මටත් තියනව සිහිනයක්!

Minsa

Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    මටත් තියනව සිහිනයක්!

    සිහින දකින්නේ කෙල්ලො කියල කතාවට කිව්වට, හැම කොල්ලෙක්ටමත් සිහිනයක් තියනවා.. ඒක තමන් ආදරය කරන කෙල්ලව තමන්ගෙම කරගන්න, එහෙමත් නැතිනම් රට රටවල ඇවිදින්න, කාර් එකක් ගන්න, ගෙයක් හදන්න වෙන්නත් පුලුවන්.. මේ සිහින තමයි අපිව ජීවත් කරන්නෙ කිව්වට වරදකුත් නෑ.. සමහර සිහින, සිහිනයක්ම පමණක් වුනත්, බොහෝ හීන හැබෑවෙනව කියලත් මම අහල/ විදල තියනව..
    එන්න අපි අපේ සිහින ගැන කතාකරමු.. කියන්න ඔයාගෙ හීනය මොකක්ද කියල..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    අම්මෝ බන් ගෝඩාරියක් තියෙනවා . ඒව ඔක්කොම හරි ගියොත් මම තමා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා
    :yes::yes::yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් මහ ලොකු හීන නෑ මචන්.
    මම දැන් කරන උපාධිය හොඳින්ම කරගන්න
    ලබන අවුරුද්දේ internship එකක් කරන්න.

    ඊට පස්සේ field එකේ establish වෙන්න. රට ගිහින් post graduate degree එකක් කරන්න.

    අන්තිමට මේ රටේ හොඳ රස්සාවක් කරන්න හරි පිටරට ස්ථිර පදිංචියට හරි යන්න තමයි ඉන්නේ

    ආ තව එකක්, අපේ අම්මට අන්තිම කාලේ හොඳින් සලකන්න :love::love:.

    මගේ නම් හීන එච්චරයි.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    SUV type වාහනයක් ගන්න, bike එකක්වත් ගන්නේ නැතුව හැම සතේම අපිට වියදම් කරපු තාත්තාට වාහනේ පෙන්නලා surprise කරන්න, ඒක තාත්තාට drive කරන්න දීලා ඒ මූනේ සන්තෝසේ හොරෙන් දකින්න.

    wife, අම්මා, තාත්තා එක්ක ලෝකේ වටේ යන්න.

    මම මැරෙද්දි මගේ ළමයි හොද තැනක ඉන්නවා දකින්න.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ආදරය කරන කෙල්ලව මගේම කරගන්න එක තමයි මගෙ නම් ලොකුම හීනෙ :love: :yes:
    ඊලගට මටම කියල සුපිරි ගෙයක් හදන එක :yes:
     
    Last edited: