මං තනිවෙලා වගේ දැනෙනවා
හිතට ලොකු බරක් දැනෙනවා(පව්ලේ එකම එකා නිසා ද දන් නෑ)
කෝල් ආන්සර් කරන්න හිතෙන් නෑ කෝල් එකක් එනකොට තරහා යනවා,කෝල් එකක් ගත්තොත් සාමාන්යෙන් පැය බාගයක් පැයක් වගේ කතාකරනවා
මැසේජ් කරන්න හිතෙන් නෑ හම්බෙලා කතාකරන්න තියේනම් කියලා හිතෙනවා
ගෙදරදි කතාකරන්නෙ නෑ අම්ම එක්ක විතරයි කතාකරන්න තාත්තා එක්ක කතාකරන්නෙ වාහනේ යනකොට(ගෙදර ඉද්දි කතා කරනවා පැල් බැදගෙන කතාකරන් නෑ)
පට්ට බිසී වගේ දැනෙනවා කරන කෙහෙල්මලකුත් නෑ
වැඩක් කරන්න හිතෙන් නෑ බැරිවෙලාවත් හිතුනොත් වැඩේ ඉවරකරනකන් කන්නවත් හිතෙන් නෑ
කලුවරේ ඉන්න ආසයි
pdf කියවන්න හිත දෙන් නෑ පොතක්ම කියවන්න ඕනෙ නැත්නම් ඒක සෙට් නෑ
කොයිවෙලෙත් නිදාගන්න තියේනම් පට්ට ආසයි
ඇදුම් අදින්න ආසයි කලු පාට
පට්ට ආසයි කවුරුත් නැති සද්ද බද්ද නැති තැනකට වෙලා ඉන්න
මට ලෙඩක් කියලා මට හිතෙනවා
ඔය කියන ලෙඩ ටික මේ thread එක බලන ගොඩක් අයට අඩු වැඩි වශයෙන් තියෙනවා.
උබට තියෙන්නෙ සල්ලි ප්රශ්නයක් නේද. අනිත් උන් කරන දේවල් දිහා දැක්කම උබට ඒවා ගන්න තියා හිතන්නවත් අමාරුයි කට්ට කන්න ඕනෙ ගොඩ යන්න කියල හිතෙනව නේද? නිකන් ඉද්දි සල්ලි එන ක්රමයක් තිබ්බනම් කියල හිතෙනව නේද? බූට් කාල තියෙනව නේද? ඉස්සර ඉදපු යාලුවෝ දැන් නෑ නේද? තාම මතක්වෙනව නේද. උබට තියෙන්නෙ තාවකාලිකව සෙට් වෙන පොඩි මානසික තත්වයක්. ඕක හදන්න පුළුවන්. ඇත්තටම මට වෙලාවක් නෑ නැත්තම් මං උබව counselling කරනවා. සෝ සොරි කොල්ලෝ.. උබ බය වෙන්න එපා. ඕක ඇරිල යයි. පුලුවන් තරම් චිල් එකේ ඉදපන්.. සින්දු අහපන් ඇවිදපන් ආතල් දාපන්. අලුත් යාලුවො හොයාගනින් පලවෙනිම දේ හොදට ඉගෙනගනින් ෆේල් උන තැන් වැටුනි තැන් ආපහු හදාගනින්. හැමදේම හරියයි. ජය.!
මේක counsil වලින් ගොඩදාගන්න පුළුවන් අනිවාර්යයෙන් ගෙදර අයට කියල හරි තනියෙන් හරි counsil යන්න. counsil වලින් කියන දේවල් ඒ විදියට කරන්න , ඒ විදියට හිතන්න , ගෙදර මේ දේවල් තේරුම්ගන්න පුළුවන් එක්කෙනෙක් එක්ක යන එක හොඳයි එතකොට counsilor ටත් ඔයගේ ඇත්ත progress එක මොනිටර් කරගන්න පුළුවන්, නැත්නම් තනියෙන් ඔය වැඩේ කරනවා කියන්නේ ඔයාගෙ ඔයාම රවට්ටගන්නවා වගේ වැඩක් , ගොඩක් වෙලාවට
@akshanz 2.0 කිව්වා වගේ හේතුවක් වගේ තමා ඔයාගේ / (මේ වගේ දැනෙන අයට ) තියෙන්නෙ. ඒකට මන් පොඩි දෙයක් එකතු කරන්නම් . පොඩි කාලේ ඉදන් ගෙවල් වලින් දෙන overpressure එක, ලංකාවේ education system එක , අනිත් මිනිස්සුන්ගේ show-off ( උඹ DragonD follow කරන්නේ මන් හිතන්නේ පොරගේ vlog බලනවා ඇති ) , social media වල පෙන්නන බොරු ජීවිත , අනිත් මිනිස්සුන්ට ඕනේ විදියට තමන් ඉන්න යාම , පව්ලේ අය හරි නෑදෑයෝ ඔයා ගැන තියන් ඉන්න over-hopes .
කරන්න තියෙන්නේ මෙච්චරයි over thinking නවත්තගන්න වැඩ වලට busy වෙන්න , කෙල්ලගේ ප්රශ්නේ අමතක කරන්න බැරි නම් EK එකේ thread එකක් වත් දාන්න A-Z සිද්දිය කියල එතකොට ඒ ප්රශ්නෙන් හිත නිදහස් වෙයි (මෙහෙම කිව්වෙ oya situation එකේ අය අනිත් අය එක්ක වැඩිය කතා නොකරන නිසා), නැත්නම් කොලයක් , diary එකක් අරන් ලියන්න. පොත් කියවනවා කියල කිව්වනේ, අජාන් බ්රහ්මවංස හාමුදුරුවන් ලියපු
Link මේ පොත් සෙට් එකත් කියවන්න , ඒ ගමන්ම O/L හෝ A/L කරනවා නම් plan එකක් හාදාගෙන , ඒ වැඩ දවස් වලට බෙදාගෙන ටික ටික වැඩ කරන්න ගන්න , වැඩ ගොඩ ගැහිල ඇති ඔක්කොම දේවල් එක රැයින්/දවසින් ඉවර කරන්න බෑ , plan එක හදදිත් එක දවසට කරන්න බැරි තරම් වැඩ දාගන්න එපා , ඕනෙම ලොකු වැඩක් ටික ටික කරලා තමා වැඩේ ඉවර වෙන්නේ දවසකට අනිවාර්යයෙන් පොඩ් වැඩක් හරි කරන්න focus කරන් , exam වලට time මදි වගේ හිතෙනවානම් papers බල බල වැඩියෙන් අහන දේවල් බලලා ඒ දේවල් වලට practice වෙන්න. Uni එකක නම් හෝ diploma එකක් කරනවා නම් කට්ටිය එක්ක එකතු වෙලා වැඩ කරන්න, දන්න පොරක් ලවා බලෙන් හරි උඹට කුප්පියක් දාගන්න , දැන් නම් zoom වලින් ලේසියි නෙහ්, Uni එකේ තියෙන module ඉගෙන ගෙන ඉවර කරන්න බෑ හොඳම වැඩේ past paper study කරල ඒ එන ඒවට practice වෙන්න, uni වල තියෙන club වලට join වෙලා කට්ටිය එක්ක social වෙන්න. උඹට දැන් ඉදන් අවුරුදු 5-10 ඉන්න ඕනේ තැනට target එකක් හදාගෙන ඒකට step-by-step achieve වෙන්න. Job එකක් කරන එකෙක් නම් job එකේ ඊළඟ positon එකට තියෙන්න ඕනේ තමන්ගේ skills polish කරගන්න , technology knowledge එක update වෙන්න , freelance කරන එකෙක් නම්
@Kolama දාල තියෙනව එකට ගැලපෙනම thread ටිකක් ඒව හොයල කියවල , ඒ වගේ වැඩ කරන්න. වැදගත්ම දේ social media වලින් පුලුවන් තරම් ඈත් වෙන එක. Phone එකෙන් ඒ app අයින් කරන්න , අවශයම නම් විතරක් pc/laptop එකෙන් ලොග් වෙන්න. YouTube pc/laptop එකෙන් යන්න, අනිව මේ extention
Link එක pc/laptop දාගන්න, show-off , එක එක social media status බලන්නෙ නැතුව ඉන්න පුරුදු වෙන්න එපා. තමන්ගෙ target එකට self discipline හදාගෙන ඒවා ලඟා කරගන්න. Motivation ඔනේ නම්
Link , මතක තියාගන්න ක්රම
Link . ජය
