මදුරුවෝ එලවන ලේසි ක්‍රමයක්

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
මදුරුවෝ එලවන ලේසි ක්‍රමයක්

මේක ගමේ විදියට මදුරුවෝ එළවන ලේසි ක්‍රමයක්. මම දන්නේ නෑ මේක අනෙක් අයත් කරනවද කියලා. කොහොම හරි අදහස ආවේ මම ගියා Trip එකක් අනුරාධපුරයේ පැත්තේ. අපේ පවුලේ කට්ටිය එක්ක ගියේ නෑදෑයෝ ටිකකුත් අඩගහගෙන. රෑ වෙන නිසා අපි එහේම හිටියා හෝටෙල් එකක නතර වෙලා. අපි අවට බලන්න ගිහින් ආයි හෝටෙලෙට එනකොට කඩයක තේ බොන්න නතර කළ වෙලාවේ හවස් වරුවේ මම දැක්කා කවුද ගෑණු පොල්කට්ටක් අරගෙන දුම් අල්ලනවා. මම ඇහුවා මොකටද කියලා:rolleyes:. එයා කියන විදියට එහෙම ඇල්ලුවම මදුරුවෝ එන එක නතර වෙනවලු. නමුත් මේ දුමෙන් ඇත්තටම මදුරුවෝ නතර කරන්නේ නෑ. ඉන්දියාවේ මන්ද්‍රාලා පැත්තේ ඉන්නවා ග්‍රෝත්‍රික කට්ටියක් නීම් කියලා තෙල් ජාතියකින් මදුරුවෝ එළවන. මේක මට මතක් වුනා. නමුත් නීම් තෙල් හොයාගන්න බැරි නිසා. මම හිතුවා මේ වගේම ප්‍රතිඑල දෙන පැගිරි තෙල් පාවිච්චි කරලා බලන්න. නමුත් මේකෙන් ප්‍රමාණවත් තරම් දුමක් යන්නත් ඕනේ. ඉතින් ගෙදර ආපු ගමන් කරේ පැගිරි තෙල් (150 RS) එකක් අරගෙන පොල් කට්ටක් අරගෙන දාලා බැලුවා. මේකෙන් එන දුම ප්‍රමාණවත් සමාන්‍යය ප්‍රමාණයක කාමරයක මදුරුවෝ පැය කිහිපයක් ඈත් කරලා තියන්න. මට නම් මේක ඒ තරම්ම වැදගත් නෑ අපේ ගෙදර මදුරු නැති හින්දා. නොදන්න අයට දැන ගන්නයි මේක මම කියන්නේ.
 

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
lesima wade pagirithel age gana eka macho product eka apita ganna puluwan.mathakada dengi wadi una dawas wala oka tv eketh giya.however thanks for share with us thanks.....
:yes::yes::yes::yes::yes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැඟිරි තෙල් පොඩ්ඩක් ඇඟේ ගෑවාමත් මදුරුවො කන්නෙ නැහැ.. ඉස්සර ඉස්කෝලෙ යන දවස්වල අම්මා ෂර්ට් එකේ පොඩ්ඩක් ගාලා යනවා.. :D
     
    Mar 29, 2012
    1,343
    89
    0
    Code:
    http://atampahura.blogspot.com/2012/07/mosquito-repellent-liquid-vaporiser.html

    images+%281%29.jpg


    !! ආ දෝණිගේ පැගිරි තෙල් එක (citronella oil) ඔයත් ටිකක් ගාගන්ඩ !!

    ( අපේ හාමීනේ ලොකූ කෙල්ලගේ ඇදූම් වල පැගිරි තෙල් තවරනවා කොච්චර කියුවත් තැන් තැන්වල රිංගලා මදුරැවො කවා ගන්න හන්දා )

    මමත් ඉතින් වළලු කරටයි , මැණික් කටුවටයි, කණ පිටිපස්සටයි ටිකක් ගාගත්තා

    පැගිරි තෙල් බෝතලය අතේ.

    මදුරැවෝ මෙච්චර අකමැති පැගිරි තෙල් vaporiser එකට දාන්න දාන්න බැරිද කියලා හිතූන අටම්පහුරා

    ගත්තා පරණ ඇසුරැම
    දැම්මා පැගිරි තෙල්
    ගැහුවා පේනුවට
    ගේ හැම තැනම
    අම්මා සුවද

    එක මදුරැවෙක් නැ
    දෙකක් ගහන ගෙදර
    අද එකකින් කවර්
    සිල්ප‍දෙත් කැඩෙන් නැ
    මරේ මරැ

    මදුරැ නාසක වලට
    ඇලජික් කට්ටියට
    පිටරට කොම්පැණි වලට
    අකමැති කට්ටියට
    කොරන්ඩ මරැ නැද්ද

    මදුරැ නාසක වල
    නැති අඩුපාඩුවක්ද ඇත
    හරිම ඉක්මනට
    වාස්ප වෙනවට
    කොරන්ඩ දෙයක් නැද්ද

    :):):):)
     
    Last edited by a moderator:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පැඟිරි තෙල් පොඩ්ඩක් ඇඟේ ගෑවාමත් මදුරුවො කන්නෙ නැහැ.. ඉස්සර ඉස්කෝලෙ යන දවස්වල අම්මා ෂර්ට් එකේ පොඩ්ඩක් ගාලා යනවා.. :D
    menna maru eco kramayak
    mewa niyama badu
     
    Jul 24, 2012
    18
    3
    0
    ඉන්දියාවේ මන්ද්‍රාලා පැත්තේ ඉන්නවා ග්‍රෝත්‍රික කට්ටියක් නීම් කියලා තෙල් ජාතියකින් මදුරුවෝ එළවන. මේක මට මතක් වුනා. නමුත් නීම් තෙල් හොයාගන්න බැරි නිසා. මම හිතුවා මේ වගේම ප්‍රතිඑල දෙන පැගිරි තෙල් පාවිච්චි කරලා බලන්න.

    නීම් කියන්නේ කොහොඹ වලට නේද?
     

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    ලස්සනයා;13102320 said:
    නීම් කියන්නේ කොහොඹ වලට නේද?

    පුදුමයක් නෑ, කොහොඹ කොල දාල මදුරුවොන්ට නෙමෙයි මිනිස්සුන්ටවත් පැත්ත පලාතෙ යන්න හම්බ වෙන්නෙ නෑ. පොඩිකාලෙ ගෙදරට දුම් අල්ලන පොල්කටු අඟුරු වලට කොහොඹ කොල දාල හුස්ම ගන්න කොටත් තිත්ත දැනෙන්න ගත්තා.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පැඟිරි තෙල් තමයි ඉතින් වැඩේට හරියන්නේ. අපේ අම්මා ඉස්සර ඕවා ගේ පුරාම ඉහිනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැඟිරි තෙල් පොඩ්ඩක් ඇඟේ ගෑවාමත් මදුරුවො කන්නෙ නැහැ.. ඉස්සර ඉස්කෝලෙ යන දවස්වල අම්මා ෂර්ට් එකේ පොඩ්ඩක් ගාලා යනවා.. :D


    1980 ගණන් වල නේද උඹ ඔය කියන්නේ?
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    anti mosquito කියල android ඇප් එකක් තියනවා ඒකෙනුත් මදුරුවො යනවා.ඇප් එකෙන් කරන්නෙ high frequency sound එකක් හදන එක. ඒකට මදුරුවො කැමති නැල්ලු.
    100% නැති උනත් මේකෙනුත් මදුරුවො ටිකක් එලවගන්න පුලුවන්.
    (ඇප් එක free දෙන්නෙ)