මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා. ඊයේ දිනයට attain වෙලා දවස් 8 වෙනවා. අපිට ඩොබි රෙදි නන්ද කෙනෙක් හොයා ගන්න බැරි උනා. එක නිසා උත්සවය ගන්නේ උනේ නැහැ. අපිට නැකත් දීලා තිබ්බේ ඊයේ දිනයට. ආපහු දුවව නාවල ගෙට ගන්න නැකත තියෙන්නේ ලබන සෙනසුරාදට. එදාට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයා ගන්න ඕනේ. මේ හේතුව හින්ද කෙල්ලගේ ඇඟේ වතුර පොඩ්ඩක්වත් ගාන්න බැහැ. දැන් ළමයාගේ ඔලුවේ උකුණෝ බෝවෙලා ඔලුවේ ගෙඩියක් හැදිලා කසන නිසා. නාවන්න විදිහකුත් නැහැ.
මේ සෙනසුරාදට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයාගන්න බැරි උනොත් නාවන්න ලමයව නවන්න තවත් සති ගානක් ඉන්න වෙනවා. ළමයත් අඬනවා දිය හොදියි බතුයි කන්න බැහැ කියලා. උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න. අපි හැම තැනම ගියා බන් හොයන්න . කොහෙවත් නැහැ. කොහේ හරි කමක් නැහැ අපිට ට්‍රාන්ස්පෝර්ට් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. අතට මුදලක් දෙන්නත් පුළුවන්.
මොකක්ද මේ? ඈත අතීත කාලයේ රෙදි නැන්දලා හිටියේ නෑ.
රජ මාළිගයේ රෙදි හෝදන අය නම් හිටියා. ඔවුන් සාමාන්‍ය ජනතාවගේ රෙදි හෝදන්නේ නෑ. ඊට අමතරව බොහෝ ධනය තිබුණ ඇතැම් පවුල්වල උදවිය යටතේ විවිධ පුද්ගලයින් වැඩ කළා. අනෙක් මිනිස්සු තම තමන් ගෙවල්වල කටයුතු සිදු කර ගන්නවා.
21 ශත වර්ශේ වෙලත් ඔය වගේ යල් පැනපු චාරිත්‍ර අනුගමනය කරන්න. යකෝ ඒ කාලේ ඔය චාරිත්‍ර තිබ්බේ ගෑණු ළමයට කසාද බඳින්න පිරිමි කෙනෙක් හොයාගන්න මෙහෙ කසාද බඳින්න සුදුසු ගෑණු ළමයෙක් ඉන්නවා කියලා අහල ගම් වලට කියන්න. සන්නිවේදන පහසුකම් නැති කාලේ. ඕක දැන් කාලෙට ලොවෙත් ගැලපෙන්නේ නෑ.
කෙසේ නමුත් මම මේ කතා කරන්නේ රජවරුන් සිටි අවසාන කාල වකවානුවේ තත්වය හෝ ඉන්පසු සමාජ තත්වය ගැන නොවෙයි. යටත් විජිත සමයේ සුද්දන්ගේ රෙදි සෝදන පිරිස් මෙන්ම පසු කාලීනව හා අද ද ජනතාව අතර රෙදි නැන්දලා ඉන්නවා.
සැ.යු. මා දන්නා හඳුනන පවුල්වල මෙම චාරිත්‍රය ඉතා ඉහළින් සිදු කරන අතර ඔවුන් එහි වටිනාකම හා ප්‍රයෝජනය හොඳින් දනිියි. පහත පැහැදිලි කිරීම ඔබලාට උපකාර වනු ඇතැයි සිතමි.
සැ.යු. ඔබ රෙදි නැන්දලා මගින් (ගම පුරා, නගරය පුරා මිනිසුන්ගේ හෝ අවම වශයෙන් පවුල් කිහිපයක රෙදි සෝදන්නන්) ඔබගේ රෙදි සෝදවා ගන්නවා නම්, පහත කරුණු කියවීමේ දී ඔබ මෙම වත්පිළිවෙත්වල ප්‍රයෝජනය අමතක කර ඇති බව වැටහේවි.
පළවෙනි කාරණය, දැන් මෙම චාරිත්‍ර වාරිත්‍ර විකාර කරගෙන; ඔය වත් පිළිවෙත්වල ප්‍රධාන හේතුව මෙම කාල පරාසය තුළ ඉහළ පිරිසිදු භාවයක් හා සෞඛ්යාරක්ෂිත පරිසරයක් මෙම දැරිවියට ලබා දීමයි. එමෙන්ම පවුලේ හා අනෙක් පිරිස් එම කිල්ලට නිරාවරණය වීම අවම කිරීම. ඒ වගේම පළවන වරට ශරීරයේ සිදුවන වෙනස නිසා ශරීර ශක්තිය යහමින් වැඩීමට උචිත හා විශේෂ වූ ආහාර මගින් හොඳ පෝෂණයක් ලබා දීම (නැතිව කන්න නොදී හාමත් කර තවත් අනාරක්ෂිත කිරීම නොවෙයි).
එමෙන්ම මෙවැනි පෙර නොවූ තත්වයක් පළමු වරට සිදුවූ විට සිදුවන
ශාරිරික හා මානසික දුර්වලතාවයන් නිසා දැරිවිය නොපෙනන සෘණාත්මක බලවේග (අමනුස්සු හෝ වෙනත්) හා පෙනෙන බාහිර බලපෑම් (එනම්, කාමුක පුද්ගලයින් හෝ නන්නාදුනන පුද්ගලයින්ග) මෙන්ම ඇස්වහ, කටවහ, හෝවහ ආදියෙන් ආරක්ෂා කර ගැනීම මෙහි තවත් පරමාර්ථයක්.
අනෙක් සුවිශේෂ කාරණය නම්, මෙම කාලසීමාව තුළ සිදුවන චාරිත්‍ර වාරිත්‍ර මගින් ගැහැණු දරැවන්ට හා කාන්තාවන්ට එනම් ස්ත්‍රී පාර්ශ්වයට සමාජය තුළ සුවිශේෂ හා ගෞරවනීය තැනක් හිමිවෙනවා. එනම් බඩ්ඩක්, කෑල්ලක්, පට්ට කඳක් වෙන්නේ නැහැ.
(අනෙක් අතට ඕවා තමයි සංස්කෘතියට අනුබද්ධව අපට ආවේණික සෙක්ස් එඩියුකේෂන්)
කිල්ල යන වචනයේ තේරුම නොදැන දොඩවන්න එපා. දැන් නම් බොහෝ අය මළගෙදරක පවා යන්නේ මොනවහරි කන්න බලාගෙන. නමුත් මතක තියාගන්න, සිංහලු ඈත අතීතයේ ගොඩක් පිරිසිදුයි.
දැන් ළමයාගේ ඔලුවේ උකුණෝ බෝවෙලා ඔලුවේ ගෙඩියක් හැදිලා කසන නිසා. නාවන්න විදිහකුත් නැහැ.
හත් ඉලව්වේ ඔය හැටියට අර බටහිර රටවල් දැන් අපට කියන්නේ නැතැයි තොපි මහ නොදියුණු ජාතියක් කියලා
පුරාණයේ තිබ්බයි කියලා හම රෙද්දම ඔහේ බදාගෙන ඉන්න එක ගොං කමක්.
දුවෙක් බලන් ඉන්නවලු අම්ම උයන දිහා.. අම්ම හැම සොසේජස් එකේම දෙපැත්ත කපල තමායි පෑන් එකට දාන්නෙ.. දුව අහල අම්මගෙන් ඇයි අම්මෙ ඒ කියල.. දන්නෙ නෑ පුතේ අපේ අම්මත් ඔහොමයි කලේ කිව්වලු.. දුව ගිහින් අහලා ආච්චිගෙන්.. ආච්චිත් කිව්වලු. අපේ අම්මත් ඔහොම තමා පුතේ කලේ කිව්වලු.
දැන් අර වික්‍රමආරච්චි කියන 3-in-1 ගෝතයා හෙළ වෙදකමටයි, ජ්යෙතිෂයටයි, යන්ත්‍ර මන්ත්‍ර ශ්රාස්ත්රයටයි කෙලියා. ඒකා තවත් දෙවල් කරනවා නේද? සෙව්වන්දිලා, ධම්මික පැනියලා මේ වගේ උන් රට පුරාම. ඒ වගේම මුන් මෙම ශ්රාස්ත්ර ගැන තිබෙන සොච්චම් දැනුමෙන් හෝ බොරුවෙන් පුළුවන් තරම් හමිබ කරනවා.
එලකිරියනි ඔබලා සියල්ල දන්නා පුද්ගලයින් නෙවෙයි, ඔබලා සතුව බටහිර ලෝකය පිළිබඳව ඉහළ දැනුමක් ඇති, නමුත් දේශීය දෑ පිළිබඳව දැනුම අවමයි. පාරම්පරික ඥානයට පහර ගසන්න එපා. ඔබලා බාල්දුවට ලක් කරන්නේ ඔබලාගේම මුතුන් මිත්තන්. ඔවුන්ගේ දැනුම අසමසමයි.