මචන් තැන්ක්ස් යාළුවා එහෙම කරලනම්
යාලුවා එහෙම කරලා නං,
ඇත්තටම උඹට කරන්න ඉතුරුවෙලා තියන දේ මොකද්ද?
උඹ් වෙන කෙල්ලක් හොයාගෙන ආතල් එකේ ඉඳපන්.
බලපන්, උඹ මෙච්චර කල් ආදරය කරලා තියෙන්නෙ ඔහොම ගෑනියෙකුටද බන්?
තව කොහෙද බැන්දා එහෙම නම්?
බඳින්න කලින්ම ඔහොම නම් බැන්ඳම කොහොම හිටියි ද?
උඹේ යාලුවාටද ගෑනිටද උඹ වැඩිපුර හිතවත් වුනේ?
ගෑනිත් ඔහොම කලා නං එහෙවු හිතවත්කමක් නැති අරූ ඔහොම කරන එක අහන්න දෙයක් ද?
කෙලෙහෙගුනයක් නැති මිනිස්සුමයි මචන් අද සමාජේ වඩිපුරම හම්බ වෙන්නෙ.
කොහෙ ගියත්, කොතන ගියාත් අද දකින්න තියෙන්නෙ කෙලෙහෙ ගුනයක් නැති එවුන් වැඩි හරියක්.
මචන් කල්යාන මිත්‍රයො ලබන්න සන්සාරෙ බොහො පින් කරලා තියෙන්න ඕනේ.
තමන්ට ලබැඳි බිරිඳක් ලබන්නත් එහෙමයි.
තමන්ගේ හිතසුව පිනිස කටයුතු කරන හිතවතුන් ලබන්නත් එහෙමයි.
ඉතින් උඹ් කල පවු උඹ්ට පෙනෙන්නෙ නෑ නෙව.
උඹත් ඔහොම ද්‍රොහි කම් කලින් ආත්ම වල සමහර විට ඔය යාලුවා කියන එකාටම කරලා ඇති!
කොහොමහරි ඔලුව කල්පනා කරලා කටයුතු කරපන් මචන්.
මේ එන පොයට නිවාඩුවක් එක්ක, දර්ම දෙශනා කිහිපයක් අහලා, මනස නිරවුල් කර ගනින්.
ඔන්න ඕක තමයි බුදු රජානන් වහන්සේ දෙශනා කරලා තියෙන්නෙ. දුකක් විදිහට.
අප්පියේහි සම්පයෝගෝ දුක්ඛො. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. යම්පිච්ඡං න ලභති, තම්පි දුක්ඛං. සංඛිත්තේන පඤ්චුපාදානඛන්ධා දුක්ඛා. (දම්සක් පැවතුම් සුත්‍රය)
අතෑරලා දාන්න... සමාජයේ හැටි තෙරුම් අරගෙන, සන්සාරයේ හැටි ගැන කල්පනා කරලා අතෑරලා දාන්න...
වෙන කියන්න දෙයක් නැහෑ. Good Luck!
