ඇයි බැරි? නයට කරන කුකුල් කොටුවක් තියෙනවනම්, වාරිකත් මිස් වෙලා නම්, මුලින්ම නය ටික ගෙවල ඉන්න ඕනෙනෙ දීරණ බිත්ති ටික හදන්න කලින්. බිත්ති ටික අවුරුදු ගානක් තිස්සේ ඉඳලනෙ ඔහොම තියෙන්නේ. හදිස්සියේ බිත්ති පෙරළෙයි කියලා රිස්ක් එහෙකුත් නැහැනේ.
දැන් මේ යන විදියට ගියොත්, ලොකු චෙන්ජ් එකක් නැති උනත්, බිත්තර ටික විකුණලා මිස් නොවී ණය වාරික ටික ගෙවා ගන්න පුළුවන් නම්, එහෙම යන ගමන් හිමීට නේද අනිත් දේවල් බලන්න ඕනේ. ඇයි මේ හදිස්සියේ වෙන මැනේජර් කෙනෙක්ව දාලා බිත්ති වල තීන්ත ගාල, කූඩුව අස් කරලා, කුකුල්ලුන්ගේ මැක්කෝ කඩල වැඩ වැඩි කර ගන්න යන්නේ? ඒ වැඩ හොදයි තමයි. නිරෝගී කිකිලියෝ බිත්තර වැඩියේ දානවා තමයි. ඒත් ඒක ගැම්බල් එකක් නෙ.
අනික හොඳ කිකිළියෝ ඉන්න කූඩුවක් නම් කමකුත් නෑ, මේකේ ඉන්නේ හොර කිකිළියෝ. පොඩ්ඩ වැරදෙන්න බෑ උන් බිත්තර වලින් ගහනවා.
වටේට ඉන්න උනුත් වැඩේට ලොකු දානවා.
ඒත් ඉතින් අලුත් මැනේජර් කුකුල් කොටු පාලනය ගැන ප්රෝ කෙනෙක් නම්, උ ගැන 100% සූවර් නම්, මම අකමැති උනාට කමක් නෑ, ඌව පත් කර ගන්න. අඩු තරමේ කලින් හිටපු උන්ට වඩා වෙනස් විදියකට කරයි ඉතින්