මගේ මනෝ විකාර

Dimuth Max

Member
Sep 16, 2017
29
14
0
බොහොම කාලයකට පස්සේ කිරියේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.
කිරියට මම අළුත්. ඒ උනාට මම කිරියේ යන ත්‍රෙඩ් කියවනවා, වෙලාවක් තිබ්බොත් කමෙන්ට් එකක් එහෙම දානවා .

මේකේ යන ත්‍රෙඩ් සහ මම දැනට බෝඩ් වෙලා ඉන්න පරිසරයේ මිනිස්සු ඇසුරු කරලා, ඒ ආකල්ප ආශ්‍රයෙන් තමා මම මේ ත්‍රෙඩ් එක දාන්නේ.

මම මෙහෙම පටන් ගන්නම්. මගේ තියෙන එකම දුර්වල කම තමා. සෙක්ස් වලට ඇබ්බැහි වීම. මම කොළඹට ඇවිත් අවුරුදු 6කටත් වැඩී. මෙහෙදි තමා බඩු සීන් එකට පුරුදු උනේ. මම දැනට කෙල්ලෝ 4 දෙනෙක් එක්ක යාළු වෙලා තියෙනවා. හැබැයි ඒ එක්කෙනෙක් එක්කවත් සෙක්ස් කරලා නෑ. මොකද මට හැමදාම අළුත් මුහුණක්, අළුත් සිරුරක්, ඕන නිසා. අන්තිමට තිබුණ සම්බන්ධතාවය විතරයි මම දිග කාලයක් කරේ , අවුරුද්දක්. ඒකත් ඕනවට එපාවට.

දැන් කෙල්ලෙක් නෑ යාළු කරගන්න ආසාවකුත් නෑ. සෙක්ස් වලට තියෙන ඇබ්බැහියත් අඩු කරගත්තා.

ඇත්තටම පහුගිය කාලය ගැන හිතලා බැලුවා. තාවකාලික සතුටකට මම කොච්චර මුදලක් නාස්ති කරාද කියලා. ඒ සල්ලි ඉතුරු කරලා වෙන ඉන්වෙස්ට්මන්ට් එකක් කරා නම් කියලත් හිතෙනවා.

දැන් කියන්න ආවේ මම ඉන්න පරිසරෙත් මේ වගේමයි. අද දවස රජ වෙන්නේ කොහොමද කියන එක විතරයි. දිගු කාලීන සැලසුම් නෑ. ලෝකෙට පේන්න ප්ලාස්ටික් කෑලි ටිකක් එල්ලන් ඉන්න තියෙනව නම් එච්චරයි. ඉවසීම නෑ.

මෙහෙ ඉන්නවා මල්ලි කෙනෙක්. පොර කරන්නේ ඔය මාකටින් වැඩ වලට ලීෆ්ලට් අනම් මනම් බෙදන එව්වට කෙල්ලො කොල්ලෝ සප්ලයි කරන එක. තව එක එක බිස්නසුත් කරනවා. පොරට සමහර වෙලාවට මාසෙට ලක්ෂ 2 පන්නන වෙලාවල් තියෙනවා. ඒ උනාට මාසේ අන්තිම හිඟන්නා.

එක දවසක් පොරත් එක්ක බොන්න සෙට් උනා ( උන් එක්ක බොනවා කියන්නේ වෙනම ආතල් එකක් ). මම පොරගෙන් ඇහුවා උඹට කෝටි 20ක් අහු උනොත් මොකද කරන්නේ කියලා. උත්තරේ පොදුයි, පාර්ටි, වාහන, සවාරි. ඔච්චරයි.
අපේ රටේ දේශපාලනේ ඉඳන් පහලට වෙනකම් තියෙන ආකල්පේ තමා, අද කීයක් හරි හොයා ගන්නේ කොහොමද, කියන එක. එහෙම හොයා ගත්තා කියමු. ඊට පස්සේ කරන්නේ ඒ සල්ලි අදම වියදම් කරලා හෙට දවස බකන් නිලන් ඉන්නවා. ලොකු ඩිසාස්ටර් එකක් ආවොත් ලොකෙට ණයයි.

තව එකක් කියන්නම්. අපේ ගමේ හිටියා හොඳ වැදගත් පවුලක්. ඒ පවුලේ ලොකුපුතා විතරයි කොළඹ ආණ්ඩුවේ රස්සාවක් කලේ. ( ලොකු පුතා කිව්වට අපේ තාත්තලගෙ වයසේ.) පොර ඉතිම් බැන්දෙත් කොළඹම ගෑණියක්. ගෙවල් වලින් එපා කියද්දි කරගත්ත කසාදයක්. ගෑණී මෝඩයි, තණ්හා අධිකයි. මහ මනුස්සයා මැරුණා හත් දවසේ දානේ ඉවර වෙන්නත් ඉස්සෙල්ලා. ඔන්න ඉඩම් බෙදාගන්න වලි. කොළඹ හාදයා. කොහොම හරි, ගමේ තිබ්බ පොල් අක්කරයයි, කුඹුරු අක්කර දෙකයි ලියාගත්තා.

කියන්න බැරි උනානේ පවුලේ දෙන්නයි හිටියේ, පොල් අක්කරයයි, කුඹුරු අක්කර දෙකයි තමා පවුලට තිබ්බ ලොකුම ආදායම. බාලයා තමා ඒ ටික බලාකියාගෙන හිටියේ. ඉතින් අරූ ඒ ටික ලියාගත්තා, බාලයට ගේයි ඉඩමයි දුන්නා.

කියන්න දුකයි අවුරුදු 5ක් ගිය තැන අරූ අර ඉඩම් ටික වික්කා, බලා කියාගන්න අමාරුයි කියලා. එතකොට අයියයි ,මල්ලියි තරහ වෙලා. මල්ලිත් අරූ ඉඩම් ටික ලියාගත්තට පස්සේ වෙන රස්සාවක් හොයාගත්තා.ඉතිං බලපං අර රත්තරං පාත්තයගේ බඩ පළලා බිත්තර ගත්තා වගේ නේ.

ඉතිං අපේ රට දියුණු වෙන්න ඕන නම් තමුන්ට තියෙන සම්පත් වලට වටිනාකමක් දෙන්න ඉගෙන ගන්න ඕන. ඒ වගේම ඉවසීමත් ප්‍රගුණ කරන්න ඕන. හරියට මැද පෙරදිග සහ,ඒ අවට රටවල වගේ.මොකද මාසෙට රුපියල් 5000ක් හරි නිකම් අතට එන විදිහට ස්ටේබල් ඉන්කම් එකක් තියෙනවා කියන්නේත් ලොකු දෙයක්.

එහෙම නැත්තම් බටහිර වගේ දිගුකාලීන අරමුණක් ඇතුව අත්හදා බැලීම් හා නව නිශ්පාදන කරන්න ඕන. හොඳම උදාහරණය ෆේස් බුක්.

2005 ඕක පටන් අරං ආදායමක් එන තත්වෙට ආවේ කොයි අවුරුද්දෙද හිතලා බලන්න.

අනිත් ලොකුම දේ ඉරිසියාව සහ ලද දෙයින් සෑහීමකට පත් නොවීම.

මම නම් හිතන්නේ ලංකාවේ ඉන්න සාර්ථකම සෙට් එක තමා පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ අය අපිට බෙදලා ඒ කට්ටිය දංකුඩ කයි කියලා අපි පිඟාන දික් කරන් ඉන්නවා.ඒක වෙන්නේ නෑ. අපි අවුරුදු 70ක් විතර ඒ අත්දැකීම විඳලා තියෙනවනේ

ත්‍රෙඩ් එකත් දික් උනා තව ඔළුවට එක එක විකාර එනවා.වෙලාවක් තිබ්බොත් එව්වා වෙන තෙඩ් එකක දාන්නම්.

එහෙනම් තව ත්‍රෙඩ් එකකකින් ආයෙත් හම්බ වෙන්නම්.

 

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පාර්ලිමේන්තුවෙ තමයි සිරාම පොරවල් ඉන්නෙ

    ලංකාවෙ සුපිරිම බිස්නස් එක

    උන් මේ තැනට එන්නත් සුපිරිම කට්ටකුත් කාල තියනව

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    මෙහෙ ඉන්නවා මල්ලි කෙනෙක්. පොර කරන්නේ ඔය මාකටින් වැඩ වලට ලීෆ්ලට් අනම් මනම් බෙදන එව්වට කෙල්ලො කොල්ලෝ සප්ලයි කරන එක. තව එක එක බිස්නසුත් කරනවා. පොරට සමහර වෙලාවට මාසෙට ලක්ෂ 2 පන්නන වෙලාවල් තියෙනවා. ඒ උනාට මාසේ අන්තිම හිඟන්නා

    මට මාසෙකට 30000ක් හම්බවෙන ජොබ් එකක් තිබුණොත් හොඳටම ඇති..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    එක දවසක් පොරත් එක්ක බොන්න සෙට් උනා ( උන් එක්ක බොනවා කියන්නේ වෙනම ආතල් එකක් ). මම පොරගෙන් ඇහුවා උඹට කෝටි 20ක් අහු උනොත් මොකද කරන්නේ කියලා. උත්තරේ පොදුයි, පාර්ටි, වාහන, සවාරි. ඔච්චරයි.

    ගැජට් බැජට් ටිකක් ගන්නව..
    ගෙදර අයටත් දෙනව..
    සත්තු බලාගන්න තැනකට පරිත්‍යාගයක් හරි බඩු ටිකක් හරි අරං දෙනව..

    මිනිස්සුන්ට උදව් කරන්ඩ කැමතියි. ඒත් උදව් කරන්ඩ තරං වටින එකෙක්වත් නෑ. බලු කපුටු දානයක් දෙනව ඊට වඩා හොඳයි..

    අනේ මංද උඹලට සල්ලිවල අගයකුත් නෑ. කෙල්ලෙක්ගෙ අගයකුත් නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    දේහලීය අගය... :yes:
    වයිට්වෝකරය මම කියපු කතාව හරි නේද...