මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්
මචංලා මම මේකේ ඉන්න පරණ සීනියර් මෙම්බර් කෙනෙක් බං. ෆේක් එකක් හදන් ආවේ හිතට ගොඩක් දුක හිතුනු නිසා. මම කොළඹ කැම්පස් එකේ කොල්ලෙක් බං. ඊයේ මගේ උපන්දිනේ. මම ඉන්නේ අන්තිම අවුරුද්දේ. හැම අවුරුද්දෙම මම උපන්දිනේ දාට ගෙදර යනවා. ගිහින් පන්සලට දවල් දානේ හරි දෙන්න ලෑස්ති කරවනවා අම්මා එක්ක. මම හම්බු කරන්නේ නෑ තවම විසිගණන් වල මැද වයසක් උනාට. ඒත් අම්මව උනන්දු කරවලා දානේ දෙනවා, හවස පන්සල් යනවා. මෙදාපාර අන්තිම අවුරුද්දේ වැඩ නිසා එහෙම යන්න වෙලාවක් නෑ බං. ඒ නිසා කරන්න දෙයක් නැති නිසා මම කොළඹ ඉස්පිරිතාලේ සොයිසා වාට්ටුව කියන එකේ (ඒක බබාල හම්බුවෙන ඉස්පිරිතාලයක්) වාට්ටුවකට ගිහින් අම්මලා පස් දෙනෙක්ට කෑම 5ක් අරන් දෙන්න හැදුවා උපන්දිනේ නිසා. මම හම්බු කරන්නේ නෑ. ඒ උනාට තාත්තා වියදමට දුන්නු අමාරුවෙන් ඉතිරි කරගත්තු සල්ලි ටිකක් තිබ්බා ඒක වියදම් කරලා දෙන්න හැදුවේ. මොකද බං ගොඩ දුරින් එන අම්මලා සමහර වෙලාවට කන්නේ අර ඉස්පිරිතාලෙන් උයලා දෙන මළ ජරා බත් එක නිසා. ඒත් ඒ ඉස්පිරිතාලේ අම්මලාට ලඟදි ඔහොම දානෙකින් බඩේ අමාරුවක් හැදුන නිසා බත් පිටින් ගේන්න දෙන්නේ නැතිලු. එතනින් කිව්වා පළතුරු වගේ මොනවා හරි දෙන්න පුලුවන් නම් නැත්නම් මහ ඉස්පිරිතාලේ ලෙඩ්ඩු 5 ක් හොයාගන්න කියලා. එහෙම තව හොය හොය ඉන්න එක කරදර නිසා මම තකහනියක් කොටුවේ ගිහින් ඇපල් ගෙඩි 10 කුයි, දොඩම් ගෙදි 10 කුයි (100 ට 5 තියෙන එව්වා නෙමෙයි බං ඊට වඩා හොඳ ඒවා තවම්යි බලලා ගෙනාවේ) අරන් ඇවිත් 4 ගානේ මලු 5 කට දාලා අම්මලාට දෙන්න ගෙනිච්චා. ඒත් එතන අම්මලා බබාල හම්බුවෙන්න ඉන්න 9 ක් හිටි නිසා මිස් කෙනෙක් කිව්වා දෙක ගානේ දෙන්න කියලා පස්සේ ඉතිරි වැඩි දෙක බබෙක් හම්බුවෙච්ච අම්මා කෙනෙක්ට දුන්නා පොඩ්ඩක් වයසක. මචං ඔය වැඩේ මම කලේ තනියම බං. ඒ කිව්වේ මගේ කැම්පස් එකේ අපේ බැජ් එකේ උන් ඔක්කොම ඊයේ ලෙක්චර් එකක් තිබ්බ වෙලේක මම කට් කරලා ඔය වැඩේ කලේ කවුරුත් දැනගන්න එක වළක්වන්න. ඒකෙන් ගොඩක් ලොකු සතුටක් දැනුනා. පස්සේ හවස පන්සල් ගිහින් තනියම වැඳලා කරනා හොස්ටල් ආවා. මගේ බැජ් එකේ ගෲප් එකේ උන්ගේ ඉන්නවා ටිකක් සෝබන කාර සෙට් එකක්. උන්ට ඊයේ හවස තමයි මගේ උපන්දිනේ කියලා මීටර් වෙලා තියෙන්නේ. අද ගියාම උන් කේක් ඉල්ලලා මට අනම් මනම් කියලා නෝන්ඩි දැම්මා බං. මේ අන්තිම අවුරුද්ද කේක් කෑල්ලක් දෙන්න බැරිද, අනික් උන්ගේ උපන්දින වලදි කේක් දෙද්දි කන්න පුලුවන් නම් ඇයි දෙන්න බැරි කිය කියා. මම හිතා ගත්තා ආයේ මොකා මොන උපන්දින කේක් දුන්නත් මම කන්නේ නෑ කියලා බං. මම සිරාවට චාටර් ඩයල් එකක්ද කියලා පලයන් බං. ෆේක් එකකින් මේක දාපු එක ගැන සමාව ඉල්ලනවා බං. මොකද මගේ ඔරිජිනල් එකෙන් මේක කියන්න මට සිරාවට කොන්ද පණ නෑ.
Last edited:



. 