මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,553
    16,369
    113
    අපෝ ඔව් මමත් කියන්නෙ සිංහල වෙදකම කෙසේ වෙතත් දැන් ඉන්න සිංහල වෙද්දු පස්සේ නම් යන්නම එපා. මම දන්න අය ඉන්නව හොඳ කරන්න පුළුවන් වෙලත් බේත් සැරයි කියල සිංහල වෙදකම් කරන්න ගිහින් ජීවිතය නැති උන. උන් කරන්නේ සල්ලි ගරන එක. මම දන්නේ නෑ හොඳ අයත් කලාතුරකින් හරි ඉන්නවද කියලනම්. ඒත් risk එකක් ගන්න ඕනි නෑ නෙ.
    මේකනම් ඇත්ත උනුත් රාජපක්ෂලා වගේම තමා.පල් හොරු.මිනිස්සු හූරන්ම කන්න ඉපදුන උන්.
     
    අම්මට ඉක්මනින්ම හොද වේවි බය වෙන්න එපා.. :) හිතින් වැටෙන්න එපා කොයි වෙලාවකවත්.. :yes: මේක අපේ අම්මා මාත් එක්ක කියපු කතාවක්. අපේ ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනෙක්ට පිලිකාවක් හැදිලා.. පියයුරු පිලිකාවක්ද කොහේද. ඒක වෙලා තියෙන්නෙ මම ඉපදෙන්නත් කලින්. ඒ වෙනකොට ඒ ඇන්ටිට දුවලා දෙන්නෙක් ඉදලා තියෙනවා. තව පිරිමි ළමයෙක් අරන් හදාගෙන තියෙනවා. පිලිකාවක් තියෙන බව දැනගත්තට පස්සෙ බෙහෙත් කරන්න අරන්. එයාගෙ පපුවෙ පැත්තක් පවා අයින් කරලා ඉන්නෙ. ගොඩක් අමාරු වෙලා. දෙවෙනි දූ ගොඩක්ම පොඩි නිසා එයාලගෙ නංගි කෙනෙක්ට හරි කාට හරි දීලා එයාව හදාගන්න. එයාලා අරන් හදපු ළමයත් ගනිපු අයට භාරදීලා ලොකු දුව විතරයි තියාගෙන තිබුනෙ බයට.. හැබැයි ඒ ඇන්ටි තාමත් හොදට ඉන්නවා. බෙහෙත් බොනවද නැද්ද කියලා දන්නෙ නෑ. හැබැයි ලෙඩ පාටක්වත් පේන්න නම් නෑ. එයා බෙහෙත් කරේ කොහෙන්ද කියලා දන්නෙත් නෑ.. මම කියන්න හැදුවෙ බය වෙන්න එපා. හිතින් වැටෙන්නත් එපා. ඔහොම දේවල් වලින් බේරුනු මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා.. අර මම කියපු කෙනාට ඔය ලෙඩේ හැදිලා තිබුණෙ මම ඉපදෙන්නත් කලින්. දැන් මට අවුරුදු 27ක් වෙනවා. තව මගේ බෝයිගෙ ලගම නෑදෑ කෙනෙක් වෙන මාමා කෙනෙක් ඉන්නවා. එයාට කියලා තිබුනෙ තව අවුරුදු දෙකයි ජීවත් වෙන්නෙ කියලා ගොඩ කාලෙකට කලින්.ඒ මනුස්සයා ගනන් අරන්වත් නෑ.. ඔය තාම ඉන්නෙ හොදට.. තව එකක් අපේ පැත්තෙ ලියුම් බෙදන මාමා. එයාටත් මුත්‍ර. මාර්ගයේද කොහේද පිලිකාවක් තියෙනවා. ගෙදර අය මොනවා කියුවත් එයා හිතින් වැටිලා නෑ.. ගනන් ගන්නෙවත් නෑ.. (මම කියුවෙ ප්‍රතිකාර ගන්නෙ නෑ කියන එක නෙමේ.) ඔහොම තමයි ජීවිතේ කියලා ගෙදරට ඇවිත් විහිලුවක් කරලා යනවා. එහෙම තත්වෙක ඉද්දි එහෙම ඉන්නවා කියන්නෙ මාරයිනෙ කියලා මම කියුවම එයා කියුවෙ. එහෙම හිතන්න ගත්තම මගේ ලෙඩ ගොඩක් අඩු උනා කියලා.. එයා කලින් ජොබ් එක කලේ නෑ. දැන් ලියුම් බෙදන්න එනවා.. හිතින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අම්මව සතුටින් තියන්න. ඉක්මණටම හොද වෙයි අම්මට. බුදුසරණයි! :)
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,573
    1,647
    113
    Galle wala aluthwala dengu walata beheth karana weda mahathya hondai. Poddak hoyala balanna mcn. Ikmanata saneepa wei
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ රත්තරන් අම්මට අග්නාසයේ පිළිකාවක් හැදිලා යාලුවනේ.. හරිම වේදනාවෙන් කියන්නේ. මට මේකට උදව් කරන කෙනෙක්ට දහස් වාරයක් පින් සිද්ද වෙනවා.... පව්ලේ හැමෝම නිරෝගීව ඉන්න ඒ පිනම ඇති....මට මේක කියන්න ලජ්ජා නෑ. (ඇස්වල කදුළු පුරවාගෙන කියන්නේ. මට වෙන කියන්න කෙනෙක් නැති නිසා)))

    මගේ අම්මට පිළිකාවක් හැදිලා. මහරගම හොස්පිටල් එකේ අමාරුවෙන් ඉන්නේ. මට තේරුණා දෙයක් තමා 50+ වැඩි ය ගැන වැඩි සැලකිල්ලක් නෑ. හොස්පිටල් එකෙන් බෙහෙත් කරන්නේ නෑ.. වේදනා නාශක විතරයි දෙන්නේ... මට හිතෙන්නේ එඅටේ බෙහෙත් නැති නිසා වෙන්න ඇති. දහස් වාරයක් පින සිද්ද වෙන්න. මගේ අම්ම ගොඩක් අමාරුවෙන් ඉන්නේ. වේදනාවෙන් කෑගහනවා. අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නම්. ඔයාල දන්නා සිංහල බෙහෙත් කරන වේද මහත්තයෙක් හරි මේකට බෙහෙත් කරගන්න හොද තැනක් හරි කියනවද???? නැගිටින්නවත් බෑ. දෙන්නෙක් අල්ලාගෙන ටෝයිටට් යන්නෙත්. ගිහින් හෝදගන්නවත් බෑ. ඒ තරම් වේදනාවෙන් ඉන්නේ.

    අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නේ. ආත්ම ගානකට මේ පින ඇති. මට මගේ අම්මව සනීප කරගන්න හොද තැනක් කියන්න..... ලෝකේ කොහේ උනත් කමක් නෑ. ගෙදර විකුනලා, නයට අරන් හරි මම අම්මව සනීප කරගන්නවා...

    පින් සිද්දවෙයි මට හොද තැනක් කියන්න...... මතු බුදුවෙන්න ඒ පිනම ඇති ඔයාලට....


    බොහොම පිං......
    දැනට මොණරකුඩුම්බිය , හී බෝවිටියා , කුප්පමේනිය , පුළුවන් නම් කටුපිල හීනැටි හාලෙන් (වෙන හාල් හරියන්නෙ නෑ) කෑලි නොහිටින්න මිරිකල පෙරල උණු වතුර බෝතලේකට දාල රස්නෙන්ම බොන්න දෙන්න.

    දන්න කෙනෙක්ට කියලා කටු අනෝදා ව්‍යංජනය හදල කන්න දෙන්න.

    ලුණු ඇඹුල් සැර රස 3 කෑවොත් පිළිකාව පැතිරෙන වේගය වැඩි වෙයි.

    අම්මා පදිංචි කොහෙද ?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    බය වෙන්න එපා බන් කාටවත් කරදරයක් නැතුව ඉන්න මිනිස්සුන්ට ස්වභාවධර්මයෙ ආරක්ෂාව තියෙනවා
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    වේදනා නාශක විතරක් දෙනව නම් ලෙඩේ හොඳ කරගන්න පුලුවන් මට්ටමේ නැහැ කියලා හිතෙන්නේ.
    අගන්‍යාශ පිළිකා කියන්නේ ප්‍රතිකාර කරන්න අමාරු එකක්. (Steve Jobbs ටත් හැදුනේ ඕක, දියුණුම ප්‍රතිකාර කරලත් සුව කරන්න බැරි වුණා)
    මහරගම ticket කැපුවොත් NHSL pain clinic ගිහිං බලන්න.
    කොහොම වුණත් ලෙඩේ wisthara ප්‍රතිකාර කරන team එකෙන්ම අහගන්න. මෙකේ දැම්මට වැඩක් නෑ. සිංහල බෙහෙත් passe ගියා කියලා වෙන හොඳක් නෑ සල්ලි ටික නැති වෙන එක හැර.
    ඔන්න ඔය ටික තමයී තිත්ත ඇත්ත. අම්මා බෞද්ධ නම් පුළුවන් තරං පින් කරන්න කරපු පිං මතක් කරන්න උත්සාහ කරන්න. ඒක තමයි අමාරුවෙන් වුණත් කරලා වැඩක් තියන එකම දේ.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Machan ikmnata hoda wai ammata baya wenna epa mama.pray karanwa katwat kisi ledak hadanna epa kiyla nirogi sampithiya labanna ona..
     
    • Like
    Reactions: KSPathirana

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,579
    3,149
    113
    Ikmanin suwawewa kiyala prarthanakaranawa.....!

    Pitiye appu Wath Danna thank nadda danna