සැබෑ යාලුවෝ නං තමන්ගේ යාළුවගේ අමාරුකම් තේරුම් ගන්නවනේ.
පාටි වලට , සල්ලි තියන වෙලාවට, වියදම් කරනවානං, ගෙවල්වල එක්කන් ගිහින් කන්න දෙනකන් විතරක් ඉන්න යාලුවෝ, හිටියේ නැහැ කියලා කිසි ගැටළුවක් නැහැ බන්.
අන්තිම අවුරුද්දෙන් පස්සේ ඔය ගොඩක් එවුන් මන් දන්න විදිහට හොයන්නවත් නෑ! ජොබ් සෙට් වුනාම එහෙම අවුරුද්දකට වතාවක් වත් සෙට් වෙන්නේ නැහැ. ඉතින් චාටර් වුනත්, ප්‍රසංසා ලැබුවත් ඔතනින් ඉවරයි ඕක!
උඹ කරලා තියනේ දේ පාටි එකකට වඩා හොඳ වැඩක්. එත් කිහිප දෙනෙකුත් සම්බන්ධ කරගෙන තව ටිකක් සල්ලි දාලා කළා නං උඹ චාටර් නොවෙන්න තිබ්බා.
උඹත් උන්ගේ පාටි වලට ගිහින් තියනවනේ, ඒ නිසා උන්ට කියපන්, මේ දවස් වල අමාරුයි... වෙන දවසක දෙන්නම් ඒකට හරියන්න කියලා අනිවාර්යෙන් 1000ක් වත් වියදම් කරලා බටර් කේක් එකක්වත් අරන් දිපන් කට්ටියට. පස්සේ වෙලාවක.