සෙම හැදිලා ඉන්නේ හොදටම අමාරුයි මිට්ටනි. ඔලුව පුපුරන්න වගේ. 4 පාරකට වැඩිය බෙහෙත් ගත්තා කිසිම අඩුවක් නැ. ඇස කන් නස දිව සරීරෙ අංගසම්පුර්ණවම සෙම වගෙයි මට හිතෙන්නේ.. දැන් සති දෙකකට කිට්ටුයි. පහු ගිය මාස කීපයේම මාසයකට සැරයක් වගේ හැදුනා. ලේසියෙන් අඩුවෙන්නෙම නැ හැදුනාම. අන්තිමට ඉන්හේලර් අදින්නත් උනා. කොහොම හැදෙනවද මන්දා. ඉස්සර මහා වැස්සේ දවස් ගණන් එක දිගට තෙමෙන කාලේවත් මෙහෙම අසනීප වෙලා නැ.. මට හිතන්නේ මට සෙම ඇගේ තියෙන නිසයි මෙහෙම වෙන්නේ කියලා.. ඉංග්‍රීසි බෙහෙත් නැතුව සිංහල බෙහෙත් කරන්න කියල හිතන් ඉන්නේ. දැන් අන්තිමට ගත්ත බෙහෙත් වල නහයට දාන්න ඩ්‍රොප් එකක් දීල තියෙනවා.. එකටවත් අඩුවෙයිද බලන්නේ එකත් දැන් දවස් 3ක් තිස්සේ දානවා වැඩි උනා මිසක් අඩු උනේ නැ හැබැයි. සිංහල බෙහෙත්වත් කරන්න වෙයිද? මට හැමවෙලේම හිතෙන්නේ මගේ ඔලුව කොයිවෙලේහරි පුපුරලා යයි කියල අර ෆිල්ම්වල වගේ. ඒ තරන් ප්‍රෙෂර් එකක් ඔලුව ඇතුලේ දැනෙනවා. 

ඇත්තටම එහෙම වෙයිද