මට ලොකු උදවුවක් ඕනා යාලුවනේ!

මට ලොකු උදවුවක් ඕනා යාලුවනේ!

මම ගිය සතියෙත් මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මා.. ඒත් මට තවමත් හරිහැටි විසදුමක් ලැබුනේ නැහ​. දැන් මගේ හිත හරිම අවුල්.

මට ගර්ල් කෙනෙක්ව හමුවුනා ඔන්ලයින්. චැට් කරන්න ගිහින් නෙමෙයි. වෙන හොද විදියකින්. හරිම හොද විදියට අපි දෙන්නා ඉඞ්ලිශ් වලින්ම ඊමෙල් යවාගත්තා. මම එයාගේ ෆේස්බුක් පේජ් එකටත් හොරෙන් ගිහින් බැලුවා.. අනේ මන්දා ඉස්සර් ගත්ත පින්තූර වලට ටිකක් වෙනස් එයාගේ දැන් ෆොටෝ! හැබයි ඉතින් හැඩකාරයි. ඉස්සර ෆොටෝ නම් ටිකක් චා.. මොකද එයා ඒ කාලේ ටිකක් මහතයි. (මම ගොඩාක් වැරදියි මේවා බැලුවට​... ඒත් එයාගේ එෆ් බී පේජ් එක ඕපන්)

ඉතින් එයා උඩරට ඉන්න​, තාම ඉගෙන ගන්න (ඉස්කෝලේ නෙමෙයි) කෙනෙක්. අනේ මොකක් නිසාද මන්දා මගේ හිත එයාට ඇදිලා ගිහින්. මම මේ ගැන එයාට ලිව්වා... එයාගෙන් මම ෆෝන් නොම්මරේ කීපවිටක ඉල්ලුවා.. ඒත් එයාම කියනවා අපි තවම දැකලත් නැහැ, මගේ සම්පූර්ණ නම දන්නෙත් නැහැ... ඉතින් මුලින් හොදට හදුනගෙන ඉන්න ඕන කියලා.

අනේ මන්දා මට කිව්වා ස්කයිප් බැහ කියලා, ජී මේල් එන්නලු කියලා චැට් කරන්න​.
තවත් මගේන් ඉල්ලනවා මගේ මුලු නම. මම ඉතින් කවදත් බයගුල්ලෙක් නිසා මගේ වාසගම යවන්න ටිකක් බයයි. ඇයි ඉතින් එයාට පුලුවන්නේ නෙට් එකෙන් මම ගැන ගොඩක් හොයාගන්න​.
හැබයි මට බය මේ කොල්ලෙක්ද​, හොරෙක්ද කියලා... කියන්න බැහැනේ මගේ ඩීටේල්ස් අරගෙන මොන දේවල් කරයිද කියලා නේද​? පොලීසියටවත් ගිහින් කිව්වොත් මූ මාව අමාරුවේ දැම්මා.. අරකයි මේකයි කියලා?

මම ඉන්නේ වෙන රටක​... ලන්කාවේ නෙමෙයි. ඒකනිසා හමුවෙන්නත් බැහ​! මට මගේ වාසගම දෙන්නත් බයයි. අනේ මට පිහිට වෙන්න​..
මට තවත් විටෙක හිතෙන්වා මම මෙච්චර අවුරුදු ගානක් තනිකඩවම ජීවිතේ ගෙව්වේ මේ ගර්ල්ව ලැබෙන්නද කියලත්. ඒත් මට බයයි මේ හොරෙක්ද කියලා.

අනේ මට උදවු කරන්න මචන්ලා. මගේ ඔලුව කකියනවා වගේ!
 
කොස්තාපල්;14502102 said:
උඹ මේ ලඟදි මහණ වෙනව කියල ත්‍රෙඩ් එකක් දැම්ම නේද? ඒ අදහස අත් ඇරියද?

මහණ වෙන අදහස කවදත් මගේ හිතේ තිබුනා.. දැනටත් තියෙනවා.. අනාගතේටත් එහෙමයි! මචන්!
 

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මහණ වෙන අදහස කවදත් මගේ හිතේ තිබුනා.. දැනටත් තියෙනවා.. අනාගතේටත් එහෙමයි! මචන්!

    එහෙනම් ඉතින් මොන කෙල්ලොද බන් බන පොතක් කියවලා ආගම දහමට නැඹුරු වෙන්න බලපන් තව තවත්.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අඩො කෑලි සෙට් වෙන්නෙ නෑ කියලා මහණ වෙන්න එපා. මමත් බඳින්නේ නැහැ. හැබැයි මහණවෙන්න තරම් තාම හිත හයිය නෑ.
     
    අඩො කෑලි සෙට් වෙන්නෙ නෑ කියලා මහණ වෙන්න එපා. මමත් බඳින්නේ නැහැ. හැබැයි මහණවෙන්න තරම් තාම හිත හයිය නෑ.

    කැල්ල නිසා නෙමෙයි බන් මහන වෙන්නේ.. මම ආස නිසා රහත් වෙන්න​!