අපේ ගෙදර මිදුලෙ එහෙම හවසට පට්ටම විදියට මදුරුවො ඉන්නවා, ගෙදර වටේම කුඹුරු එහෙම තියන නිසා මදුරුවො හැදෙන තැන් නැති කරන්න ප්‍රැක්ටිකලි බැහැ
හැබැයි අපේ ගේ ඇතුලෙ මදුරුවො ඇත්තෙම නැති තරම්, ඒකට හේතුව ගෙදර කිචන් එකේ ඇරෙන්න අනෙක් කිසිම තැනක ලූවර් එහෙම දාල නැහැ මදුරුවොන්ට එන්න තැනක් නැහැ. වේලාසනින් දොරවල් සහ ජනෙල් වහලා දානවා
AC කරපු බෙඩ් රූම් තියනවා ඒවයෙ දොරවලට auto door closer දාල තියෙන්නෙ. ඒ කාමර වල මදුරුවො කවදාවත් ඉඳලා නැහැ. නෙට් දාගෙන නෙමෙයි නිදාගන්නෙ. නෙට් එකක් යූස් කරපු කාලයක් මතක නැහැ
මදුරුවො ගෙට එන එක නතර කරගන්න එක හිතනවට වඩා ගොඩක් ලේසියි. ගේ ඇතුලට මදුරුවො එන්නෙ ජනෙල්, දොරවල්, ලූවර් වලින් ඒ ටිකෙන් මදුරුවො එන්නෙ නැති කරගත්තා නං ගෙදර මදුරුවො නැති කරගන්න පුලුවන්
අනෙක තමයි පොඩි බබෙක් නං නෙට් එකක් දාගන්න පුලුවන්
අපේ ලොකු එකා මොන්ටිසෝරි යවනකොට Odomose කියලා ක්‍රීම් එකක් අත් දෙකේ සහ කකුල් දෙකේ ගාල යැවුවා, ඒකටත් මදුරුවො කන්නෙ නැහැ. හැබැයි පොඩි බබෙක්ට ඒක ගාන්න පුලුවන්ද දන්නෙ නැහැ