ප්‍රායෝගික දෙයක් නෙමෙයි. චීන ජාතිකයන් ක්‍රි.පූ. 4 වන සියවසේ ඉඳලා මාලිමාව භාවිතා කරන බව පැවසෙනවා. ඔවුන් මෙය බොහෝ විට භාවිතා කලේ ජිවිතයේ නොයෙක් අවස්ථා සඳහා පමණයි. නමුත් 10 වන සියවස අගභාගයේ දී පමණ මෙය මගපෙන්වන කටයුතු සඳහා යෝදාගැනුනා. Lodestone කියන පාෂාණය තමයි මෙහි චුම්භකය විදියට භාවිතා කෙරෙන්නේ. මැග්නටයිට් කියන ඛනිජයෙන් තමයි මෙය ලබාගන්නේ. මෙහි චුම්භක දිශානතිය පෘථිවියේ චුම්භක අන්ත වෙතට ස්ථිරවම එල්ල වී තිබෙනවා.
මුද්‍රණ යන්ත්‍ර / PRINTING PRESS
පළමු චලනය කල හැකි මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කලේ චීන ජාතිකයෙකු වූ Bi Sheng විසිණි. නමුත් Johannes Gutenberg (ජෝහෑන්ස් ගටන්බර්ග්) පෙරළිකාර සොයාගැනීමක් සමඟ මුද්‍රණ යන්ත්‍ර වල තාක්ෂණය වැඩිදියුණු කළා. මේ සමගම මුද්‍රණය යන්ත්‍ර වල නිරවද්‍යතාව මෙන්ම කාර්යක්ෂමතාව ද ඉහල ගියා.මිට අමතරව ඔහුගේ මුද්‍රණ ක්‍රමය සඳහා යෝදාගැනුනේ තෙල් මිශ්‍ර තීන්ත වර්ගයක්. එය මුද්‍රණ කඩදාසිය මත හොඳින් කාවැදුනා. මේ නිර්මාණයත් සමඟ පොත් පත් සහ ලියකියවිලි සැකසීම තවත් පහසු වූ අතරම අධ්‍යාපන කටයුතු සිදුකිරීම ද පහසු කෙරුණා. එතෙක් පවතී සමාජයේ පොත් පත් වල මිලගණන් ඉහල පවතී අතර මේ නිර්මාණයෙන් පසු ඒවායේ මිලගණන් ද පහල බසින්නට විය. Gutenberg ගේ මුද්‍රණාලයේ මුද්‍රණය වූ පළමු පොත වන්නේ ශුද්ධ වූ බයිබලය යි. මෙය නිර්මාණය නොකෙරුනානම් තවමත් තල කොළ වල නැතිනම් ගල් පුවරු වල අකුරු කොටන්න තිබ්බා.
පෙනිසිලින් / PENICILLIN
මේ ඖෂධය සොයාගැනීමට පෙර බොහෝ දෙනෙක් පිඩා විඳ මියගියේ එදිනෙදා සිදුවන අනතුරකින්, කැපුමකින්, උණ රෝගයකින් එහෙම නැතිනම් බැක්ටීරියා ආසාදනයකින්. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් 1928 දී පෙනිසිලින් ඖෂධය සොයාගත්තා. ඔහු තමන්ගේ පර්යේෂණ වලට මුලික අදහසක් ලබාගත්තේ අතීතයේ ඊජිප්තු වැසියන් තමන්ගේ තුවාල මතට දිලිර සහිත පාන් තබා ඉක්මන් සුවය ලබාගැනීමේ ප්රතිකර්මය තුළිනුයි. මේ ඖෂධය තවත් එක් බැක්ටීරියා විශේෂයකි. මෙය සොයානොගන්නට අදත් බොහෝ දෙනෙක් ඉතා සුළු රෝගවලින් මියයන්නට තිබුණා. මිනිසාගේ ආයුෂ අඩුවන්නට තිබුණා.
විදුලි බුබුල / LIGHT BULB
විදුලි බුබුල සොයා නොගන්නට මුළු ලෝකයම අන්ධකාරයෙන් වෙලි යන්නට ඉඩ තිබුණා. තෝමස් අල්වා එඩිසන් මහතා සහ ඔහුගේ සගයන් විසින් 1879 දී ලෝකයේ නව පිටුවක් පෙරලමින් සිදුකල මේ නිර්මාණය සැබවින්ම විශිෂ්ටයි. විදුලි බුබුල සොයාගැනීම මෙන්ම විදුලි බුබුල භාවිතා කළහැකි පරිදි අවශ්‍ය වටපිටාව සකසාදුන් සෑම නිර්මාණයකටමත් මෙහි ගෞරවය හිමිවිය යුතුයි.
වාෂ්ප එන්ජිම / STEAM ENGINE
වාෂ්ප එන්ජිම සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ ජේම්ස් වොට් මහතාටයි. ඔහුගේ මේ නිර්මාණය කාර්මික විප්ලවය ඇති වූ යුගයේ විශාල කාර්යභාරයක් ඉටුකිරීමට දායක වුණා. මෙය නිර්මාණය කිරීමත් සමඟ ජනතාවට ඉක්මනින් ගමන් බිමන් යාම සඳහා අවස්ථාව සැලසුණා. ඒ වගේම නූතන විද්‍යාවේ දියුණුවත් සමඟම මේ වාෂ්ප එන්ජිම විවිධ වැඩිදියුණු කිරීම් රාශියකට ලක් කර තිබුණත් එහි මුලික සිද්ධාන්තය වන ඉන්ධන භාවිතා කර චාලක ශක්තිය උත්පාදනය කිරීමේ ක්‍රියාවලිය මේ දක්වාම සිදුකෙරේ.
දුරකථනය / TELEPHONE
ලෝකයේ ප්‍රමාණය කුඩා කිරීමට හැකි වුනු උපකරණයක් ඉතිහාසයේ නිර්මාණය වුණා නම් ඒ දුරකථනය යි. මෙය නිර්මාණය කිරීමත් සමඟම සන්නිවේදන ලෝකයේ නව පිටුවක් පෙරලුණා කව්වොත් නිවැරදියි. දුරකථනය නිර්මාණය කිරීම තුලින් ගුවන් විදුලි යන්ත්‍රය නිර්මාණය කිරීම සඳහාත් යම්කිසි අත්වැලක් සැපයුණා. සන්නිවේදනය කල හැකි ප්‍රථම දුරකථනය නිර්මාණය වුනේ 1876 දී ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් මහතා (Alexander Graham Bell ) විසිණි. කෙසේ නමුත් මෙය නිර්මාණය කිරීම සඳහා සංකල්පය සහ අනුරූ නිර්මාණය සඳහා ගෞරවය බෙල් මහතා සහ ඇන්ටෝනියෝ මෙවුසි ( Antonio Meucci) යන දෙපළටම ලැබෙනවා.
මයික්‍රෝප්‍රොසෙසරය / MICROPROCESSOR
පරිගණකය නිර්මාණය කිරීම මිනිස් වර්ගයා මත විශාල බලපෑමක් ඇති කල මුත් ප්‍රොසෙසරය නිර්මාණය කරන තෙක් එය ජනතාවගේ සාමාන්‍ය ජිවිත වලට එතරම් බලපෑමක් ඇති කරේ නෑ කිව්වොත් නිවැරදියි. මෙය නිර්මාණය කිරීමට පෙර පරිගණකයක ප්‍රමාණය වඉතා විශාල විය. එය කාමරයක් තරමටම විශාල විය. ඒ නිසාම එය පෞද්ගලික භාවිතය සඳහා එතරම් සුදුසු නොවිය. මුල්ම ප්‍රොසෙසරය 1971 දී Intel සමාගම විසින් නිෂ්පාදනය කෙරිණ. මේ සමඟම පරිගණක වල ප්‍රමාණයේ විශාල අඩුවීමක් දක්නට ලැබුණු අතර එය එහා මෙහා ගෙනයා හැකි තරමටම කුඩා විය. අද අපි භාවිතා කරන ජංගම දුරකථන නිර්මාණය කිරීම සඳහාත් මෙයින් ලැබෙන දායකත්වය අපමණයි.
කැමරාව / CAMERA
කැමරාව යන සංකල්පය ක්‍රි.පූ. 5 වන සියවස පමණ ඈතට දිව යනවා. කොහොමහරි 1816 වෙනකන් ඡායාරූප ගැනීමක් සිදුකෙරුණේ නෑ. කැමරාව මිනිසුන්ගේ ජිවිත වලට ඉතාමත් සමීපයි. ජිවිතයේ වැදගත් සිදුවීම්, මතක සටහන් වගේම හරි වැරදි දේවල් , අතීතය ආවර්ජනය කරන මාර්ගයක් කැමරා කාචයෙන් ලැබෙනවා. පින්තුර තුලින් සමාජය තුල කෙතරම් වෙනසක් ඇති කරන්න පුළුවන් ද ? ඔබ මොහොතකට සිතුවා ද ? Nicéphore Niépce කියන්නේ මුල්ම ඡායාරූපය ලබාගත් පුද්ගලයා විදියටයි ආරංචි වෙන්නේ. අද ලෝකයේ ඡායාරූප කලාව දැකගන්න ඔහු ජිවතුන් අතර සිටියානම් කෙතරම් සතුටු වෙයි ද ?
අන්තර්ජාලය / THE INTERNET
අපි ගොඩක් නිර්මාණ ගැන කතා කරා. අන්තිමට ඉතිරි වෙලා තියෙන්නේ අන්තර්ජාලය එහෙම නැත්තන් අපි ගොඩක් වෙලාවට කියන වචනේ ඉන්ටර්නෙට් එක. අන්තර්ජාල නිර්මාණය කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් අද මුළු ලෝකය විශ්ව ගම්මානයක් වෙලා කිව්වොත් කවුරුත් මාත් එක්ක එකඟ වෙයි. ලෝකයේ විවිධ ප්‍රදේශ වලට එහෙම නැතිනම් රටවල් වලට විතරම් සීමාවෙලා තිබුණු දැනුම අන්තර්ජාලය නිසා සෑම තැනකටම ගලාගෙන යනවා. සන්නිවේදනය ඉතාම පහසු දෙයක් වෙලා. අන්තර්ජාලය මුලින්ම නිර්මාණය කෙරුණේ ඇමෙරිකාවෙදි. එය ඇමෙරිකානු ආරක්ෂක අංශය සඳහා නිර්මාණය කෙරුණත් පසුව එය එරට විශ්ව විද්‍යාල එකිනෙක සම්බන්ධ කිරීම සඳහා යෝදා ගැනුනා. කොහොම හරි අපි දැන් හඳුනන අන්තර්ජාලය නිර්මාණය වුණේ 1989 දී Tim Berners-Lee මහතාගේ උත්සාහයෙන්. එය කා අතරත් ජනප්‍රිය වෙන්න පටන් ගන්නේ ටික කාලෙකට පස්සේ ඒ කියන්නේ 1996 දී. කොහොම හරි වර්තමානය වන විට මුළු විශ්වයේම දැනුම ඔබේ දෝතට අරගෙන එන්න අන්තර්ජාලයට හැකි වෙලා තියනවා. මෙය සියවසේ විශිෂ්ට නිර්මාණයක් බව නිසැකයි.

Last edited: