මනසින් වැඩ ගනිමු.

super16

Member
Feb 26, 2016
767
56
0
මනසින් වැඩ ගනිමු.

;)
මනස නැත්නම් හිතට පුදුමාකාර ශක්තියක් හා අසීමිත බලයක් තියනවා. මෙය බුදු දහමින්ද මනාව පැහැදිලි කරල තියනවා. හොදින් මනස පුහුණු කළ කෙනෙකුට ආධ්‍යාත්මිකව මෙන්ම එදිනෙදා ජීවිතයටද අවශ්‍ය යම් යම් කාර්යයන් ඉටු කර ගැනීමේ හැකියාව තියනවා. මම මේ කියන කාරණාවට ආගම් භේදයක් නැහැ.

මම ඹයාලට කියන්න හදන්නේ එදිනෙදා කටයුතුවලට මනසින් ගත හැකි උපකාර ගැනයි. මේක සරලව, ප්‍රායෝගිකව කල හැකියි. ගැඹුරට යාම අවශ්‍ය නැහැ.

අපට යම් ගැටළුවක් ආවහම/වැඩ ගොඩගැහුනහම අපි කියනවා අද ටිකක් අවුල් කියල. ඒ කියන්නේ හරියට වැඩ ටික කරගන්න බැරි වෙනවා. හේතුව සිත විසිරිලා තියන නිසා. කරන වැඩ පුරුද්දට වගේ කරනව මිසක් අවධානය නැතිව යනවා. සමහර විට ගමන් බිමන් යන කොටත් අවධානයෙන් තොරව පුරුද්දට වගේ යැවෙන අවස්ථා තියනවා. සිත විසිරුනහම මනස නිසි ලෙස ක්‍රියා කරනේ නැහැ.
අපට මනසින් වැඩ ගන්න නම් ඒක එක අරමුණකට ගොණු වෙන්න ඕනේ. විසිරුණු මනසකට බලයක් නැහැ. ඒක අරමුණකට ගන්න ටික ටික පුහුණු කර ගත්තොත් ඒකෙන් හොදට වැඩ ගන්න පුළුවන්.

විසදුම් සෙවීම
ඔයාලට යම් ගැටළුවක් ඇති වුනහම ඒ ගැන දිගින් දිගටම කල්පනා කලොත් ඒකට විසදුමක් හොයා ගන්න බැරි වෙනවා. එසේම අනිත් වැඩත් අවුලු වෙනවා. ඒ නිසා ගැටළුවක් හෝ කරන්න තියන විශාල වැඩක් ආවහම ඒ ගැන වැඩිය හිතන්නෙ නැතිවඑම ගැටළුව /කාර්යය ගැන හොද අවධානයෙන් හිතට ඒ ගැන කියන්න. සිත එකලස් කරගෙන (විසිරෙන්න නොදී) ගැඹුරින් සිතට කියන්න මේ ගැටළුවට විසදුමක් ඕනේ කියල. විසදුමක් ලැබෙන බවට විශ්වාස කරන්න. ඊලගට එම ගැටළුව අමතක කරල දාල සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න. නැවත නැවත ඒ ගැන හිතන්න එපා. එහෙම වුනොත් අර විශ්වාසය නැති වෙනවා. දින 3 ක් 4 ක් යනවිට (ගැටළුවේ ස්වභාවය අනුව කාලය වැඩි විය හැකියි.) එම ගැටළුවට විසදුම ඉබේම හිතට එනවා.

ඔයාලත් උත්සාහ කරල බලන්න. ඒක පුදුමාකාරයි. මුලදී පොඩි පොඩි ගැටළු/ කරදර වලට අදාලව එහෙම කරල බලන්න. මේ උපදෙස් දෙන්නේ මගේම ප්‍රායෝගික අත්දැකීම් අනුවයි.

උත්සහ කරල බලන්න. ප්‍රතිඵල මට දන්වන්න අමතක කරන්න එපා.!
ජය වේවා.!
 
Last edited:

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
11.gif
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මටත් ඔය වගේ ප්‍රශ්න එනව බන්. කරල බලන්න ඕනෙ.