මේකියන විදියට බිල්ඩිමේ කුලිය ලක්ෂ 5යි , ලෝන් එකට ලක්ෂ 7.25යි එකියන්නේ මාසෙකට ගොඩනැගිලිකුලිය හා ණය වාරික ගෙවන ලක්ෂ 12.25 ක් ඕන ඊට අමතරව විදුලි බිල් , වතුර බිල් , සේවකයන් ගේ වැටුප් , සේවකයන් 15 දෙනෙක්ට 25000 ගානේ දුන්නෝත් ලක්ෂ 3.75යි ආරක්ෂක වියදම් , මේ සියල්ල එකතු උනාම ලක්ෂ 18 කට වැඩි මිසක් අඩු වෙන්න බෑ .
මීට අමතරව තවත් බොහෝ අමතර වියදම් තියෙනවා , එළකිරියේ සිටින ව්‍යාපාර කරන මහත්වරු දන්නවා ඇතිනේ ඒ ගැන (වෙළෙඳ ප්‍රචාරණ අදී )
එකියන්නේ මෙතුමාට ඉහත වියදම් පියවීම සඳහා මේ ව්‍යාපාරයෙන් ලක්ෂ 18 කට වැඩි ශුද්ධ ලාබයක් ලබන්න නම් සෑම මසකට ලක්ෂ 60-70ක වෙළඳාමෙන් අදායමක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි (මුළු අදායමෙන් 20%-25%ක් පමණ මුදලක් ශුද්ධ ලාබය ලෙස ලැබෙන බව උපකල්පනය කර ගණනය කර ඇත ) , මගේ දැනීමේ හැටියට නම් ඒ තරම් අදායමක් මේ වෙළඳාමෙන් ලැබෙන්නේ නෑ. තලවතුගොඩ ඇඳුම් කඩේකට මෙතරම් අදායමක් ලැබෙනවා කියලා හිතනවද ?
මෙතුමා කියන විදියට මෙතුමා මච්චරම දුප්පත් නම් බිල්ඩිමේ අත්තිකාරම් මුදල් ලෙස ලක්ෂ 60ක (අත්තිකාරම් මාස 12කට ) පමණ මුදලක් සහ වසාතැබූ මාස 6 සඳහා බිල්ඩිමේ කුලිය ලක්ෂ 30 එනම් ලක්ෂ 90කට අධික මුදලක් උපයාගත්තේ කෙසේද ?
සියල්ලට අමතරව මෙතුමාට වෙස්සන්තර වගේ ලොවෙත් නැති යහළුවන් ඉන්නවනේ. තලවතුගොඩ පැත්තේ මිලියන තිහ හතලිහක් වටිනා ඉඩමක් වෙනකෙකුගේ නමට සතපහක් නොගෙන ලියා දෙන යහළුවන්, පට්ටයි නේද ?