මධ්‍යම ප්‍රතිපදාව
ඉතින් එදිනෙදා කතාබහේදි සමහර අය මධ්‍යම ප්‍රතිපදාව කියන වචනය වැරදි විදිහට අර්ථ ගන්වනවා අපිට අහිලා තියෙනවා. සමහර විට ඒ එයාලා අහලා තියෙන විදිහ වෙන්න ඇති.
"මම මධ්‍යම ප්‍රතිපදාව අනුව වැඩ කරනවා" කියන සමහර අය ඒ මධ්‍යම ප්‍රතිපදාව අර්ථ ගන්වන්නෙ මේ විදිහට...
* ගොඩක් කන්නෙත් නැතුව, ටිකක් කන්නෙත් නැතුව සාමාන්‍ය ප්‍රමාණයක් කනවා.
* දුකත් නැතුව සතුටත් නැතුව ජීවත් වෙනවා.
* තරහත් නැතුව යාලුත් නැතුව ඉන්නවා.
* හැම දෙයක් දිහාම මධ්‍යස්ථව බලනවා.
* සල්ලි ගොඩකුත් නෙමේ, ටිකකුත් නෙමේ, සාමාන්‍ය ප්‍රමාණයක් ලැබෙන රැකියාවක් කරනවා.
* කිසිම දේක අන්තයට යන්න එපා කියනවා.
* ඕනෙම දෙයක් ඕනෙවට වැඩිය ඕනෙම නෑ කියලා ඉන්නවා.
කෙසේ වෙතත් ඒවා එයාලගෙ මතවාද සහ එයාලා අහලා තියෙන විදිහ. මෙවැනි දේවල් සමාජගත වීම නිසා සැබෑ අර්ථයන් ගිලිහී යනවා.
ඉතින් ඇත්තටම අපිට වැදගත් වෙන්නෙ බුද්ධ දේශනාවනෙ. අපි බලමු බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව හඳුන්වලා තියෙන විදිහ......
ද්වෙමෙ, භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා. කතමෙ ද්වෙ?
යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො,
යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො.
මහණෙනි, මේ අන්ත දෙක පැවිද්දන් විසින් සේවනය නොකළ යුත්තේ ය. කුමන අන්ත දෙකද?
යම් මේ කාමයන්හි කාම සුඛයෙහි ඇලී ගැලී වාසය කිරීමක් ඇද්ද, එය හීන ය. ග්රාම්යය ය. පෘථග්ජනයන්ට අයත් ය. අනාර්ය ය. අයහපතින් යුක්ත ය.
යම් මේ තමාව ක්ලාන්ත වන අයුරින් දුකෙහි යෙදවීමක් ඇද්ද, එය දුක ය. අනාර්ය ය. අයහපතින් යුක්ත ය.
එතෙ ඛො, භික්ඛවෙ, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
මහණෙනි, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් විසින් මධ්‍යම ප්‍රතිපදාව විශේෂයෙන් අවබෝධ කරන ලද්දේ ය. එය දහම් ඇස ඇති කරවයි. නුවණ ඇතිකරවයි. කෙලෙස් සංසිඳුවීම පිණිස, විශිෂ්ට ඥානය ඇති කරවීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිවන පිණිස පවතියි.
කතමා ච සා, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා
චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති?
අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං
සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
අයං ඛො සා, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
මහණෙනි, තථාගතයන් විසින් විශේෂ කොට අවබෝධ කරන ලද දහම් ඇස ඇති කරවන, ඥානය ඇති කරවන, කෙලෙස් සංසිඳුවන, විශිෂ්ට ඥානය උපදවන, සත්‍යාවබෝධය කරවන, නිවන පිණිස පවතින ඒ මධ්‍යම ප්‍රතිපදාව කුමක් ද?
මෙසේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය.
එනම්; සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.
මහණෙනි, මෙය වනාහී තථාගතයන් විසින් විශේෂ කොට අවබෝධ කරන ලද දහම් ඇස ඇති කරවන, ඥානය ඇති කරවන, කෙලෙස් සංසිඳුවන, විශිෂ්ට ඥානය උපදවන, සත්‍යාවබෝධය කරවන, නිවන පිණිස පවතින ඒ මධ්‍යම ප්‍රතිපදාව ය.
ඉතින් මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ නිවන් මාර්ගයමයි. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
කොහෙද මේ කරුණු තියෙන්නෙ? අපි කවුරුත් දන්න, ඒත් නොදන්න ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තමයි මේ ගැන සඳහන් වෙන්නෙ. බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව ඇසළ පෝය දවසක සිදු කළ බවත්, ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය බවත් අපි අහලා තියෙනවා. (විභාගෙටත් ලිව්වා. ලකුණුත් හම්බ වුණා.)
ඒත් මේ සූත්‍රය අපි අහලා නෑනෙ. කියවලා නෑනෙ. ඉතාම වටිනා දේශනාවක්. ඉගෙන ගත යුතුම දේශනාවක්.
(සංයුත්ත නිකාය> මහා වර්ගය> සච්ච සංයුත්තය> ධම්මචක්කප්පවත්තන සූත්‍රය)
https://mahamevnawa.lk/sutta/sn5_12-2-1
https://www.thripitakaya.org/tipitakaya/Index/148?s=2575