විවාහයට ඇතුළත් වන විට දෙදෙනාගේ විවාහ පරතරය කොතරම් වැදගත්ද??
පෙම් සබඳතා ඇතිකර ගැනීමේදී එකිනෙකා අතර වූ වයස් පරතරය ගැන හැඟීමක් නොවේ. එහෙයින් බොහොමයක් ම ඒ ගැන නොසිතති. පෙම් සබඳතාවක් ඇතිකර ගැනීමේදී බොහෝ වයස් පරතරයක් තිබුණද, එහි වෙනසක් නොදකින්නේ දෙදෙනා ම ආදරයෙන් උමතුව සිටීමෙනි. දෙදෙනාට ම ඇතිවන එකම හැඟීම වන්නේ දෙදෙනා සමීපවිය යුතු බව හා ආදරය කළ යුතු බවයි. එකිනෙකාගෙන් වෙන්වීමට ඇති ලෝභකම හා දෙදෙනාගේ සිත් අතර ප්රබල බැඳීමක් ඇතිව තිබීමෙන් වයස් පරතරය මත අනාගතයේදි ඇතිවිය හැකි ගැටළු සම්බන්ධයෙන් තැකීමක් නොකෙරේ. එයට අමතරව, බොහෝ වයස් පරතරයක් ඇති දෙදෙනෙකු ආදරයෙන් බැඳෙද්දි වයසින් වැඩි පුද්ගලයාගේ සිත ආදරයෙන් මත්ව තිබීමෙන් ඔහු හෝ ඇය හැසිරෙන්නේ, අනෙකාටද වඩා ළාබාල අයෙකු ලෙසිනි. මන්ද ඔහු හෝ ඇය ලද ඔබ ආදරය හේතුවෙන් යළිත් වරක් නව යෞවනයට ආපසු ගමන් කිරීමක් සිදුවේ. ඒ තරමටම ඔවුන්ගේ සිත් සුන්දර වේ. එහෙයින් දෙදෙනාට හැඟෙන්නේ සම වයසේ සිටින්නන් ලෙසින් වන අතර, අනාගතයේදි වයස් පරතරය හේතුවෙන් කිසිදු ගැටළුවක් ඇතිවීමට මඟක් නොවේ යෑයි හැඟේ. තවද විවිධ විෂයයන්ට උපතින්ම දක්ෂතා පෙන්නුම් කරන්නන් සිටින්නා සේම, ආදරය කිරීමටද සහජ හැකියාවක් හිමි පුද්ගලයෝ වෙති. එවන් ගැහැනුන් සේම පිරිමින්ට තමා කොතරම් වියපත් වුවද, නව යෞවනයෙකු සේ ආදරය කිරීමට හැකිවීම ඔවුන්ගේ සුවිශේෂත්වයකි. එසේ වුවද, එකෙකු අනෙකාට වඩා පසුකාලීන දිවියේදි කායිකව දුර්වලවීම මත එම හපන්කම්ද ඔවුන්ගෙන් ගිලිහී යැමට හැක.