ඔය කියන ලෙඩ ටික මේ thread එක බලන ගොඩක් අයට අඩු වැඩි වශයෙන් තියෙනවා.
මේක counsil වලින් ගොඩදාගන්න පුළුවන් අනිවාර්යයෙන් ගෙදර අයට කියල හරි තනියෙන් හරි counsil යන්න. counsil වලින් කියන දේවල් ඒ විදියට කරන්න , ඒ විදියට හිතන්න , ගෙදර මේ දේවල් තේරුම්ගන්න පුළුවන් එක්කෙනෙක් එක්ක යන එක හොඳයි එතකොට counsilor ටත් ඔයගේ ඇත්ත progress එක මොනිටර් කරගන්න පුළුවන්, නැත්නම් තනියෙන් ඔය වැඩේ කරනවා කියන්නේ ඔයාගෙ ඔයාම රවට්ටගන්නවා වගේ වැඩක් , ගොඩක් වෙලාවට
@akshanz 2.0 කිව්වා වගේ හේතුවක් වගේ තමා ඔයාගේ / (මේ වගේ දැනෙන අයට ) තියෙන්නෙ. ඒකට මන් පොඩි දෙයක් එකතු කරන්නම් . පොඩි කාලේ ඉදන් ගෙවල් වලින් දෙන overpressure එක, ලංකාවේ education system එක , අනිත් මිනිස්සුන්ගේ show-off ( උඹ DragonD follow කරන්නේ මන් හිතන්නේ පොරගේ vlog බලනවා ඇති ) , social media වල පෙන්නන බොරු ජීවිත , අනිත් මිනිස්සුන්ට ඕනේ විදියට තමන් ඉන්න යාම , පව්ලේ අය හරි නෑදෑයෝ ඔයා ගැන තියන් ඉන්න over-hopes .
කරන්න තියෙන්නේ මෙච්චරයි over thinking නවත්තගන්න වැඩ වලට busy වෙන්න , කෙල්ලගේ ප්‍රශ්නේ අමතක කරන්න බැරි නම් EK එකේ thread එකක් වත් දාන්න A-Z සිද්දිය කියල එතකොට ඒ ප්‍රශ්නෙන් හිත නිදහස් වෙයි (මෙහෙම කිව්වෙ oya situation එකේ අය අනිත් අය එක්ක වැඩිය කතා නොකරන නිසා), නැත්නම් කොලයක් , diary එකක් අරන් ලියන්න. පොත් කියවනවා කියල කිව්වනේ, අජාන් බ්‍රහ්මවංස හාමුදුරුවන් ලියපු
Link මේ පොත් සෙට් එකත් කියවන්න , ඒ ගමන්ම O/L හෝ A/L කරනවා නම් plan එකක් හාදාගෙන , ඒ වැඩ දවස් වලට බෙදාගෙන ටික ටික වැඩ කරන්න ගන්න , වැඩ ගොඩ ගැහිල ඇති ඔක්කොම දේවල් එක රැයින්/දවසින් ඉවර කරන්න බෑ , plan එක හදදිත් එක දවසට කරන්න බැරි තරම් වැඩ දාගන්න එපා , ඕනෙම ලොකු වැඩක් ටික ටික කරලා තමා වැඩේ ඉවර වෙන්නේ දවසකට අනිවාර්යයෙන් පොඩ් වැඩක් හරි කරන්න focus කරන් , exam වලට time මදි වගේ හිතෙනවානම් papers බල බල වැඩියෙන් අහන දේවල් බලලා ඒ දේවල් වලට practice වෙන්න. Uni එකක නම් හෝ diploma එකක් කරනවා නම් කට්ටිය එක්ක එකතු වෙලා වැඩ කරන්න, දන්න පොරක් ලවා බලෙන් හරි උඹට කුප්පියක් දාගන්න , දැන් නම් zoom වලින් ලේසියි නෙහ්, Uni එකේ තියෙන module ඉගෙන ගෙන ඉවර කරන්න බෑ හොඳම වැඩේ past paper study කරල ඒ එන ඒවට practice වෙන්න, uni වල තියෙන club වලට join වෙලා කට්ටිය එක්ක social වෙන්න. උඹට දැන් ඉදන් අවුරුදු 5-10 ඉන්න ඕනේ තැනට target එකක් හදාගෙන ඒකට step-by-step achieve වෙන්න. Job එකක් කරන එකෙක් නම් job එකේ ඊළඟ positon එකට තියෙන්න ඕනේ තමන්ගේ skills polish කරගන්න , technology knowledge එක update වෙන්න , freelance කරන එකෙක් නම්
@Kolama දාල තියෙනව එකට ගැලපෙනම thread ටිකක් ඒව හොයල කියවල , ඒ වගේ වැඩ කරන්න. වැදගත්ම දේ social media වලින් පුලුවන් තරම් ඈත් වෙන එක. Phone එකෙන් ඒ app අයින් කරන්න , අවශයම නම් විතරක් pc/laptop එකෙන් ලොග් වෙන්න. YouTube pc/laptop එකෙන් යන්න, අනිව මේ extention
Link එක pc/laptop දාගන්න, show-off , එක එක social media status බලන්නෙ නැතුව ඉන්න පුරුදු වෙන්න එපා. තමන්ගෙ target එකට self discipline හදාගෙන ඒවා ලඟා කරගන්න. Motivation ඔනේ නම්
Link , මතක තියාගන්න ක්‍රම
Link . ජය