මඩාටුගම දියණියට කළ බොරු චෝදනාවෙන් දෙමාපි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මඩාටුගම දියණියට කළ බොරු චෝදනාවෙන් දෙමාපි

    http://www.lankadeepa.lk/features/මඩාටුගම-දියණියට-කළ-බොරු-චෝදනාවෙන්-දෙමාපියෝ-කබලෙන්-ලිපට/2-519607

    මුළු රටේම කතාබහට ලක්වූ කැකිරාව මඩාටුගම රේවත මහා විද්යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක කුසගින්නේ සිටීම හේතුවෙන් වමනය ගොස් පසුව විදුහලේ විනය කමිටුව මගින් ඇය ගැබිනියක පවසා පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය පිලිබදව පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් දැරියගේ මවට සහ පියාට ලබන සදුදා දිනයේ කොළඹ මානව හිමිකම් කාර්යාලයේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්දී තිබේ.

    එම දැරියගේ මව ඩී .එම් . සෝමාවතී මහත්මිය (57 ) කිසි දිනක කොළඹට ගිහින් නොමැති බව පවසන්නීය .ඇයගේ පියා එච්. එන්. කිරිබණ්ඩා (66) මහතා කියා සිටියේ තමන් එක්දහස් නවසිය හැට ගණන්වල පුංචි කාලේ කොළඹ කොටුව ප්‍රදේශයේ ලොරියක එළවළු බෑමක් කර ඇති බවත් ඉන් මත්තට මෙතෙක් කොළඹට ගොස් නොමැති බවත්ය.

    එමෙන්ම මෙම දෙමව්පියන්ට තවත් ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ එදිනෙදා කුලී වැඩක් කරගෙන දිනකට එක වේලක් පමණක් ආහාර ගනිමින් සිටින බැවින් දෙදෙනාට කොළඹ යෑම සඳහා අඩුම තරමේ බස් කුලී වත් හොයා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවයි.

    ඔවුන්ගේ නිවසට ලංකාදීප නියෝජිතයන් ගියේ ලංකාදීපයේ පලවූ ප්‍රවෘත්තියක් දැක ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි සංවේදී පුද්ගලයන් තිදෙනෙකු මෙම නිවැසියන්ට වියළි ආහාර රැගෙන ආ අවස්ථාවේ ඔවුන්ට එම නිවස පෙන්වීම සඳහාය.

    අසාධාරණයට පත්ව සිටින දියණිය සහ මව ඒ වන විටත් නිවසේ සිටි අතර ඇය කියා සිටියේ තමන්ට තවමත් පාසලක් බවයි. කෙසේ වෙතත් දැරියගේ මව කියා සිටියේ මඩාටුගම රේවත විද්‍යාලය ගුරු දෙගුරු සමිති ය පවත්වා මෙම දැරිය පාසලට ඇතුලත් කරගන්නේ නම් ගුරුවරුන් කිහිප දෙනෙකු පාසලෙන් ඉවත්වන බවට දැනුම් දී ඇති බව ය.

    මෙම දැරියට පාසල් යෑම සඳහා පාවහන් යුගලක් හෝ බෑගයක් සහ ඇඳුම් පැළඳුම් තිබේද යන්න මව ගෙන් විමසීමක් කළ අවස්ථාවේ දැනට පාසල් යෑමට භාවිත කළ මිරිවැඩි සඟළ අපට පෙන්වූවාය. එහි යටි පතුල ගෙවී බිම ගෑවෙන ආකාරය පෙනෙන්නට තිබිණි.

    දිනකට එක වේලක් පමණක් ආහාර ගන්නා මෙම අහිංසක දුප්පත් පවුලේ උදවියද මෙම සිද්ධියත් සමඟ තවත් කරදර රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව පියා වන කිරිබණ්ඩා මහතා අප සමඟ පැවසීය.

    විවිධ පරීක්ෂණ සඳහා අනුරාධපුර දඹුල්ල ආදී ප්‍රදේශවල පොලීසි වලට ගමන් කිරීම නිසා තමන්ට කුලී වැඩක් කර ගැනීමට හෝ අවස්ථාවක් නොමැති බව ද ඔහු කියයි.

    කිරිබණ්ඩා මහතා වැඩිදුරටත් කියා සිටියේ තම දියණිය පාසලෙන් ඉවත් කිරීම සඳහා මුල් වූ ගුරුවරයා පිළිබඳව කිසිවක් කතා නොකර සිටින නමුත් විදුහල්පතිතුමියට බලපෑම් කළ ගුරුවරයා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසද ඉල්ලීමක් කළේය.

    විදුහල්පතිතුමිය එම ලිපියට අත්සන් කළා පමණක් බවද දැරිය පාසැලෙන් ඉවත් කිරීම සඳහා දැඩි ලෙස ක්‍රියාත්මක වූයේ වෙනත් ගුරුවරයකු බව හෙතෙම සඳහන් කළේ ය.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවේ කැඳවීම පරිදි මෙම දෙදෙනාට කොළඹ යෑම සඳහා රුපියල් 1000ක මුදලක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට පැමිණි තරුණියක විසින් පරිත්‍යාග කරන ලදී.

    මේ පිළිබඳව අදහස් දැක්වූ දැරියගේ මව සෝමාවතී මහත්මිය මෙසේ කීවාය.

    "පහුගිය මාසෙ දොළොස්වැනිදා තමයි අපි දෙන්නා කුලී වැඩකට ගිහිල්ල ඉද්දි පණිවිඩය එව්වේ අපිට පාසලට එන්න කියලා. ඒ ගියාට පස්සෙ තමයි තව ගුරුවරයෙකු අපිට කිව්වේ අපේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා ඒ නිසා පාසලේ තියාගන්න බෑ කියලා. ගුරුවරයා දැඩි ලෙස අපිට බැන්නා. දුවටත් බැන්න . පස්සේ අපිට දු අස්කරගෙන ගෙදර එක්ක එන්න කියලා කිව්වා. ඒ නිසා තමයි අපි දුව දඹුල්ල ඉස්පිරිතාලෙට ගෙනාවේ.

    දඹුල්ලේ දොස්තර මහත්වරු දෙවිවරු වගේ ඒ මහත්වරු මගේ දුවට තිබ්බ චෝදනාව බොරුවක් බවට පත් කළා. ඒ වෙලාවෙ මගේ හිතේ තිබුණු ගින්දර ගොඩක් නිවිලා ගිය "

    "දැන් වෙලා තියෙන්නේ මගේ දුවට තවමත් ඉස්කෝලේ යන්න නැති එක. විදුහල්පතිතුමිය වත් වෙනත් කවුරුවත් ඉස්කෝලයක් දෙනවා කියලා අපිට කිව්වේ නෑ. හැබැයි දුවගේ පංතිභාර මැඩම් ඇවිල්ලා එක දවසක් කිව්වා දුව ඉස්කෝලෙ ගන්නවා කියලා. හැබැයි තවමත් ගත්තේ නෑ. තවමත් දුව ගෙදර. අපි හැමදාම එක එක පරීක්ෂණ වලට පොලිසි ගානේ කාර්යාල ගානේ ඇවිදිනවා. දවසේම බඩගින්න යන්නේ අදත් ඊයෙත් අනුරාධපුරය ගියා බස් එකට සල්ලි හොයාගෙන යනවා .දවසේම බඩගින්නේ ඉඳලා ආපහු එනවා.

    " මම කවදාවත් කොළඹ ගිහිල්ලත් නෑ කොළඹ දැකලත් නෑ කොහොමද අපි කොළඹ යන්නේ, අඩුම තරමේ කොළඹ යන්ඩ ඕනෙ කොහොමද කියලවත් අපි දන්නේ නෑ .ඔය කියන මානව හිමිකම් එක තියෙන තැන දන්නෙත් නෑ. පුලුවන්නම් බස් එකෙන් බහින තැනට වත් කවුරුහරි අවොත් අපි එක්ක යන්න ලොකු දෙයක්."

    "අපි යන් නැතුව හිටියොත් කියයි මේ කෙල්ල ඇත්තටම මේ දේ කරගෙන කියලා. එකෙත් ලොකු ගින්දරක් තියෙන්නෙ. මොනවා කොරන්ඩද කියලා අපිට තේරෙන්නෙ නෑ මහත්තයො".

    දැරියගේ මව හඬමින් එසේ කියා සිටිද්දී පියා වූ ටිකිරි බණ්ඩා මහතා මෙසේ පැවසීය

    "අපිට වෙන මොනවත් ඕනේ නෑ දුවට විභාගයක් කරන්න ඉගෙන ගන්ඩ ඉස්කෝලේ යන්න අවස්ථාව දෙන්න කියන්න. විදුහල්පති තුමිය ගොඩක් දුක්වුණා මෙම සිද්ධියත් එක්ක .එතුමියට තියෙන්නෙ මේක අත්සන් කරපු එකේ වැරැද්ද. හැබැයි වෙන කෙනෙක් තමයි බැන්නේ ඒ සර් කියපු ඒවා අහගෙන ඉන්න බැරුව මම එලියට ගිහිල්ල හිටිය".

    " ඒ තරම් පහත් විදියට තමයි කතා කළේ. ඉස්කෝලේ රැස්වීම් තියලා දෙමව්පියෝ ගුරුවරු ඔක්කොම අපිට දොස් කියන්න සැලසුම් කොරලා . කිසිම කෙනෙක් කතා කරන්නේ නෑ. දැං ඔක්කොම වැරදි කරලා තියෙන්නේ අපි . පත්තර වලට ටීවී වලට දාපු මහත්තුරුයි අපියි මේවා කොරේ කියලා තමයි අපිට බනින්නේ. ලොකු නෝන ගැන අපිටත් දුකයි මොකද අපි එන්න හදන වෙලාවේ ලොකු කනස්සල්ලකින් හිටියේ අපි දැක්කා හැබැයි කෙල්ල පාසලෙන් අයින් කරන්න අස්සන ගැහුවේ ලොකු නෝනා. අර වෙන සර් කෙනෙක් තමයි ගොඩක් බලපෑම් කළේ. මං ඒක එදත් අදත් කියනවා .මොනව උනත් දැන් වැරදි කාරයො අපි. මොනව කරන්ඩද දුප්පත් කමත් එක්ක සිද්ද වෙන දේවල් මේව."

    "අපිට කොළඹ එන්න කියල තිබ්බට යන්නේ කොහොමද? මම එකදාස් නවසිය හැට ගණන්වල කොල්ල කාලේ කොළඹ ගිහිල්ලා ලොරියක පිටකොටුවේ ලොරියක බඩු බාලා තියෙනවා එදයින් පස්සේ මේ වෙනකම් මම කොළඹ ගිහිල්ලා නෑ. තියෙන තැනක් දන්නෙත් නෑ .කොහොම හොයාගෙන යන්න ද කියලා දෙව්ලොව රත් වෙලා ඉන්නේ. අතරමං වෙයිද කියලා හිතාගන්නත් බෑ."
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kohoma hari oka e kellage wasanawaa...
    dan ithin adara hambawei watenma...
    adumagane awurudu ganak yanakan wel 3 kala inna puluwn wei..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    • Like
    Reactions: keshannilanga

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔය ළමයා අස් කරන්න සාධාරණ හේතුවක් තියෙන්න ඇති බන් . අපි ස්කොලේ යන කලේ අපේ ස්කොලේ කෙල්ලෝ දෙන්නෙක් අයින් කරා 11 වසරේ ඉන්නකොට ඒවානම් පත්තර වල tv වල වැටුනේ නෑ .

    පාසලේ විනය කියන දේ ගොඩක් වටිනවා සමහර ළමයි සිදු කරන දේවල් ආදර්ශයට අරගෙන අනිත් ළමයි ඒ මග ගමන් කරොත් කියලා ගොඩක් වෙලාවට බැරිම තැන තමා පාසලකින් ඉවත් කරන්නේ
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේ රටේ සිංහල මිනිස්සු කොචර දුක් විදිනවද ඊ අස්සේ අපේ බඩු සල්ලි වලින් දාස් ගානක් පිටරටවලින් ආව සරණාගතයෝ පෝෂණය වෙනවා කියන එක අමතක කරන්න එපා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දෙවියන්ට වගේ සලකන වෘත්තීන් දෙකෙන් එකක් තමයි ගුරු වෘත්තිය. අනිත් එක වෛද්‍ය වෘත්තිය. ප්‍රතිපත්තියක් නැති උන් මේවා ඇතුලට රින්ගපු නිසා දැන් මේ වෘත්තීන් දෙකම හොඳටම පිරිහිලා.
     
    • Like
    Reactions: Boomslang

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දෙවියන්ට වගේ සලකන වෘත්තීන් දෙකෙන් එකක් තමයි ගුරු වෘත්තිය. අනිත් එක වෛද්‍ය වෘත්තිය. ප්‍රතිපත්තියක් නැති උන් මේවා ඇතුලට රින්ගපු නිසා දැන් මේ වෘත්තීන් දෙකම හොඳටම පිරිහිලා.

    guruvaru venne godak aya dan vena karanna deyak nathi nisa,habayi vena rataval udama thiyena job eka:(:(
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය ළමයා අස් කරන්න සාධාරණ හේතුවක් තියෙන්න ඇති බන් . අපි ස්කොලේ යන කලේ අපේ ස්කොලේ කෙල්ලෝ දෙන්නෙක් අයින් කරා 11 වසරේ ඉන්නකොට ඒවානම් පත්තර වල tv වල වැටුනේ නෑ .

    පාසලේ විනය කියන දේ ගොඩක් වටිනවා සමහර ළමයි සිදු කරන දේවල් ආදර්ශයට අරගෙන අනිත් ළමයි ඒ මග ගමන් කරොත් කියලා ගොඩක් වෙලාවට බැරිම තැන තමා පාසලකින් ඉවත් කරන්නේ

    මේ ලමයා අයින් කරපු හේතුව වෑරදි කියල දෑනටමත් දොස්තරල ඔප්පු කරල ඉවරයි. ඒ හින්දා ඒ පෑත්ත කතා කරල තේරුමක් නෑ. ලමයා නිවෑරිදි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෙවියන්ට වගේ සලකන වෘත්තීන් දෙකෙන් එකක් තමයි ගුරු වෘත්තිය. අනිත් එක වෛද්‍ය වෘත්තිය. ප්‍රතිපත්තියක් නැති උන් මේවා ඇතුලට රින්ගපු නිසා දැන් මේ වෘත්තීන් දෙකම හොඳටම පිරිහිලා.

    ඒ දෙකම පිරිහෙන්න එක හේතුවක් තමා ප්‍රයිවට් ප්‍රෑක්ටිස්. ටියුශන් කඩ සහ බෙහෙත් කඩ. ඒ දෙකටම හේතුවක් තමා ඔය දෙගොල්ලන්ටම ගෙවන අඩු පඩිය. සාපේක්ෂව ඩොකාලට සහ ගුරුවරුන්ට ගෙවන පඩි අඩුයි
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    ඔය ගුරා සුවර් එකට මේ ළමයට මොකක් හරි කුපාඩි කමක් කරන්න හදන්න ඇති. එකට අකමැති උන එකට තම ඕවගේ කතන්දරයක් දල තියෙන්නේ. නැතම් ඔච්චර බරපතල එකක් නික්ම දන්නේ නැනේ.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔය ගුරා සුවර් එකට මේ ළමයට මොකක් හරි කුපාඩි කමක් කරන්න හදන්න ඇති. එකට අකමැති උන එකට තම ඕවගේ කතන්දරයක් දල තියෙන්නේ. නැතම් ඔච්චර බරපතල එකක් නික්ම දන්නේ නැනේ.
    :yes:
     
    • Like
    Reactions: malakadss

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    guruvaru venne godak aya dan vena karanna deyak nathi nisa,habayi vena rataval udama thiyena job eka:(:(

    ඔව් බන්. පොඩි කාලේ ඉඳන් ගුරුවරයෙක් වෙන්න හීන මවාගෙන ඉන්න අයට සුදුසුකම් තියෙනව නම් ප්‍රමුඛතාවයක් දෙන්න ඕනෙ.

    ඒ දෙකම පිරිහෙන්න එක හේතුවක් තමා ප්‍රයිවට් ප්‍රෑක්ටිස්. ටියුශන් කඩ සහ බෙහෙත් කඩ. ඒ දෙකටම හේතුවක් තමා ඔය දෙගොල්ලන්ටම ගෙවන අඩු පඩිය. සාපේක්ෂව ඩොකාලට සහ ගුරුවරුන්ට ගෙවන පඩි අඩුයි

    ප්‍රයිවට් ප්‍රෑක්ටිස් වල හොඳ පැත්තකුත් තියෙනව නේද මචන්. පර්මිට් විකුනල සල්ලි අතට ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් කියන්නෙ උන්ට පඩි මදියි කියලනෙ. ලංකාවේ හැම රස්සාවකම වගේ අඩු පඩි තමයි බන් තියෙන්නෙ. කොහෙ තියෙන සල්ලිද බන් ඔච්චර ගෙවන්න. එහෙනම් බදු වැඩි කරන්න ඕනේ. අතේ සල්ලි නෑ කියලා හිතේ තියෙන මනුස්සකම නැති කරගන්න තරම් නූගත් අධ්‍යාපනයක් නැති මිනිස්සු නෙවෙයිනෙ මේ අය.
     
    • Like
    Reactions: malakadss