මන්ත්රීවරියට ගරු කරමු
කම්කරුවෝ වෙන වැඩලු..ඒ නිසා කම්කරු වැඩ කරනවාලු – තනිවම මාර්ග සුද්ද කරන හොරණ ප්රදේශිය සභාවේ අපූරු මන්ත්රීවරිය!
හොරණ දික්හේන්පුර මාර්ගයේ ඊයේ (17) උදේ අපූරු දසුනක් දැකගන්නට ලැබුණි.
ඒ කිසියම් කාන්තාවක් තනිවම දික්හේන්පුර මාර්ගය පිරිසිදු කරමින් සිටින අයුරුයි.
බොහෝ දෙනෙකු සිතුවේ හොරණ ප්රාදේශිය සභාවට අයත් එම මාර්ගය දෙපස එසේ පිරිසිදු කරනු ලැබුවේ සභාවේ කම්කරු කාන්තාවක් වන්නට ඇතිය යන්නය.
එහෙත් විමසිල්ලෙන් බැලුවිට දුටුවේ ඒ හොරණ ප්රාදේශිය සභාවේ මන්ත්රීවරියක් බවය.
ඒ ගැන ඇයගෙන් ලැබුණ විට ලැබුනේ අපූරු පිළිතුරකි..
‘‘සභාවෙන් පත්වූ දා සිටම මේ මාර්ගය පිරිසිදු කරදෙන ලෙස මා ඉල්ලා සිටියා. මාර්ගය දෙපස හොඳටම කැලේ වැවිලා.මෙතෙක් ඉටු වුනේ නෑ. ඇහුවම කියන්නේ සභාවේ කම්කරුවන් නැතිලු. හොයලා බැලුවම කම්කරුවන් ඕන තරම් ඉන්නවා.
නමුත් ඒ අය කරන්නේ මේ වගේ වැඩ නෙමෙයි.ඔෆිස් වැඩ.මේවා කරන්න කවුරුත් නෑ.ඒ හින්දම හිතුමා මා විසින්ම මේ වැඩේ කරනවා කියලා.නැත්නම් අපිට ඡන්දේ දුන්න අයගේ මුහුණ බලන්නේ කොහොමද‘‘ යනුවෙනි.

PR stunt 