මචන් මටත් කියන්ඩ තියෙන්නේ, නැතිකරන්ඩ එපා. හදා ගන්ඩ බැරි නං, දැන්ම බදින්ඩත් බැරිනන් ,රට යන්ඩත් බැරිනං ලංකාවේම දුරකට ගිහිල්ලා කෙල්ල හංගගෙන හරි දරුවට ඉපදෙන්ඩ දීපන්. ළමයි නැති අය ඕන තරන් ඉන්නවා හදාගන්ඩ. එහෙම කෙනෙකුට දීපන්. නැති කරන්ඩ එපා බන්. වෙච්ච දේ උනා. එක මෝඩ වැඩක් වහන්ඩ තව මෝඩ කම් කරන්ඩ එපා.
අම්මල සම්ප්‍රදායික වෙන්ඩ පුළුවන්. ඕක අම්මලට කියන්ඩ බැරි වෙන්ඩත් පුළුවන්. උඹ දැන් මොකක්හරි ගැටයක් ගහල කෙල්ලවයි ළමයවයි බේර ගත්තොත් පස්සේ දවසක අම්මල උනත් තෙරුන් ගන්ඩත් ඉඩ තියනවා. දැනට ලොකු pressure එකකින් හිටියත්, පස්සේ දවසක උඹ සතුටු වෙයි හරි තීරණේ ගත්ත කියල. මචන් කෙල්ලෝ කොල්ලෝ අතර ඕන තරං දේවල් වෙනවා. ඒ දේවල් ආදරේට ආසාවට කරන දේවල්. මනුස්සයෙක් වෙලා ඉපදුනාම කවුද ඔය දේවලට අකමැති. ඒක තේරුන් ගන්ඩ පුළුවන්. එත් උඹ abort කරලා, පස්සේ ආරංචිය ගියොත් (ඕව හංගගෙන ඉන්ඩ අමාරුයි බන්, ජීවිතේ කොයිම කාලෙකදී හරි එළිවෙනවා) උඹව මහ තිරිසනෙක් විදිහට අනිත් මිනිස්සු සලකයි. දැන් වෙලා තියන දේට වඩා ඒක අපවාදයක් වෙයි අම්ම තාත්තට. මනුස්ස ගතිය නැති වෙන වැඩ කරන්ඩ එපා. abort කරන තැනින් හිත අහක් කරපන්. මොකක්ම හරි හම්බෙයි.