මචං මම හෙන අවුලක ඉන්නෙ....

tearofmine

Member
Apr 4, 2015
16
0
0
Galle
මචං මම හෙන අවුලක ඉන්නෙ....

.
.
.
.
.
.
මචං මම හෙන අවුලක ඉන්නෙ මේ දවස් වල. මම වැඩ කරන්නෙ එක්තරා පළාත් පාලන ආයතනයක . මම වැඩ කරන ඔෆිස් එකට මීට මාස හත අටකට කලින් මිස් කෙනෙක් ඒ කිව්වෙ කෙල්ලෙක් ලිපිකාරිණයක් විදිහට clerical exam පාස්වෙලා ආව. ඒකිට අවුරුදු 27යි. බැදලත් නෑ කියල තමයි වටෙන් පිටින් හොයද්දි දැනගන්න ලැබුනේ. ඉතින් ඒකි දිහා එකපාරක් බැලුවොත් ආයෙ ආයේ බලන්න හිතෙන ලුක් එකක් තියෙනවා ඒ වගේම අහිංසක පාටයි. මාත් ඉතින් තනිකඩයා නිසා අපේ ඔෆිස් එකේ mans කෙනෙක් දාල ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා. (office උනුත් full try මට සෙට් කරන්න) ඒකිත් ඉතින් කැමති වගේ හිටියා හැබැයි ඒකිට හෙනම ප්‍රශ්නයක් තියෙනවයි ඒ නිසා එකපාරට උත්තරයක් දෙන්න බෑ කියල තමයි කියල තිබ්බේ.
ඉතින් ඔහොම මෙහෙම යද්දි අද ඒ කෙල්ල අපේ office එකේ වෙනත් මිස් කෙනෙක්ගෙන් මගේ phone number එක අරන් sms එකක් ගහල ඇහුවා ***(මගේ නම කියල) ඔයා ***(අය්යට) කියල මං ගැන ඇහුවද ඒකට මං කැමතියි ඔයාට හැබැයි දෙයක් කියන්න තියෙනවා ඒක මට අර අය්යට කියන්න බෑ. ඹයාට කියන්නන් හැබැයි calls එකකින් නෙවෙයි sms වලින් කියන්න් කියලත් කිව්ව. ඉතින් මං කිව්ව ඔයා ගන්න ඕනම තීරණයකට මං කැමතියි හදිසියක් නෑමට කියන්නම ඕනනම් විතරක් කියන්නයි කියළ. ඉතින් බං ඒකි ඒ කථාව sms වලින් කියාගෙන කියාගෙන ගියා.

මෙන්න මේකයි කථාව,

ඒ කෙල්ල ඉස්කොලේ යන කාලේ ඒකිට වඩා අවුරුදු 7ක් වැඩිමල් කොල්ලෙක් එක්ක යාලු වෙලා (ඌ බිස්නස් කාරයෙක්ලු). අවුරුදු 4ක් love affair එකෙන් ඉදල. කෙල්ල A/L කරල maths වලින් දෙපාරක්ම කරල ෆේල්. පස්සෙ Arts වලින් කරල ගොඩගිහින් දැන් කැම්පස් final year. (කැම්පස් ඉන්න ගමන් clarical පාස්වෙලා දැන් ලිපිකරු ජොබ කරන්නෙ) පස්සේ ගෙදරට හොරින් මේකියි අර කොල්ලයි මැරි කරල(එතකොට කෙල්ලට 22යි වයස). පස්සෙ marriage ලීක් වෙද්දි ගෙදරට කියල. කොල්ලයි ගෙදර යන්න එන්න ගියින්. හැබැයි කොල්ලගේ අම්ම මේ කෙල්ලට කැමතිම නැතිලු.ඒ වගේ කෙල්ලගෙ ගෙදරිනුත් මේ love එකට කැමති නැතිලු. කෝමින් කෝම කෙල්ල ගෑනියෙකුත් වෙලාලු. (ළමයි කේස් අනම්මනම් නෑ). බැදල අවුරුදු දෙකින්(2) කොල්ල කෙල්ලගෙන් divorce එක ඉල්ලලා තියෙනවා දෙගොල්ගේ කැමැත්තෙන්ම බදිමු කියල(ඇයි කලින් හොරින් බැදපු නිසා කියලලු කියල තියෙන්නෙ). මේකිත් ඒවෙනකොට ඒ කොල්ලට වෙන කෙල්ලොත් එක්ක සීන් තියෙනවයි කියල ආරංචි වෙලා තියෙනවලු, කොල්ලත් සෑහෙන්න වෙනස් වෙන්න ගත්තලු. ඉතින් කොල්ලට divorce එකත් දීල. දැන් වෙන කෙල්ලෙක් එකක් සෙට් වෙලාලු අර කොල්ල. මේකි ඒ කෙල්ලත් එකක්ත් talk කරලත් තියෙනවලු. දැන් ඒකි සෑහෙන්න දුක්වෙනවා දෙමව්පියන්ට අකීකරු වෙලා මුරන්ඩු වෙලා වෙච්ච සිදුවීම් වලට. ඒකිට අය්යල දෙන්නයි එක මල්ලියෙකුයි ඉන්නවලු. අය්යල දෙන්නම බැදල වෙනම පදිංචිවෙලා ඉන්නවලු. මල්ලිත් කොළඹ කොම්පියුටර් කෝස් එකක් කරනවලු.

මටත් අය්ය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි විතරයි ඉන්නෙ. අය්ය marry කරල වෙනම පදිංචි වෙලා ඉන්නෙත මල්ලි කැම්පස්. මල්ලිත් වෙනම ගෙයක් හදන් පදිංච් වෙන්න ඉන්නෙ. ඉතින් මට තමයි අම්මයි තාත්තයි එක්ක ඉන්න වෙන්නෙ. අපේ තාත්ත රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයි. අම්මත් එහෙමයි. අපේ අය්යට මේ සීන් එක කිව්වම එයා කියනවා කොච්චර love එකේන හිටියත් මොනම හරි ප්‍රශ්නයක් ඇතිවුන දවසට ගෙදර දෙමවුපියන්ගෙන් කෙල්ලට වචනයක් නොකියන්න පරිසරය හදාගෙන ඉන්න පුළුවන් ද කියල අහනවා. මචං ඒ කෙල්ල කියපු විදිහට මට හෙනම දුකක් ඇතිවුනා. වෙන කෙල්ලලෙක් නම් දැනට දිවි නහගෙන. ඩිවොස් එකේන පස්සෙ තමයිලු exam කරල Arts වලින් කැම්පස් select වෙලා තියෙන්නෙ. ජොබත් සෙට් වුනේ ඊට පස්සෙලු. ඒකි කැම්පස් සෙලෙක් වෙච්ච දවසෙලු මුලු ජීවිතේටම ගොඩක් සතුටු වුනු දවස කියලත් කිව්වා. තව පෙරපිනක් නිසාලු කැම්පස් යන්න ලැබුනෙත් ඒ එක්කම ජොබත් සෙට් වුනෙත් කියල කියනවා. දැනට ගෙදරින් proposal ගේන්නෙ නැතිලු ඒකි පරිපාලන සේවා exam කරන්ල හොද ජොබකට යන එකලු ඒකිගේ එකම අරමුන කියලත් කිව්ව.

දැන් මම හෙන අවුලක ඉන්නෙ බං. කෙල්ල ගැන හිතද්දි දුකයි.ඒකි හෙන අහිංසක පාටයි. තව බං ඒ වගේ කෙල්ලෙක්ට සමාජයෙන් එල්ලවෙන බලපෑම් අනන්තවත් කෙල්ලෙක්ට ඉවසන්න පුලුවන් දේවල් නෙවෙයිනෙ වෙන්නෙ. ඒවගේම අපේ ගෙදර දෙමවුපියන්ට විරුදද් වෙන්නත් බෑ. උඹලට මේවගේ සීන් එකක් උනොත් මොකද බං කරන්නෙ.


(මචං මම 2006 කිරියෙ පදිංචි වෙච්ච එකෙක් real acc එන්න මොකද්ද වගේ ඒ නිසයි මේ acc එකක් හදන් ආවේ)
 

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මෙච්චර දේවල් වෙලත් ඒ ගැනුළමය වැටෙන්නේ නැතුව එයාගේ ජිවිතේ අයේ හරිපාරකට අරගෙනතියෙනවා එයාගේ target එකටත් එයා අනිවාර්යෙන්ම යයි. ඔයා එයාව ටිකකාලයක් ආශ්‍රයකරලා බලන්න, එයා ඔයාට ගැලපෙනවා කියල හිතෙනවනම් marry කලාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ
     

    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle

    අයි බං....

    depaarak hithla theranayak ganin bro

    මොනව කරන්නද කියන්නද කියල හිතා ගන්නන බෑ..........
    මට අවුලකට තියෙන්නෙ ඒකි marry කරල divorce වෙච්ච නිසා බං. ඒ seen එකට ගෙදරින් approve කරගන්න බැරි වෙයි කියල. අනික් ඒවනම් කේස් නෑ බං...

    :(
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    attachment.php
     

    Attachments

    • Apitath mewa balanna unane.jpg
      Apitath mewa balanna unane.jpg
      32.7 KB · Views: 367

    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle
    මෙච්චර දේවල් වෙලත් ඒ ගැනුළමය වැටෙන්නේ නැතුව එයාගේ ජිවිතේ අයේ හරිපාරකට අරගෙනතියෙනවා එයාගේ target එකටත් එයා අනිවාර්යෙන්ම යයි. ඔයා එයාව ටිකකාලයක් ආශ්‍රයකරලා බලන්න, එයා ඔයාට ගැලපෙනවා කියල හිතෙනවනම් marry කලාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ

    මම ගැන නෙවෙයි මට බැලන්ස් එකේ ඉන්න පුළුවන් ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ දෙමවුපියන් ගැන, මොනව හරි පොඩි misunderstand ගිහින් කෙල්ලට දොස් කිව්වොත් මට ඒක දරාගන්නත් බෑ, අනික. මං ලොකුමහත් කරල රැකියා හොයල දීල ගෙවල් දොරවල් හදල දීල සියළු බර ඇදපු ඒ අය ගැන නොහිතමත් බෑනේ. අනේ මංද බං.......
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Kellange Moda Weda Walata Ubata Karanna Deyak Ne Machn,E Nisa Paw Kiyala Hithnna Nm Epa Kawadawath,
    Eki Karapu Weradi Weda Ewa,Therenne Nethi Kaalayak Newei 22 Kiyanne Unge:no::no::no:,Apita Thamai Bn Thma Therenne Neththe Mukuth Mechchra Wayasa Gihinuth:(:(:(....

    Ube Gedara Aya Gena Hithala Ganna Theeranayak Ganin...
    :yes::yes::yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ටිකක පරිස්සමෙන් වැඩ කරන්න මචන්. මට එකපාරටම උත්තරයක් කියන්න බෑ නේ මචන්. ඒ උනාට ඉතින් කලින් බැඳපු ගෑනියෙක් එක්ක ඉන්නවා කියන්නේ ඔයාට පස්සේ ප්‍රශ්ණ එන්න පුලුවන්. ඊට පස්සේ අවසානේ ඔයාගේ ජීවිතේ විනාස වෙයි,.
    කල්පනාවෙන් තීරණයක් ගන්න. දැන්ම මේක හිතින් අයින් කරගන්නවා නම් ලොකු දෙයක්
     

    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle

    ඒක තමයි බං මං හෙන සැහැල්ලුවෙන් ජොබ කරගෙන ඩ්‍ර්නක් එකක් එහෙම දාල පාටිස් දාගෙන හිටිය පොරක් බං. ඒකි දන්නවා මං ඔෆිස් එකේ ඉන්න ගමනුත් ඩ්‍රිනක් දානව කියල. ඒකි අහනව මොකටද ඔච්චර බොන්නෙ ඔයාට ප්‍රශ්න නැහැනේ කියල. මමත් බං අවුරුදු 3-4 කලින් love affair එකක් නිසා තැම්බිලා හිඑිය එකෙක් බං. ඒ ඔක්කෝම අමතක කරල සෑහෙන්න ජොලියෙ හිටියෙ. මම කිසිම වගකීමක් ගන්න නැති කෙනෙක් කියල දෙමව්පියො දන්නවාත ඒ නිසා ගෙවල් දොරවල් ඔකොම මට හදල දුන්න. පවුලෙ බාලය මල්ලි උනත් ඌට තාත්ත ඉඩමක් අරන් ගෙයක් හදන්න plan කරල තියෙන්නෙ බං............
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මම ගැන නෙවෙයි මට බැලන්ස් එකේ ඉන්න පුළුවන් ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ දෙමවුපියන් ගැන, මොනව හරි පොඩි misunderstand ගිහින් කෙල්ලට දොස් කිව්වොත් මට ඒක දරාගන්නත් බෑ, අනික. මං ලොකුමහත් කරල රැකියා හොයල දීල ගෙවල් දොරවල් හදල දීල සියළු බර ඇදපු ඒ අය ගැන නොහිතමත් බෑනේ. අනේ මංද බං.......

    ithin buruwo uba katawath kiyanna epa eki badala kiyala. mona gonekda ban uba. poddak kapati weyan. uba wage gon mollu ape patheth innawa untath kawadawath marry karanna ba gon kama nisa.
     

    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle
    ටිකක පරිස්සමෙන් වැඩ කරන්න මචන්. මට එකපාරටම උත්තරයක් කියන්න බෑ නේ මචන්. ඒ උනාට ඉතින් කලින් බැඳපු ගෑනියෙක් එක්ක ඉන්නවා කියන්නේ ඔයාට පස්සේ ප්‍රශ්ණ එන්න පුලුවන්. ඊට පස්සේ අවසානේ ඔයාගේ ජීවිතේ විනාස වෙයි,.
    කල්පනාවෙන් තීරණයක් ගන්න. දැන්ම මේක හිතින් අයින් කරගන්නවා නම් ලොකු දෙයක්

    අපේ අය්ය උෟ ජාතික පාසලක ටීචරයෙක්. උා කියන්තේ උඹ කියන ඒව වගේ බං. ඌ අහනව කොච්චර love එකෙන් උන්නත් පොඩි හරි අවුලක් ආවොත් ඒකි කෙල්ලෙක් නිසා ඒකිට වෙනදේ ගැනත් හිතපන්ලු. අම්ම තාත්ත ගැනත් හිතපන්ලු:(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    mekai machan

    kellek nati nisa apita onema kellek gana anukampa hitenawa lassana or kata or mona prashna tibbat

    ea unata kellawa dagena tika kalayak yanakota tawa kelek office ekata awot hitei aparade kiyala

    anika oya badapu seen gewal walata kiwot nam umbata kamata denne na 100% sure

    ohoma adu padu tiyena kelek badinwa nam umbata hodata iwaseema tiyena one deyak dara ganna puluwan ekek wenna one

    natnam tika kalayak yanakota aniwa hitenawa mita wada hoda ekak mata badina tibba neda kiyala

    specially

    adarayak natiwa anukampawa kello kara gahana epa... passe aniwa duk wena wenawa
    experiecne eken mama kiyanne
     

    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle
    ithin buruwo uba katawath kiyanna epa eki badala kiyala. mona gonekda ban uba. poddak kapati weyan. uba wage gon mollu ape patheth innawa untath kawadawath marry karanna ba gon kama nisa.

    අනේ පල..... උබ හිතනවද යකෝ එලි නොවෙන රහස් මේ ලොකේ තියෙයි කියල. යකෝ අපේ අප්ප එහා ලෝකේ.........
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඔය උඹේ ඇහැට පේන ලස්සන, අහිංසක කම හැම දේම ඒ විදිහට දකින්නේ උඹට ඒ කෙල්ල ගැන ආදරයක් ඇති වෙලා තියන නිසා. ආදරය කියන්නේ හරි පුදුමාකාර දෙයක් බං. ආදරය ඇති වුනාම ඒ කෙනාව අනිත් හැමෝටම වඩා සුවිශේෂ වෙලා පේනවා. ඉතිං අපි වැරදි කෙනෙකුට ආදරයක් ඇති කරගත්තොත් ඒ දේ වැරදී කියලා අපිට දැනෙන්නේ නෑ. මතක තියා ගනිං බැන්දට පස්සේ අපිට ජීවත් වෙන්නේ කෙල්ලගේ තියන ලස්සනටවත් අහිංසක කමටවත් අදාළ වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ ගතිගුණයි හැදියාවයි. උඹේ ජීවිතය ගැන තීරණයක් දෙන්න අපිට අයිතියක් නෑනෙ මචං. පුලුවන් එකම අපිට දැනෙන පැත්තෙන් පැහැදිලි කරල දෙන එක විතරයි. ඒ කෙල්ල ඇත්ත විස්තරේ උඹට කිව්වේ අවංක කමටම විතරක් නෙවෙයි. එහෙම කිව්වෙ නැත්තං කිව්වට වඩා බරපතල තත්වයක් ඇති වෙන නිසා. ඔය කෙල්ලව උඹ බදිනව නම් උඹලගේ දෙමව්පියන්ගෙන් ඔය කාරනය වසන් කරන්න වෙනවා. එහෙම කරලා කවදහරි ඒක ආරංචි වුනොත් ලොකු අව්ලක් වෙනවා. මොකද උඹට ඉන්න වෙන්නෙත් දෙමව්පියෝ එක්කනේ. අනිත් එක ඔය සිද්ධිය අර කලින් බැදපු එකා ලීක් කරොත් ඒක කවදහරි උඹේ ලමයින්ටත් හොදනෑ. ඔය කියන විදිහට කලින් බැදපු එකා එච්චර හොද මිනිහෙක් වෙන්න බෑ. අනිත් එක මේ කෙල්ලට ඒ පරණ අතීතේ අමතක කරන්න බැරි වෙයිනේ බං. ඒක කවදහරි උඹට ප්‍රශ්ණයක් වෙයි. හැබැයි එකදෙයක් මචං උඹ ඒ කෙල්ලට බලාපොරොත්තු දීලා එහෙම අතඅරින්න එපා. එහෙම වුනොත් ඒකි එක පිට ප්‍රශ්න ආපු නිසා මොනවහරි කරගන්න වුනත් බැරි නෑ. ඒ නිසා දැන්නම හොදට හිතලා තීරණයක් ගනිං. උඹ තාම ඔය කෙල්ලගේ ගතිගුණ ගැන අබමල්රේණුවක් වත් දන්නෙ නෑනේ බං. පිටින් පේන විදිහෙන් මිනිස්සු මනින්න බෑ කියන එක හොදට හිතට ගනිං.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මන්දා මචන් මට හිතෙන්නේ අම්මයි තාත්තයි එක්ක ඕක ගැන කතා කරොත් හොදයි කියලා. බොරුවක් කියලා පස්සේ ඇත්ත දැනගත්තොත් ඊට වඩා ප්‍රශනයක් වෙයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔකට යන්න දීපන් මචං. උබ කිසි වැරැද්දක් නැතුව මොකටද ඔහොම කෙල්ලෙක් බදින්නේ ?? හොද කෙල්ලෙක් හොයාගනින්. අනික ඔහොම ප්‍රශ්න වලට මුහුණ දීපු ය ගොඩක් වෙලාවට ඇත්තම නෙමයි කියන්නේ. උබට බැන්දට පස්සේ එපා වෙයි. සිරාවටම මෝඩ වැඩක් ඕක. කෙල්ල්ක්ට ලව් කරනවා වගේ නෙමයි මචං බැදලා ඩිවෝස් වෙච්ච ගනියෙක්ට ලව් කරන්න හරි අමාරුයි. හොදින් ඉන්නත් හරි අමාරුයි. අනික අම්මලට බොරු කරන්න හදන්නත් එපා. ඒ නිසා ඕක ඇත ඇරලා දාපන්. ලසාන ජිවිතේ අවලස්සන කරගන්න එපා.
     
    Last edited:

    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle
    mekai machan

    kellek nati nisa apita onema kellek gana anukampa hitenawa lassana or kata or mona prashna tibbat

    ea unata kellawa dagena tika kalayak yanakota tawa kelek office ekata awot hitei aparade kiyala

    anika oya badapu seen gewal walata kiwot nam umbata kamata denne na 100% sure (මෙන්න මෙක තමයි සීන් එක බං)

    ohoma adu padu tiyena kelek badinwa nam umbata hodata iwaseema tiyena one deyak dara ganna puluwan ekek wenna one

    natnam tika kalayak yanakota aniwa hitenawa mita wada hoda ekak mata badina tibba neda kiyala

    specially

    adarayak natiwa anukampawa kello kara gahana epa... passe aniwa duk wena wenawa
    experiecne eken mama kiyanne

    අපේ ලොකු එකා මට ඒකි එවපු sms ටික කියවල(මං පේනනපු නිසා) ඌ කියපි ඉක්මන් කෙල්ලෙක්ලු එ්කි AL කාලෙත් ඔච්චර දෙයක් කරගත්ත නිසා හින්ද ඌ එහෙය කියල තියෙන්නෙ
    (2010 marry කරල 2012 divorce)
    (උබේ ගයිඩ් විකක් හිතට වැදුන බං)