මගේ කෙල්ල

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා..:cool:
    මම අසම්මත ප්‍රේමය කියල ත්‍රේඩ් එකක් දැම්මා මට අත්විදින්න ලැබුන පොඩි අත්දැකීමක් බෙදා ගන්න. ;)
    මේ තියෙන්නේ ඒ ලින්ක් එක:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1620004

    ගොඩක් අය කිව්වා ඒක කතවක් විදිහට ලියලා ත්‍රේඩ් එකක පල කරන්න කියලා.:shocked:
    ඒකත් දැන් කරගෙන යනවා.මේ ලින්ක් එකෙන් ඒ කතාව බලන්න පුලුවන්
    :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1620209

    මන් මගෙ කෙල්ල ගැන ත්‍රෙඩ් එකක නොලිව්වොත් ඒක අසාදාරනය් වගෙ මගේ කෙල්ලට.:(
    මේ යටින් දාල තියෙන්නේ එයා මට හම්බුන විදිහ:love:
    මම මේක මීට කලින් "1 කෑල්ල" කියන ත්‍රේඩ් එකේ දැම්මා.:nerd:
    ඒත් වෙනම ත්‍රෙඩ් එකක ඔබලා එක්ක බෙදාගන්න ඕන නිසා අලුත් ත්‍රේඩ් එකක් විදිහට මම මේක දානවා:)
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ඒ 2004 වසර..මන් O/L කරපු වසර..මොන්ටිසොරි ඉදලම කෙල්ලන්ට හිත ගිහින් තියේනවා.. :D
    ඒ උනත් ආදරය කියන සුන්දර හැගීම දැනිලා නෑ :no:

    මන් ගියේ මිශ්ර පාසලකට.2004 වෙද්දි මන් ශිෂ්ය නායකයක්.එල කිරි එකේ ඉන්නව අතිනේ ඉස්කොලේ ශිෂ්ය නායකයක කම් කරපු අය.
    ඉස්කොලේ ගුරු රෑස්වීමක් අන්තිම time period එකේ තියනවා කියන්නේ full ආතල් අපිට.ඉස්කොලේ වගකිම සම්පුර්න අපේ අතේ. :rofl:

    ඉතින් 2004 පෙබරවාරි මාසේකත් එහම දවසක් අවා.මට බාර දුන්නේ 8 වසරේ පන්ති බලාගන්න.8 ඉන්න එවුන් මහා එපා කරපු එවුන්.උන් කෑ ගහන එක නවත්තන්න එපා වෙනවා. :frown:

    පන්ති 4 තියනවා.මන් ඉතින් පන්ති 4 වටේ ඔහේ කැරකි කැරකි ඉන්නවා.
    කොනේම තියන පන්තියට ගියා..චුටි නන්ගි කෙනක් 8 වසර සින්හල පොත කියවනවා.:love:
    මන් නිකමට බැලුව නන්ගි දිහා..නන්ගිත් එක පාරට බැලුවා.:love:මගේ පපුව ඩිග් ඩිග් ගාල ගැහෙන්න ගත්තා ඒ බැල්මට.:rolleyes:මේ වෙලවේත් එදා ගැහුන එක දැනේනවා බොලව්. :P

    ඒ හැගීම මටත් තෙරුන් නැ.කොහොම හරි එදා ඉස්කොලේ ඇරිලා ගෙදර අවා.
    රැ හිනේන් දැක්ක..
    මම ඉස්කොලේ දැකපු නන්ගි එක්ක දුර පළාතකට ගිහින්.නන්ගි ඇදලා හිටියේ රතු පාට මල් ගවුමක්.උදේ නැගිට්ටම මට නිකන් මොල් වගේ. :shocked::shocked:

    පහුවදා සෙනසුරාදා දවසක්.මන් හවස් වෙන්න මගේ යාලුවේක් බලන්න පිටත් උනා.යද්දිත් නන්ගි ගැන කල්පන කර කර පාරේ ගියේ .:nerd:මෙන්න බොලේ නන්ගි පාරේ එනව අම්ම අක්ක එක්ක.මාව දැකලා හිනා වෙලා ගියා.:Dමාව කැරකැවෙනවා දැන්.මන් යාලුවගේ ගෙදර යන් නැතිව අයේත් අවා ගෙදර.අනේ මන්දා එද හවස මාව මාන්දවික වෙලා :lol::lol:

    පහුවදා ඉරිදා.දහම් පාසල් ගියා..මෙන්න නන්ගි උදේම අවිත් ළමා සාරියක් ඇදලා චුටි bag එකක් දාගේන. :love:මම දහම් පාසල් ගියාට උදේ 10 වෙද්දි පනිනව ගෙදරට.උබල මතකද ඒ දවස් වල සිරසේ ගියා අපි නොදන්න LIVE.ඔක බලන්න ඉරිදට 10 පනිනවා..එදා මොන LIVE ද? :growl:

    ඔහොමම සතියක් විතර ගියා..ඉස්කොලේ මම නොදැනුවත්වම 8 වසරේ පැත්තේ කැරකේන්න ගත්තා..නන්ගිත් මන් දිහා බලනවා ඒ බලන බලන සැරේම මගේ පපුව ඩිගි ඩිගි ගානවා.. :lol:
    මගේ Class එක තිබ්බ බිල්ඩිමට එහා පැත්තේ බිල්ඩිම තමා එයලගේ පන්ති තිබ්බේ.මන් මගේ පුටුව එයගේ පන්තිය පේන විදියට හදා ගත්තා ;)

    එයා උදේ 7 වෙනකොට එනවා.මාත් හැමදාම එයා එනකන් බලන් ඉන්නවා.හැමදාම සුපුරුදු හිනාව දාල යනවා.මාව මාන්දවික වෙනව එතකොට :shocked:

    උදේ රැස්වීම තියේද්දි අපි ඉන්නේ ළමය්න්ට පිටිපස්සේ..මන් හැමදාම නන්ගි ඉන්න පොලිමේ පිටිපස්සේ තමා ඉන්නේ.
    රැස්වීම ඉවර වෙලා පන්ති වලට යද්දි එයා නොපනේනකම් මන් බලන් ඉන්නවා.
    :(
    ඊට පස්සේ 1 period එක එවර වෙනකම් ඉන්නවා,මොකද පන්ති නාම ලේකනේ තියන්න එයා තමා එන්නේ පිනගේ office එකට.:(
    ඊට පස්සේ ඉන්ටෙර්වෙල් වෙනකම් දකින්න නැ. :(

    ඉන්ටෙර්වල් එකේන් පස්සේ අහම්බන් පන්තියන් එලියට ආවොත් ඇරන්න දකින්න ඉස්කොලේ ඇරිල ගෙදර යද්දි
    :(
    මන් ටිකක් වෙනස් වෙනවා කියලා මාත් එක්ක හිටපු යාලුවොන්ට තේරුනා. :growl:

    ඒ වෙද්දි ඒ පුන්චි නන්ගි ගැන මට අදහසක් අවිත්..හැම වෙලාවෙම මතක් වෙනවා.සිකුරාද ඉස්කොලා අරින වෙලාවට හිතට මාර upset :(

    .සෙනසුරදට දකින්න වෙන් නැනේ.ඉරිදා වෙනකම් බොහොම අමරුවෙන් ඉන්නවා:(

    දවසක් පිනගේ office එකේ මන් ඉද්දි දැක්ක එයලගේ නාම ලේකනය.නිකමට වගේ බැලුවා.මාව ගැහෙනවා එයගේ උපන් දිනය මන් ඉපදුන මාසේමය් .මාව අයේමත් මාන්දවික උනා :cool:

    මාස 1 විතර ඔහොමම ගියා..යාලුවෝ කියනවා ගිහින් අහපන් කියලා.මොන්ටිසොරි ඉදල කෙල්ල්ලන්ට බැල්ම දැම්මට මේ නන්ගි ගාව මාව පන නැති වෙනවා. :eek:

    මගේ class එකේ හිටිය ෆිට් කෙල්ලෝ ටිකක්. :Pඋන් අතේ කැමැත්ත අහල ඇරියා.තත්වේ අවුල්.කෙල්ල බැ කිව්වලු.අනේ මගේ හීන ලොකේ බිදිලා :(

    ඒ උනත් එක බිදුනෙම නැ බොලව්. :cool:
    වෙනදට හිනා වෙලා ගිය කෙල්ල පහුවදා ඉදලා උදේට මට ගූඩ් මොර්නින්ග් කියන්න ගත්තා. :shocked:
    ඉන්ටෙර්වේල් එකට එයලගේ පන්තිය ගාව water tap එකට ගිය කෙල්ල මෙන්න බොලේ මගේ පන්තිය ගාව තිබ්බ tap එකේන් අත් හොදන්න එනවා යාලුවො එක්ක.:shocked:

    Canteen එක තිබ්බ මගේ පන්තිය ගාව.වෙනදට Canteen එකට වෙන පැත්තකින් ගිය කෙල්ල මට පේන්න දැන් Canteen යනවා.. :shocked:

    මට පිස්සු වගේ :nerd::nerd:

    ඔය කාලේදි මට අපේ ඉස්කොලේ sir කෙනක්ගන් වර්නපාල theory එක අහන්න ලැබුනා.උබලා එක දන්නව ඇතිනේ.නොදන්න එවුන් Campus යන එකේක්ගේන් අහගනිල්ල :lol:

    ඉතින් එදා ඉද්ලා මම වර්නපල theory එක ක්රි්යත්මක කරා.අපේ කොල්ලො කෙල්ලෝ සෙරම දැන් කෙල්ල දැක්ක ගමන් "ආ සමීර එක්ක යාලුය් නේද" කියල කැගහනව.අපේ class එක ගාවින් යද්දි මම් අපේ පන්තියට උප්දෙස් දීල තිබ්බ මගේ නම කියල කැගහන්න.මගේ O/L යාලුවො සුපිරි. උන් ලෙසටම වැඩේ කලා. අයෙමත් ඔන්න පනිවිඩයක් යැව්ව..වැඩක් නැ.කෙල්ල බැ ලු :(

    ඔය අතරෙදි ම්ගේ අතින් වරදක් උනා. එ තම 10 ඉදල O/L වලට ready උන මම පාඩම් වැඩ මග ඇර ගත්ත එක. 10 අන්තිම Exam එකේ ගනන් වලට 80 ගත්ත මම 11 පලමු වාර පරික්ශනේ ගනන් වලට 37. මන් අදත් පින් දෙන sir කෙනකුය් miss කේනකුය් ඉන්නවා. නිලන්ති මිස් මට කිව්වා "සමීර O/L වත් පාස් නැති තාත්තෙක් වෙන්න ආසනම් මේ වගේ පිස්සු නටන්න” කියලා.ගාමිනි sir අනිත් කෙනා.මට කිව්වා “A 9 ගත්තත් පුතේ ගනන් fail නම් ජිවිතේම fail කියලා..මට exam එකට මාස 8 තව.love පිස්සුවකුත් ගහලනේ. :eek:

    කෙල්ලව යාලු කරගන්න try කලාත් නිතරම මිස් සහ sir කිව්ව එවා මගේ හිතේ තිබ්බා.

    හැමදම හවසට යාලුවෝ එක්ක නන්ගිගේ ගෙවල් පැත්තේ යනවා.ඔහේ ඉන්නවා.exam එකත් ලග ලගම.

    හැමදම වගේ යාලුවෙන්න අහනවා.කෙල්ල බැ කියාගත්ත ගමන්මය්. :growl:

    ඔහොමම 2004 ජූනි මසේ ආවා.හැමදාම ඉන්ටෙර්වල් එකට මන් අපේ කෙල්ලක් අතේ පනිවඩ යවනවා.එ දවස් වල මගේ හිටිය team එකක් මෙ වැඩෙටම..එක දවසක් මේ කෙල්ල දුවන් ආවා.සමීර වැඩේ හරි.. අන්න හෙට උදේම පිට්ටනිය ගාවට එන්න කියන්න කියලා. :shocked:

    මාව නිකන් අන්ද මන්ද වෙලා..එදා දවස එවරවෙනකම් ඉවසිල්ලක් නැ.:cool:
    මන් ඉස්කොලේ Cricket Team එකේ උන්නා.Under 17 අපිට match එකක් තිබ්බා කැලනිය ගුරුකුල college එකත් එක්ක පහුවදා.මන් එදා හවස practice ගියේවත් නැ.match එකට වඩා හෙට උදේට කතා කරන එක තමා මගේ හිත. :no:

    ඔන්න කොහොම හරි උදේ උන.අපේ team එක පිට්ටනියට අවිත්.මන් බලන් ඉන්නව නන්ගි එනකම්..මෙන්න එනව පරිවාර සේවිකාවන් 2 එක්ක. ඇවිත් ඇහුවා " ඔයාට මොනවද කියන්න තියන්නේ කියලා" මන් කිව්වා "මට කැමතිද " කියලා.
    කෙල්ල ඔලුව වනල "හැබය් මට ඉගේන්ගන්න ඔනේ එක තම මුල් තැන" කියල ගියා.
    මාව නිකන් මොල් වගේ. :sorry:

    මම team එක vice captain .:cool:එදා මට match එක ගැන සත 5 වගක් නැ.ගුරුකුල team එක ටොස්ස් එක දිනල අපිට bat කරන්න දුන්නා.මෙන්න අපේ එවුන් පොලිමට යනවා.wicket 5 ගිහින්.ඔන්න මම යනවා පිට්ටනියට. නන්ගිගේ පන්තියේ ලමය් සමග මුලු ඉස්කොලේම බලාගේන.අපිට කලින් match එකක් තිබ්බ දරණාගම vidyalaya කියල ඉස්කොල්යක් එක්ක. ඒ match එක මම ලකුනු 70 ගානක් ගහල ෆොර්ම් එකේ තම උන්නේ. :cool:ඒ උනත් එදා ෆොරම් එකක් නැ අද.අද match එකට love sick.:D

    50 ගනකට wicket 5. බොලේ බලල ගහපන් කියල අනිත් එක කිව්වා. දැම්ම 1 බොලටම කෙලියා.. :cool:rope එක ලගදි එකේක් ඇල්ලුවා .:growl:.අනේ මන් 1 බෝලන්ම out. :lol:නන්ගිට ඇඩෙන්න වගේ. මට නම් ගානක් වත් නැ,Coach ඇහුවා “තො ගිය ගමන් අපහු අවේ රෙන්න බර හැදුනද කියල ”.:growl:මට ගානක්වත් නැ. ;)කොහොමහරි අපේ team එක 150 ගනක් ගහුවා. ගුරුකුලේ අයට bat කරන්න හම්බුන් නැ.හොදටම වැස්සා :nerd:

    ඊට පස්සේ ඔහොමම ආදර කතව ගියා..පාඩම් වැඩත් මන් කරගත්තා. ගනන් වලට 37 හිටපු මන් O/L වලට “B” එකක් අරන් පාස් උනා.. :cool:

    ඔන්න ඔක තමා මගේ 1 අදරේ.. :cool:
    තාමත් 1 ආදරේ තම බොල්ව්. :cool:

    මේ 2014 වසර 10 වෙනවා ජූනි මාසේට. :shocked:
    ගිය අවුරුද්දේ තමා ගෙවල් වලට කිව්වේ. ;)
    අවුරුදු 9 හොරන් හිටියා අහුවේන් නැතිව. ;)
    දැන් ගෙවල් වලට කිව්වා..දැන්ම බදින්න නම් අදහසක් නැ.:cool:
    මට 25 එයාට දැන් 22.නන්ගි මන් ගාවට එද්දි එයාට 13 වයස..මන් හුගාක් පරිස්සමන් එයාව බලාග්ත්තේ මචන්ලා.:(
    මේ අවුරුදු 10 උන එවා මෙතන කියන්න ගියොත් page 100 මට type කරන්න වේවි.මටම හරි පුදුමය් අවුරුදු 10 ගිය විදියට.:shocked:
    මන් හැබයි තාමත් නන්ගිගේ පස්සන් try කලපු දවස් වලට හරි ආදරේ මචන්ලා. :)
    උබලටත් ඒ හැගීම ඇති.කෙල්ලව යාලු කරගන්න වින්ද සුන්දර වේදනාව.:)
    මන් ඉදල ඉදල නන්ගි එක්ක කියවනවා ඔයගේ පස්සේන් මන් ආපු විදිය.
    :)
    මට හුගක් Happy මගේ 1 අදරේ තාමත් මගේ 1 අදරේ වෙලා තියන එකට..:love:
    එ උනත් ඉතින් කියන්න බැනේ මචන්ලා අන්තිම මොහොතේ LOVE බකල් වෙන්නත් ඉඩ තියනවා..:lol: බලමු ඉස්සරාට මොකද වෙන්නේ කියලා. :cool:
    මගේ කතාව බැලුවට උබලට Thankssss;)
     
    Last edited:

    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    මචං අපිනම් තාම තනිකඩයෝ ඒ වුනත් මෙවගේ කතා කියවන්න ආස හිතෙනවා.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යකෝ උබලට හරි:nerd:
    බලපාන් අවුරුදු ගානක් පස්සෙන් යනවා:eek:
    :(තවම නැනේ.දුක තමා බොලන්:(
    ටීෆ්ස්:yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දරනගම ඉස්කොලෙ තියෙන්නෙ අපේ ගෙවල් හරියෙ නෙහ්. උඹ කොහෙද ඉස්කෝලෙ? ධර්මාලෝකෙද?
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මේක කියෙව්වම මාව අතීතයට අදිල ගියා බං. ඒ අතීතයත් හරිම ලස්සනයි. හැබයි වර්තමානයෙදි ඉතුරු වුනේ අතීතය විතරයි:sorry:.

    සුභ පැතුම් මචං තව චිරාත් කාලයක් ආදරෙන් උතුරන්න කියල දෙන්නවම :)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරිම සුන්දර අතීතයක් සමීරයෝ.......

    මටත් අතීතයක් තියනවා. මුල අතිශය සුන්දර, මැද අතිශය තිත්ත සහ භයානක.....
    අවසානය ඉතාම දුක........
    ජීවිතය 0නුත් පහලට වට්ට ගත්ත, ආයෙම ආදරයක් නිසා ජීවිතේට ඇදල ගත්ත, ආයෙත් හිටපු තැනට වඩා පහලට වැටිච්ච් අතීතයක්.......
    24*7 අවුරුදු එකහමාරක් බීපු අතීතයක්.......
    රට සම්බන්ධ නිසා කියන්න බැරි අතීතයක්............
    මම මාත් එක්ක මිනී වලට ගෙන යන අතීතයක්...........
     
    • Like
    Reactions: whizzkid