මතක_නෑ_පාඩම්

r runner

Member
May 12, 2015
2,396
781
0
පාඩම් මතක තබා ගැනීමට

jpg images

සමහරැන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කියාදෙන දේවල් අමතක වීම.. :(මේක ‍බොහෝ දෙනෙක්ට තියෙන දෙයක්.. පාඩම් මතක හිටින්න ඒක එක අය විවිද දේවල් කරනව.. මං හිතනව කිරියෙ ඉන්න හැමෝම වගේ විවිධ පැති වලින් ගත්තම බොහෝදුරට බුද්ධිමත් .. ;)ඉතින් අපි මෙතන බෙදාගනිමු අපි අපිට ආවේනික පාඩම් මතක තබාගැනීමේ ක්‍රම....(Tips)

image hosting

මංනම් බොදුරට පාඩම් වැඩ රිපිට් කරගන්නවා අඩුයි.. මගේ විදිය තමයි... පාඩම කියාදෙන වෙලාවට හොදට අවධානයෙන් අහගෙන ඉන්න ගමන් එතැන මැවෙන රැපය (ඒකියන්නේ අපි පිල්ම් එකක් බලනවා කියහල්ලකො.. ඒකේ එක සීන් එකක් තියෙනව පංතියක උගන්නනවා.. දැන් IMAGINE උනාද..) මවාගන්නවා ඒක හරියට වීඩියො ක්ලිප් එකක් ගත්ත වගේ... ඉතින් EXAM එකේදි කරන්නෙ ප්‍රශ්නෙට ගැළපෙන ක්ලිප් එක Edit කරගන්න එක විතරයි.. පොතක් කියෙව්වත් ඒක ස්කෑන් කරගන්නවා මයින්ඩ් එකට...මේක මටනම් ගොඩක් සාර්ථක ක්‍රමයක් උනා.. මුනදිපු හැම එක්සෑම් එකක්ම පළවෙනිය දෙවැනිය වගේ වෙලා ගොඩ ගියා... ඔන්න මගේ ක්‍රමේ... (මං අහල තියෙනව සමහරැ වතුර බේසමේ පවා කකුල් ඔබන් පාඩම් කරනව කියල.:shocked:. ඒක මොන කරැමයක්ද යකුනේ:growl::growl:)

upload a picture

උබලටත් උබලටම ආවේනික මතක තබා ගැනීමේ ක්‍රම කියල ගියොත් ඒක මේ නූල කියවන බොහෝ දෙනෙක්ට උපකාරි වේවි... ;)

Last edited:
  • Like
Reactions: harsha45

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    690
    667
    93
    Are u crazy! :eek: poth padam karane eka matha ka thiyagana scan karana na mama name. Eka therum gahawa and application eka mathaka thiyagana wa withari :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරියට තේරුම් ගැනිල්ල තමා මචෝ මටනම් පුලුවන් එකම දේ. වෙන මෙලෝ දෙයක් හරියන්නෙ නෑ.:dull:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Are u crazy! :eek: poth padam karane eka matha ka thiyagana scan karana na mama name. Eka therum gahawa and application eka mathaka thiyagana wa withari :D

    ඒක සිරා ක්‍රමයක් බං.. මේක මයින්ඩ් මැප් ක්‍රමයට බොහෝ සමාන දෙයක්.. මයින්ඩ් මැප් කියන්නේ ඉතා ප්‍රබල සහ සරල තොරතුරැ සාරාංශ කිරීමේ ක්‍රමයක්. මාතෘකා එකට සම්බන්ධ කිරීම්, වර්ණවත් අකුරු, ප්‍රස්තාර හා රූපරාමු මගින් හා මුලික අකුරු මගින් ඔබේ මතකය ප්‍රබල කරගැනීමට උදව් වෙනවා.

    මේ ක්‍රමවේදය ලෝකයට හඳුන්වා දුන්නේ ටෝනි බූසෑන් (Tony Buzan) නැමති ඉංග්‍රීසි ජාතික අධ්‍යාපනඥයා විසිනි.

    සියලුම තොරතුරු ඔබට එක් ස්ථානයකට ගෙන ඒමට පුළුවන් ඒ වෙගේම ඔබට හොද ඉගෙනුම් රටාවක් ගොඩනගා ගැනිමට පුළුවන්.
    එක් කුඩා පින්තුරයකින් හෝ විශේෂ වචනයකින් ඔබට ඉතා වැදගත් සහ කරුණු ගණනාවක් එකවර මතක තියාගන්න පුළුවන්.
    මෙය භාවිතා කිරීමෙන් මතකට වැඩි වන ක්‍රම 8 ක් ගැන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා.

    උබට ඕනිමනම් tony buzan ගැන ලින්ක් එකක් දෙන්නම්...;););)
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    WdnkVgw_700wa_0.gif
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    ela thread 1k. පාඩම කියාදෙන වෙලාවට හොදට අවධානයෙන් අහගෙන ඉන්නවා. ඊට පස්සෙ ආයෙත් පොත කියවනව. ප්‍රශ්න අහන්න පුලුවන් තැන්වලින් මමම ප්‍රශ්න අහල උත්තර දෙන්වා. මට නම් හරියන්නේ ඒක.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ela thread 1k. පාඩම කියාදෙන වෙලාවට හොදට අවධානයෙන් අහගෙන ඉන්නවා. ඊට පස්සෙ ආයෙත් පොත කියවනව. ප්‍රශ්න අහන්න පුලුවන් තැන්වලින් මමම ප්‍රශ්න අහල උත්තර දෙන්වා. මට නම් හරියන්නේ ඒක.

    සිරා මචං.. තැන්ක්ස්
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    mind mapping සහ short notes, ඔය දෙක තමා මට නම් ගොඩක්ම සෙට් වෙන්නේ. ගිරවා දාන සබ්ජෙක්ට් වලට නම් පාඩම් කරලා ඉවර වුනාට පස්සේ main topics, questions ටික ඔක්කොම වෙනම කොලේක ලියාගන්නවා. ඊට පස්සෙ ඒවට උත්තර මතකෙන් ලියනවා. ඊට පස්සෙ උත්තර හරි වැරදි බලනවා. ඔහොම කීප සැරයක් කළාම උත්තර නිකම්ම මතකයි.
    හිතලා ලියන්න ඕනේ සබ්ජෙක්ට් එකක් නම් මූලික දේවල් ටික හොඳටම බලාගෙන තේරුම් ගත්තට පස්සේ අනිත් දේවල් ඒකෙන් ගොඩ නඟාගෙන ගිය හැකි නේ. පාඩම් කරද්දි short note එක බලාගෙන කතාවක් ගලාගෙන යනවා වගේ මතක් කර කර ඔක්කොම දේවල් එකිනෙකට සම්බන්ධ කරලා හිතන්න ඕනේ. ඔය මොනවා කරන්නත් කලින් උගන්නන වෙලාවට සිහියෙන් අහන් ඉන්න ඕනේ :yes: මම කරන්නේ ඔහොමයි..
     
    අන්න බ්‍රයිටෙක්...;) එළ මචං...:):):):)
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මම නම් ඕන කරන ටික කට පාඩම් කරලා මතකෙන් ලියනවා ..... මේ ක්‍රමය ගොඩක් දුරට සාර්ථකයි