මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

know855

Member
Sep 2, 2014
11
0
0
මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

මචංලා මම මේකේ ඉන්න පරණ සීනියර් මෙම්බර් කෙනෙක් බං. ෆේක් එකක් හදන් ආවේ හිතට ගොඩක් දුක හිතුනු නිසා. මම කොළඹ කැම්පස් එකේ කොල්ලෙක් බං. ඊයේ මගේ උපන්දිනේ. මම ඉන්නේ අන්තිම අවුරුද්දේ. හැම අවුරුද්දෙම මම උපන්දිනේ දාට ගෙදර යනවා. ගිහින් පන්සලට දවල් දානේ හරි දෙන්න ලෑස්ති කරවනවා අම්මා එක්ක. මම හම්බු කරන්නේ නෑ තවම විසිගණන් වල මැද වයසක් උනාට. ඒත් අම්මව උනන්දු කරවලා දානේ දෙනවා, හවස පන්සල් යනවා. මෙදාපාර අන්තිම අවුරුද්දේ වැඩ නිසා එහෙම යන්න වෙලාවක් නෑ බං. ඒ නිසා කරන්න දෙයක් නැති නිසා මම කොළඹ ඉස්පිරිතාලේ සොයිසා වාට්‍ටුව කියන එකේ (ඒක බබාල හම්බුවෙන ඉස්පිරිතාලයක්) වාට්‍ටුවකට ගිහින් අම්මලා පස් දෙනෙක්ට කෑම 5ක් අරන් දෙන්න හැදුවා උපන්දිනේ නිසා. මම හම්බු කරන්නේ නෑ. ඒ උනාට තාත්තා වියදමට දුන්නු අමාරුවෙන් ඉතිරි කරගත්තු සල්ලි ටිකක් තිබ්බා ඒක වියදම් කරලා දෙන්න හැදුවේ. මොකද බං ගොඩ දුරින් එන අම්මලා සමහර වෙලාවට කන්නේ අර ඉස්පිරිතාලෙන් උයලා දෙන මළ ජරා බත් එක නිසා. ඒත් ඒ ඉස්පිරිතාලේ අම්මලාට ලඟදි ඔහොම දානෙකින් බඩේ අමාරුවක් හැදුන නිසා බත් පිටින් ගේන්න දෙන්නේ නැතිලු. එතනින් කිව්වා පළතුරු වගේ මොනවා හරි දෙන්න පුලුවන් නම් නැත්නම් මහ ඉස්පිරිතාලේ ලෙඩ්ඩු 5 ක් හොයාගන්න කියලා. එහෙම තව හොය හොය ඉන්න එක කරදර නිසා මම තකහනියක් කො‍ටුවේ ගිහින් ඇපල් ගෙඩි 10 කුයි, දොඩම් ගෙදි 10 කුයි (100 ට 5 තියෙන එව්වා නෙමෙයි බං ඊට වඩා හොඳ ඒවා තවම්යි බලලා ගෙනාවේ) අරන් ඇවිත් 4 ගානේ මලු 5 කට දාලා අම්මලාට දෙන්න ගෙනිච්චා. ඒත් එතන අම්මලා බබාල හම්බුවෙන්න ඉන්න 9 ක් හිටි නිසා මිස් කෙනෙක් කිව්වා දෙක ගානේ දෙන්න කියලා පස්සේ ඉතිරි වැඩි දෙක බබෙක් හම්බුවෙච්ච අම්මා කෙනෙක්ට දුන්නා පොඩ්ඩක් වයසක. මචං ඔය වැඩේ මම කලේ තනියම බං. ඒ කිව්වේ මගේ කැම්පස් එකේ අපේ බැජ් එකේ උන් ඔක්කොම ඊයේ ලෙක්චර් එකක් තිබ්බ වෙලේක මම කට් කරලා ඔය වැඩේ කලේ කවුරුත් දැනගන්න එක වළක්වන්න. ඒකෙන් ගොඩක් ලොකු සතුටක් දැනුනා. පස්සේ හවස පන්සල් ගිහින් තනියම වැඳලා කරනා හොස්ටල් ආවා. මගේ බැජ් එකේ ගෲප් එකේ උන්ගේ ඉන්නවා ටිකක් සෝබන කාර සෙට් එකක්. උන්ට ඊයේ හවස තමයි මගේ උපන්දිනේ කියලා මීටර් වෙලා තියෙන්නේ. අද ගියාම උන් කේක් ඉල්ලලා මට අනම් මනම් කියලා නෝන්ඩි දැම්මා බං. මේ අන්තිම අවුරුද්ද කේක් කෑල්ලක් දෙන්න බැරිද, අනික් උන්ගේ උපන්දින වලදි කේක් දෙද්දි කන්න පුලුවන් නම් ඇයි දෙන්න බැරි කිය කියා. මම හිතා ගත්තා ආයේ මොකා මොන උපන්දින කේක් දුන්නත් මම කන්නේ නෑ කියලා බං. මම සිරාවට චාටර් ඩයල් එකක්ද කියලා පලයන් බං. ෆේක් එකකින් මේක දාපු එක ගැන සමාව ඉල්ලනවා බං. මොකද මගේ ඔරිජිනල් එකෙන් මේක කියන්න මට සිරාවට කොන්ද පණ නෑ.​
 
Last edited:

know855

Member
Sep 2, 2014
11
0
0
Faculty eka mokadda oyage

ෆැකල්ටි එක කියන්න බෑ බං. ඒක කිව්වොත් මාව කවුද කියලා දෙතුන් දෙනෙක් ගෙස් කරනවා මේකේ. තරහා වෙන්න එපා බං. :(
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Oka kiyanna moakata ban konda pana nati wenne.Oya campus eke inna un next year eken passe hoya gannath nati wei ban ..
    Uba karala tiyenne hoda wadak ne oya gan kabarayo kiyana ewa ganan ganne ai ban ..

    Ube hita dannawane uba hoda wadak kala kiyala eka hinda owa ganan ganna epa .kelinma kiyapan uba laga salli na kiyala.nathan na kiyanna lajja wenna oni na ban ..
    Kohoma unath Ubata "Subama suba upandinayak''
     
    know855

    Member
    Sep 2, 2014
    11
    0
    0
    එල පොරක් නේ උබ කෙක් මොනාද බන්...

    ඒ උනාට බං අද උදේම මහා චාටර් කතා වගයක් කිව්වා බං. මම හිනා වෙලා කට පියාගෙන ඔලුව වනලා අහගෙන උන්නා බං. :(:(
     
    know855

    Member
    Sep 2, 2014
    11
    0
    0
    Oka kiyanna moakata ban konda pana nati wenne.Oya campus eke inna un next year eken passe hoya gannath nati wei ban ..
    Uba karala tiyenne hoda wadak ne oya gan kabarayo kiyana ewa ganan ganne ai ban ..

    Ube hita dannawane uba hoda wadak kala kiyala eka hinda owa ganan ganna epa .kelinma kiyapan uba laga salli na kiyala.nathan na kiyanna lajja wenna oni na ban ..
    Kohoma unath Ubata "Subama suba upandinayak''

    මම මේකේ ඇක්ටිව් ඉන්න එකෙක් බං. මට ඉස්කෝලේ යාලුවන්ට පස්සේ ඉන්නේ මේකේ ඉන්න උඹලා. කැම්පස් එකේ ඉන්නේ එකාට එකා නැති උන් බං. ඒත් හිත ගොඩක් රිදුනා බං. ඒ අප්සැට් එකටයි ත්‍රෙඩ් එක දැම්මේ. :(
     
    Dec 14, 2012
    215
    17
    0
    යකෝ නෝන වාට්ටුව කියන්නෙ බොරැල්ලෙ ලමා රෝහලටනෙ. ඒකෙ කොයින්ද ලමයි හම්බවෙන්න ඉන්න අම්මල?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම මේකේ ඇක්ටිව් ඉන්න එකෙක් බං. මට ඉස්කෝලේ යාලුවන්ට පස්සේ ඉන්නේ මේකේ ඉන්න උඹලා. කැම්පස් එකේ ඉන්නේ එකාට එකා නැති උන් බං. ඒත් හිත ගොඩක් රිදුනා බං. ඒ අප්සැට් එකටයි ත්‍රෙඩ් එක දැම්මේ. :(

    Owa ganan ganna epa ban .. oya wage unta nokiya uba wade karapu eketh hodai ,
    job ekak karana dawasaka oya hama ekatama birthday ekata cake gediya gediya yawapan kala mariyalla kiyala
     
    know855

    Member
    Sep 2, 2014
    11
    0
    0
    බාප්පා;17089054 said:
    යකෝ නෝන වාට්ටුව කියන්නෙ බොරැල්ලෙ ලමා රෝහලටනෙ. ඒකෙ කොයින්ද ලමයි හම්බවෙන්න ඉන්න අම්මල?

    සොයිසා වාට්‍ටුව බං පොඩි පටලැවිල්ලක් උනා. :(
     
    know855

    Member
    Sep 2, 2014
    11
    0
    0
    Owa ganan ganna epa ban .. oya wage unta nokiya uba wade karapu eketh hodai ,
    job ekak karana dawasaka oya hama ekatama birthday ekata cake gediya gediya yawapan kala mariyalla kiyala

    වැඩක් නෑ බං. ඒවගේ 1000ක් කුණු කතා කියන එවුන් එක්ක ඉඳලා. මට කළකිරුනා අද සිරාවට. මට හිතුනේ මම සිරාවට චාටර් බුවෙක් වෙන්න ඇති කියලා. :( :(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වැඩක් නෑ බං. ඒවගේ 1000ක් කුණු කතා කියන එවුන් එක්ක ඉඳලා. මට කළකිරුනා අද සිරාවට. මට හිතුනේ මම සිරාවට චාටර් බුවෙක් වෙන්න ඇති කියලා. :( :(

    pissuda ban ohoma karana un me kale hari adui ban ,a atin uba maru charitayak ,balapan uba ekka inna oya eka halparuwek wath oya wage wadak karala tiyanawada kiyala,owata salennda epa ban .
    Halala dapan oya wage padayo
     
    know855

    Member
    Sep 2, 2014
    11
    0
    0
    pissuda ban ohoma karana un me kale hari adui ban ,a atin uba maru charitayak ,balapan uba ekka inna oya eka halparuwek wath oya wage wadak karala tiyanawada kiyala,owata salennda epa ban .
    Halala dapan oya wage padayo

    මන්දා බං. මම සෝබන දේවලට සල්ලි නාස්ති කරන්නේ නෑ වැඩිය. මම කල්පනා කලේ උන්ට කන්න බොන්න වියදම් කරන ටිකෙන් කන්න නැති කෙනෙක්ට මොනව හරි දුන්නනම් ඉවරයි කියලා. ඒත් හිතුවේ නෑ බං ඔය වගේ නෝන්ඩි කතා කියාවි කියලා. :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අයියෝ ඔච්චර හිතන්න එපා මචන්. උබත් එක්ක ඉන්න කොල්ලෝ ෆිට් එවුන් නම්, ඕක serious ගන්නේ නැහැ. උන් බොලද එවුන් නම් ඕක හිතේ තියන්ගෙන ඉදිවී :P.

    උබව ඔය bite එකට අරන් මධ පාරක් යන්නේ. ඕව මොනවද බන් අපි විදපු අපහාස හැටියට. ඒවාට සියදිවි නහගන්න වෙනවා.

    මම කලපනා කරේ කවදාහරි රස්සාවකට ගිහිල්ල ඒවායේ තියෙන කැපිලි කෙටිලි හැටියට උබල කොහොමද මචන් සමාජෙක ජීවත් වෙන්නේ?

    තරහ වෙන්න එපා මචන්. ඕක අල්ලලා දාපන්. Wish you happy birthday!

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් බන් උබ හොරකන් කරලවත් මිනී මරලවත් කාටවත් කරදරයක් කරලාවත් නැහැනේ .ඉතින් ඕක කියන්න ලැජ්ජ වෙන්න දෙයක්ද ? උබ අර අලුගුත්තෙරුවන්ට කේක් ගිල්ලනවට වඩා ලෙඩ්ඩුන්ට දෙයක් අරන් දුන්න එක කොච්චර වටිනා දෙයක්ද ?

    කොහෙවත් යන කඩප්පුලි කතා කියන උන්ට බයේ උබේ වටිනා කම නැතිකරගන්න එපා සහෝ .අපි නිවැරදි නම් කවුරු මොනවා කිව්වත් නොසැලී ඉන්න හිත හදාගනින් .නැත්නම් උබ කැම්පස් ගියත් සමාජේ එක්ක ගැටිලා ජීවත් වෙන්න අමාරු වෙයි.

    අද සමාජේ හොද මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි තමයි .හොද දේවලට පිළිගැනීම අඩුයි .එත් අපි සමාජෙට ඕන විදිහට වැඩ කරන්න ඕනේ නැහැ අපි හරි නම් .

    උබ කරපු දේ කලාතුරකින් අහන්න ලැබෙන වටිනා දෙයක් .උබේ
    ඔය මනුස්සකම ඉදිරියටත් නොවෙනස්ව තියාගනින් මචන්
    අනාගතේ සාර්ථක වෙන්න කියල පතනවා :yes::yes: