මට ලොකු කරදරයක්- Cancer Problem

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මට ලොකු කරදරයක්- Cancer Problem
    ගොඩාක් අය මාව දන්නවා එලකිරියේ
    අද මම කියන්න යන්නේ හීනෙන්වත් හිතපු දෙයක් නෙමේ
    මම ලන්කාවට අවේ ජූලි 15. දැන් කොරන්ටයින් ඉන්නේ.

    වෙනදා නැවේ ඉදන් ගෙදර එනවා කිව්වාම වයිෆ් බබා හැමෝම පුදුම සතුටකින් ඉන්නෙ. ඒත් අද ඒ සතුට ලන්කාවට ආව දවසෙම නැති උනා.බබා only child son අවුරුදු 5 මාස 10. බඩේ අමාරුවකට සහ වමනේ නිසා හොස්පිටල් ගියා.මම තවම කොරන්ටයින් නිසා මට හොස්පිටල් යන්න විදිහක් තිබුනේ නැ. බඩේ අමාරුව නිසා ඩොක්ටර් ස්කැන් එකක් කරන්න කිව්වා.ඒකේ හැටියට බඩේ ලොකු ගෙඩියක් ලු. ලිවර් එක සහ කිඩ්නි ලග තමා තියෙන්නෙ.තියෙන තැන අනුව සැක කරන්නේ නියුරොබ්ලස්ටොමා කියන කැන්සර් එකයි.එදා රෑම මහරගම අපේක්ශා එකට ට්‍රන්ස්ෆර් කලා. දැන් සිටි ස්කැන් එකයි බයෝප්සි එකයි රිපොර්ට් වගයක් ගන්න ආසිරි සෙන්ට්‍රල් එකේ.රිපොර්ට් එන්නෙ ලබන සදුදා හෝ අගහරුවාදා.අනේ දෙවියනේ මට මේක දරා ගන්න බැහැ.

    මම කාමරයක හිර වෙලා.මගේ දරුවා තාත්තා හොයනවා.මොන දුකක්ද දෙවියනේ?රිපොර්ට් ගන්න යන්න කලින් වයිෆ් පොඩි එකාව එක්ක ගෙන ආවා මම ඉන්න තැන ඉද මීටර් 50 දුර ඉදන් අත වැනුවා.මම ජනේලේ එල්ලීගෙන අත වැනුවා.මගෙ පපුව පැලිලා ගියා මචන්ලා.අනේ මේ ලොකේ කිසිම තාත්තා කෙනෙක්ට මෙවන් දුකක් අත් වෙන්න එපා.අනේ මට උදව් කරන්න. රිපොර්ට් එන්නේ ජූලි 20/21 සදුදා හෝ අගහරුවාදා. ඒ රිපොර්ට් එක හොද රිපොර්ට් එකක් වෙන්න කියලා තමන්ගේ ආගම අනුව ප්‍රාර්තනා කරන්න ඔයාලට පුලුවන්ද?

    මම අසරනයි. කර කියා ගන්න දෙයක් නැහැ.

    තව කාට හරි මේ නියුරෝබ්ලාස්ටොමා කියන ලෙඩෙ ගෙන අදහසක් හෝ එක්ස්පිරියන්ස් තියෙනවා නම් මට කියන්න.ඔයලාගේ පවුලේ හැමොටම නිරොගි සුවය ලැබෙවා.මගේ එකම පුතාගේ සුවය ප්‍රාර්තනා කරන්න.
    Son’s Name - Shanon
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Mmm awul wenna epa machan! Okkoma hodata sidda wei.. report eka awulak nathi wei.. nikan stress wenna epa... api report eka enakal balamuko machan..
     
    • Like
    Reactions: Lahiru120

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ikmanata suwa wewa kiyala api hamoma prarthana karanawa macn.
    oyage wedanawa hodata terum ganna puluwan mcn mata. mokada matath podi kollo 2k innawa. eyalata podi ledak hadunath mata wife ta nindak na. kamak na. e thama ban daru kakkuma.
    oya lede gananam experience ekak naha. danna kenek aniwa udau karayi.

    nawathath puthuta ikman suwaya prarthana karanawa.
    budusaranayi..
    mama inne kandy. leddunta godak bara wenawa walbodiyata (maligawa issaraha) . mama aniwa padurak dan yannam. puthage name eka mokada?
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    තෙරුවන් සරනින් Report එක හොද එකක් වෙනවා මචන්, මේ වෙලාවේ උබ strong වෙයන්. Cancer කියන්නේ සනීප කරන්න බැරි ලෙඩ නෙවෙයි. මගේ ඉස්කෝලේ යාලුවෙක් අවුරුදු දෙකක් cancer ward ඉදලා ගිය මාසේ ගෙදර ආවා සනීප වෙලා.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ කැප්ටා. දුකයි මචං උඹ ගැන. හිත හයියෙන් හිටපං. අඳුනන කන්ටෑක් එකක් තියෙනවා. අල්ලගන්න පුලුවන් වුනොත් pm එකක් දාන්නං. බය නැතිව හිටපං
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්.. ඉවසීමෙන් වැඩ කරන්න..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ මචං කැප්ටන්....දරු පැටියට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ බය නොවී ඉදපන්.... උඹ නැව් නැග්ගේ දරු පවුල වෙනුවෙන් සහ පෞලෙ අනාගතේ වෙනුවෙන්.. එතකොට මොකක් උනත් උඹට පුලුවන් සාමාන්‍ය එදිනෙදා කන බොන මිනිහෙක්ට වැඩිය දෙයක් කරල උඹේ පවුල ගැන බලන්න. මගේ හොදම මිතුරෙක් ඉන්නවා 3ර්ඩ් ඔෆිසර්. අම්ම අසනීප උන ගිය අවුරුද්දේ. පිළිකාවක්. මූ ගොඩ බැහැල ඉදියේ රජයේ වෙයිටින් ලිස්ට් වල නොයිද ප්‍රයිවට් සේරම ඉක්මණට කරගෙන සුපිරිම බේත් කෝස්1ක් කරවල සේරම ගොඩ දාගත්ත බුදු සරණින්..!!! ඉතින් ඒ හැකියාව ලැබුණේ මුහුදේ කට්ට කාපු නිසා දිවා රැයක් නැතුව... ඉතින් මචෝඅ අවුල් ගන්න දෙයක් නෑ. එන දේට මොළේ කල්පනා කරල මූණ දෙන්න තියෙන්නේ...එච්චරයි...පෞලෙ අනිත් සේරම කලබල වේවි නමුත් උඹ කලබල උනොත් ඔක්කොම ඉවරයි.. ශක්තිමත්ව මුහුණ දෙන්න මචෝ... බුදු සරණයි...!!!!
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දුර ඉදන් උනත් කමක් නෑ රුවන්වැලිසෑයටයි ශ්‍රී මහ බෝදියටයි වන්දනා කරල "පුතා සුව උනාම ......(කැමති දෙයක්) පූජා කරනව කියල බාරයක් වෙන්න.
    ඉක්මන් සුවය ලැබේවා !!