ටිපර් ඩ්‍රයිවර් ඇත්තටම හොඳ රියදුරු මහත්තයෙක්..ඒත් බොහොම කලාතුරකින් තමයි ඔහොම අය හම්බ වෙන්නේ.. ගොඩක් අය එහෙම නැති නිසයි හොඳ ඩ්‍රයිවර්ලට පවා එකම හැන්දෙන් බෙදන්නේ..
එක සැරයක් අනුරාධපුර - කොළඹ සී.ටී.බී. බස් එකක් ඩි.එස් ගුණසේකර බස් එකක් එක්ක එක දිගටම රේස් එකට ආවා.. ඒ වෙලාවට ඉතින් බහින්න ඉන්න මිනිස්සුන්ට වෙන දේවල් ගැන ආයේ කියන්න ඕනෙ නෑනේ..
ගොඩක් පිරිමි අයව බස් එකෙන් බැස්සුවෙ යන ගමන්ම වගේ.. ඔය අතරේ කඩවත බහින අයට ඉස්සරහට එන්න කියල කොන්දොස්තර කෑ ගැහැව්වා හෝල්ට් දෙක තුනකට මෙහා ඉඳලම.. කඩවතින් බහින්න හිටියේ කිහිලි කරුවක් තියාගෙන බස් එකේ ටිකක් මැදට වෙන්න වම් පැත්තෙ අයිනේ සීට් එකක ඉඳගෙන හිටිය ආබාධිත මනුස්සයෙක්..මමත් කල්පනා කර කර හිටියේ මේ මනුස්සයට බැනල තල්ලු කරලවත් යයිද දන්නේ නෑ කියලා පිටිපස්සෙන් ආව ප්‍රයිවට් බස් එකත් එක්ක රේස් ආව වේගෙ හැටියට..
බස් එක රේස් එකට යන නිසා ඒ මනුස්සයා අමාරුවෙන් නැගිටින්න හැදුවා..
එතකොටම කොන්දොස්තර කිව්වා "ඔහොම ඉන්න නැගිටින්න එපා" කියලා.. ඩ්‍රයිවර්ටත් කොන්දොස්තර මොනවද කිව්ව ලඟට ගිහින්.
අර මනුස්සයා ආයෙ අමාරුවෙන් නැගිටින්න හැදුව කඩවතට ලං වෙලත් බස් එක පිඹගෙන යන නිසා.. කොන්දොස්තර ආයි සැරයක් කිව්වා "ඔහොම ඉන්න.. නැවැත්තුවාම ඉස්සරහට එන්න" කියලා.. බස් එක කඩවත නැවැත්තුවේ පාරෙන් අයිනටම කරලා.. අර මනුස්සයා බස් එකේ මැද ඉඳල අමාරුවෙන් එද්දි ඩ්‍රයිවරුත් පිටිපස්ස හැරිලා කිව්වා "හිමින් එන්න කමක් නෑ" කියලා..
රුපියලට දෙකට ගහ මරා ගන්න දගලන මිනිස්සු අතරේ අර බස් සේවකයෝ දෙන්නගෙම ලඟ මනුස්සකම පිරිල තිබුණා.. අර මනුස්සයත් බොහොම අහිංසක විදිහට ඩ්‍රයිවරුයි කොන්දොස්තර දිහායි බලලයි බස් එකෙන් බැස්සේ.. බස් එක අයින් කරලම නැවැත්තුව නිසා ප්‍රයිවට් බස් එකේ උනුත් අමුතු විදිහට බල බල සී.ටී.බී එකට ඉස්සර කරන් ගියා..
වරකාපොළ ඉඳල රේස් ඇවිත් කඩවතදි තමයි අර බස් එකට ඉස්සර වෙන්න ලැබුණේ.. මනුස්සකම ඉස්සරහ රේස් එක අමතක කරන බස් ඩ්‍රයිවර්ල ඇත්තෙම නැති තරම්..
CTB aya kawadath ehemayi machan,
namuth private aya nam ohoma na
ඒත් බොහොම කලාතුරකින් තමයි ඔහොම අය හම්බ වෙන්නේ.. ගොඩක් අය එහෙම නැති නිසයි හොඳ ඩ්‍රයිවර්ලට පවා එක
මමත් කල්පනා කර කර හිටියේ මේ මනුස්සයට බැනල තල්ලු කරලවත් යයිද දන්නේ නෑ කියලා
බස් එක රේස් එකට යන නිසා ඒ මනුස්සයා අමාරුවෙන් නැගිටින්න හැදුවා.. 


ඒ වගේ වෙලාවට ඔයාගෙ ක්‍රමේ ගොඩක් වැදගත්...


