මම ස්තුති වන්ත වෙනවා විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාට ඔහුගේ දියණිය සොහර්නි තෙන්නකෝන් මහත්මිය වාග් චිකිත්සකවරියක් කරවීම පිලිබඳ වෛද්‍යවරියක් නොකර. මොකද ලංකාවේ වෛද්‍ය වරු ජාත්‍යන්තර ප්‍රමිතිය ගැන හෝ multi disciplinary team work ගැන තියෙන්නේ ඉතාම අඩු අවබෝධයක්. ඉතින් ඒ නිසා විශේෂඥ වෛද්‍ය වරයෙක් විදියට වජිර තෙන්නකෝන් මහතා ඉතාම දක්ෂ වෛද්‍ය වරයෙක් වගේම හොද පියෙක් ලෙස දියණිය ගේ කැමැත්ත ට ඉඩ දීලා ඒ පිළිබද ආඩම්බර වන පියෙක්. ඇය මම වගේම ලංකාවට ආපු හැම වෙලාවේම ලංකාවේ රෝගීන්ට ඇයගේ සේවය නවලෝක රෝහලේ ලබා දෙනවා. අපි දෙන්නම පශ්චාත් උපාධි කරේ ඕස්ටේලියානු විශ්ව විද්‍යාල වල. fellowship කරා එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ යන රටවල් දෙකේම. ඉතින් මේ රටවල් වල තියෙන ප්‍රමිතිය ලංකාවේ අපි ඇතිකරද්දී මේක බලාගෙන ඉන්න බැරි වවන් කාපු පිරිසක් ඉන්නවා මේ ක්ෂේත්‍රය තුලම ඒ අය සෑහෙන්න බය වෙලා එයාලගේ මවාගත්ත දේවත්වය නැති වෙලා යයි කියලා...
යකා ට බයේ සොහොනේ ගෙවල් හදන්නේ නෑ. ඒ වගේම ප්‍රත්‍යක්ෂ නැති දේවල් මම නම් කොහෙත්ම කියන්නේ නෑ. ඒ වගේම ප්‍රත්‍යක්ෂ දේවල් කියද්දී මුණට ම කියලා දානවා පුද්ගලයා කවුද කියලා අදාලම නෑ.... මොකද ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග හරි තියෙන ඒවා හොද හැටි හොයලා බලනවා මම යමක් කියන්න කලින්
ඒ වගේම ඔය කාගෙවත් referrals වලින් ලෙඩ්ඩු බලන්නේ නෑ අපි. මොකද අපිම හොයාගෙන එන ලෙඩ්ඩු ඉන්නේ බහුතරයක්..
ඒ නිසා කාටවත් නැවෙන්නෙත් නෑ.. මොකද අපේ identity එක අපි හොයාගෙන ඒ තුලින් ලෙඩ්ඩුන්ට උපරිමයක් කරල තියෙන්නේ අවුරුදු 13 ක් තිස්සෙම .ඒ වගේම මේක සේවයක් මිසක් අපේ ආදයම් මාර්ගය නෙවෙයි. ඒ නිසා කොහෙත්ම අදාලම නෑ ඔය කවුරුත්.. කරන්නේ හරි දේ නම් කියන්නේ කිව යුතු දේ නම් කියලා දානවා මුණටම.. එච්චරයි.... ඉවසන්න බැරි නම් ඕනි දෙයක් කරල බලන්න... වට්ටන්න උත්සහ කල හැක එහෙත් කිසිදා වට්ටවනු නම් නොහැකි වනු ඇත.... උත්සහ කර බලන්න... මොකද මම මගේ සීමාව හොදින් අදුනනව... ඒ වගේම මගේ capacity සහ මගේ පුරවැසි අයිතිය පිළිබද හොදින් දන්නවා.. ඒ නිසා මගේ භාෂණ අයිතිය ඔබට අභියෝගයට ලක් කිරීමට සෑහෙන්න අමාරු වෙව්...
