මට ඕන ඇමරිකාවට සේවය කරන්න-රණවක දුව
මට අවශ්‍ය තාරකා විද්‍යාඥවරියක වීමටයි
සාමාන්‍ය පෙළ විභාගයෙන් සිව්වැනි තැන ගත්
අමා මදස්මිතා රණවක කියයි
2012 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සිව්වැනි තැන ලබා ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ අමා මදස්මිතා රණවක ශිෂ්‍යාවයි. ඇය පිළිබඳ රටේ අවධානය යොමු වූයේ මේ ජයග්‍රහණය මෙන්ම ඇගේ පියා වත්මන් රජයේ කැබිනට් ඇමැතිවරයකුද වීමයි. අමා ඇමැති චම්පික රණවක මහතාගේ වැඩිමහල් දියණියකි.
මේ ජයග්‍රහණය ගැන "දිවයින" සමග අදහස් දක්වමින් ඇය මෙසේ කීවාය.
ඇත්තටම මේ ජයග්‍රහණය ගැන සතුටුයි. මම පාසලේ වැඩ හොඳින් කළා. නමුත් ඒවායේ ඇලී ගැලී හිටියේ නැහැ. නිදිමරාගෙන පාඩම් කළේ නැහැ. නමුත් මේ ජයග්‍රහණය මට ලැබෙයි කියලා මම හිතුවා. මේ ජයග්‍රහණය පිටුපස සිටි මගේ දෙමවුපියන්, විශාඛා විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් සියලු දෙනාම මම ගෞරවයෙන් සිහිපත් කරනවා. මගේ මිතුරන්වත් මේ වේලාවේ සිහිකරනවා. මේ සියලු දෙනාම මගේ ජයග්‍රහණයට විශාල පිටුවහලක් වුණා. මේ සියලු දෙනාගේ සහාය නැතිනම් මට මේ ජයග්‍රහණය ලබා ගන්න බැහැ.
අමා අමතර පංති ගියෙත් නැද්ද?
ඇත්තටම අමතර පංති යන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. අපේ පාසලේ ගුරුවරු අපට අවශ්‍ය දැනුම නිසි පරිදි ලබා දුන්නා. නමුත් මම ගිය වසරේදී ගණිතය හා විද්‍යාව සඳහා පමණක් අමතර පංතියකට ගියා. ඒ ගුරුවරුවත් මම මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා.
ඔබ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම ජයග්‍රහණයක් ලබාගත් දක්ෂ දියණියක් ලෙස මේ රටේ අධ්‍යාපනය ලබන සහෝදර සිසු සිසුවියන්ට දෙන පණිවිඩය මොකක්ද?
හැමෝටම තමන්ගේ දැක්මක් පෞරුෂයක් තිබිය යුතුයි. දැක්මක් පෞරුෂයක් නැතිව ජයග්‍රහණයක් ලබන්න බැහැ. අපේ හැකියාවන් වගේම අපේ දුර්වලකම්ද අපි හඳුනාගන්න ඕන. දක්ෂ අයට ඊර්ෂ්‍යා කරන්නවත් දුර්වලයින්ව නොසලකා හරින්නවත් හොඳ නැහැ. අධ්‍යාපනයට පමණක් නොවේ පාසලේ සෙසු කටයුතු වලටත් අවධානය යොමු කරන්න ඕන. මම නර්තනයට තමයි වැඩි අවධානය යොමු කළේ. කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් ලෙස මම ක්‍රියා කළා.
ක්‍රීඩාව පැත්තට ගියේ නැත්තේ ඒ ගැන මා තුළ විශේෂ දක්ෂතාවයක් නොවුණු නිසා. නමුත් විෂය බාහිර ක්‍රියාකාරකම් වල යෙදුණා. සාමාන්‍ය පෙළ විභාගය මහා තරගයක් ලෙස සැලකිය යුතු නැහැ. අපේ පෞරුෂය ශක්තිමත් නම් ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන්.
අමාගේ අනාගත අභිලාෂය මොකක්ද?
මට පොඩි කාලේ ඉඳලම අවශ්‍ය වුණෙත් ගණිත අංශයෙන් ඉහළට යන්න. මම උසස් පෙළ කරන්නත් බලාපොරොත්තු වෙන්නේ ගණිත අංශයෙන්. මට අවශ්‍ය තාරකා විද්‍යාඥවරියක් වෙලා නාසා ආයතනයට සම්බන්ධ වෙන්නයි.
අමාගේ ජයග්‍රහණය ගැන තාත්තාත් සතුටු වෙනවා නේදැයි කළ විමසුමේදී ඇය සිනාසෙමින් ඔව් කීවාය.
- චතුර පුමුණුව