ඉස්සෙල්ල YAMAHA PSR පොඩි එකක් ගනින්. එකෙන් finger training කරලා ස්වර 7 පොඩියට play කරන්න පුරුදුවෙයන්. ඊට පස්සේ බැරිය ඒ වම් පැත්තේ තියන කෑල්ලෙන් කරන දේ ඉගෙනගන්න. live band ගහනකොට yamaha ඒවා පාවිච්චි කරනවා අඩුයි. වැඩිහරියක් ලංකාවේ sound setup වල තියෙන්නේ Roland තමයි. ඒවායේ වම පැත්තේ තියන කෑල්ල (එකට කියන්නේ pitch bender කියල ) yamaha වලත් තියනවා. එත් yamaha හදන එවුන් pitch bender එක හදන්නේ wheel එකක් විදිහට. pitch bender එකෙන් කරන කාර්ය දෙකක් තියෙනවා. එකක් note එක bend කරන එක. අනික් එක note එක modulate කරන එක. PSR 520 එකේ ඉඳන් ඉහලට yamaha හුඟක් keyboard වල pitch bender එක එනවා wheel එකක් විදිහට. එත් යමහා හුඟක් keyboard වල pitch bending wheel එක අවට modulation එන්නේ නැහැ.මේ ත්රෙඩ් එක දාපු සහෝදරයා වගේ piano පැත්තට බර piano style play කරනකොට pitch bender එකෙන් වැඩක් නැහැ. wetern පැත්තට play කරනකොටත් pitch bender එක පාවිච්චි කරන්නේ හුඟක් අඩුවෙන්. අපේ ලංකාවේ , ඉන්දියාවේ සංගීතයට pitch bender එක ලොකු සහයෝගයක් දෙනවා. ඉස්සෙල්ල keyboard එකක් ගනින්. මුලදිනම් PSR 220 එකත් ඇති පුරුදුවෙන්න. එත් 520 හෝ 530 වගේ එකකට යන්න පුලුවන්නම් හොඳයි. මගේ උණුසුම් සුභපැතුම් අලුතෙන් ආරන්භ කරන්න හිතුව සංගීත කටයුත්තට.
ඔය තියෙන්නේ support. එල එල




ඊට පස්සේ පුළුවන් පුළුවන් වෙලාවට සින්දුවක් දෙකක් ගහන්න පටන් ගත්තා. සතියට දෙපාරක් තුන්පාරක්. දැන් ඉස්සරට වැඩිය හොඳට පුළුවන්. එක හින්ද අත අරින්න එපා. පරණ පුරුදු ටක් ගාල එලියට එනවා ඉඩ දුන්නොත්.
