මගේ නයිට් ක්ලබ් මතකයන්
මගේ නයිට් ක්ලබ් මතකයන්
අපේ සත් ගුණවත් තඩියා මහතාගේ "නයිට් ක්ලබ් උණ" පොස්ටුව කියෙව්වට පසු " මගේ නයිට් ක්ලබ් මතකයන් " මෙහෙම ලියා තියන්න කල්පනා කොලේ මෙව්වා අමතක වන නිසා ය . අපටද මෙවන් පිස්සු කාලයක් තිබුණා නේ කියා මතක් වෙන්නට ය .
"රෑ කෑම සොයා කිලෝමීටර 160 " පොස්ටුව කියෙව්වා මගේ ආදරනීය පාඨක ජනතාව එකල මගේ රැකියාවේ ස්වභාවය සහ පසුබිම දන්නා බැවින් නැවත ඒ ගැන ලියන්නට නොයන්නේය .
බොහෝ දිනවල රෑ 9 පහු වෙනතුරු වැඩ කර අපට හිතට නිදහසක් කියා දෙයක් තිබුනානම් ඒ සුක්කානම හැරුන අතේ ගිය විනෝද නෑ නෑ වචනේ විකාර ගමන් සහ කොලබ තිබුන නයිට් ක්ලබ් වන්දනාවන් ය . බොහෝ විට මේ සියලු ගමන් වල සාදර සමාදර දායකත්වය ගෙන කටයුතු කරේ සම්ප්‍රදායික අන්තවාදී මුස්ලිම් ආගමිකයකු නොවූ අප කාගේත් හිතවත් කාශිෆ් ය. ඔහු සමග මේ ගමන යන අනෙක් සමාජිකයා වන්නේ අපේ ප්‍රසන්නයා ය . බෑ කියා දෙයක් ශබ්ද කෝෂයේ නැති ඔහු ද කාශිෆ් මෙන් අවංක මිතුරක් ව සිටියේය .අප තිදෙනා රැකියාව අවසන් වී මසකට සැරයක් හෝ දෙකක් සිකුරාදාවක සමාජ ශාලාවක් සොයා ඉගිල්ලෙන්නේ නිදහස එහි ඇති බව එකල විශ්වාස කර නිසා ය . මෙව්වා කියවද්දී මගේ ආදරනීය පාඨක ජනතාව අප ද මාලක සිල්වා වරු ලෙස ගණන් නොහද ගන්නා සේක්වා.
එකල මට අප තිදෙනාටම පෙම්වතියන් නොසිටි නිසා මේ අයුරෙන් නිදහසේ රස්තියාදුවේ යාමට හැකියාව තිබුන අතර බොහෝ අවස්තා වල මම ගෙදරට ඇමතුමක් දී පූර්ව දැනුම් දීමක් කර තිබුනේ අද සුපුරුදු පරිදි රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබෙන බව ය . එකල මම වැඩ කර ආයතනයේ බොහෝ අවස්තා වල රාත්‍රී භෝජන සංග්‍රහයන් කොලබ කුමක් හෝ හෝටලයක පවතී අතර ඒවා නැති දින වලදී ඒවා පිටින් දමා මේ අයුරෙන් නිදහසේ රස්තියාදුවේ යාම නොහොබිනා ක්‍රියාවක් බව වැටහුනේ බොහෝ කලක් ගත වූ පසුවය . අනාගතය සදහා මුදල් ඉතිරි කලයුතුය යන අදහසක් එකල නොවූ නිසා ලැබෙන වැටුප මේ ආකාරයට පුච්චා දැමීම මන්දබුධික ක්‍රියාවක් බව අද වන විට වැටහෙනවා ය .
අප තිදෙනාම කොලබ ඩී ආර් විජයවර්ධන මාවතේ පහිටි Pier 3 Night Club හි යාවජීව සාමාජිකයන් වූ අතර අප කොතරම් මේ සමාජ ශාලාවට ගෝස් සිටියේද යැයි කියන්නට හොදම නිදසුන වන්නේ අප තිදෙනාම ඇතුලට එන විටම dj කරන එකා අප පිළිගැනීමට වෙල්කම් කිරීමය . මෙය අපට මහත් හිසරදයක වූ අතර පසු කලෙක මෙය නවතා දැමුවේ අප මේ සමාජශාලාවෙන් වෙනත් එකක් සොයා ගිය නිසා ය . වසර 10 කට පමණ පෙර Pier 3 Night Club එක වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් ම Night Club එකක් ම විය . අද වන විට එහි කළමණාකාරිත්වය වෙනස් වීම් නිසා දෝ වන්නට මෙන් ගොසිප් අඩවි වල පවා නම ගා ගැනීමට සමත් ව තිබීම දුකට කරුණකි.
ඉතින් මේ අයුරෙන් Club එක තුලට පිවිසෙන අප බීමට අවැසි දේ අනැයුම් කරන්නේ බොහොම කල්පනාවෙනි . ප්‍රසන්නයා මේ කටයුත්තේ පරතෙරට ගිය එකෙකු නිසා ඔහු මුල් වී කටයුතු කරන අතර අපෙන් කා බී විනෝද වන්න ට එන යුවතියන් කළමණාකරණය කිරීම ද ප්‍රසන්නයා අතින් ම සිදු වේ . අපට නැති ඔහුට ඇති සුවිශේෂී හැකියාව වන්නේ කටගහගෙන ගොස් හෝ අවැසි දේ කිරීම ය .දිනක් මම ප්‍රසන්නයා ට කිව්වේ වෙනද එන කෙල්ල නැතුව වෙන එකෙක් සෙට් කරපන් කියා ය . ඔහු ඒ දෙය කරන්නට ගොස් සිදු වූ ඇබැද්දිය අදටත් මතක ය . මම දුරකථන ඇමතුමක් ගැනීමට ඩාන්සින් ෆ්ලොව් එකෙන් එලියට එද්දී club එකේ කෙල්ලන් 4-5 ප්‍රසන්නයා වටකරගෙනය . ලගට කර බැලින්නම් ඔවුන් ප්‍රසන්නයට බනිනවා ය . ඒ වෙනදා කෙල්ල මග හැර වෙනත් එකියක් සොයන්නට යද්දී වෙනදා එන කෙල්ලට මාට්ටු වීමයි . අවසානයේ කෙසේ හෝ අලුත් කෙල්ලෙක් සමගින් එන්නට ප්‍රසන්නයා සමත් වනවා ය . ඒ අයුරෙන් අප තිදෙනාම කෙල්ලන් මාරු කරගත් අතර VIP යාමට ද පසුව පුරුදු විය .VIP යාම යනු Club එකේ නිදහසටත් එහා ගිය නිදහසක් වෙනුවෙන් බොහෝ CLUB වල වූ කොටසය .
මේ අයුරෙන් කොලබ NASA ,වින්ට පැල්ස් , බේස් , ක්ලියෝපැට්රා සහ තවත් සමාජ ශාලා රැසක ගොස් මුදල් විනාස කර අප සැබෑ නිදහස තිබෙන්නේ මෙතන නොවේ යැයි අවබෝධ කර ගත් අතර පසුව එකල කොලබ ගලධාරි හෝටලයේ වූ සම්හාන මද්යස්ථානයට ගිය පසුව ඉන් ද කාලයකට පසුව සුක්කානම හැරුන අතේ සති අන්තය ගත කිරීමට ගියෙමු .
දිනක් වෙරි මරගතාතෙන් වාහනය පදවද්දී පොලිසිය නැවත්වූ අතර දඩ කොලයක් නොමැතිව පොලිසියෙන් ද බේරී එන්නට ප්‍රසන්නයා සමත් වනවා ය . ඒ කොහොමද යන්න අදටත් උත්තර නැති ගැටලුවක වන අතර ඒ කෙසේද දන්නේ නම් උඩ ඉන්න දෙවියෝ පමණි .
තවත් දවසක දෙහිවල සරණංකර පාර අසලින් කශිෆ් අප දමා ගියෙයේන් අප දෙදෙනා කොහුවල දක්වාම ටුක් එකක් සොයා පයින් ගිය මතකයද හැමදාම හිතේ තියෙනවා ය .
උදේ වැඩට යන්නට බලාගෙන අලුයම නිවසට එන මමත් ප්‍රසන්නයාත් පැය කිහිපයක් නිදා ගන්නා අතර මටත් පෙර ඌ උදෙන් ඇහැරී අම්මා කුස්සියේ උයන තැනට ගොස් පඩියේ වාඩි වී අම්ම සමග කියවමින් උදේ කිරි කෝප්පය පානය කර හැටි අදත් මට මතකය .
අම්මා ට අනුව මම එපා කරපු එකෙක් වූ අතර ප්‍රසන්නයා යනු හොද ළමයෙකි . මුගේ කරට්ටුව දන්නේ මම සහ කශිෆ් වන අතර එව්වා අම්මට කියා ප්‍රසන්නයා අමරුවෙන් හදා ගත් කාඩ් එක කුඩු කර දැමීමට තරම් අප එකල නරක ළමයින් නොවීමු . අදටද අම්මා ප්‍රසන්නයා ආදරයෙන් මතක් කරන්නේ එදා පඩියේ ඉගෙන අම්මා උයනකම් කියෙව්වා මතක් කරමින් ය .
කාලයත් සමග මම මෙම ආයතනයෙන් ඉවත් වූ අතර පසුකලෙක කාශිෆ් මෙන්ම ප්‍රසන්නයා ද රැකියාවේන් ඉවත් වූ බව දැනගන්නට ලැබුණි . ඔවුන් මෙව්වා කියවන්නේ නැති නිසා හොද ය . නැත්තම් ලුණු ඇබුල් ඇතිව අහගන්නට වනවා ෂුවර් ය .
අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මෙව්වාට ගොන් කම් කීම ගොන්නුන්ට ද කරන අගව්රවයක් බව ය .
http://magelokaya01.blogspot.com/2017/11/blog-post_20.html