මනස එක තැනක තියන් වැඩ කරන්න බැරි අයට ....

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මනස එක තැනක තියන් වැඩ කරන්න බැරි අයට ....

    මචන්ලා මම thread එකක් දැම්මා නේ ඔය ADHD , දවල් හීන බලන එක , අවදානය නැති එක ගැන .:)

    ඊට පස්සේ මම පොඩ්ඩක් මේක ගොඩ දාගන්න බැලුවා .:)

    මට තේරුන දෙයක් තමයි ek එකෙත් කට්ට්ය ඉන්නව මේ ප්‍රශ්න තියෙන .
    මම මේ ප්‍රයෝගිකව ඇත දැකපු දේවල් පමණයි.....

    විශේෂයෙන්ම අපේ ඉගෙන කට්ටිය ට මේ දේවල් පොඩ්ඩක් වැදගත් වෙයි කියල හිතනවා .

    Focus-600x300.jpg


    මුලින්ම නිදහස් තැනකට යන්න .පෑනක් ,කොලයක් අරගෙන යන්න .
    තමන්ගේ කාමරයට , මොකක් හරි නිදහස් , තනියෙන් ඉන්න පුළුවන් තැනකට (එහෙම තැනක් නැත්නම් washroom එක හරි කමක් නෑ ).

    දැන් පොඩ්ඩක් ඉඳගෙන ඉන්න , දැන් ඔළුවට එන හැම දෙයක්ම පොඩ්ඩක් කොලේක ලියන්න.
    ලියන ලියන හැම එකක් ගැනම හිතන එක අඩු කරන්න .හිතනවා කියන්නේ අපි ට ඔලුවෙන් ඇහෙන සිතුවිලි නවත්තන්න .

    මෙහෙම ටික වෙලාවක් කරලා , ඔළුව නිදහස් කරගන්න . ඔලුව ඇතුලෙන් කතා කරන එක (AKA :සිතීම ) සම්පුඋර්න්යෙන් නවත්තන්න .

    දැන් ලග තියෙන මොකක් හරි දිහා බලන්න .pc එක ළඟ තියෙනව නම් , keybord එක දිහා බලන්න ...Enter key එක දිහා බලන්න .
    key එකේ තියෙන symbol එක දිහා බලන්න ....හොඳට ඒ දිහා බලන්න ...කිසි දෙයක් හිතන්න එපා ....වෙනද දැකපු නැති දේවල් දකින්න ..බලන්න ඒ key එකේ surface එක...එකේ තියෙන රළු ගතිය ...

    දැන් ඔයගොල්ලන්ට තේරෙනව නම් ,මනසින් හිස් බවක් ...පොඩ්ඩක් අනිත් keys බලන්න ......දැන් ටික ටික වට පිටාවේ තියෙන දේවල් දකින්න ..
    කාමරයේ තිබ්බ දේවල් අද දකින්න අලුත් විදියකට ....සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට හිතෙයි මේක මෙතන තිබ්බද කියල ..

    හැබැයි කිසිම දෙයක සිතුවිලි එක්ක ගැටෙන්න එපා ...දකින දේ එතනින් ඉවරයි ....මේ මගේ පුටුව නේ ...දැන් නම් මේක මාරු කරන්න කාලේ හරි ..
    අල්ලපු ගෙදර එකා ගාව හොඳ එකක් තිබ්බා .....මේ වගේ සිතුවලි ආපු ගමන්ම "එපා " (or NO ) කියල ඒක නවත්තන්න ...
     

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    ඔව් සහෝ.. මටත් ඔය වගේ දහසක් ඒව හිතෙනව.. හුහක් ඒව අමතකත් වෙනව.. :) :(
    පෝස්ට් එක නම් වටිනව.ස්තූතියි.. ;)
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔව් සහෝ.. මටත් ඔය වගේ දහසක් ඒව හිතෙනව.. හුහක් ඒව අමතකත් වෙනව.. :) :(
    පෝස්ට් එක නම් වටිනව.ස්තූතියි.. ;)

    මේ මුලික ටික ....මට ප්‍රයෝජනවත් වුන තව දේවල් තියෙනව .....

    අමතක වෙන එක මටත් තියෙනව , ඒක ගොඩක් දෙනෙක්ට තියෙනව ..

    හොඳම දේ තමයි මොකක් හරි වැඩක් තියෙනව නම් කල් දාන්නේ නැතුව එවෙලම කරන එක ,
    අනිත් එක office එකේ වගේ නම් පොඩි note book එකක් තියා ගන්න :)...
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හ්ම්ම් කෙටියෙන්ම කිව්වොත් හිත එක අරමුණක තියාගැනීම. මේකත් එක්තරා විදිහක භාවනාවක්ම තමයි. රෙප් 4+
     
    • Like
    Reactions: wall-e

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකට තමා කියන්නේ "යෝනිසෝ මනසිකාරය" කියලා....
    ගොඩක් වැදගත් මේ ටික මටත් :cool:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    bump
    good post!!!
    matath meh heta exam ekak thiyenawa... padam karanne nathuwa wena wada ban karanne, padam karanawa kiyala hithala karanna patan gannakotama, wenin deyak hithila... wena wena melo therumak nathi wada karanne.. ohe innawa... ane manda!!! :P :P
     
    Last edited:
    • Like
    Reactions: wall-e

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මටත් හිත එක අරමුණක තියාගන්න පට්ට අමාරුයි මචන් :( :(
    ගොඩක් වැදගත් ත්රෙඅඩ් එකක්
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔය වගේම වට පිටාවේ තියෙන ශබ්ද වලටත් පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ....

    අපි හිතමු මොකක් හරි මෝටරයක් කැරකෙන ශබ්දයක් කියල ......

    මුලින්ම අපි ඒකට අවදානය යොමු කරනවා ....ඇස් දෙක වහගෙන කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි .

    ඊට පස්සේ ...ඒකෙ ඇහෙන ශබ්ද කොටස් කරලා ඇහුම් කන් දෙන්න .....සාමාන්යෙන් මේ වගේ එකක කැර කෙන කොටස් වැඩි හින්ද ...විවිද ශබ්ද මේකෙන් ඇහෙනවා .....

    හැබයි කිසි දෙයක් ගැන හිතන්න යන්න එපා....

    " මේ මොටරේ මොකක් හරි අවුලක් තියෙනව ....අපේ ගෙදර මොටරේ මෙහෙම නෑනේ ....." ඔහොම සිතුවිලි එක්ක ගැටෙන්න එපා...
    මොකක් හරි සිතුවිලක් ආපු ගමන් ඒක ...:එපා " කියල නවතන්න
     
    • Like
    Reactions: sdlrs6

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    bump
    good post!!!
    matath meh heta exam ekak thiyenawa... padam karanne nathuwa wena wada ban karanne, padam karanawa kiyala hithala karanna patan gannakotama, wenin deyak hithila... wena wena melo therumak nathi wada karanne.. ohe innawa... ane manda!!! :P :P

    :) kohama hari paadam karapan....passe api wage pasu thawenna epa