මට අද උනු සිද්දියක්.
මචන්ලා, අද මට එද්දී වුනු පුංචි සිද්දියක් උබලත් එක්ක කියන්නයි හැදුවේ.මේක කියෙව්වම සමහරවිට උබලට හිතෙයි අය්යෝ මේක නම් මොකද කියල.මේ වගේ සිද්දි ඕන තරම් උබල අහල, දැකල ඇති.එත් මේ කතාවේ පොඩි හරි ගන්න දෙයක් තියෙනවා කියල හිතෙන නිසයි පාඩම් කරන්න තියෙන වෙලාවේ මේක කොටන්නේ.
අද මම බොරැල්ලට ගියා පොඩි වැඩකට.එද්දී ටිකක් රෑ උනා.මම එන්න ඕන 164 බස් එකේ.එතකොට වෙලාව 8.10 විතර ඇති ඒ වගේම ටිකක් වැස්ස .සමහරු දන්නවා ඇති 164 බස් නවත්තනේ, කන්නන්ගර ඉස්කෝලේ ඉස්සරහ ළමා රෝහල ළග හෝල්ට් එකේ කියල.ඉතින් මම එතනට වෙලා බස් එකක් එනකන් ඉද්දී මට ඇහෙනවා බටනලා සද්දයක්.ඇත්තටම ඒ වෙලාවේ හෝල්ට් එක කරුවලයි.මිනිස්සුත් දෙන්නෙක් වගේ තමයි හිටියේ.එත් මට හොයාගන්න බැරි උනා මේ සද්දේ එන්නේ කොහෙන්ද කියල.පස්සේ හොදට බලද්දී මට පේනවා එතන වැටෙන් එහා පැත්තේ ,ඒ කියන්නේ ඉස්කෝලේ පිට්ටනිය ඇතුලේ(මේ කියන්නේ පිට්ටනිය කෙලවරේ car පාර්ක් එක ලග ) වහල තියෙන පොඩි කඩයක් ලග(මම දැකපු විදියට නම් පෙට්ටි කඩයක් හරි,ස්වීප් කූඩුවක් හරි.. ) වයසක මනුස්සයෙක් හිටගෙන බටනලාව ගහනවා.
ඇත්තටම මේ මනුස්සය ජෝතිපාල ගේ පරණ සින්දුවක්(සල් සපු නා) සුපිරියටම ගහනවා.මමත් මේ වගේ පරණ සින්දු වලට අස නිසා මම හොදට අහගෙන හිටියා . එත් මේ සිද්දියේ අමුත්තක් තියෙනවා.මෙය මේක ගහන්නේ කාටවත් පෙන්න මිනිස්සුන්ගේ අවදානය ගන්න නෙවෙයි කියන දේ මට තේරුණා.මිනිස්සු ගැවසෙන තැන්වල , කෝච්චිවල මේ වගේ බටනලා පිබල කීයක් හරි එකතු කරගෙන යන මිනිස්සු අපි ඕන තරම් දැකල තියෙනවා නේ.එත් මේ වෙන දේ මොකක් හරි වෙනසක් තියෙන නිසා,බස් එකක් එන්න තව වෙලාවත් තියෙන නිසා, මම කරුවලේම ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ටිකක් කිට්ටු කලා , එත් මම ආපු බව දැකලත් මේ මනුස්සය එයාගේ වාදනය නතර කලේ නෑ.(මෙයා හිගන්නෙක් නෙවෙයි,සාමාන්යෙන් හොදට ඇඳල හිටියේ).සින්දුව ඉවරවෙනකම් මමත් අහගෙන හිටිය.ඉවර කරලා මෙය මගේ දිහා බලල සැකෙන් වගේ හිනා උනා .
මේ තමයි එතන ඇති උනු සංවාදය.
මම:අන්කල් මොකද කරන්නේ ඉතින්
වයසක මනුස්සයා: දන්නේ නැද්ද පුතා ඉතින්, නිකන් ඉන්න එකේ පාලුවට මේ බටනලාව ටිකක් පිම්බා.
මම:ඇයි අන්කල් ඕක මිනිස්සුන්ට ඇහෙන්න ගහන්නේ නැත්තේ ඉතින්?(මම හිතේ තිබ්බ ප්රශ්නේ එලියට දැම්ම)
වයසක මනුස්සයා:අයියෝ පුතා, මේක මගේ රස්සාව නෙවෙයි. (වැටෙන් එහා පැත්තේ පාර අයිනේ නවත්තා තිබුණු ඉස්සරහ මෝටර් සයිකලයක්,පස්ස ත්රීවීල් එකක් වගේ වාහනයක් ~අර අබාධිත අය පැදන් යන ත්රීවීල් වගේ වාහන~ පෙන්නලා )මේක තමයි මගේ රස්සාව.
මම:ආ.. එතකොට ඇයි අන්කල් මෙතන ඉන්නේ?
වයසක මනුස්සයා
පැත්තකින් තිබුණු වහපු පොඩි ටිකට් කුඩුවක් වගේ එකක් පෙන්නලා) මේක තමයි මගේ දරුවන්ගේ වෙළදාම.මේවා තනිකරන්න බෑනේ පුතා.ඉතින් මම මෙතන තමයි රෑට ඉන්නේ හැමදාම.(උඩ බලා )උඩත් එක්කෙනෙක් ඉන්නවනේ පුතා. දෙවියෝ අපිට අත පානවා.අපි කරදරක් නැතිව ඉන්නවා.(කිසිම දෙයක් නැතිවත්, මේ වගේ කතාකරන එක ගැන මට පුදුමයි. මම බැලුව මේ කියන කඩේ දිහා.ඇත්තටම එක ටිකට් කූඩුක්ම තමයි කියලයි මට හිතුනේ )
මම සාක්කුවේ තිබුණු රුපියල් විස්සක් අරන්, මෙයාගේ අතට දුන්න.කිසි කතාවක් නැතිව හිනාවෙලා එක ගත්තා.
මම:ඉතින් , මේකේ නිදාගන්න ඉඩ නෑනේ . මේකේ කොහොමද රෑට ඉන්නේ.?
වයසක මනුස්සයා: (වහල තිබුණු ලෑල්ලක් දාග අරින ගමන් ) මේක අරගත්තම කකුල් දෙක දිග ඇරගන්න පුළුවන්.(එක ඇරියම වැස්සොත් තෙමෙනවා)
මම:ඉතින් අද වහිනවා නේ . මේක ඇරන් කොහොමද ඉන්නේ?
වයසක මනුස්සයා:ඔව් ඉතින්, වහින දවස්වලට නම් බෑ තමයි.එතකොට ඇතුලෙන් වාඩි වෙලා නිදියනවා.(අයෙත් ලෑල්ල ඇරලා අතුල පෙන්නනවා) මේ, මේක ඇතුලේ ඉඩ තියෙනවා .(එක ඇතුලේ යන්තම් මිනිහෙක්ට අත පය ගුලි කරගෙන වාඩිවෙන්න පුළුවන්.).දරුවන්ගේ දේවල් නේ පුතා.අපි මේවා ආරක්ෂා කරන්න ඕන නේ . පුතා තමන්ගේ දේවල් ආරක්ෂා කරනවා නේ. ඒ වගේ තමයි.
මේ වෙද්දී මේ මනුස්සය කරන්නේ බොරුවක් නෙවෙයි කියන දේ මට තේරිලා තිබුනේ.මොකද මෙයාට මේක පිබල සල්ලි හම්බකරගන්න ඕන කමක් නැති නිසා.
මම: හරි, ගහමුකෝ අන්කල් හොද සින්දුවක්.
වයසක මනුස්සයා:හරි, මොකද්ද පුතාට ගහන්න ඕන කියන්නකෝ.
මම: පරණ හොද හින්දි සින්දුවක් ගහමු.(කිව්වට පරණ හින්දි සින්දු මට මතක් වෙන්නේ නෑ . අමාරුවෙන් 'එක් පුල් දොමාලි' එකේ සින්දුවක melody එකක් කිව්වා )
වයසක මනුස්සයා:ෂාහ්, නියම සින්දුවක් නේ පුතා,
මේ මනුස්සය සින්දුව හොදටම ගහනව.සුපිරි. කොහොමත් තව කියක් හරි දෙන්න තිබුන නම් හරි කියන දේ මට හිතිල තිබුනේ. එත් වැඩේ කියන්නේ මගේ අතේ ඒ වෙලාවේ තිබුනේ 220 ය් හරියටම.20 දුන්නු නිසා දන්න ඉත්න්නේ 200යි .වල්ලමපිටියෙන් බැහැල සල්ලිත් අරන්, කෑම එකක් අරන් යන්න හිතාගෙනයි හිටියේ.දන්නා ය දන්නවා ඇති යේ සල්ලි ගන්න නම් බොරැල්ලේ ටවුන් එකටම, සැහෙන්න දුරක් පයින් යන්න වෙනවා.200 දුන්නොත් බස් එකේ යන්න සල්ලි නෑ. 100ක් දෙන්න හිතුනත්, ඉතිරි සීය මට වඩා මේ මනුස්සයට වටිනවා නේද කියල හිතුන. දීපු සල්ලි ඉල්ලනත් කම්මැලියි.එත් මේක දීල බස් එකේ යන්න විදියකුත් නෑ .
මම: අන්කල්, මේක තියාගෙන අර 20 ආයේ දෙන්නකෝ.
මම 200 දෙනගමන් කිව්වා.මෙය පුදුම වෙලා වගේ මගේ දිහා බැලුව."නෑ අන්කල්, මගේ අතේ මෙච්චරයි තියෙන්නේ, බස් එකේ යන්න කියක් වත් නෑ මේක දුන්නම. එකයි."මම ඇත්තම කිව.
වයසක මනුස්සයා :අය්යෝ පුතා කමක් නෑ. පුතා ඕක තියාගන්න.
මම: නෑ අන්කල් මේක තියාගන්නකෝ (මෙය 20 මට දීල, 200 ගත්ත.)
වයසක මනුස්සයා: ආයේ මෙතනට අවොත් මෙතනට ඇවිත් කතාකරල යන්න මට. මට අමතක වෙන්නේ නෑ,
මම තව සින්දුවක් අහල, අන්කල් යන්නම් කියල ආයෙත් හෝල්ට් එකට ආවා.දීපු සල්ලි ආයේ ඉල්ලන්න උනාට පසුතැවීමක් තිබුනත්, උදව්වක් කරන්න පුළුවන් උන නේද කියන සතුට මට ලොකුවටම දැනුන.
උබලට කියන්න තියෙන්නේ, මේ වගේ මිනිස්සුත් සමාජේ ඉන්නවා.තමන්ගේ දරුවෝ වෙනුවෙන් , තමන් ගැන හිතන්නේ නැතිව,අව්ව වැස්ස නොබලා, දුක් විදින,තමන්ට ලැබිල තියෙන දේවල් වලින් සතුටු වෙන මිනිස්සු ඉන්නවා.
උබලට මම මේ කොටන එක බලන්න කොම්පියුටරයක් හරි තියෙනවා.එත් ඒ මනුස්සයට අතපය දිග ඇරලා නිදාගන්නවත් තැනක් නෑ.
තව දෙයක් කියන්න ඕන.
කවදාවත් තමන්ගේ තාත්තලට දුකක් දෙන්න එපා.එයාලට මේ වගේ වගකීම් පවරන්න එපා. එයාල ඒ වගේ දේවල් කරන්න ලෑස්තියි අනිවාර්යෙන්ම, මගේ තාත්තත් එහෙමයි. එත් එහෙම කරන්න ඉඩ තියන්න එපා.
මේකේ ඇති දෙයක් නා කියල උබලට හිතෙනවද කියන්න මම දන්නේ නෑ .එත් අපි ඉන්න සමාජේ අමුතුම පති කඩක් මම දැක්ක. ඒ නිසයි උබලටත් බලන්න දැම්මේ පන යන කම් කොටලා. වැදගත් උන කියල හිතෙනවා නම් අනිත් යටත් බලන්න බම්ප් එකක් ගෙන යමල්ල.
උබලට බලන්නත් එක්ක, මම ඒ වෙලාවේ ගත්තු ෆොටෝ දෙක තුනක් දානවා. කරුවලේ ගත්තු නිසා පැහැදිලි නෑ .උබලත් මෙතනට ගියොත් මේ මනුස්සය බලාගන්න පුළුවන්.
මචන්ලා, අද මට එද්දී වුනු පුංචි සිද්දියක් උබලත් එක්ක කියන්නයි හැදුවේ.මේක කියෙව්වම සමහරවිට උබලට හිතෙයි අය්යෝ මේක නම් මොකද කියල.මේ වගේ සිද්දි ඕන තරම් උබල අහල, දැකල ඇති.එත් මේ කතාවේ පොඩි හරි ගන්න දෙයක් තියෙනවා කියල හිතෙන නිසයි පාඩම් කරන්න තියෙන වෙලාවේ මේක කොටන්නේ.
අද මම බොරැල්ලට ගියා පොඩි වැඩකට.එද්දී ටිකක් රෑ උනා.මම එන්න ඕන 164 බස් එකේ.එතකොට වෙලාව 8.10 විතර ඇති ඒ වගේම ටිකක් වැස්ස .සමහරු දන්නවා ඇති 164 බස් නවත්තනේ, කන්නන්ගර ඉස්කෝලේ ඉස්සරහ ළමා රෝහල ළග හෝල්ට් එකේ කියල.ඉතින් මම එතනට වෙලා බස් එකක් එනකන් ඉද්දී මට ඇහෙනවා බටනලා සද්දයක්.ඇත්තටම ඒ වෙලාවේ හෝල්ට් එක කරුවලයි.මිනිස්සුත් දෙන්නෙක් වගේ තමයි හිටියේ.එත් මට හොයාගන්න බැරි උනා මේ සද්දේ එන්නේ කොහෙන්ද කියල.පස්සේ හොදට බලද්දී මට පේනවා එතන වැටෙන් එහා පැත්තේ ,ඒ කියන්නේ ඉස්කෝලේ පිට්ටනිය ඇතුලේ(මේ කියන්නේ පිට්ටනිය කෙලවරේ car පාර්ක් එක ලග ) වහල තියෙන පොඩි කඩයක් ලග(මම දැකපු විදියට නම් පෙට්ටි කඩයක් හරි,ස්වීප් කූඩුවක් හරි.. ) වයසක මනුස්සයෙක් හිටගෙන බටනලාව ගහනවා.
ඇත්තටම මේ මනුස්සය ජෝතිපාල ගේ පරණ සින්දුවක්(සල් සපු නා) සුපිරියටම ගහනවා.මමත් මේ වගේ පරණ සින්දු වලට අස නිසා මම හොදට අහගෙන හිටියා . එත් මේ සිද්දියේ අමුත්තක් තියෙනවා.මෙය මේක ගහන්නේ කාටවත් පෙන්න මිනිස්සුන්ගේ අවදානය ගන්න නෙවෙයි කියන දේ මට තේරුණා.මිනිස්සු ගැවසෙන තැන්වල , කෝච්චිවල මේ වගේ බටනලා පිබල කීයක් හරි එකතු කරගෙන යන මිනිස්සු අපි ඕන තරම් දැකල තියෙනවා නේ.එත් මේ වෙන දේ මොකක් හරි වෙනසක් තියෙන නිසා,බස් එකක් එන්න තව වෙලාවත් තියෙන නිසා, මම කරුවලේම ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ටිකක් කිට්ටු කලා , එත් මම ආපු බව දැකලත් මේ මනුස්සය එයාගේ වාදනය නතර කලේ නෑ.(මෙයා හිගන්නෙක් නෙවෙයි,සාමාන්යෙන් හොදට ඇඳල හිටියේ).සින්දුව ඉවරවෙනකම් මමත් අහගෙන හිටිය.ඉවර කරලා මෙය මගේ දිහා බලල සැකෙන් වගේ හිනා උනා .
මේ තමයි එතන ඇති උනු සංවාදය.
මම:අන්කල් මොකද කරන්නේ ඉතින්
වයසක මනුස්සයා: දන්නේ නැද්ද පුතා ඉතින්, නිකන් ඉන්න එකේ පාලුවට මේ බටනලාව ටිකක් පිම්බා.
මම:ඇයි අන්කල් ඕක මිනිස්සුන්ට ඇහෙන්න ගහන්නේ නැත්තේ ඉතින්?(මම හිතේ තිබ්බ ප්රශ්නේ එලියට දැම්ම)
වයසක මනුස්සයා:අයියෝ පුතා, මේක මගේ රස්සාව නෙවෙයි. (වැටෙන් එහා පැත්තේ පාර අයිනේ නවත්තා තිබුණු ඉස්සරහ මෝටර් සයිකලයක්,පස්ස ත්රීවීල් එකක් වගේ වාහනයක් ~අර අබාධිත අය පැදන් යන ත්රීවීල් වගේ වාහන~ පෙන්නලා )මේක තමයි මගේ රස්සාව.
මම:ආ.. එතකොට ඇයි අන්කල් මෙතන ඉන්නේ?
වයසක මනුස්සයා
පැත්තකින් තිබුණු වහපු පොඩි ටිකට් කුඩුවක් වගේ එකක් පෙන්නලා) මේක තමයි මගේ දරුවන්ගේ වෙළදාම.මේවා තනිකරන්න බෑනේ පුතා.ඉතින් මම මෙතන තමයි රෑට ඉන්නේ හැමදාම.(උඩ බලා )උඩත් එක්කෙනෙක් ඉන්නවනේ පුතා. දෙවියෝ අපිට අත පානවා.අපි කරදරක් නැතිව ඉන්නවා.(කිසිම දෙයක් නැතිවත්, මේ වගේ කතාකරන එක ගැන මට පුදුමයි. මම බැලුව මේ කියන කඩේ දිහා.ඇත්තටම එක ටිකට් කූඩුක්ම තමයි කියලයි මට හිතුනේ )මම සාක්කුවේ තිබුණු රුපියල් විස්සක් අරන්, මෙයාගේ අතට දුන්න.කිසි කතාවක් නැතිව හිනාවෙලා එක ගත්තා.

Last edited: