මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්

උපුටා ගත්තකි...


'' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද ''

'' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද ''

'' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක් හදලා දෙන්නං ''
'' ඔන්නැ ...බත්ම කමු ''

'' මාළු ටික ලිපෙන් තිබ්බේ දැන් , ඔයාට කන්ඩ හාල් ටිකක් තියන්ඩත් ඕන , ඇග හෝදගන එන්ඩ මම තේ හදන්නං ''

'' එපා ඕන නැ ''

'' එහෙනං මම ඉක්මනට ඇග හෝදගන එන්නද ''
'' හා ''

'' මාළු එක ලිපේ චුට්ටක් බලනවද ''
'' මොන මාළුද ගත්තේ ''

'' කෑලි මාලු වෙන මොකවත් තිබුන්නැ අනේ , තෝර දෙසිය පනහක් ගත්තා හාරසීයක් ''

පිටු පස දොරින් ලිද ලගට යන බිරිදගේ හඩට සවන් දෙමින් කාමරයට වැදුන සරත් දරු දෙදෙනා අවදි වේයැයි බියෙන් විදුලි පහන නොදල්වා ඇද සිටි ඇදුම් උනා දමමින් යට ඇදුමට උඩින් තුවාය ඉන දවටාගන පැමින ලිප මත තිබෙන ඇතිලියේ කරමූඩිය මතින් පොලුකටු හැන්ද රැගෙන කරමුඩිය ඉවත් කලේය

..................යකෝ දෙසිය පනහට මාඵ කෑලි පහද අල්ලන්නේ.............

දෙතුන් විඩක් හොද්ද හැදිගා වසාදැමු සරත් , කුස්සියෙන් මිදුලට බැස හදිස්සියෙන් සියොලග සබන් තවරන බිරිද දෙස බලමින් ලීං ගැට්ට මතින් හිද ගත්තේය.

'' දවල් නාගන්ඩ හම්බුන්නැ අනේ අර දෙන්න අද නිදාගත්තේ නැ , මං නාන්ඩ ආවනං එයාලටත් නාන්ඩ ඕන වෙනව , තාම සෙම ''

'' අද දෙන්න රංඩු උනේ නැද්ද ''

'' දෝනිගේ ඉස්කෝලෙ පොතක් ඉරුවනේ පුතා ''

'' අච්චු පොතක් ''

'' නැ.......සිංහල ලියන පොත , අරන් දීල සතියක් නැ අනේ , හොද වෙලාවට පිටු හතරයි පහයි ලියල තිබුනේ , ...මම අරන් තියපු පොතක් තිබිල දුන්නා ...පවු කෙල්ල ඔයා ආපුවහම කියනව කියල අඩ අඩා ඉරපු පොතේ තිබිච්ච අළුත් පොතේ ලියාගත්තා ''

'' කොල්ලට ගැහුවද ''
'' හයියෙන් නෙමෙයි අනේ හිමීට පාරක් ගැහුවා ..........එයත් බලාගන හිටියේ ඔයා එනකං ............කියල මට හොද වැඩක් කරවන්නංකෝ කිය කිය හිටියේ ''

''..හේ.....හේහ්...හේඑ ''

'' හි..හී..හී.......හරි ෂොක් අනේ දවල්ට .............මේ දෙන්නගේ වැඩ .........කෝ ඉතින් ඔයාට දකින්ඩ නැනේ ''

''ඇ චම්පෝ ..මොකද අර දර ලිප පත්තු කරල . ගැස් එක ඉවර උනාද ''
'' දැන් දවස් දෙකක් අනේ ''
'' හප්පට සිරි.............සල්ලිත් නැනේ අතේ ''

'' වියදමට දුන්න ඒවායෙන් ඉතුරු ‍කරගත්ත සල්ලි වාගයක් නං තියනව , ඒත් ඉතින් ඒකෙන් ගෑස් ගෙනත් කොහොමද , හදිස්සියක් උනොත් කීයක්වත් නැති වෙනව ''

'' ගැස් එකක් ගේමු ''

'' එපා දහවෙනිදත් ලගයිනේ ....ලිප පත්තු කරගන්න එක මහ වැඩැක්..යැ ''

'' ඒ උනාට ඔය දුං කාගන ඔය වදේ වින්දහැකේ ''

'' ඔයාට වතුර එකක් පුරවල දෙන්ඩද ''

'' එපා ඉක්මනට බත් උයල දෙන්ඩ ''

'' අනේ ..බඩගිනියි නේද ඉන්ඩ ඉන්ඩ මම ඉක්මනට ‍බෙදල දෙන්නං ''

'' ඔයා කෑවද ''
'' දවල් බත් තිබිල අර දෙන්නට කවන ගමන් මාත් කෑවා ''

'' හම් ''

'' මාළු එක්ක විතරක් කතහැකැ මම පරිප්පු ටිකකුත් හදන්න''

සිතලේ දැත් පපුවට තද කරගන නවාගත් අතැගිලි කම්මුලට තෙරපමින් කියව කියවා කුඩා දැරිකමෙන් හිදිනවා විනා තමා ලිද ලගින් එනතුරු චම්පා ගෙට නොයන බව දන්නා සරත් ......

'' ඕන්නැ ඔය ඇති ....සිතලේ ඉන්නේ නැතුව ගිහින් ඇග පිහද ගන්නව ''

'' මොකෙන් පිහදාන්ඩද ඔය තුවාය දෙන්ඩ ''

'' ආ ''

හැද උන් තුවාය ගැලවු සරත් චම්පාට දික්කලේය

'' කොච්චර කියුවත් අහන්නැ ............දාඩියත් එක්ක ..........මොකක්ද අනේ ඕකත් ගලවල දාල කොට කලිසමක් ඇදගන එන්ඩකෝ ''

කිසිවක් නොකියා ඉවත බලාගත් සරත් ලිදෙන් ඇදගත් පනිට්ටුව ඇගට හලා ගත්තේය

දියනා අවසන්ව පැමින රූපවාහිනිය පනගන්වා ඇසෙන නැසෙන ගානට හඩ අඩුකොට විකාශය වන දේසපාලන වැඩ සටහන දෙස උනන්දුවකින් තොරව බලා හිදින සරත් අතට බත් පිගාන දි වතුර ජොග්ගුව ටීපෝව මතින් තැබු චම්පා
'' හිමිහිට හිමිහිට කන්ඩ මම ඉක්මනට තක්කලි සම්බෝලයක් හදාගන එන්නං ''

දුං දමන බත් සහ මාළු කෑල්ල දෙස බැලු සරත්

'' කෝ අනේ හොදි ''

'' කතාවෙන් කතාවෙන් හොද්ද හිදිල අනේ ''

'' අප්පට සිරි ''

අහාර ගැනිමෙන් අනතුරුවද චැනලයෙන් චැනලය මාරු කරමින් රුපවාහිනිය නරබන සරත් අසල හිදගන උන් චම්පාගේ හිස වරක් දෙවරක් සරත්ගේ උරහිසට වැටුනේය

'' ඔයා ගිහින් නිදාගන්න ''
'' ඔයත් යං ...කෝ..ඔ.....කෝ ඉති...න් එන්ඩ.....කෝ''

රුපවාහිනිය සහ විදුලි පහන නිවාදමා කාමරයට යන චම්පා පසු පසින් ගිය සරත් ජනෙල් පියනක් හැර වරින් වර මිදුලට කෙල ගසමින් වෙල් යායට එපිටින් පෙනෙන මාර්ගයේ වරින් වර යන වාහන වල විදුලි පහන් එලි දෙස බලා සිටින අතරතුර , ඇදන් දෙකක් එක් කොට මදුරු දැලෙන් ආවරනය කල සයනය තුලට රිංගාගත් චම්පා කොට්ට සකසමින් දියනිය සහ පුතනුවන් බිත්තිය පැත්තට කොට ඉඩ සකසා ඉතිරි කොට්ට තුනෙන් එකක් දරුවන් අසලින් තබා ඇලවී අනෙත් කොට්ට දෙක තමන් අසලින් තබා සකසමින්

'' සරත් හතරට එලාම් එක තියල එන්ඩකෝ අනේ , හෙටත් ඔයා හතයිහත නේද ''

නැවත වරක් මිදුලට කෙල ගැසු සරත් පනේලය වසා දමමින් පැමින , මේස ඔරලෝසුවේ සීනුව සකසා .., මදුරු දැල අතරින් රිංගා අතපය නිදහසේ විසිරුවමින් චම්පා අසලින් මුනින් අතට වැතිරුනේය

'' ම්....ම්......ආආආ......අ....ම්..මේ.....ඒ...ඒ්...ඒ...'''' අදත් කොන්ද රිදෙනවද ''

යැයි විමසු චම්පා සරත් දෙසට හැරි වමතින් පිට කොන්ද පිරිමදිමින් දකුණතේ ඇගිලි තුඩු හිමිහිට හිසකෙස් අතරින් ඉදිරියට පසු පසට තල්ලු කරනා සුවයෙන් මොහොතකට නින්දට වැටුන සරත් තවත් හෝරාවකට දෙකකට පසු චම්පා හිමිහිට කොදුරනා හඩ පරයමින් නැගෙනා සිගිති පුතුගේ හඩින් පිබිදුනද නැවතත් නිදාගන්නා අටියෙන් දැස් තද කර ගත්තේය.

'' සත්තලන් පුතු කැටේ අම්මි කුක්කු බීලා දැන් ආයෙත් දොයියන්ඩකෝ ..........තාත්තිය පව්නේ ..........වැඩකරල මහන්සිවෙලානේ ඇවිත් ඉන්නේ............තාත්ති පවුනේද .....මයේ මැනික .......තාත්ති පුතාට චොකෝ ගෙනත් දෙනව නේද .......පුතා තාත්තිට ආදෙයිනේ.........අක්කියනං නෝටියි ........තාත්තිට ආදේ නැ.......ආ දොයියන්ඩ සං කැටේ..........''

චම්පා පුතු රවටාගන්නට දොඩනා වදන් අසා ගෙනම නැවතත් නින්දට වැටුන සරත් අලුයම සීනුහඩින් පිබිදි බිරිද නිදා සිටි දෙසට හැරෙන විට බිරිද නොසිටියෙන් , ඇදෙන් බැස නිදිමරගාතේ කුස්සියට ඇතුල්ව වතුර ජොග්ගුවක් පුරවා පානය කලේය.

'' ඔයා ඇයි නැගිට්ටෙ මම තේ හදලා පහහමාරට කතා කරන්නං , ගිහින් නිදාගන්ඩ ''

කිසිවක් නොකියා පිටු පස දොර හැර , එලියට පිවිස වැට මුල්ලට මුත්‍රා කල සරත් නැවතත් පැමින නින්දට වැටුනේය.

'' සරත් තේ හැදුවා එන්න බොන්න ''

යැයි පවසා තමා අවදි කල චම්පා පිටව ගොස් ටික වෙලාවකින් කුස්සියට පැමිනි සරත් අතට දුන් තේ කෝප්පය පසෙකින් තැබු සරත් වතුර ටිකක් කටට පුරවාගන කිහිප විටක් කලතා දොරෙන් එලියට විසිකොට තේ කෝප්පය අතට ගෙන කුස්සි පුටුවෙන් හිද ගත් පසු , ලියමින් උන් මුකුනුවැන්න මිට පසෙකින් තැබු චම්පා තේ කෝප්පය දැතින් ගෙන ලී බංකුවෙන් හිද හිමිහිට ‍බීමට පටන් ගත්තේය.

'' මොකද ඔය නිකං තේ බොන්නේ . බඩ දැවිල්ල ගනී ''

'' පිටි ඉවරයි අනේ ''

'' අර බෝතලේ තව තියෙන්නේ ''
'' ඒක පොඩි දෙන්නට තිබ්බා අනේ ''

'' කෝ කෝ ගන්නව ඕකයි මේකයි කලවං කරමු ''

'' එපා අනේ ඔයා ඕක බොන්ඩ මම නිකං තේ බොන්ඩ ආසයිනේ ''

'' අනේ මේ නිකං ඉන්නව , මං දන්නැද්ද ............හවස ගෙනාවේ නැත්තේ ඇයි ...අමතක උනාද ''

'' කඩේටත් ගියා අනේ කොහෙද අර දෙන්න ඒක මේක ඉල්ලල කරදර කරනව පාං ගත්තා ...සිනි ..තේ කොල ගත්තා ....පිටි පැකට් එක අමතක උනා ''
අලුයම කරනාවු සියලු කාර්ය්‍යන් නිමවි හැද පැලද බැගයත් රැගෙන ගෙදරින් පිටවන්නට සාලයට පැමිනි සරත් අතට බෑගය දුන් චම්පා

'' ඔන්න හැමදාම කියනවනේ උදේට බත් කන්ඩ බැ කියල , අද පාං තියනව , හෙට මම ඉදි ආප්ප හදල දෙන්නං ..''

වැඩපලට පැමිනෙන විට සේවාමුරය පටන් ගන්නට ඉතිරිව තිබු විනාඩි එකොලහේ ආපනශාලවට පිවිස පෙති කැපු පාං බාගය මාළු බොර සමග හනිකට ගිල දැමු සරත් කම්හල තුලට පිවිස ඉසඹුවක් නොමැතිව සේවයෙහි යෙදෙමින් හිද දහවල් කැම පැය බාගයේ ආපනශාලාවට පිවිස බත් මුල අතට ගන්නා විටම.

'' .... සරතෝ ..........අද මොනවද බං පවුල අද හදල දුන්නේ...................අඩේ කෙහෙල්මුව පරිප්පු දාල , මුකුනුවැන්න මලවල , මාළුයි , බැදපු මිරිසුයි ..........., මේ බලහං අපේ ගෑණි හැමදාම , තම්බපු බිත්තරයි පරිප්පුයි , පරිප්පුයි තම්බපු බිත්තරයි ..''
'' අඩේ සරත් අයියේ ..........අක්කට ..........නංගිල නැතෙයි ................මේ කැන්ටින් චොර හොදි කාල මට ඇති වෙලා තියෙන්නේ ''

දෙපසහුන් මිතුරන් දෙදෙනාට මාළු කැබැල්ලෙන් ටික ටික සමග අනිත්වා බෙදා දුන් සරත් ඔවුන් දුන් දැ සමග පළමු බත් කට මුවට ගෙන රසවිදිනාවිට රසනහරයන්ට ලැබුනාවු උද්දීපනය හිතට නැගුනාවු දැඩි දුක්බර සිතුවිල්ල නිසාය මොහොතකින් විසිරි ගියේ.

'' ඔක්කොම මාළු කැලි පහයි තිබ්බේ , ඊයේ රැ එකයි . අද උදේ එකයි , මේ කෑල්ලයි , මම තුනක්ම කැවා ඉතුරු දෙක පොඩි උන් දෙන්නට දුන්නහම චම්පට හොදි ටිකක්වත් නැතුව ඇති . හිදුන හොද්දේ මොන හොදිද , ‍හොදි බොර ටිකත් මට පාං කන්ඩ දාල තිබ්බනේ '
'


අමරදේවගේ...

තාත්තා උනත් මා බත සවි කරන.. අම්ම නුඹයි මගේ දරු දැරියන් රකින...

කියන සින්දුවත් කියන්නේ මේ වගේ බිරිඳැවරු ගැන තමයි... මවක් වගේ තම ස්වාමියා බලා කියාගන්නා අය... මෙවැනි බිරිඳක් ලැබෙන කෙනා මහා චක්‍රවර්තී රජුන්ටත් වඩා වාසනාවන්තයිලු.. ධනය නැතත්.. වඩා ප්‍රීතිමත්ම පුද්ගලය ඔහුලු...

හැබයි එහෙම බිරිඳැවරු ලැබිලත් වෙට්ට් පාසීන් ගේ පස්සේ යන මූසල්යොත් නැතුවා නොවේ


මේක කියවන තනිකඩ සිංහල කොල්ලෝ ඔක්කොටම මේවගේ කෙල්ලෙක් ම බිරිඳ වේවායි පතමි.....



හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින්
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

ලිහා බත් මුල බුදින මොහොතේ මිතුරු කැළ සමගින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්

ගී පද -පොඩිරත්න අඟමලේ
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහගීතයේ
 

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    අඩු වැඩි වශයෙන් මමත් අත්දකිනා අත්දැකීමක්...

    TFS

    11+
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මෙවැනි බිරිඳක් ලැබෙන කෙනා මහා චක්‍රවර්තී රජුන්ටත් වඩා වාසනාවන්තයිලු.. ධනය නැතත්..:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේක කියවන තනිකඩ සිංහල කොල්ලෝ ඔක්කොටම මේවගේ කෙල්ලෙක් ම බිරිඳ වේවායි පතමි.....:):):yes::yes::yes::yes:
     
    • Love
    Reactions: Naughtykolla48

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    අමරදේවගේ...

    තාත්තා උනත් මා බත සවි කරන.. අම්ම නුඹයි මගේ දරු දැරියන් රකින...

    කියන සින්දුවත් කියන්නේ මේ වගේ බිරිඳැවරු ගැන තමයි... මවක් වගේ තම ස්වාමියා බලා කියාගන්නා අය... මෙවැනි බිරිඳක් ලැබෙන කෙනා මහා චක්‍රවර්තී රජුන්ටත් වඩා වාසනාවන්තයිලු.. ධනය නැතත්.. වඩා ප්‍රීතිමත්ම පුද්ගලය ඔහුලු...

    හැබයි එහෙම බිරිඳැවරු ලැබිලත් වෙට්ට් පාසීන් ගේ පස්සේ යන මූසල්යොත් නැතුවා නොවේ


    මේක කියවන තනිකඩ සිංහල කොල්ලෝ ඔක්කොටම මේවගේ කෙල්ලෙක් ම බිරිඳ වේවායි පතමි.....

    :yes::yes::yes::yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේක කියවන තනිකඩ සිංහල කොල්ලෝ ඔක්කොටම මේවගේ කෙල්ලෙක් ම බිරිඳ වේවායි පතමි.....
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මාරයි බන් ආස හිතුනා.. අපි කාර්යබහුල වැඩි බන් අපිට ඔය ජිවිතේ නැහැ බන්:(:(:(
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    මවක් වගේ තම ස්වාමියා බලා කියාගන්නා අය... මෙවැනි බිරිඳක් ලැබෙන කෙනා මහා චක්‍රවර්තී රජුන්ටත් වඩා වාසනාවන්තයිලු.. ධනය නැතත්.. වඩා ප්‍රීතිමත්ම පුද්ගලය ඔහුලු...
    හිතට වෙදුනා එක නම්..අද රෙප් දෙන්න බෙලු හෙට දෙන්නම්
     
    Last edited: